ලෝකයේ දියුණු රටවල ශිෂ්‍ය ප‍්‍රජාව අතර ජනප්‍රිය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට නම් නැතුවම බැරි අංගයක් ලෙස ලැප් ටොප් පරිගණක හඳුන්වන්න පුළුවනි. මෙයට දශක ගණනාවකට පෙර පැන්සල්, පෑන්, කොළ රැගෙන පන්ති කාමරයට ගියා සේ අද සිසුන් පන්තිකාමරයට අනිවාර්යයෙන්ම වගේ ගෙන යන්නකි ලැප්ටොප් (හා ටැබ්?). ඒ සා මට්ටමකින් නොවූවත් අද හෝ නුදුරු අනාගතයේදී ම හෝ මේ පරිදර්ශනය හෙවත් සෙනාරිය අප රට තුළ ද විද්‍යාමාන වෙතැයි සැලකේ.
ඇත්තටම, අතේ ගෙන යා හැකි කුඩා පෞද්ගලික පරිගණක හෙවත් ලැප්ටොප් උසස් අධ්‍යාපනයේදී පිටුවහලක් බව අවිවාදාත්මකයි. මාර්ගතව පාඨමාලා හැදෑරීමට, අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාගැනීමට, අධ්‍යයන සඳහා මූලාශ‍්‍රයන් සොයා ගැනීමට, පාඩම් උපකාරක සේවාවන්ට ප‍්‍රවේශවීමට අතිරේක අධ්‍යාපන ද්‍රව්‍ය සපයා ගැනීමට මෙන්ම අධ්‍යාපනික ආයතන හා සන්සන්දනයට පවා මගපාදන ලැප්ටොප් පරිගණකය මගින් සැලසෙන සේවාව අමුතුවෙන් පැහැදිලි කල යුත්තක් නොවේ. සමහරු පන්ති කාමරයේ දේශන සටහන් තබා ගැනීම සඳහා මේ ලැප්ටොප් යොදා ගනු ලැබේ. එමෙන්ම දේශනයට අදාළ වෙනත් ස්ලයිඞ්, වීඩියෝ ආදියද අන්තර් ජාලය හරහා එවේලේම ලබා ගැනීමට ද ඒවා යොදා ගනිති.
කෙසේ වෙතත්, මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සිදු කළ නව පර්යේෂණයක් පෙන්නුම් කරන්නේ ලැප්ටොප්, පන්ති කාමර අධ්‍යාපනයේ ගුණාත්මක අගය ඉහළ නොදමන බවයි. එපමණක් නොව ලැප්ටොප් පන්ති කාමරයට ගෙන ඒමෙන් ඇත්තටම ඇතිවෙන්නේ සිසුන්ට අවාසියකි. පන්ති කාමරයේ දී ලැප්ටොප් භාවිතය හේතුවෙන් වඩාත්ම ඵලාදයී ලෙස පාඨමාලා අන්තර්ගතය සමග සම්බන්ධ වීමට හැකි බව බැලූ බැල්මට පෙනී ගියද බොහෝ විට සිදුවන්නේ සමාජ මාධ්‍ය, යූ ටියුබ් වීඩියෝ, ක්ෂණික පණිවුඩ සහ වෙනත් අධ්‍යාපනික නොවන කි‍්‍රයාකාරකම් සිදුකිරීම බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි. සිසුන් විසින් ස්වයංව ඇතිකරගන්නා මෙම අනවධානය පන්ති කාමර ඉගෙනීමමෙන් තුනෙන් එකක් ඔවුනට අහිමි කිරීමට හේතුභූත වීමෙන් ඔවුන්ගේ ප‍්‍රතිඵලවලට එය අවාසිදායක ලෙස බලපායි.
ශිෂ්‍යයන් පන්ති කාමරයේදී ලැප්ටොප් භාවිත කරන ආකාරය සහ එය ඔවුන්ගේ ඉගෙනීම කෙරෙහි බලපාන ආකාරය සෙවීම පිණිස මිචිගන් සරසවියේ සුසාන් රවිස්සා හා කණ්ඩායම සෑම පන්තියක් ආරම්භයේම ස්වේච්චාවෙන් ප්‍රොක්සි සර්වරයෙකුට නියුතු සේවාදායකයෙකුට(proxy server) පුරන (login) ලෙස ශිෂ්‍යන්ට දැක්වූහ. පන්ති කාමර පාඩම් කාලඡේද 15න් අඩුතරමින් අඩක්වත් තුල පුරනව සිටිය යුතු යයි(logged) සිසුනට දන්වා තිබිණි. සර්වරයට පුරනව සිටියත් කොයි ආකාරයකට හෝ අන්තර්ජාලය භාවිත කිරීම අත්‍යවශ්‍ය නොවුවත් මෙලෙස, එක සෙමස්ටරයක් තුළ සිසුන් 84 දෙනෙකුගේ අන්තර්ජාල භාවිතය හා ශාස්ත‍්‍රාලීය කාර්ය සාධනය පර්යේෂකයෝ දිගටම සොයා බැලූහ. මෙහිදී රිවිස්සා ප‍්‍රමුඛ පර්යේෂක කණ්ඩායම, සිසුන් මාර්ගගතව ගත කළ කාලය, ඔවුන් ප්‍රවේශ වූ සුවිශේෂී වෙබ් අඩවි මෙන්ම ඒ ඒ සැසියේදී සර්වරය වෙත යොමු කළ විවිධ ඉල්ලීම් සංඛ්‍යාව ඇගැයීමට ලක් කළහ. තවද, පන්තිය පැවැත්වෙද්දී තමන් මාර්ග ගතව කොපමණ වේලාවක් ගත කළේද එමෙන්ම එලෙස මාර්ගගතව ගත කළ කාලය කොපමණ ඔවුන්ගේ ඉගෙනීම කෙරෙහි බලපෑවේද යන්න තක්සේරු කරන ලෙස සිසුන්ට දන්වා තිබුණි. අවසාන වශයෙන් පර්යේෂකයෝ සිසුන්ගේ බුද්ධිය, අවාසාන විභාගයෙහි කාර්යඵලය, ඔවුන් ස්වයං සිද්ධව වාර්තා කළ උනන්දුව හා අභිපේ‍්‍රරණය ගැන මිනුම් ලබාගත්හ.
මේ සියල්ල එකට ගත් කළ පන්තියේ කුඩා පරිගණක භාවිතය පිළිබඳ වැදගත් ප‍්‍රතිවේද (insights ඇතුළු නුවණ) ගණනාවක්ම ලබාගත හැකි විය. ඉන් පළමුවැන්න: අධ්‍යයනයට සහභාගිවූවන් පන්තිකාමර කාලයෙන් සෑම විනාඩි 100කටම විනාඩි 40ක් පමණ ගත කළේ අධ්‍යාපනික නොවන කාර්යයන් සඳහා අන්තර්ජාලය භාවිත කරමිනි. මේ කාර්යයන් අතර සමාජ මාධ්‍යය ප්‍රවේශය, විද්‍යුත් තැපෑල බැලීම, මාර්ගගත සාප්පු සවාරි, චැට් කිරීම(පිළිසඳර), වීඩියෝ නැරඹීම සහ කී‍්‍රඩාවන් හි යෙදීම ආදිය ද විය. මේ අන්දමට අධ්‍යාපනික නොවන කාර්යයන් සඳහා පරිගණක භාවිතය අවසාන විභාගයේ ලකුණු සංඛ්‍යාව හා ඍණාත්මක සම්බන්ධයක් දැක්විය. ඒ කියන්නේ එවන් කටයුතු සඳහා වැඩි භාවිතයක් සහිත සිසුහු විභාගයේදී අඩුවෙන් ලකුණු ගත් බවයි. වඩාත් නැරඹීමට ලක්වුණේ සමාජ මාධ්‍ය සහ වීඩියෝ වූ අතර අධ්‍යාපනික ප‍්‍රතිඵලවලදී වඩාත් හානිකර වූයේ ඒවායි.
මෙයට ප‍්‍රතිවිරුද්ධව, සාමාන්‍ය ගතහොත් පන්තිකාමර කටයුතුවලට අදාළව සිසුන් අන්තර් ජාලය භාවිත කර ඇත්තේ විනාඩි 5 කට අඩු කාලයකි. අධ්‍යාපනික කටයුතු සඳහා අන්තර්ජාලය සුළු කාලයක් ගත කළ බව සැලකිල්ලට ගන්නා විට එය හා පාඨමාලා කාර්යඵලය හා සම්බන්ධතාවක් නොතිබීමට පුදුමයට කරුණක් නොවීය. මේ අනුව, මාර්ග ගත පාඨමාලා ද්‍රව්‍යය (online course-related materials) බැලීම සඳහා තම ලැප්ටොප් පන්තියට රැගෙන ආ සිසුන් වැඩි වේලාවක් ඒ සඳහා ගත නොකළ අතර ඒ පාඩම් ද්‍රව්‍ය සඳහා පන්තියේදී මාර්ග ගතව ප‍්‍රවේශවීමට හැකියාවක් තිබීමෙන් ඵලයක් අත් වී තිබුණේ නැත.
තම පන්ති කාලයෙන් මෙපමණ වේලාවක් සිසුන් මාර්ග ගතව ගතකරන්නේ ඇයි? එක් කාරණයක් ලෙස කිවහැක්කේ එය හේතුවකට වඩා ලක්ෂණයක්(symptom) විය හැකිය. කිසියම් දේශනයකදී ඔවුන්ට උනන්දුවක් ඇති නොවේනම් හෝ කම්මැලි බවක් දැනේ නම්, එනිසා අන්තර්ජාලයට පිවිසේ නම් එවිට විභාගයේ ප‍්‍රතිඵල එතරම් හොඳ නැති වීමට හේතුව අන්තර්ජාලය නොව කම්මැලිකම හෝ උනන්දුව හීනවීමයි. වෙනත් අධ්‍යයනවලින් ද හෙළි වී ඇත්තේ කම්මැලිකම ඇති වූ විට පුද්ගලයන් මුහුණු පොත හා අන්තර්ජාලය භාවිතයට යොමුවන බවයි. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ නම් හේතුව කම්මැලිකම නොවීය; අඩුතරමින් තනිකරම කම්මැලිකම නොවීය. පන්තියේදී හීන උනන්දුවක් දක්වන බව වාර්තා කළ සිසුහු විභාගයේදී අඩු ලකුණු ලැබීමේ ප‍්‍රවණතාවක් දැක්වූහ. එහෙත් මෙය අන්තර්ජාල භාවිතය හා විභාග කාර්යඵලය අතර සම්බන්ධය පැහැදිලි කරන්නක් නොවේ. අභිපේ‍්‍රරණය හා බුද්ධිය සම්බන්ධ සොයා ගැනීම්ද මෙයාකාරය. මේ අනුව, උනන්දුව, අභිපේ‍්‍රරණය සහ බුද්ධිය යන මේ සියල්ල පාඨමාලා කාර්ය සාධනය කෙරෙහි බලපෑම් ඇති කළත් විශ්ලේෂණවලින් පැහැදිලි වූයේ එම අනෙකුත් සාධකවලට වඩා බෙහෙවින් වැඩියෙන් අන්තර්ජාල භාවිතය විභාගවලදී ඍණාත්මකව බලපාන බවයි.
සමාජ ජාල අඩවි සමහරුනට ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. මෙම අධ්‍යයනයේදී පෙනී ගියේ සිසුන් මාර්ගතව කල්ගෙවූ කාලය අනුව දැක්වෙන්නේ ඔවුන් නව තාක්ෂණයට ඇති බැඳියාව සැලකිය යුතු මට්ටමක තිබෙන බවයි. වෙබ් අඩවිවල සරමින් සිසුන් ගත කළ විනාඩි 40ට අමතරව පණිවුඩ යැවීම පිණිස තම දුරකතන තවත් විනාඩි 27 ක් ගත කළ බව ද හෙළිවූ තවත් කාරනාවකි.
පන්තියේදී ලැප්ටොප් භාවිතය පිළිබඳව හොඳ පැත්ත බොහෝ විට පෙන්වා දුන්නත් සිසු ප‍්‍රජාවට ඉන් වාසි සැලසෙන බවක් නැති බව පැහැදිලිය. පන්ති කාමරයට ගෙන එන ලැප්ටොප් පරිගණකය පාඨමාලාවට අදාළ කටයුතු සඳහා යොදා ගැනීම අතිශය සීමිතය. අදාළ පර්යේෂණය පෙන්නුම් කරන්නේ සටහන් අතින් ලියාගැනීම, පරිගණකය යොදා ගන්නවාට කාර්යක්ෂම බවයි. එපමණක් නොව පාඩම්වලට අමතරව පන්ති කාමරයේ දී වෙනත් කටයුතුවල පරිගණක ඔස්සේ නිරතවීම සෙසු පන්ති සගයන්ගේ අවධානයද කඩ කිරීමට හේතුවන බව පර්යේෂණ පෙන්වා දෙයි. මේ අනුව පන්තියේදී ලැප්ටොප් භාවිතයෙහි හොඳ පැත්තට වඩා අවාසිය වැඩි බවයි අධ්‍යයනය පෙන්නුම් කරන්නේ.