සැමට විදු නැන නුවණ – Science Literacy for All

ශක්ති ප්‍රජාතන්ත්‍රීකරණය: ලාබදායී, හරිත බලය

විදුලිබල රථයක මූලික ශක්ති ගබඩා කිරීමේ දී  උපරි ධාරිත‍්‍රකය, විශ්වාසවන්ත සහායකයෙකුගේ කාර්ය භාරය ඉටු කළ හැකි නම් වෙහෙසට පත්ව සිටින බැටරි මත  ඇතිවන උපරිමබල විඛරය (peak power load ) අඩුකර ගත හැකි බව ගියවර ලිපියේ (තතු දෙසැම්බර් 13 දා) අපි සඳහන් කළෙමු.  ඇත්තටම බැටරිවල ජීවන කාලය අඩු කරන්නේ එයයි. එසේ අඩු කරගත හැකිනම් එය  අප සැමට සැනසිල්ලක් වනු ඇත. ඒත් ඒ  කොහොමද? අපි අද ඒ ගැන තව දුරටත් කතා කරමු.

Related image

එය සිදුවන්නේ කෙසේද?

විදුලි බලයෙන් ක‍්‍රියා කරන මෝටර් රථයක් පැදවීමට ඔබට ආශාවක් තිබෙන්නට පුළුවන්, එසේ නොවන්නටත් පුළුවන්. එහෙත්, විද්‍යුත් ජාල මුහුණ පා සිටින ප‍්‍රශ්න කිසිවෙකුටත් ඉවත දැමීමට නොහැකිය. අපට අවශ්‍ය වන්නේ අපට දැරිය හැකි වියදමකට විදුලිය ලබා ගැනීමම පමණක් නොවේ. විශ්වාසය තැබිය හැකි විදුලිබල සැපයුමක් අපට අවශ්‍යය; එමෙන්ම එය පරිසර හිතකාමී විය යුතුය. මේ සියල්ල ඒ අයුරින්ම සපුරා ගැනීම ඉතා දියුණු ආර්ථිකයන් සහිත රටවලට පවා එන්ට එන්ටම අසීරු කාරණාවක් බවට පත්වෙමින් තිබේ. නිදසුනක් ගනිමු: බලශක්ති ආරක්ෂාව සම්බන්ධ ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රමයක් වන ලෝක බලශක්ති කවුන්සිලයේ  ත්‍රිත්වවාද  දර්ශකයේ මුල් දස දෙනා අතර සිටි එක්සත් රාජධානිය 2016 ඔක්තෝබරයේ දී එම ස්ථානයෙන් පහළට ඇද වැටිණ.

ලාභයට ලබා ගත හැකි, පරිසර හිතකාමී ශක්තිය ගැන අප මෑතක වසරවලදී බරපතල ලෙස සිතන්නට පටන්ගෙන ඇත; අළුතෙන් බලශක්ති ජනනය කිරීමේ දී  2015 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ තුනෙන් දෙකක් ද ලොව පුරා ගතහොත් අඩකට වැඩියෙන් ද වගකිව කීවේ පුනර්ජනනීය ශක්තියයි. යුතුය. එසේ වුවද, එක අතකින් ගතහොත් විදුලිබලය සඳහා ඇති ඉල්ලූම බොහෝ සේ වෙනස් වන අතර අනෙක් අතට පුනර්ජනනීය ප‍්‍රභවයන්ගෙන් ලැබෙන සැපයුම සවිරාමය (ඉන්ටෙර්මිට්ටෙන්ට් = අතරින් පතර සිදුවන්නකි) සුළඟ හැමවිටම හමන්නේ නැත. ඉර නිතරම පායන්නේ නැත. (සැපයුම හා ඉල්ලූම සටහන බලන්න)

 

මේ ප්‍රශ්නයට මුහුණ දී ඇත්තේ බුහුටි ජාලක() යන සංකල්පයෙනි. මෙහි දී සිදුවන්නේ සංවේදක(sensors) සහ මංමාරු(switches) ජාල  සෑම ආකාරයකම විදුලි ජනක මගින් සැපයෙන ශක්ති ප්‍රවාහය නිරතුරුව නිරික්සීම සහ සීරුමාරු කිරීමයි. එසේ වුව ද මෙහිදී අනිවාර්යයෙන්ම විදුලිය ගබඩා කෙරේ. එවිට නැවතත් අලස බටරි අපව බිමට වට්ටවයි.

ශක්තිය ගබඩා කර තැබීමේ එකම මාධ්‍යය ලෙස බැටරි භාවිතය යෝග්‍යයතම ක‍්‍රමයම නොවේ. පළමු කාරණය:–  නිරන්තරයෙන් ආරෝපණය හා විසර්ජනය කිරීම හේතුවෙන් බැටරිවල ආයු කාලය කෙටි වේ. දෙවනුව, සිය ශක්තිය මුළුමනින්ම ඉක්මණින් මුදා හැරීමට බැටරිවලට නොහැකිය; එහෙයින්  (ශක්තියේ)  සාමාන්‍යඋච්චාවචනයන් හෙවත් ඉහළ පහළ යාම් ඉක්මවන කෙටි සර්ජනයන්ට(surges)  සාර්ථකව මුහුණදීමට ජාලකවලට අතිරේක බැටරි ධාරිතාව අවශ්‍යවේ. බැටරිවල ප‍්‍රමාණය ඉහළ දැමීම වෙනුවට උපරි ධාරිත‍්‍රක එක් කිරීම විශාල දියුණුවකි. ‘‘මෙහි ශුද්ධ ප‍්‍රතිඵලය වන්නේ මූලික වියහියදම් මෙන්ම ක‍්‍රියාකරවීමේ පිරිවැය අඩුවීමය”යි උපරි ධාරිත‍්‍රක නිෂ්පාදකයෙකු වූ මැක්ස්වෙල් සමාගමේ කිම් මැක්ග‍්‍රාත් කියා සිටියි. “දැන් තාක්ෂණය වර්ධනය වී ඇති මට්ටම අනුව අපට වෙළඳ පොළ විවෘත වෙලා තියෙනවා”.

Image result for clean, cheap energy

පසුගිය වසරේදී මැක්ස්වෙල් සමාගම උපරිධාරිත‍්‍රක ගබඩා පද්ධති දෙකක් අත්හදා බැලීය: එකක් උතුරු කැරොලීනාවෙහිය. එහිදී උපරිධාරිත‍්‍රකය සවිකර ඇත්තේ ප‍්‍රකාශ වෝල්ටීය සූර්යබල ස්ථානයක සහ මුහුදුජල ඉලෙක්ට්‍රොලයිට් සහිත බැටරියකටය. පාවෙන වළා හේතුවෙන් සූර්ය පැනල වල ප‍්‍රතිදානය උච්චාවචනය වන විට උපරිධාරිත‍්‍රකය ක‍්‍රියාත්මක වේ. එයට බැටරි ගොන්න්නේ බලය මෙන් තුන් ගුණයක් ඉක්මණින් සැපයිය හැකිය. එහෙත් එය විනාඩි සුළු ගණනක දී අවසන් වෙයි. එම මොහොතේ දී, හතලිස් ගුණයක ශක්තිය අල්ලන බැටරිය ඉදිරිපත් වෙයි. පරීක්ෂාව කරගෙන යනු ලබන්නේ Duke Energy නම් උපයෝගීතා සමාගමක් මගිනි. එය ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන හතක පාරිභෝගිකයන්ට සේවා සපයන සමාගමකි. මේ පද්ධතිය, බැටරි පමණක් යොදා ගන්නා පද්ධතියකට වඩා 10%  සිට 15% දක්වා ලාභදායී බවයි. ‘‘ඒ විතරක් නෙවෙයි. බැටරිය පරිහානියට පත්වීම ද මන්දගාමී කරනවා’’ යයි සමාගමේ රැන්ඩි වීල්ලස් කියා සිටියි.

NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE)  CHAPTER 10  Powering the Future හි HELP FOR HEROES යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: