කෙනෙකු කේන්තියෙන් සිටිනා විට තවකෙකු සිනාසෙනු දැක්කහම ’’මොකෝ දත් විලිස්සන්නේ?’’ කියලා අහන්නේ දත් විලිස්සීම සමච්චලේට නැතිනම් තර්ජනයක් ලෙස කරන්නක් යනුවෙන් සලකාලයි. ඒත් දත් විලිස්සීම හැමවිටම තර්ජනයකට කරන දෙයක්ම නොවෙයි. ප‍්‍රිමාටේස් සතුන් ගතහොත් දත් විලිස්සීම විශේෂයෙන්ම දත් ඇඳි එකට පූට්ටුකර විලිස්සීම සැමවිටම පාහේ අවනතවීම හගවන සලකුණක්. මානවයන්ගේ සිනහව පරිණාමය වන්නට ඇත්තේ එයින් විය හැකියි.
ප‍්‍රිමාටේස් සතුන් තවත් තම සාමාජිකයෙකුට තර්ජනය දක්වන්නේ තොල් ආපස්සට හරවා දත් ඇදි පළල් කොට හපා කෑමට සූදානම දක්වමිනි. ඒත් දත් එකට එක්් කාසු කර තොල්් ලිහිල්ව පවතී නම් එයින් පැහැදිලිව හැගවෙන්නේ අනිකාට හානියක් කිරීමට අදහසක් නොමැති බවයි. මේ ආකාරයේ විදහාපෑම් මුහුණෙහි වෙනත් අභිනයන් හා එක්ව ගත් කළ හැගීම් විශාල පරාසයක් පෙන්නුම් කරනවා. මානවයන් සිනාසෙන බොහෝ අවස්ථා ඇතිවන්නේ අන් අය ඉදිරියේ ඔවුන් හමුවේයි. එහෙත් එම සිනාවෙන් හැමවිටම සැබෑ මිතුරු හැගිම් පිළිබිඹු නොවේ. දේශපාලඥයන් ඡයාරූප සදහා පෙන්වන සිනහව ගැන නිකමට සිතන්න.
වඩාත් සිත් අළවන සුළු කාරණාව වන්නේ විශේෂයෙන්ම මෙය උගෙනගත් චර්යාවක් නොව ක‍්‍රමලේඛිත හැසිරීමක්(programmed behavior) වීමයි. උපතින්ම අන්ධ ළමයි කිසිදිනක තවකෙකු සිනහසෙනු දකින්නේ නැහැ. එහෙත් ඔවුන් ද දෑස් පෙනෙ අය සිදු කරන ආකාරයටම එම අවස්ථවල දෑස් පෙනෙ අය පාන සිනහවම පෑමෙන් ඒ බව පෙනෙයි.
මූලය: Scientific American’s ASK THE EXPERT How did the smile become a friendly gesture in humans?
ANSWERED BY: Frank McAndrew, Professor of Psychology, Knox College, Galesburg, Illinois.