වාර්තා තබා ගැනීම් ආරම්භ වූවාට පසුව, වඩාත්ම උණුසුම් වසර ලෙස 2018 වර්ෂය වාර්තා පොත්වලට එක්වෙයි. නාසා(NASA) ආයතනය සහ ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනය(National Oceanographic and Atmospheric Administration) හෙවත් NOAA යන ආයතන වෙන වෙනම මේ මස(පෙබරවාරි) 6 දා නිකුත් කල ස්වාධීන වාර්තා දෙකකින් කියැවේ. පසුගිය වසර කොපමන නම් උණුසුම් ද කීවොත් එම වසරේ ගෝලීය ගොඩබිම සහ සාගර පෘෂ්ඨ උෂ්ණත්වය 20 වැනි සියවසේ සමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 0.79ක් ඉහළින් පැවතිණැයි NOAA වාර්තාකරයි.
වාර්තා තැ බීම ආරම්භ වූයේ 1880 වර්ෂයේ දීය. එදා මෙදා තුර වඩාත්ම උණුසුම්ම වර්ෂ වූයේ 2016(වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය මේ වසරේයි — ඊට අර්ධ වශයෙන් හේතු වූයේ එල් නිනෝවයි), 2015 සහ 2017 ය. “මෙහි දී වඩාත්ම වැදගත් පණිවුඩය ලෙස සැලකිය යුත්තේ අපේ ග්‍රහ ලෝකය උණුසුම් වෙනවාය කියන කාරණාවයි” යනුවෙන් ගාවින් ෂ්මිඩ්ට් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වාර්තාකරුවනට පැවසීය. ෂ්මිඩ්ට්, නිව්යෝක් නුවර නාසා ආයතනයට අයත් අභ්‍යවකාශ අධ්‍යයනය සඳහා වූ ගොඩාඩ් ආයතනයේ අධ්‍යක්ෂවරයායි. “අනික් කාරණාව වශයෙන් කියන්න තියෙන්නේ, මේ වගෙ ප්‍රවණතාවන් ගැන අපගේ දැනුම ඉහළ බවයි. ඔහොම වෙන්නේ අපි පසුගිය අවුරුදු සියය ඇතුළත වායුගෝලයට එක් කලහරිතාගාර වායු නිසයි.” ෂ්මිඩ්ට් තවදුරටත් සඳහන් කරයි.
මේ ප්‍රවණතාව අළුත් එකක් නොවේ. වඩාත් උණුසුම් ශීත සෘතු දහයක් අතුරෙන් නවයක් ම සිදුවී ඇත්තේ 2005න් පසුවය. එමෙන්ම වාර්තාවී ඇති වඩාත්ම උණුසුම් වර්ෂ පහ ඇතිවී තිබෙන්නේ පසුගිය වර්ෂ පහ ඇතුළතය — එනම්2014 සිට 2018 දක්වාය. මීට අමතරව, NASA සහ NOAA ආයතන වෙනත් ආයතන මගින් සොයා ගනු ලැබූ දත්ත සමග සිය සොයා ගැනීම් සසඳා බැලීය. මෙකී ආයතන අතර එක්සත් රාජධානියේ කාලගුණවිද්‍යා කාර්යාලය සහ ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ද වේ. ඒවා ද 2018 යනු වාර්තාවී ඇති හතරවැනියට වඩාත්ම උණුසුම් වසර ලෙස නම් කර ඇත.
ගොඩබිම සහ සාගර උෂ්ණත්වය ගත් කල වාර්තාගත උණුසුම්වීමක්, යුරෝපයේ වැඩි කොටසක, මධ්‍යධරණීය, මැදපෙරදිග, නවසීලන්තය, රුසියාව මෙන්ම අත්ලාන්තික් සහ බටහිර ශාන්තිකර සාගර කොටස්වල ඇතිවී යයි NOAA යේ පරිසරාත්මක තොරතුරු සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි ඩෙකේ ආන්ඩ්ට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියේය.
කෙසේවෙතත්, ලොව සෑම තැනක්ම ගිනියම් වූයේ නැත. “උතුරු ඇමරිකා මහද්වීපයේ උතුරුදිග අභ්‍යන්තර කොටස්, විශේෂයෙන්ම කැනඩාවේ තණබිම් පළාත් මෑතක ඉතිහාසයේ පැවතුනේ සීතලට බරවයි”, ආන්ඩ්ට් පෙන්වා දෙයි. කෙසේවෙතත්, සමස්තයක් වශයෙන් ගත් කල ලොව පුරා ගොඩබිම හා සාගර සමාන්‍යනයට වඩා උණුසුම්ය: ආයතනයට පෙනී ගොස් අයුරු 20 වැනි සියවසේ සමාන්‍යයනට වඩා ගොඩබිම සෙල්සියස් අංශක 1.12කින් ද සාගර අංශක 0.66 කින් ද උෂ්ණාධික විය.
දේශගුණ විපර්යාසයෙන් වඩාත් බැට කා ඇති ප්‍රදේශය වන්නේ (ආක්ටික්) උ ත්තර ධ්‍රැව පළාත්ය. එම ප්‍රදේශ ගෝලීය සමාන්‍යනයට වඩාදෙගුණයකටත් තුන්ගුණයකටත් අතර ප්‍රමාණයක වේගයකින් උණුසුම් වෙමින් පවතින බව ෂ්මිඩ්ට් පවසයි. “උත්තර ධ්‍රැව මුහුදු අයිස් වල විශාල අඩුවක් විශේෂයෙන්ම ගිම්හානයේ සහ සැප්තැම්බරයේ දකින්න පුළුවන්. මෙය උත්තර ධ්‍රැව මුහුදු අයිස් අවම කාල ඡේදය ලෙසයි සැලකෙන්නේ. නමුත් ශීත සෘතුවේ දිත් අයිස් අඩුවෙනවා. ඒත් ඒ තරම් ප්‍රකට නැහැ” යයි හෙතෙම කියයි.
සිය දත්තවලින් අනියතතා ඉවත් කිරීමට දේශගුණ විද්‍යාඥ්යෝ බොහෝ උපක්‍රම යොදති. නිදසුනක් ලෙස, ක්‍රමෝපායන් කාලයත් සමග වෙනස්වී ඇත්දැයි යන්න ඔවුහු සොයා බලති. එපමණක් ද නොව “නාගරික තාප දුපත්” (අවට ප්‍රදේශ වලට වඩා නගරබද උණුසුම්ය යන මතවාදය) යනුවෙන් දැක්වෙන බලපෑම හේතුවෙන් ඇතිවෙන අගතීන් වැළැක්වීමේ අරමුණින් ආයතන සිය දත්ත වැඩි කොටසක් එකතු කර ගනු ලබන්නේ ගම්බද ප්‍රදේශ වලිනි. තවද තොරතුරු රැස් කෙරෙන මධ්‍යස්තානයක් වෙනත් තැනකට ගෙන ගියොත් හෝ එය වටා ඇති පරිසරය වෙනස් වුණොත් හෝ විද්‍යාඥයන් විසින් ඒ සඳහා ද ඉඩහැරීමක් කරනු ලැබේ.
මෙයටත් අමතරව, නාසා චන්ද්‍රිකා දේශගුණ දත්ත 1979 සිට නිරික්සමින් සිටියි. මෙම කාර්යය, පෘථිවිය ගැන එකතු කරනු ලබන දත්ත පිළිබඳව පිටස්තර විමර්ශනය්ක් ලෙසද ප්‍රයෝජන ගැනීමට මග සලසයි. මෙකී චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කරන අන්දමට “දේශගුණ මධ්‍යස්තාන පාදක විශ්ලේෂණ මගින් දක්වනු ලබනවාට වඩා සැබෑ ලෝකයේදී උත්තර ධ්‍රැව ප්‍රදේශ වැඩියෙන් උණුසුම් වෙයි”.
Live Science හී පළවූ 2018 Was 4th Hottest Year on Record, NASA Finds යන ලිපිය ඇසුරෙනි.