සැමට විදු නැන නුවණ – Science Literacy for All

මුල්ම ඕස්ටේ‍්‍රලියානුවන්, පුරාණ ආදිවාසීන් බව නව අධ්‍යනයකින් සනාථ වෙයි

මුල්ම  ඕස්ටේ‍්‍රලියානුවන් වන්නේ ආදිවාසි ජනතාවද යන්න පිළිබඳව අද ඒකමතිකව පිළිගැනීමක් ඇතත් 2001 වසරේදී සිදු කළ අධ්‍යයනයකින් කියැවුණේ  ඊට ඉදුරාම වෙනස් අදහසකි. එසේ වුවද පසුගිය වසරේ ජූනියේදී සිදුකළ නව අධ්‍යයනයකින් පැරණි පර්යේෂන යළි විමර්ෂණයට ලක් කෙරුනු අතර ඒ අනුව, මේ පිළිබඳ මතභේදයන්ට තිත තිබීමට හැකි වී තිබේ.

Image result for mungo man

මන්ගෝ මිනිසා

ඕස්ටේ‍්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ග්‍රෙගරි ඇඞ්කොක් සහ සගයින් විසින් සිදු කෙරුණු 2001 අධ්‍යයනයට ජාත්‍යන්තර වැදගත් කමක් ලැබිණ. එහි නිගමන ගැන මතභේද තිබුණේ වී නමුදු ආදිතම  ඕස්ටේ‍්‍රලියානුවා ලෙස සැලකෙන මන්ගෝ මිනිසා ගේ (Mungo Man) සහ පුරාණ ආදිවාසී  ඕස්ටේ‍්‍රලියානුවන් නව දෙනෙකුගේ DNA  අනුක‍්‍රමණයන් අධ්‍යයනයේ කතුවරුන් විසින් පළ කරනු ලැබිණ. කතුවරයන්  ඉදිරිපත් කළ කැපීපෙනෙන අදහසක් වූයේ මන්ගෝ මිනිසාගේ DNA අනුක‍්‍රමණය, ආදීවාසී  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ඇතුළු සමකාලීන මානවයන්ගේ DNA  අනුක‍්‍රමණයන්ගෙන් දැඩි අවසරණයක් හෙවත් බෙදී යාමක් පෙන්වන බවයි.. එහෙයින් ඔවුන් යෝජනා කළේ මන්ගෝ මිනිසා නූතන ආදීවාසී  ඕස්ටේ‍්‍රලියානුවන්ට නෑ සබඳකම් නොමැති, මුල් කාලයේ මානව පෙළපතකට අයත් බවයි.

වඩාත් පැරණි තවත් මුල්ම  ඕස්ටේ‍්‍රලියානුවෙක්?

මෙම කියාපෑම්වල සම්බන්දය ගැඹුරුය. ඉන් කියැවෙන්නේ  ඕස්ට්‍රේලියාව වෙත මානව සංක්‍රමණ පෙළක්ම සිද්ධ වූ බවකි. ඒ අනුව ජනගහණය වඩාත් පැරණි වඩාත් බෙදී ගිය එකකි. මන්ගෝ මිනිසා ද ඊට අයත්වන්නට ඇත. මේ පුරාණ ජනගහණය වෙනුවට සමකාලීන  ඕස්ට්‍රේලියානු ආදීවාසීන්ද ඇතුළුව වඩාත් මෑතක ජනගහනයක් ආදේශ කෙරී ඇත. එම අධ්යයනය  ඕස්ට්‍රේලියාවේ නූතන මානව සම්බන්ධයක් පිළිබඳ උපන්යාසයට සහාය පළ කෙරිණ. මේ මතය ඉදිරිපත් කල අභාවප්‍රාප්ත ඇලන් තෝන්ද  ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිදයාලයේ අයෙකු වන අතර අධ්‍යයන වාර්තාවේ කතුවරයෙක්ද විය. ආදි වාසීන්ගේ සංක්‍රමණය සිදු වූයේ එකිනෙකට වෙනස් සංක්‍රමණ මාලා දෙකකින් බව තෝන්ගේ අදහසයි. ඉන් එකක් පුරාණ ජාවා වාසීන්ට ස්ථාවරව සම්බන්ධ සම්භවයක් ඇති ජනගනයකි. මෙලෙස සමකාලීන ආදිවාසී  ඕස්ට්‍රේලියානුවන්   සැබැ මුල්ම පිරිස  නොවන්නේය යන මේ මතය දෙබරයකට ගල් ගැසුවා සේ විය. 2001 වර්ෂයේ මෙම අධ්‍යයනය කළ විද්යාඥයන් ඇත්ත වශයෙන්ම, මේ ආකාරයටම පැහැදිලිව එවන්  කාරණයක් කියා නොසිටි නමුත් මාධ්‍යයෙන් ද ඇතුළුව එය අර්ථ නිරූපණය කෙරුණේ ඒ ආකාරයටය. මෙම උපන්‍යාසය අභියෝගයට ලක් කළ අනෙකුත් පර්යේෂකයෝ අධ්‍යයනයෙන්  ඉදිරිපත් කළ  අනුක්‍රමණයන්ගේ තථ්‍යයභාවය ප්‍රශ්න කළෝය. අනුක්රමණයන් විශ්ලේෂණය සඳහා යොදාගෙන තිබූ ක්රම සම්බන්ධ ප්‍රශ්න  ඉස්මතු කර දැක්විණ. මින් සමහරකට ඇඞ්කොක් හා පිරිස උත්තර සැපයූහ.

 

ප‍්‍රතිඵල යළි ඇගැයීමට ලක් කිරීම

මෙම කියා පෑම්වලට තියෙන වැදගත්කම සලකන විට විශේෂයෙන්ම මුල්ම  ඕස්ටේ‍්‍රලියානුවන් කව්ද යන සමාජයීය ප‍්‍රශ්නය  සලකන විට එය ගැඹුරින් යලි විමසා බැලීම වැදගත් කාරණායක් බවට පත්විය. DNA ක‍්‍රම සහ බලගතු විශ්ලේෂණමය ප‍්‍රවේශයන් සම්බන්ධයෙන් මෑතක ඇතිවී තිබෙන වර්ධනයන් එවැනි විමසා බැලීමකට මඟ පෑදීය.

විලැන්ඩ‍්‍රා වීල් ලෝක උරුම ප්‍රදෙශය

මුල් පර්යේෂණයේදී ලබාගත් ප‍්‍රතිඵල ඇගයීම පිණිස අවශ්‍ය මේ වැදගත් ෆොසිල ශ්‍රේණියේ යළි විමර්ෂණයකට,  නව අධ්‍යනයේ පර්යේෂකයන්ට විලැන්ඩ‍්‍රා වීල්  ලෝක උරුම ප්‍රදෙශ (Willandra Lakes World Heritage site) ආදීවාසී වැඩි හිටි කමිටුවේ අනුමැතිය හිමි විය.   එහි ප‍්‍රතිඵල ජාතික විද්‍යා ඇකඩමියේ වාර්තාවල පළ වූ අතර කලින් සිදු කළ අධ්‍යයනෙහි අදහස් මතභේදයට ලක් කෙරිණ.

දෙවැනි පරපුරේ   අනුක‍්‍රමණ කිරීමේ වඩාත් දියුණු කරන ලද ක‍්‍රම යොදා ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලවලින් බලවත් සාක්ෂි සැපයෙන්නේ ඇඞ්කොක් සහ සගයන් කලින් වාර්තා කල DNA අනුක‍්‍රමණ, යොදාගත් ක‍්‍රමයේ මානව කෘති විය හැකි බවටයි. ඇඞ්කොක් මුල් අධ්‍යයනය සඳහා යොදාගත් පොලිමරේස් දාම ප්‍රතික්‍රියා (polymerase chain reaction) ශිල්ප ක‍්‍රමය මගින් එකිනෙකට වෙනස්  DNA රටා තුළින් සුවිශේෂී දෙමුහුන් අණු නිපදවිය හැකිය. ඒවා කෙසේ වෙතත්, කලින් අධ්‍යයනයන් වාර්තා කරනු අනුක‍්‍රමණයන් ස්ථිරවම ආදී වාසී  ඕස්ටේ‍්‍රලියානුවන්ට අයත් නොවීය. මුලින් නිස්සාරණය කරගත් ඒවායින් කිහිපයක් භාවිත කළ නමුදු කලින් අධ්‍යයනය මගින් ප‍්‍රසිද්ධියට පත් කළ එම අනුක‍්‍රමණයන්ගෙන් එකම එකක් හැර වෙනත් අනුක‍්‍රමණ එකක්වත් නව අධ්‍යයනයේදී අනුකෘති කිරීමට නොහැකි විය. එම අනුක‍්‍රමණය ද ඇඞ්කොක්ම ලැයිස්තු ගත කල එක්කට අයත්වීය.

අපවිත‍්‍ර වීම සොයාගැනීම

නව අධ්‍යයනයේදී ප‍්‍රති අනුක‍්‍රමණය කළ මන්ගෝ මිනිසාගේ සාම්පලවල විවිධ යුරෝපීය ජනතා  අනුක‍්‍රමණ පහක් පැවතින. බාගදා එසේ වන්නට ඇත්තේ වසර ගණනාවක් තුළ ඒවා පරිහරණය කිරීමෙන් මුසුවීම නිසා  විය හැකිය.  විශ්ලේසණය කළ අනෙකුත් අවශේෂ අතර මන්ගෝ මිනිසා මුලින්ම භූමදාන කළ තැනට ආසන්නයේ වළ දැමූ මිනිසෙකුගේ අවශේෂයකි.  වර්තමාන අධ්‍යයනයේ  පර්යේෂකයන්ට මේ මිනිසාගෙන් පුරාණ DNA ලබාගත හැකි විය. යුරෝපීයයන්ගේ පැමිණීමට  පෙර ජිවත් වූ පුරාණ ආදි වාසී පුද්ගලයෙකුගේ මයිටොකොන්ඩි‍්‍රයමය ජිනෝම යලි ලබාගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. එලෙස දැක ගත හැකි වූ මයිටා කොන්ඩි‍්‍රයම අනුක‍්‍රමණය,   ඓකදර්ශයකට(haplotype) අයත් බව සොයා ගනු ලැබිණ. (ඓකදර්ශය යනු මයිට්‍රොකොන්ඩි‍්‍රයම DNA පාදක කරගනිමින් සිදුකෙරෙන මානව කණ්ඩායම්  ගහනගත කිරීමකි). මෙය තනිකරම දැකිය හැක්කේ සමකාලීන ආදීවාසි  ඕස්ටේ‍්‍රලියානුවන් අතර පමණකි.

වත්මන් අධ්‍යයනය, හේතු ගණනාවක් නිසාම වැදගත්ය. එහෙත් ඒ අතරිනුත් වඩාත්ම වැදගත් වන්නේ අධ්‍යයනය සැලසුම් කිරීම, අධ්‍යයනය පැවැත්වීම සහ පළ කිරීම බාකින්ජි (Barkindji) එන්ගියැන්පා (Ngiyampaa) සහ මුති මුති (Muthi Muthi) ස්වදේශික කණ්ඩායම්වල සහයෝගයෙන් සිදු කිරීමයි. අවසාන වශයෙන් දක්වතොත්, ආදිවාසී  ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා පෙර කාලයක දැනට නෂ්ටප‍්‍රාප්ත මානව පරම්පරාවක් පිළිබඳව කලින් අධ්‍යයනයයෙන් මතු කළ අදහස් නව අධ්‍යයන මගින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමයි.  ඕස්ටේ‍්‍රලියාවේ මුල්ම වාසීන් වසර 50,000ටත් කලින් එහි සිටින බවට ඉතා ප‍්‍රබල සාක්ෂි පුරාවිද්‍යාත්මක මෙන්ම ජාන විද්‍යාත්මක දත්ත  මගින් සපයනු ලැබේ.

 

The Conversation හි පළවූ  New DNA study confirms ancient Aborigines were the First Australians යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: