ලොව විශාලතම පරමාණු කැබලිකුරුව (atom smasher) ලෙස බොහෝදෙනා දන්නා විශාල හැඩ්රොන් සංඝට්ටකය (Large Hadron Collider (LHC)) මගින් අඩු තරමින් මීට පෙර නොදැනසිටි අංශු දෙකක් සොයා ගැනීමට සමත්ව තිබේ. ජිනීවා අසල කිලෝමීටර් විසි හතක් දිග වටකුරු උමගක් ලෙස ඇති මෙම උපකරණය මගින් මෑතක ම සොයා ගෙන ඇත්තේ බැරියෝන(baryon) දෙකක් සහ වෙනත් අංශුවක් පිළිබඳ හෝඩුවාවන් බව න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපීය සංවිධානය European Organization for Nuclear Research කෙටියෙන් CERN) මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. LHC හෙවත් හැඩ්රොන් සංඝට්ටකය ක්‍රියාත්මක වන්නේ CERN යටතේ ය. (අංශු භෞතික විද්‍යාවේ දී හැඩ්රෝනයක් (a hadron) යනු විද්‍යුත් චුම්භක බලයක් මගින් අණු එකට බැඳ තබා ගනු ලබන්නා සේ දැඩි බලයකින් එකට තබා ගන්නා කුවාර්ක් දෙකක් හෝ වැඩි ගණනකින් සමන්විත සංයුක්ත අංශුවකි).
බැරියෝන යනු එකකට තුන බැගින් වූ කුවාර්ක් වලින් සැදුම්ලත් අණුපරමාණුක(subatomic) මූලික අංශුය. ඉතින් ක්වාක් කියන්නෙත් ඊටත් වඩා කුඩා අංශු වන අතර විවිධ ආකාර වලින් යුක්තය. ඉහල(top), පහල(bottom), උඩ(up), යට(down), අමුතු(strange), සිත්කළු(charm) ආදී එක් එක් ආකාරයක බැරියෝන සතුව එකිනෙකට වෙනස් ක්වාක් මිශ්‍රණයක් ඇත. නිදසුනකට ගතහොත් ප්‍රෝටෝන, බැරියෝනයන්ය. ප්‍රකාශයට අනුව ඒවා ඉහළ ක්වාර්ක් දෙකකින්ද පහළ ක්වාර්ක් එකකින්ද සමන්විතය. අලුතෙන්ම සොයාගනු ලැබූ අංශු දෙක වර්ගීකරණය කර ඇත්තේ යට බැරියෝන හැටියටය .
මෙහි ප්‍රථම බැරියෝනය නම් කර ඇත්තේ Σb(6097)+ ලෙසය. එය සෑදී ඇත්තේ එක් යට ක්වාර්ක් එකක් සහ ඉහළ ක්වාක් දෙකකිනි. Σb(6097)- ලෙස නම්කර ඇති දෙවැන්න එක් යට ක්වාර්ක් එකක් සහ පහළ ක්වාර්ක් දෙකකින සමන්විතය.
මෙම අංශු සොයාගනු ලැබුවේ LHCb සම්පරීක්ෂණය මගිනි. ( මෙහි b යොදා ඇත්තේ අලංකාරය නියෝජනය කරනු පිණිසයි) අංශු සොයා ගනු ලැබූවේ ප්‍රෝටෝන එකිනෙකට ඝට්ටන වීමට සලස්වා ඇතැම් ප්‍රෝටෝනවල අංශු ක්ෂයවීමේ සිද්ධි පසුබිම් අනුපාත සලකා බැලීමෙනි. සම්පරීක්ෂණයේදී සොයා බැලුවේ එකී අනුපාතය ඉක්මවන “තඩිස්සිවීම්” නැතිනම් ක්ෂණික ඉහළ යෑමය. මීට කලින් දැන නොසිටි අංශුවල සංඥා එවැන්නක් මගින් දැක්වීමට ඉඩ ඇත.
ඉලිනොයිස්වල කලින් සිදුකළ මීට සමාන ෆර්මිලැබ්හි සම්පරීක්ෂණයකදී සමාන ප්‍රතිඵල ලැබුණු නමුත් ප්‍රකාශනයේ දැක්වෙන පරිදි ඒවායේ ස්කන්ධය අලුතෙන් සොයාගත් ඒවාට වඩා වැඩිය. එලෙසම ප්‍රකාශනයෙහි දක්වා ඇති අන්දමට CERN හිදී සොයාගනු ලැබූ යට බැරියෝන ප්‍රෝටෝන වලට වඩා හය ගුණයක් දැවැන්තය. නමෙහි 6097 දක්වෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් මිලියන (MeV) ලෙස ඒවායේ ස්කන්ධයයි.(ප්‍රෝටොනයක ස්කන්ධය MeV 938ක් පමණවේ).
විභවයක් සහිත තුන් වැනි අංශුව ගතහොත් පර්යේෂකයන් කියා සිටියේ ඔවුනට සොයාගත හැකි වූයේ එය පවතින බවට ඉඟියක් නැතිනම් හෝඩුවාවක් පමණක් බවයි….. යනුවෙන් නම්කර ඇති මෙය අභූත මෙසෝනයක්() විය හැකිය. මෙසෝනයක් යනු අධිශක්ති ඝට්ටනවලදී හදිසියේ මොහොතක පැවැත්මක් ලබන අස්ථායි අංශු වර්ගයකි. මෙසෝන කුවාන් දෙකක් හා ප්‍රතිකුවක් (antiquarks) දෙකකින් සමන්විතයි. CERN ඝට්ටන වලදී මේ “හැංඟිකාර” මෙසෝන පවතින බවට යම් ආකාරයක සාක්ෂි පෙන්නුම් කළත් එය නව අංශුවක් සොයාගත් බව ප්‍රකාශ කර සිටීමට තරම් භෞතික විද්‍යාඥයන්ට අවශ්‍ය සංඛ්‍යාලේඛනාත්මක ප්‍රවේශ ලක්ෂ්‍යට පහළින් තිබිණ
Live Scienceහී පළවූ Atom Smasher Detects Hints of New Unstable Particle යන ලිපිය ඇසුරෙනි