සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඇත්තටම  මුහුදු මට්ටම් කොපමණ නම් ඉහළ යයි ද?

ඇමරිකා එක්සත් ජනපද දේශගුණ විද්‍යාඥ (climatologist ) ජේම්ස් හැන්සන් ප‍්‍රමුඛ ඉහළ පෙළේ අධ්‍යයන කණ්ඩායමක් අනතුරු හඟවන්නේ මේ සියවස අවසන් වන විට මුහුදු මට්ටම මීටර් ගණනාවකින් ඉහළ යන බවටයි. ඔවුන් මේ මවන ජවනිකාව කොයි තරම් යථාර්ථවාදී ද?

සහස‍්‍ර ගණනාවක් තුළ සාපේක්ෂව ස්ථාවරව පැවතීමෙන් අනතුරුව මුහුදු මට්ටම වැඩි සීඝ‍්‍රතාවයකින් ඉහළ යමින් පවතින බව නම් අපට කිව හැකියි. දැන් මෙතනදී මතුවන ප‍්‍රශ්නය මෙයයි: පෘථිවියේ මීට පෙර ඇති වූ ප‍්‍රධාන පෙළේ මුහුදු මට්ටම් විපර්යාසයන් හි ඉතිහාසය සළකන විට වර්තමාන මුහුදු මට්ටම කොපමණ දුරකට ව්‍යාප්ත වේ ද කොපමණ වේගයකින් ඒය සිදුවේ ද යන්නයි. 1880 වසරේ සිට බලන විට මුහුදු මට්ටම් දැනටමත් සෙන්ටිමීටර් 20 කට වැඩි ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය ලොව පුරා වෙරළබඩ  ප‍්‍රදේශවල පරිසරයන්ට බලපෑම් ඇති කර තිබේ. 1993 පටන් මුහුදු මට්ටම තවත් වේගයෙන් ඉහළ යමින් වසරකට මිලිමීටර 3 කින් පමණ (ශත වර්ෂයකට සෙ:මී: 30 ක්) වැඩි වී තිබේ.

melting-ice

අනාගතයේ දී මුහුදු මට්ටම ඉහළ යාම ගැන අවබෝධ කර ගැනීමේ එක් සාධකයක් වන්නේ, අතීතය දෙස බැලීමය. ප‍්‍රාග් ඵෙතිහාසික වාර්තා පැහැදිලිවම පෙන්නුම් කරන්නේ වඩාත් උණුසුම් දේශගුණික කලාපවල මුහුදු මට්ටම ඉහළව පැවැතුන  බවයි. මේ සඳහා වඩාත්ම හොඳ සාක්ෂි ලැබෙන්නේ වසර 129,000 සිට 116,000 දක්වා කාලයකට පෙර පැවති වඩාත්ම මෑතක අන්තර් ග්ලැසියර අවධියෙනි (interglacial period). එම අවධියේ දී මුහුදු මට්ටම අදට වඩා මීටර 5-10 කින් ඉහළින් පැවති අතර ඉහළ අක්ෂාංශ උෂ්ණත්වයත් අඩු තරමින් දැනට වඩා සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2 ක් වත් ඉහළින් පැවතිණ.

1900 සිට නිරීක්ෂිත වැඩිවීමට විශාල වශයෙන් ම සම්මාදම් වන සාධක වන්නේ සාගර වල තාප ව්‍යාප්තිය සහ ග්ලැසියර වලින් අයිස් අහිමිව යාමයි. විල් පොකුණු, ජලාශ සහ භූ ජලධරවල වශයෙන් භූමිය තුළ ගබඩා වී ඇති ජලය ද සුළු වශයෙන් දායක වී තිබේ. 1990 ගණන් වල මුල් කාලවල සිට මුහුදු මට්ටමේ ඉහළ යාම ග‍්‍රීන්ලන්ත සහ ඇන්ටාක්ටිකා  අයිස් තලාවන් හේතු කොටගෙන වැඩි වී ඇතැයි චන්ද්‍රිකා නිරීක්ෂණ මෙන් ම කාලගුණ ආකෘතිද හඟවයි. ඊට පෙර, ඒවායේ දායකත්වය ගැන පැහැදිලි වැටහීමක් නොතිබූ අතර නිරීක්ෂිත ඉහළ යාමෙන් 20% ක වැඩි ප‍්‍රමාණයකට දායක නොවන්නට ඇතැයි අනුමාන කළ හැකියි. එක්ව ගත් කළ මෙම දායකවීම්, 20 වැනි සියවසේ නිරීක්ෂිත මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳ සාධාරණ පැහැදිලි  කිරීමක් සපයයි.

මුහුදු මට්ටමේ අනාගතය ඉහළ යාම

070718_columbia_glacier_02

හරිතාගාර විමෝචන අඛණ්ඩව වර්ධනය වන්නේ නම් ක‍්‍රි:ව: 2100 වන විට මුහුදු මට්ටම සෙ:මී: 52-98 කින් ඉහළ යනු ඇති බවට දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්-ආණ්ඩු          පැනලයේ ෙහවත් IPCC යේ (Inter-governmental Panel on Climate Change) ප‍්‍රක්ෂේපණ පුරෝකතනය කරයි. ඒ වගේම එකී විමෝචන ඉතා තදින් මැඩ පවත්වන්නේ නම් මෙම ඉහළ යාම සෙ:මී: 28-61 ක අගයක් ගනු ඇතැයි ද ඒවායින් දැක්වේ. මෙම ඉහළ යාමෙන් බහුතර කොටස ඇතිවීමට ඉඩ ඇත්තේ ප‍්‍රභව තුනකිනි: සාගර ව්‍යාප්තිය වැඩිවීම, ග්ලැසියර දියවී යාම සහ ග‍්‍රීන්ලන්ත අයිස් තලාවේ මතුපිට දියවීමෙනි. ඇන්ටාක්ටිකාවේ හිමපතනයෙහි සුළු වැඩිවීමක් මගින් ඉහත කී සාධක එක්තරා දුරකට හිලව් වී යාමට ද ඉඩකඩ තිබේ.

(හරිතාගාර) විමෝචන දිගින් දිගටම වර්ධනය වෙද්දී, මුහුදු මට්ටමේ සමස්ත අනුපාතය ශත වර්ෂයකට මීටර් 1 දක්වා ඉහළ යාමට සම්පූර්ණයෙන් ම හැකියවාක් ඇත. මෙම අනුපාතය, දළ වශයෙන් වසර 10,000 කට පෙර සිදුවූ  අවසාන ගෝලීය අයිස්තලා දිය වී යාමේ සිද්ධියෙන් පසුව නොදුටුවකි.  2100 න් පසුව ශත වර්ෂ ගණනාවක් යනතුරු ම සමහර විට සහස්‍රයක් යන තුරුමත් මුහුදු මට්ටම් දිගටම ඉහළ යනු ඇත. විමෝචනයන් තව දුරටත් දිගටම වර්ධනය වනවිට IPCC යේ ප‍්‍රක්ෂේපණ දක්වන්නේ 2500 වන විට මුහුදු මට්ටම මීටර 7 ක් පමණ ඉහළ යනු ඇති බවයි. එහෙත් IPCC ය අනතුරු හඟවන්නේ දැනට තිබෙන අයිස්තලා ආකෘති මගින් ඇන්ටාක්ටිකාවේ අනාගත දායකත්වය අඩු තක්සේරුවකට ලක් කර දැක්විමට ඉඩ ඇති බවටයි.

ඇන්ටාක්ටිකා අයිස් තලාවෙන් අයිස් කෙළින්ම සාගරයට ගැලූවොත් කුමක් සිදුවේ ද?  IPCC ය ඇස්තමේන්තු කරන අන්දමට නම් එවැන්නක් මුහුදු මට්ටම මෙම ශත වර්ෂයේ දී සෙ:මී: 20 කින් පමණ ඉහළ යාමට දායක වනු ඇත. එහෙත්,  IPCC ය ඒ එක්කම අයිස් තලාව සීඝ‍්‍රයෙන් අස්ථායි වුවහොත් මේ ශත වර්ෂයේ දී මුහුදු මට්ටම අතිරේකව තවත් සෙ:මී: දස ගණන් කිහිපයකින් ඉහළ යාමට ඇති හැකියාව ද හඳුනාගෙන තිබේ.

iceberg-from-jakobshavn-glacier-disko-bay

මෑතක පළවූ අධ්‍යයන කිහිපයකින් ම සනාථ වී ඇත්තේ බටහිර ඇන්ටාක්ටිකා අයිස් තලාවේ කොටස් දැනටමත් නැවත්විය නොහැකි මට්ටමකින් පසු බැස්මට පත්ව ඇත. කෙසේ වෙතත් මෙම අධ්‍යයන වලින් දැක්වෙන අන්දමට සමුද්‍ර අයිස්තලා අස්ථායිභාවයෙන් 2100 වන IPCC යේ ප‍්‍රක්ෂේපණ දක්වන අන්දමට සෙ:මී: 98 දක්වා වූ ප‍්‍රමාණයට වඩා ඉහළ යාම මීටරයකින් දහයෙන් පංගුවක් හෝ දෙකක් වීමට ඉඩ ඇත. ඉහළ යන ප‍්‍රමාණයෙහි එම අඩුව ඇතිවීම  IPCC  ඇගයීම කරන අවස්ථාවේ ලබා ගැනීමට හැකි ප‍්‍රතිඵල හා සසඳද්දී වඩාත්  නිවැරදි අයිස් ආකෘති ගත කිරීමේ ප‍්‍රතිඵලයකි. (අයිස් තලා කෙතරම් ස්ථායීද? යන්න ගැන තවත් තතු ලිපියකින් බලාපොරොත්තුවෙන්න)

LiveScience හි පළවූ How High Will the Seas Rise, Really? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: