සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඥාන මීමාංසාව: 3. විද්‍යා ඥානය සුවිශේෂී ද?

මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි  දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය විශ්වාසයෙන් වෙන්කොට හඳුනාගැනීම කවරදාකටත් වඩා අසීරු කටයුත්තක් ලෙස  පෙණි යා හැකිය. තතු මෙම ලිපි මාලාවෙන් ආපසු යන්නේ මුලික කරුණු කාරනාවලටයි: ඥානය යනු කුමක් ද? ඉන් අපට ඇති ඵලය කිම ? මෙන්ම  ඥාන මීමාංසාවට කේන්ද්‍රීයවන අනෙකුත් ප්‍රශ්න ගැන පමණක් නොව ඥානය පිළිබඳ විද්‍යාව ගැනම මෙහි දී සොයා බැලේ.

https://thathudotcom.files.wordpress.com/2017/11/what-is-knowledge-590x240.jpg?w=400&h=163

‘NULLIUS in verba: කාගේ හෝ වචනය මත පිහිටන්න එපා’

මේ තමයි එක්සත් රාජධානියේ ජාතික විද්‍යා සංගමයේ ආදර්ශ පාඨය. විද්‍යාත්මක විමර්ෂණයේ ආත්මය ඒ තුළ ගැබ්ව ඇත. සම්පරීක්ෂණයක් සිදු කර එහි ප‍්‍රතිදානය (ප‍්‍රතිඵල) විශ්වාසනීයව හා වාස්තවිකව වාර්තා කොට එම වාර්තාව සැකසංකා ඇති කර ගන්නන් හට ලැබෙන්නට සලස්වන්න. මේ ආකාරයට ක‍්‍රියා කිරීමේ අර්ථය වන්නේ ඥානය යනු සත්‍යය කරා යන මගක් ලෙස අර්ථ නිරුපනය වේ නම්(ඥානය යනු කිම ? යනුවෙන් නොවැම්බර් 23 දා තතු හි පළ වූ ලිපිය කියවන්න), විද්‍යාව යනු ප‍්‍රබුද්ධත්වය වෙත ඇති අධිවේගී මහාමාර්යකි. මනුෂ්‍ය භෞතවේදය(physiology)    විශ්වයේ ඉතිහාසය, ස්වභාවයේ(nature) බලවේගයන් සහ පෘථිවියේ භූ විද්‍යාව මෙන්ම පෘථිවියේ ජීවත්වන සත්ව හා ශාක ගැන ආදි වශයෙන් විද්‍යාව අපට කියා දෙන දේවල්වලට ස්තූති වෙන්න වෙන්න පෘථිවිය පැතළි නොවන බව, විශ්වයෙහි වයස වසර බිලියන 14 කට ආසන්න බව, එමෙන්ම මෙහි මකරුන් හෝ කඟවෙනන් නොමැති බව අපි දන්නෙමු. අපි අතීත කාලවලට වඩා දැන් ආයු වළඳමු.  ජීවිතය වඩාත් සැප පහසුය. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ (දුර ඈත පිහිටි) ඉම දක්වා අභ්‍යවකාශ විමර්ශන යානා යැවිය හැකිය. මේ නයින් බලන කල විද්‍යාව අතිශය සුවිශේෂීය යයි පෙනී යයි.

එසේ වුවද අප වඩාත් සංශයවාදී දැක්මකින් යුතුව බලමින්, සොයාබැලීම මුලින්ම ‘අපි’ යන්නෙන් පටන්ගමු. ‘අප’ අතර සමහරු පෘථිවිය පැතිලි යයි විශ්වාස කරති; තවත් අය කියා සිටින්නේ  විශ්වයෙහි වයස අවුරුදු 6000 ක් පමණ වන බවයි. ඇතමෙක් ස්වභාවික වරණය හේතුවෙන් සිදුවන පරිණාමය ගැන නැතහොත් මිනිසාගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණික විපර්යාස සිදුවීය යන යථාර්ථය ගැන සැක පහළ කරති. මෙලෙස බලන විට ‘අපි’ යනු සකල      (මිනිස්)වර්ගයාම නොවේ.

ලොක්නෙස් විලේ කඟවේනුන්:

Image result for loch ness monster

Imgenes Sticker

‘අප යනු සැවොම නොවේ යන්න ඔවුන්ගේ ප‍්‍රශ්නය මිස විද්‍යාවේ ප‍්‍රශ්නයක් නොවේ’ යයි කීමට අප පහසුවෙන්  පෙළඹීය හැකිය. එහෙත් විද්‍යාව වුව ද, එමගින් දැක්විය හැකි කාරණා වශයෙන් ගතහොත්, සීමිතය.  විද්‍යාවට නිශේධනයක්(a negative) ඔප්පු කළ නොහැක: ලොක්නෙස් විලේ අද්භූත සතෙකු, මකරුන් හා කඟවේනුන් නැතහොත් දෙවියෙකු සිටිය හැකිය. විද්‍යාවට සාධනීය කාරනා සියල්ල ගැනවත්  තීන්දු කළ නොහැක.‘‘ඇතැම් අවස්ථාවල අපගේ සාක්ෂි අපට ඉඩ සලසන්නේ සම්භාවී විනිශ්චවයන්ට එළඹීමට පමණකි. යම්කිසි ඵලයක් හෝ සිද්ධාන්තයක් සත්‍යය යයි අප කියන්නේ  ඇතැම් විට සීමාවන් ඇතිව විය හැකිය’’ යයි කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ජෙනිෆර් නගෙල් කියයි.

විද්‍යාත්මක ක‍්‍රමය වඩාත් සංකීර්ණ විෂය පථයන්ට, වඩාත් විචල්‍යයන් සහිත මෙන්ම සමාජ විද්‍යාව සහ දේශගුණික විපර්යාසයන් වැනි වඩාත් අවිනිශ්චිතතාවන් සහිතව ව්‍යාප්ත කරද්දී විද්‍යාවෙහි මේ දුර්වලතාව වඩාත් ප‍්‍රබල වේ. සමපේක්ෂණය හා උපකල්පනය කිරීම තුළින් විද්‍යාව යුක්තියුක්තව ඉදිරියට යයි. එහෙත් මේ සමපේක්ෂණ, සම්පරීක්ෂණ මගින් පරීක්ෂා කරන තුරු ඒවායින් මතුවන යම් ‘ඥානයක්’ ඇත්ද එය තාවකාලික යයි තදින්ම ලේබල් කළ යුතුය.

අවධාරණයට ලක් කරද්දී එය දේශගුණික විපර්යාස ගැන  සංශයවන්නන් විසින් දැඩි උනන්දුවෙන් සොයා බැලිය යුතු දුර්වලතාවකි(හෝ බලන දෘෂ්ටිකෝණය අනුව ශක්තියකි). එහෙත් එය ගොරහැඩි සත්‍යයකට යොමු වෙයි: විද්‍යාත්මක ඥානය සුවිශේෂී යයි ඔබට දැනේ නම් ඔබ එහි(විද්‍යාවෙහි) සමාන ඕනෑ එපාකම් ඇති(අන්‍යයන් ගැන එතරම් උනන්දුවක් නොදක්වන) සුවිශේෂී  කණ්ඩායමක  කොටස්කරුවෙකි. අප වයසින් වැඩෙත්ම අපේ සංස්කෘතික වටපිටාවෙන් විශ්වාසයන් අපි උකහා ගන්නෙමු. ඇතමුන්ට මෙය දැනෙන්නේ විද්‍යා ඥානය  පිළිගැනීමක් ලෙසය; අනෙක් අයට ඉන් හැෙඟන්නේ(නිදසුනකට බයිබලයෙන් දැක්වෙන) ‘ශ‍්‍රැතිමය(revealed)’ ඥානයයි.

දැන් මෙන්න නියම කාරණාව : සාක්ෂි අවශ්‍ය යයි නගන මහ හඩක් තිබුණේ වී නමුත් ඔබ විද්‍යාත්මක විශ්වාසවන්තයෙකු නම් ඇදහිලිවන්තයෙකු නම් ඔබ ද ඒ සියල්ල පාහේ පිළිගන්නේ දැඩි විශ්වාසය මතය. ‘‘සෛදාන්තිකව ගතහොත්, කාලවේලාව, අරමුදල් සහ පුහුණුව ලැබෙතොත් සෑම දෙනාටම විද්‍යාත්මක ප‍්‍රතිඵල නැවත අත්පත් කරගත(පිළිවැටුම්= replicate )  හැකිය” යයි එක්සත් රාජධානියේ නොටින්හැම් විශ්ව විද්‍යාලයේ බි‍්‍රජට් නර්ලිච් කියයි. ’‘ඒත් ඉතින්  හැමෝටම (විශාල අනුපරමාණුක අංශුව ත්වරකයක්(Hadron Collider) හෝ දේශගුණ-ආකෘති නිරූපණ පරිගණක වැනි) නවීන සූක්ෂම මෙවලම් ලබාගන්න බැහැනේ?’’ .  කෙනෙකුට සිද්ධවෙන්නේ එවිට වෙනත් අයෙකුගේ බහ විශ්වාසයට ගැනීමටයි. අනෙකුත් ඥාන ස්වරූප මෙන්ම විද්‍යා දැනුමෙන් බොහොමයක් වුව ද රඳා පවතින්නේ (දැනුම්) මූලය මත විශ්වාසය තැබීම කෙරෙහිය.

එහෙම නම් කියන්න තියෙන්නේ විද්‍යා දැනුම සුවිශේෂ නොවන බවද? බාගවිට එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වුණත් ප‍්‍රකාශ කිරීමට ඇත්තේ විද්‍යාව එමගින් ජනනය කරන ඥානය මත විශ්වාසය සාධාරණීකරණය කිරීම පිණිස අවශ්‍ය යාන්ත‍්‍රණ ද විද්‍යාව මගින්ම සපයනු ලබන බවයි. ‘‘විද්‍යාවේ ආධිපත්‍යය හරි හම්බ කරගත යුත්තක්– අඩුම වශයෙන් එලෙස වන්නේ, අනාවැකි පලකිරීමෙහී මෙන්ම වඩාත් පොදු වශයෙන් ගතහොත් ආනුභවික සංසිද්ධි විශ්ලේෂණ කිරීමේ සාර්ථකත්වයෙන් විද්‍යා ප‍්‍රජාව මනාව ක‍්‍රියාත්මක වීමෙන් ’’ යයි හාවඞ් විශ්ව විද්‍යාලයේ දාර්ශනික එඞ්වර්ඞ් හෝල් කියා සිටියි. විද්‍යාවේ නිගමනයන් අප විසින් පිළිගනු ලබන්නේ ඒවා භෞතික ලෝකයේ අපේ අත්දැකීම් හා ගැලපෙන විටය. එසේ නොගැලපෙන විට ඒවා ප‍්‍රතික්ෂේප කෙරේ. එමගින් විද්‍යාව මත ඇති  විශ්වාසය, සාධාරණීකරණය කළ සැබෑ විශ්වාසයක් බවට පත්වේ. තවද, සැබෑ විද්‍යාව ජනනය කරන ඥානය සෙසු ඒවාට වඩා ඉහළය. එත් ඉතින් මේ ගැන වුණත්(ලිපියේ මුල් දී සඳහන් කල අන්දමට) ‘කාගේ හෝ වචනය මත පිහිටන්න එපා’!

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි IS SCIENTIFIC KNOWLEDGE
SPECIAL? යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: