මේ ශත වර්ෂයෙහි දීර්ඝතම චන්ද්‍රග්‍රහනය අද!

21 වැනි සියවසේ (2000 – 2100) දිගම පූර්ණ චන්ද්‍රගහණය අද රත්‍රියේ (ජූලි 27/28) සිදුවෙයි. පූර්ණතාව ලෙස හඳින්වෙන ග්‍රහණ කලාවේ සම්පුර්ණ කාලය පැය 1යි, විනාඩි 42යි තත්පර57කි. මෙය, 2015 අප්‍රියෙල් 4දා සිදුවූ මේ සියවසෙහි කෙටිම පූර්ණ චන්ද්‍රග්‍රහණයට ප්රතිවිරෝධය. එය පැවතියේ විනාඩි 4යි තත්පර 48ක් පමණකි. එමෙන්ම එය 2018 වසරේම, එනම් ජනවාරි 31 දා ඇතිවූ අනෙක් පූර්ණ චන්ද්‍රගහණය සමග මදක් සමානව සැසඳිය හැකිය. ජනවාරි 31 ග්රහණයෙහි පූර්ණතාව පැයකුත් විනාඩි 16 කි.
අද පූර්ණ චන්ද්‍රග්‍රහණයට පෙර හා පසුව අර්ධ ග්‍රහණ ඇතිවේ. ඒ අර්ධ ග්‍රහණ පැයකුත් විනාඩි හය බැගින් පවතී. ඉතින් අද (ජූලි 27/28) අද රාත්‍රීයේ චන්ද්‍රයා පැය 4ක් පමණ කාලයක් — හරියටම කීවොත් පැය 3යි විනාඩි 54යි තත්පර 32ක් පෘථිවියේ අම්බ්රාව(Umbra = චන්ද්‍රග්‍රහණයේදී සූර්යයා හා චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම නිසා ඇතිවන පෘථිවියේ ප්‍රධාන ඡායාව) තුළ සැඟව සිටිනු ඇත. සැබවින්ම දීර්ඝ ග්‍රහණයකි! එපමණක්ද? අද රාත්‍රියේම අඟහරු ග්‍රහයා සහ සූර්යයා අතරට පෘථිවිය පැමිණීමෙන් අඟහරු සප්තම(opposition)වේ.
ස්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්ත්මීන්තුව දක්වන අන්දමට චන්ද්‍රග්‍රහනය අප රටට දර්ශනයවීම අද රාත්‍රී 10යයි 34යි තත්පර 49ට පටන්ගෙන පසුදා එනම් ජූලි 28 දා අළුයම 4යි 58යි තත්පර 37ට අවසන්වේ.
earthsky.org වෙබ් අඩවියෙහි Century’s longest lunar eclipse July 27 යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න