සංවේදක අඩංගු කළ කෘතිම බිත්තරයක් ගිජු ලිහිණි දිවිපෙවෙත පිළිබඳ ඉඟි සපයා ගැනීමට මඟපෑදිය හැකිවෙයි.
අපි‍්‍රකාව, ඉන්දියාව වගේ රටවල විශේෂයෙන්ම, ගිජු ලිහිණියන් පරිසරයේ වැදගත් කොටසක් ලෙස සැලකෙයි. මළකුණු කෑමට ගිජු මෙම පක්ෂීන්ගේ එම චර්යාව රෝග පැතිරයාමේ අවස්ථා අඩුකිරීමට බලපාන හෙයිනි. එසේ වුවද මෙම කසල සෝධක පක්ෂීන් සිය පැවැත්ම සඳහා ගෙන යන්නේ බරපතළ අරගලයකි. ගිජු ලිහිණි විශේෂ 23න් 16ක්ම ආපදාපන්නය (endangered) නැතහොත් වඳවීයාමට ආසන්නය (close to extinction). ඉන්දියානු ගිජු ලිහිණි ගහනයෙන් සියයට අනූහතක්ම (97%) පසුගිය වසර 10 ඇතුළත මිය ගොසින්ය.

ගිජු ලිහිණියන් ආරක්ෂා කිරීමේ ප්රයත්නයක යෙදෙන එක්සක් රාජධානියේ ගොදුරු සොයන පක්ෂීන් පිළිබඳ අන්තර් ජාතික මධ්‍යස්ථානය (International Centre of Birds of Prey) හෙවත් ICBP යෙහි විද්‍යාඥයෝ සිය අධ්‍යයන කටයුතු සඳහා මෙම ඉලෙක්ට්‍රෝණික බිජුව තැනීමට ඉලෙක්ට්‍රොනික සමාගමකට පැවරූහ. ගිජු ලිහිණි බිජුවක අභ්‍යන්තර උෂ්ණත්වය, මතුපිට උෂ්ණත්වය මෙන්ම බිත්තර කරකැවීම ඇතුළු අනෙකුත් චලනයන් මිනිය හැකි ලෙස කෘතිම බිජුවක් සංවේදක ඇතුළුකර සකසන්නැයි විද්‍යාඥයෝ සමාගමේ ඉංජිනේරුවන්ගෙන් ඉල්ලා සිටියහ. මීට අමතරව, වායු පීඩන පීඩනය (barometric pressure) හෙවත් බැරෝමීටරමය, ආර්ද්‍රතාව (humidity), කාබන් ඩයොක්සයිඞ් මට්ටම් සහ ආලෝක තීව්‍රතාව ඇතුළුව කැදැල්ලෙහි තත්ත්වයන් ගැන ද මෙම කෘතිම බිජු ඔස්සේ සොයා බැලීමට විද්‍යාඥයෝ අදහස් කරති.
ගිජුලිහිණි සංරක්ෂණය සඳහා ICBP යෙහි 15 වසරක ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කර ඇති නවතම පියවර මෙය වේ. මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ගිජුලිහිණින් සංරක්ෂණයට මෙන්ම ඔවුන් බෝ කිරීමට ද උත්සාහ දැරේ. ගිජු ලිහිණි මුහුණ පා සිටින මෙම ඛේදජනක තත්ත්වයට බලපාන සාධක ගණනාකි. වාසභූමි අහිමිවීමේ සිට ගවයින් සඳහා ලබාදෙන ප්‍රතිජීවක හේතුවෙන් වසවී මරණයට පත්වීම දක්වා වූ පරාසයක් එම සාධක අතර වේ. එහෙත් ගහණය හීනවීම පිණිස බලපාන ප්‍රධාන හේතුව ලෙස මෙම පක්ෂීන් බිජුලෑම ඉඳහිට පමණක් සිදුකිරීමද දැක්විය හැකිය. ගිජු ලිහිණි ගැහැනු සතුන් බිජුවක් දමන්නේ වසරකට හෝ දෙකකට වරකි. එයින් පෙනී යන්නේ ගිජු ලිහිණි ගහනය වර්ධනය වන්නේ සෙමින් බවයි.
ICBP ය 2010 වසරේ දී ඉන්දියාවේ ගිජු ලිහිණි බීජෞෂණය පටන් ගත්තේය. එය හොඳින් කි‍්‍රයාත්මක වනු නමුත් වේගය මන්දගාමීය. මෙතෙක් ඔවුන්ගේ සුපරික්ෂාකාරිත්වය යටතේ බෝ කර ඇත්තේ පක්ෂීන් 206 ක් පමණකි. නිපදවන බිත්තර වඩා හොඳින් ආරක්ෂාකර ගැනීම පිණිස කටයුතු යෙදීමට මෙම පක්ෂීන්ගේ බීජෞෂණ චර්යාවන් ගැන සොයා බැලීම පිණිස දුරමානන බීජු යොදා ගැනීමෙන් විද්‍යාඥයන්ට අවස්ථාව සැලසේ.
කෘතිම බිත්තරය සෑදීම පිණිස විද්‍යාඥයන් භාරදුන් සමාගමට පෙර කාලයක භාවිත කරන ලද කෘතිම බිත්තරයක ඡායාරූපයක් ලැබෙන්නට සැලැස්වූ අතර සමාගම කියා සිටියේ ගිජුලිහිණියන්ගේ සාමාන්‍ය බිත්තරයක් ලෙසටම කෘතිම බිජුව සකසන බවයි. එහිදී ඔවුන් මුහුණපෑ ප්‍රධාන බාධකයක් වුණේ බිත්තරය ඇතුළත සියුම් උපකරණවලට විදුලිය සපයන බැටරියේ ආයු කාලයයි. බීජෞෂණ කාලය සාමාන්‍යයෙන් දින 40ක් අතරය. එහෙත් ගිජු ලිහිණි මව කැඳැල්ලේ නොමැති වේලාවක් බලා බිත්තරය එහි තැන්පත් කළ යුතුය. එහෙයින් බීජෞෂණ කාලයට සතියකට කලින් සහ සතියකට පසුව ද දත්ත ලබා ගත යුතු විය. මේ අනුව බැටරියේ ආයු කාලය දින 70ක් වත් විය යුතු විය. බිත්තරය ඇතුළට විද්‍යුත් උපකරණ ඇතුල් කිරීමද තවත් අභියෝගයක් විය.
පක්ෂීන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීම වස් මීට පෙර ද කෘතිම බිත්තර යොදා ගෙන ඇත. කෝරි බස්ටර්ඞ්(kori bustards) සහ ප්ලැමින්ගෝ (flamingos) පක්ෂීන්ගේ බීජෞෂණ රටා අධ්‍යයනයට 2014 වසරේදී වොෂින්ටන්හි ජාතික සත්ව උද්‍යානය පියවර ගෙන තිබුණි. තාරා පක්ෂීන් චර්යා ගැන සොයා බැලීමට ශාන්ත ලූවිස් සත්ව උද්‍යානයද කෘතිම බීජ යොදා ගෙන ඇත. කෙසේ වෙතත් එම ප්‍රයත්නවලදී යම් යම් ප්‍රශ්නද මතු විය. ජාතික සත්ව උද්‍යානයේ කෘතිම බිජු මගින් විශාල දත්ත ප්‍රමාණයක් එක්රැස් කරගත්තද ඒ සා විශාල ප්‍රමාණයක දත්ත ගැන කි‍්‍රයා කිරීමට මෙන්ම ඒවා විශ්ලේෂණය සඳහා මෘදුකාංග සංවර්ධනය කර ගෙන නොතිබීම බාධාවක් විය.
මේ කාරණය ගැන සැලකිලිමත් වූ නව සමාගම කෘතිම ගිජු ලිහිණි බිත්තරයෙන් ලබා ගන්නා දත්ත කෙළින්ම අන්තර් ජාලයට එක්කර ගැනීමට යෝජනා කර ඇත. එවිට ඒවා ලැබෙන විගස තෝරා බේරා ගැනීමට මෙන්ම විශ්ලේෂණයටද මග පෑදිය හැකිය. දැනට සමාගම පර්යේෂණාගාර මට්ටමේ අත්හදා බැලීම් අරඹා තිබේ. ඉදිරි මාස කිහිපය ඇතුළත අපි‍්‍රකාවේ ප්‍රදේශ කිහිපයකදී මෙම කෘති‍්‍රම බිජු ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට ලක්කිරීමටද ICBP ය අදහස් කරයි. ‘සොබාදම් මාතාවට උදව්වෙමින් නව තාක්ෂණය යොදා ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු.’ යනුවෙන් පවසන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බින් ෆෙන්ග්, ‘’මෙය සාර්ථක වුවහොත් අනෙකුත් විශේෂයන් සඳහා ද මෙම තාක්ෂණය යොදා ගැනීමට අපට හැකිවෙයි’’ යයි කියා සිටී.
Smithsonian.com හි පළවූ Scientists Are Using Electronic Eggs to Study Vultures ලිපිය ඇසුරෙනි