විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවියේ ජීවයේ මුල් සංඥා ක්ෂුද්‍රජීවීන්ගෙන් විය හැකියි

සාක්ෂි මගින් කියැවෙන්නේ මෙයට වර්ෂ බිලියන 3.7කට පෙර, එනම් ‘පෘථිවි’ ග‍්‍රහයා බිහිව වසර බිලියනකට පසුව, අපේ මේ ග‍්‍රහයා මත ක්ෂුද්‍ර ජීවීන් පැවති බවයි. කෙසේ වෙතත්, මෙයට වසර මිලියන 600කට පෙර එඩියාකරන් යුගය(Ediacaran period) වන තෙක් ෆොසිල වාර්තාවල සත්ව අවශේෂයන් සටහන් වන්නේ නැත. එසේ නමුදු , ඊට පෙර සත්ව ජීවිතය ආරම්භවන්නට ඇති බවට වක්‍රාකාර ලකුණු ඇත.

සත්ව ලෝකයේ මුල්ම ජිවී ස්වරූපවල කාල නිර්ණය කිරීමට විද්‍යාඥයන් වෙහෙසෙමින් සිටියත්, සිරුරක අච්චුවක් හෙවත් වස්තුවක් නොමැතිවීම හේතුවෙන් පා සටහන්, සීරිම් සටහන්, ආහාර ගැනීමේ සලකුණු හෝ කුහර ස්වරූපයෙන් සත්වයාගේ පැවැත්ම පෙන්වනු වස්  “පිය සටහන්” ෆොසිලවල(‘trace’ fossils) විශ්වාසනීයත්වය මත රැඳෙන්නට ඔවුනට සිදු විය. සතුන් විසින් වසර බිලියනයකටත් වැඩිකලකට  පෙර තබන ලදැයි කියන පිය සටහන් පොෆිල සොයා ගැනීමට සමත් වූ බව ඇතැම් විද්‍යාඥයෝ කියා සිටිති. ඒ අතරම් ඈත කාලයක සත්ව ජීවිත තිබුණේ ද යන්න ගැන ඇති මතභේද ඉන් ඇවිස්සේ. මෘදු සිරුරක් සහිත සතුන් එඩියාකරන් යුගයේ ජීවත් වූ බව දැන සිටි අතර එම යුගයට අයත් පියසටහන් ෆොසිල ඇත. ඒ අනුව, එම සතුන් විසින් තබන ලද මං සලකුණු තේරුම් ගැනීම මුල් යුගයේ සතුන් ගැන අධ්‍යයනයේදී වැදගත් වෙයි.

untitled-01

පත්තෑ, කෘමී, කකුළු, මකුළු ආදී සතුන් ඇතුළත් අත්‍රොපොඩා වංශික සන්ධිපාදකයෙකු වන නෂ්ටප්‍රාප්ත ට‍්‍රයිලොබයිට සතෙකු විසින් ඉතිරි කරන තබා ඇති  පියසටහන් ෆොසිල

ලූසියානා සරසවියේ සාගර විද්‍යාඥ ගුයිලියෝ මැරියොට්ටි සහ සමසගයෝ, එඩියාකරන් යුගයට  අයත් යයි කියන පියටසහන් ෆොසිල පරීක්ෂාකර බැලූ විට පෙනී ගියේ ඉන් සමහරක්ගේ ප‍්‍රභවය ක්ෂුද්‍රජීවීමය ස්වරූපයක් ගැනීමට හැකි බවයි. Journal of Sedimentary Research (අවශේෂ පර්යේෂණ) නම් සඟරාවේ මෑතක පළකර තිබූ මෙම අධ්‍යයන වාර්තාවෙන් මුල් යුගයේ ජීවය පිළිබඳව සාක්ෂි ලෙස පියසටහන් ෆොසිලවල  විශ්වසනීයත්වය පිළිබඳ ප‍්‍රශ්න මතු කරයි.

පුරාණ ක්ෂුද්‍රජීවී ආස්ථර(microbial mats) එඩියාකරන් යුගයේ සත්ව පිය සටහන ෆොසිල බොහොමයක් ‘රැළි වැටුණු’ ව්‍යුහයක්, කුඩා වැටි හා සිදුරු තුළ සොයා ගනු ලැබ ද ඇත. මේවා අර්ථ දැක්වෙන්නේ පුරාණ ක්ෂුද්‍රජීවී ආස්ථර පිළිබඳ සාක්ෂ්‍ය ලෙසයි. ක්ෂුද්‍ර ජීවී ආස්ථර ක්ෂුද්‍රජීවී ස්තරවලින් සමන්විත වේ. ෆොසිල ගත මේ ආස්ථර ක්ෂුද්‍රජීවී ජීවිතය ගැන මුල්ම පැහැදිලි සංඥා අතර වේ. පූර්ව කැම්බ්රියානු යුගයේ(Precambrian period) ක්ෂුද්‍රජීවී ආස්ථර වඩාත් පැතිර පැවතිණ. පූර්ව කැම්බ්රියානු යුගය යනු සත්ව ජීවිතය අතිශය බහුල එමෙන්ම අතිශය විවිධ වීමට පෙර යුගයයි. එහෙත්, ඇතැම් සමුද්‍රමය ප‍්‍රදේශවල ක්ෂුද්‍රජීවී ආස්ථර තවදුරටත් ව්‍යාප්ත වීමට නොහැකි වූයේ උලාකන සතුන් බහුලවීමත් සමගම ඔවුන් අතින් ව්‍යුහයන් විනාශවී යාමේ හේතුවෙනි.

පියසටහන් ෆොසිලවලට සමාන තව් සහ සිදුරුවල පා මගවල් නිර්මාණය කිරීමේ වෑයමක යෙදෙමින් මැරියොට්ටි සහ සමසගයන් පිරිස සමීක්ෂණ පැවැත්වූහ. ඔවුන් මෙය සිදු කළේ ජලයෙහි තරංග නිර්මාණය කරමින් වැවක පතුලේ වැලි අතරේ ක්ෂුද්‍රජීවී සමුච්චයන් චලනය කිරීමෙනි. ක්ෂුද්‍රජීවී සමුච්ඡුයන් යනු වැලිවලට වඩා විශාල එහෙත් ඝනත්වයෙන් අඩු ක්ෂුද්‍රජීවී කුඩා පොකුරුය. ඉතා අඩු ශක්ති තරංග මගින් වැව  පතුලේ වැලි හරහා ඒවා චලනය කිරීමට අවකාශ ලබාදුන්නේ මෙකී අඩු ඝනත්වයයි. අඩුශක්ති තරංග යොදා ගැනීම වැදගත් වන්නේ ඉහළ ශක්තියක තරංග මගින් වැලි මත තැබුණු පා මං සලකුණු මැකී යා හැකි හෙයිනි. සම්පරීක්ෂණයකදී පුළුල් පරාසයක පා මං සලකුණු නිර්මාණය වුනු අතර  ඉන් සමහරක්, එඩියාකරන් යුගයෙහී යයි  දැනට සැලකෙන පා මං සලකුණුවලට පුදුමාකාර සමාන කමක් තිබිණ. ඉන් කියැවෙන්නේ, සමහර ෆොසිල ඇත්තටම කොහොමටවත් ෆොසිල නොවන ක්ෂුද්‍ර ජීවී සමුච්චයන් චලන මගින් හටගත් ඒවා විය හැකි බවයි.

newfossilevi

මුල් කාලයේ පියසටහන් ෆොසිල සියල්ල ක්ෂුද්‍රජීවී සමුච්ඡුයන් මගින් ඇති විණැයි මේ පර්යේෂණය මගින් අත්‍යාවශ්‍යයෙන්ම නොකියැවේ. එහෙත්, රැළි ගැසුණු ව්‍යුහයක් අසළ ඇතිවන පියසටහන් ෆොසිල පැහැදිලි කිරීම වස් පිළිගත හැකි විකල්ප මතයක් පර්යේෂණය මගින් ඉදිරිපත් කෙරේ.

මේ මිහිතලය මත ඇති වූ මුල්ම ජීවය හටගත් ආකාරය හා විකාශනය වූ ආකාරය අපට අනෙක් ග‍්‍රහලෝකවල කුමන ආකාරයේ ජීවයක් පවතීද යන්න ගැන දැන උගෙනීමට බෙහෙවින් වැදගත් වේ. මේ කාරණාව ඉෂ්ටවීමට නම් පෘථිවි ග‍්‍රහයා මත මුල්ම සත්වයන් කෙබදුද යන්න ගැන නොසෙල්වෙන සාක්ෂ්‍ය අවශ්‍ය වේ. මං සමුච්ඡයන්ගේ ජ්‍යාමිත්‍යය සහ ක්ෂ්ද්‍රජීවීන් නොමැති අවසාදිත(sediments with no microbes) හා සංසන්දනයේදී ක්ෂුද්‍රජීවීන් සහිත අවසාදිතවල ක්ෂුද්‍ර ජීවීන්ගේ බහුලත්වයන් ඇති සත්ව පා මත සලකුණු කෙතරම් හොඳින් සංරක්ෂණය වී ඇද්ද යන්න සෙවීම පිණිස මැරියොට්ටි සහ පිරිස තවදුරටත් සම්පරීක්ෂණ පැවැත්වීමට අදහස් කරති. මෙම පර්යේෂණ, සැබෑ සත්ව ෆොසිල සමුච්ච මං සලකුණුවලින් වෙන්කොට හඳුනාගැනීමට උපකාරී වීමෙන් පෘථිවිය මත මුල්ම සත්ව ජීවිතය කෙබඳුද යන්න ගැන අපේ අවබෝධ පුළුල් කිරීමටද ආධාර වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙති.

 

Astrobiology News හී පළවූ First Signs of Animal Life on Earth May Be from Microbes නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: