කිටෝ භෝජන හා ඇට්කින්ස් භෝජන වැනි දැන් ජනප්‍රිය වී ඇති භෝජන අධික ප්‍රෝටීන් වලින් සමන්විතයි. නව පර්යේෂණයක් පෙන්වා දෙන්නේ එවන් අධි ප්‍රෝටීන ආහාර භෝජන මැදි වයස් පිරිමින්ගේ හෘදය ක්‍රියාවිරහිත වීමේ අවදානම වැඩි කරන බවයි. වයස අවුරුදු 42 සිට 60 දක්වා වූ පිරිමි 2400 කට වැඩි පිරිසකගෙන් ලබාගත් තොරතුරු අධ්‍යයනයේ පර්යේෂකයෝ විශ්ලේෂණය කර බැලූහ. පිරිස දින හතරක් තිස්සේ ගත් ආහාර පිළිබඳ වාර්තාවක් තබා ගැනුණු අතර ඉන් අනතුරුව ඔවුන් කෑමට ගත් ප්‍රෝටීන ප්‍රමාණය පදනම් කරගෙන ඒ අය කණ්ඩායම් හතරකට බෙදනු ලැබූහ. මෙහිදී දින හතර තුළ ආහාරයට ගත් ප්‍රෝටීන් සාමාන්‍යය ගත් විට අඩුම කණ්ඩායම දිනකට ආහාරයට ගත් ප්‍රෝටීන ප්‍රමාණය ග්‍රෑම් 78 ක් වූ අතර වැඩිම පිරිසගේ දෛනික සාමාන්‍යය ග්‍රෑම් 109 කි. අනතුරව වසර 22 ක් තිස්සේ ඔවුන්ගේ තොරතුරු රැස් කෙරුණු අතර 330 දෙනෙකු ඒ අතර වාරයේ හෘදය වස්තුව අක්‍රිය වූ ලෙස රෝග නිර්ණය කරනු ලැබූහ.
තාක්ෂණික ලෙස ගතහොත් කිටෝ භෝජනය සහ ඇට්කින්ස් භෝජනය අධික ප්‍රෝටීන භෝජන නොවේ. කිටෝ භෝජනය මේදය අධික, මධ්‍යම මට්ටමේ ප්‍රෝටීනමය භෝජනයකි. ඇට්කින්ස් භෝජනය කාබොහයිඩ්රේට් අඩු භෝජනයකි. කෙසේ වෙතත් දිගට මේ භෝජන ආහාරයට ගන්නා උදවිය අවසානයේ නතර වන්නේ විශාල ප්‍රමාණයකින් ප්‍රෝටින ආහාරයට ගැනීමෙනි.
අඩුවෙන්ම ප්‍රෝටීන ගත අය හා සසඳන කල්හි, වැඩිම ප්‍රෝටින ආහාරයට ගත් කණ්ඩායමේ පිරිමි පසු විපරම් කාල චේදයේ දී හෘදය අක්‍රිය වූ ලෙස රෝග නිර්ණය කිරීමේ හැකියාව සියයට 33 කින් වැඩි බව පර්යේෂකයෝ සොයා ගත්හ. මෙම අණාවරණය වූ තොරතුරු ප්‍රෝටීන මූලයන් බොහොමයක් සම්බන්ධයෙන් නිවැරදි විය. සත්ව ප්‍රෝටීන වැඩියෙන්ම ගත් අය හෘද අකරණය ලෙස නිර්ණයවීමට සියයට 43ක අවස්ථාවක් වැඩියෙන් තිබූ අතර ක්ෂීරමය ප්‍රෝටීන ආහාරයට ගත් අයට එම ප්‍රතිශතය සියයට 49 ක් විය. ඒ සත්ව ප්‍රෝටීන හා ක්ෂීරමය ප්‍රෝටීන අඩුවෙන්ම ආහාරයට ගත් අය සමග සංසන්දනයේ දීය. එහෙත් ශාක ප්‍රෝටීන ආහාරයට ගත් අයට හෘද අකරණයේ අවදානම අඩු බවක් පෙනී ගියේය. අධික වශයෙන් ශාක ප්‍රෝටීන ගත් අයට හෘදය අක්‍රියවීමේ අවදානම ශාක ප්‍රෝටීන අඩුවෙන් ආහාරයට ගත් අයට වඩා වැඩි වූයේ සියයට 17 කිනි.
අධ්‍යයනයේ ප්‍රතිඵල මැයි 29 දා Circulation සඟරාවේ පළවිය. අධික ප්‍රෝටීන භෝජන සහ හෘද අකරණය අතර සම්බන්ධතාවක් ගැන මුලින්ම සොයා බැලූවේ මේ අධ්‍යයනයේ දීය. හෘදය අකරණය වූ තත්ත්වයේ දී ශරීරයේ සාමාන්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන අන්දමින් රුධිරය පොම්ප කිරීමට හෘද පේශීයට නොහැකි වේ. ‘‘අධි-ප්‍රෝටීන් ආහාරවල සෞඛ්‍යයමය වාසිදායක තත්ත්වය බොහෝ දෙනෙකු වග විභාගයකින් පිළිගන්නා බවක් පෙනී යන හෙයින්, මේවායින් ඇතිවිය හැකි අවදානම් මෙන්ම වාසි ද තෝරා බේරා ගෙන පැහැදිලි කර ගැනීම වැදගත් ’’ යයි අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ, නැගෙනහිර ෆින්ලන්ත විශ්ව විද්‍යාලයේ පෝෂණමය වසංගතවේද සහායක මහාචාර්යවර ජිර්කි වර්ටෙනන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ අධ්‍යයනයේ ප්‍රතිඵල සනාථ කිරීමට නම් විවිධ වූ ජන කොටස් අතරේ තව තවත් අධ්‍යයන සිදු කළ යුතු බව පර්යේෂකයෝ කියා සිටිති. තවද අධ්‍යයනයෙන් සොයා ගනු ලැබුවේ අධි-ප්‍රෝටීන භෝජන සහ හෘද අකරණය අතර යම් සම්බන්ධතාවක් පමණකි. ඒ නිසා, පුද්ගලයෙකුගේ ආහාර වේලෙහි ප්‍රෝටීන ප්‍රමාණය වෙනස් කළ පමණින් හෘද අකරණය නතර කළ හැකි දැයි මෙම ප්‍රතිඵල මත තීරණය කළ නොහැකිය. පිරිමින් අධික ප්‍රෝටීන භෝජන වැළඳීම වලක්වාලන නිර්දේශ කිරීමට මෙම අධ්‍යයන පමණක්ම ප්‍රමාණවත් නොවන බව වෛද්‍ය ඇන්ඩෲ ප්‍රීමන් පවසයි. ඩෙන්වර් හි, යුදෙව් සෞඛ්‍යය ජාතික රෝහලේ හෘදවාහිනී වැළැක්වීමේ සහ සුවතා වැඩසටහනෙහි අධ්යක්ෂවරයා වන හෙතෙම මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූවකි. එසේ වුවත්, අධික ප්‍රෝටීන ආහාර සෞඛ්‍යයට අහිතකර බව හඟවන දැනුම් සම්භාරයට මේ අධ්‍යයනය ද එක්වන බව ප්‍රීමන් පෙන්වා දෙයි. නිදසුනක් දක්වන්නේ නම්, සංතෘප්ත මේදය අධික භෝජන (මේවා ප්‍රධාන වශයෙන් දැකිය හැක්කේ මස් සහ කිරි ආහාරවලය) හෘදාබාධ සහ ආඝාත(stroke) අවදානම වැඩිවීම හා සම්බන්ධයක් ඇත. ‘‘සමස්තයක් වශයෙන් ගතහොත් දැනට තිබෙනා දත්ත සියල්ලෙන්ම හඟවන්නේ දැනට විලාසිතාවක් බවට පත්ව ඇති අධික ප්‍රෝටීන භෝජන අවශ්‍යයෙන්ම වඩාත් යෝග්‍යතම ආහාර නොවන බවය” යි ප්‍රීමන් Live Science වෙත දැන්වීය, ‘‘ඇමරිකානුවන් ප්‍රෝටීන ආහාරයට ගන්නවා බොහොමත්ම වැඩියි. එය සීමා කිරීම ගැන සැලකිල්ල යොමු කළ යුතුව තියෙනවා.’’
අධික ප්‍රෝටීන ආහාරයට ගැනීමෙන් ඇත්තටම හෘද අකරණය ඇතිවන බව ඔප්පු කිරීමට නව අධ්‍යයනයට නොහැකි වී ඇති බව පවසන වෛද්‍ය ලැරී ඇලන් දෙක අතර සම්බන්ධතාවට වගකිව යුතු තවත් සාධක තිබිය හැකි බව පෙන්වා දෙයි. අධ්‍යයනයට සම්බන්ධ නැති වෛද්‍ය ලැරී කොලරාඩෝ විශ්ව විද්‍යාල රෝහල් හෘද අකරණ වැඩසටහනේ අධ්‍යක්ෂවරයාය. නිදසුනක් දක්වන්නේ නම් , හෘදය සෞඛ්‍යයට බලපාන්නේ ප්‍රෝටීන පමණක් ද නැතිනම් ඇතැම් පෝෂක හිඟවීම වැනි අධි ප්‍රෝටීන භෝජනයකට සම්බන්ධ වෙනත් දේවල් ද යන්න පැහැදිලි නැතැයි වෛද්‍ය ඇලන් කියයි.
කෙසේ වෙතත් පොදුවේ ගත් කළ නව අධ්‍යයනයේ සොයා ගැනීම් සහාය පළ කරන්නේ ප්‍රෝටීන බහුලව ඇති භෝජන වැනි මනා තුලනයක් නැති භෝජන වෙනුවට පළතුරු එළවළු සහ ධාන්‍ය විවිධත්වයකින් යුතු හොඳ තුලනයක් සහිත ආහාර ගැනීම යහපත් ප්‍රතිඵල වලට බලපාන බව වෛද්‍ය ඇලන් පෙන්වා දෙයි.
Live Science හි පළවූ Is Too Much Protein Bad for Men’s Heart Health? යන ලිපිය ඇසුරෙනි