ඇමරිකානු ඩොලර් බිලියන 200 ක වියදමින් චීනය එරට සංනිවේදන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති ය චීනය හෝ ආසියානු කලාපයට පමණක් නොව ගෝලීය වශයෙන් බලපෑම් ඇති කරවන්නකි.
ඩිජිටල් සේද මාවත
වර්තමාන ලෝකයේ, දෙවැනියට විශාල ආර්ථිකය සතුව ඇත්තේ චීනයටයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2018 වර්ෂයේ දී ගණන් බැලූ අන්දමට චීන ආර්ථිකයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 14 කි. ඩොලර් ට්‍රිලියන 20.4ක වටිනාකමින් යුතුව ලෝකයේ අංක එක ආර්ථිකය හිමි අමෙරිකා එක්සත් ජනපදයට වඩා එරට සිටින්නේ එතරම් පිටුපසින් නොවේ. දන් මෙම පරතරය අඩුකරගැනීමේ අරමුණ ඇතිව චීනය සිය ඩිජිටල් අධෝව්‍යුහය පුළුල් කිරීම පිණිස ක්‍රියාත්මක කරන මේ දැවැන්ත වැඩසටහන හඳුන්වනු ලබන්නේ ඩිජිටල් සේද මාවත යනුවෙනි. නම යොදා ඇත්තේ ඈත අතීතයේ පෙර-අපරදිග යා කෙරෙමින් පැවති සුප්‍රකට වෙළඳ මාර්ගය ගැන සිහිපත් කරවන අයුරිනි.
මෙය පුළුල් පරාසයක් ආවරණය කෙරෙන වැඩසටහනක් වන නමුදු එහි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඇත. ප්‍රථමයෙන්ම, නැගෙනහිර සහ බටහිර යාකෙරෙන මුහුද යට නව කේබල් ස්වරූපයක් ලෙස උත්ශ්‍රේණිගත අන්තර්ජාල සම්බන්ධතා සැපයීම, අතරතුර පිහිටි රටවල ආර්ථිකයන් නංවාලීමට මග පාදන පරිදි පළල් කලාප (බ්‍රෝඩ්බැන්ඩ්) පහසුකම් ඌණසංවර්ධිත නම් වැඩිදියුණු කිරීම හෝ දැනට නැතිනම් අළුතෙන් සැපයීම සඳහා චීනය පියවර ගනු ඇත. දෙවනුව, චීනයේ චන්ද්‍රිකා තරණ ජාලය ඇ.එ.ජ සතු පද්ධතියට තරඟකාරී වෙමින් සැබෑ ගෝලීය ප්‍රතිමල්ලවයෙකු වීමට ප්‍රමණාවත් වන අයුරු විශාල පරිමානයෙන් ව්‍යප්තකිරීම සිදු කෙරේ.
වැඩසටහනට අදාළ සංඛ්‍යා ද පුදුමය දනවන සුළුය. උදාහරණයකට, ZTE නම් චීන සමාගමට ඇෆ්ඝනිස්තානයේ ෆයිබ ජාලයක් සංවර්ධනය කරනු පිණිස ලෝක බැංකුව මෑතක ඩොලර් මිලියන 23ක නය මුදලක් සැපයීය. තවත් මිලියන 32ක් සංවර්ධන වැඩ හේතුවෙන් මතුවන පාරිසාරික අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරිම පිණිස වෙන්කර දී තිබේ. මේ දැක්වූයේ ඩිජිටල් සේද මාවත වැඩසටහන යටතේ වැටෙන දුසිම් ගණන් නැතහොත් සිය ගණන් ව්‍යාපෘති අතුරෙන් දෙකක් පමණකි. තවද, එසේ සඳහන් කර ඇත්තේ ඈත පෙරදිග ආවරණය කෙරෙන හුදු චන්ද්‍රිකා 17කින් පමණක් සමන්විත BeiDou ජාලය චන්ද්‍රිකා 35 යොදා ගනිමින් සමස්ත ලෝකයම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරිම උදෙසා වැය වෙතැයි ගණන් බලා ඇති ඇඑජ ඩොලර් බිලියන 25 එක් නොකරමය. නව චන්ද්‍රිකා දැනටමත් දියත් කර ඇති අතර 2019 වර්ෂය සඳහා විශාලතම කාර්යයක් වන්නේ ඒවා සේවයට යෙදීම ආරම්භ කිරීමයි.
2013 වර්ෂයේ දී චීනය BRI මුලපිරුම ප්‍රකාශයට පත් කළේය. BRI හෙවත් the Belt and Road Initiative ලෙස දැක්වෙන පථ සහ මාර්ග මුලපිරීමෙහි ‘පථ’ යන්න ගොඩබිමින් යුරේසියාව වෙත මාවතක් මෙන්ම ‘ මාර්ග’ යන්නෙන් දකුණු ආසියානු රටවල් කරා සහ ඉන් ඔබ්බටත් සාමුද්‍රික මාවතක් ගොඩනගා පවත්වාගෙන යාම දැක්වේ. ඩිජිටල් සේද මාවත වැඩසටහන චීනය ඉදිරිපත්කරන්නේ ඊට අමතරවය.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඩිජිටල් සේද මාවත ව්‍යාපෘතියට ක්වොන්ටම් පරිගණනය, නැනෝතාක්ෂණය, කෘතිම බුද්ධිය(AI), විශල ප්‍රමාණයක දත්ත සහ දත්ත ගබඩාකිරී(Cloud storage) ඇතුළත් කර ඇත යනුවෙන් සඳහන් කිරීම හැරුණු කොට ව්‍යාපෘතිය ගැන එතරම් විස්තර ඉදිරිපත් නොකළේය.
ඩිජිටල් සේද මාවත “සයිබර් අවකාශය තුළ පොදු ඉරණමකින් බැඳී සිටින ප්‍රජාවක් නිර්මාණය කිරීමට මග පෑදෙනු ඇත” යනුවෙන් චීනයේ තොරතුරු තාක්ෂණ උප ඇමති චෙන් ෂාවෝසියොන්ග් කියා සිටියි.
BRI ව්‍යාපෘතියේ ඉතිරිය ගණන් ගන්නේ නැතුව ඩිජිටල් සේද මාවත වැඩසටහනට පමනක් ඩොලර් බිලියන 200ක ආයෝජනයක් සිදු කෙරෙතැයි අපේක්ෂිතයි. මෙයින් චීන ආර්ථිකයට මෙන්ම ඉන්දියාව, පකිස්තානය සහ නේපාලය වැනි රටවල ආර්ථිකයන්ට ද විශාල ගැම්මක් ලැබෙතැයි සැලකෙන නමුත් බටහිර රටවල ඇතැම් නිරීක්ෂකයෝ යම් සැක සංකා මතු කරති. දැඩි ආවේක්ෂණ සහ වාරණ සහිත රටක් වන චීන ලෝක සංනිවේදන යටිතල පහසුකම්වලින් මේසා කොටසක් අත්පත් කර ගැනීම නුසුදුසු යයි පෙන්වාදෙන ඔවුන් තර්ක කරන්නේ මෙවැනි පද්ධති මිසයිල යැවීම සඳහා ද යොදා ගත හැකි බවයි.
Science Focus හී පළවූ The Digital Silk Road – China’s $200 billion project සහ The Economist හී පළවූ China talks of building a “digital Silk Road” යන ලිපි ඇසුරෙනි