සංකල්ප සාර සංග්‍රහය 97: සැපයුම සහ ඉල්ලුම(Supply and Demand)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
අනේක වූ ජනතාව තමන්ගේ ආර්ථික සුඛවිහරණය පතා ක්‍රිය කිරීම මගින් වුව නොදැනුවත්ව හෝ සමස්තයක් වශයෙන් සමාජයට වාසි සලසන බව The Wealth of Nations (ජාතින්ගේ ධනය) නම් සිය සුප්‍රකට ග්රන්ථයෙහි ඇඩම් ස්මිත් පැහදිලි කරයි. ඔහු මෙ ක්‍රියාදාමය හැඳින්වුයේ ‘අදිසි හස්තයක්’ ලෙසිනි. ඉන් ඔහු අදහස් කළේ ආර්ථික විද්‍යාවේ වඩාත්ම මූලික සංකල්ප දෙක වන සැපයුම සහ ඉල්ලුම යන්නයි.
ඉල්ලුම යනු පාරිභෝගිකයන්ට මිළට ගතහැකි හෝ මිළට ගැනිමට කැමැතිවන නිශ්පාදනයක (භාණ්ඩ හා සේවා) ප්‍රමාණයයි. සැපයුම යනු නිශ්පාදකයාට සැපයීමටට හැකි හෝ නිශ්පාදකයා සැපයීමට කැමැතිවන නිශ්පාදනයක (භාණ්ඩ හා සේවා) ප්‍රමාණයයි. සැපයුම සහ ඉල්ලුම මිළ අනුව විචල්යවේ(වෙනස් වේ). මිළ ඉහල යත්ම පාරිභෝගිකයන් ගැනිමට හැකි හෝ ගැනීමට කැමැතිවන ප්‍රමාණය අඩුවෙයි. එහෙත් සිය ලාභය උපරිම කර ගනු වස් වැඩියෙන් විකිනීමට නිශ්පාදකයන්ට වුවමනාවෙයි. මිළ පහලයත්ම පාරිභෝගිකයන් ගැනිමට හැකි හෝ ගැනීමට කැමැතිවන ප්‍රමාණය වැඩිවෙයි. එහෙත් සිය ලාභය අඩුවී යන හෙයින් නිශ්පාදකයන්ට අඩුවෙන් විකිනීමට වුවමනාවෙයි. නිදහස් වෙළඳ පොළ ආර්ථිකයකදී ඉල්ලුම සැපයුම සමග ගැලපෙන ඒ එක්තරා මොහොත හඳුන්වනු ලබන්නේ සමතුලිත මිළ යනුවෙනි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න