‘සියලු ඇමරිකානුවන්ට විද්‍යාව’ යන තේමාව යටතේ මෙතෙක් සදුදා දිනවල තතුගෙන ආ ලිපි මාලාවෙන් සිසුන් ඉගෙන ගත යුත්තේ කුමක්දැයි අවධානය කෙරුණේ වී නමුත් විද්‍යාව උගන්වන ආකාරයද එක ලෙස වැදගත් වන බව පිළිගත යුතුව ඇත. ඉගැන්වීම සැලසුම් කිරීමේදී කාර්යක්ෂම ගුරුවරු, ඉගෙන ගැනීමේ ස්වභාවය පිළිබඳව පර්යේෂණ මගින් ලබාගන්නා, එන්ට එන්ටම වර්ධනය වන දැනුම් සම්භාරය මෙන්ම කාලාන්තරයක් තිස්සේ තහවුරු වී ඇති උගැන්වීම් පිළිබඳ භාවිත දැනුමද ප්‍රයෝජනයට ගනිති. ඉගෙනීමට දෙන දේවල සුවිශේෂී ගති ලක්ෂණ, සිය ශිෂ්‍යයන්ගේ පසුබිම සහ ඉගෙනීම සහ ඉගැන්වීම සිදුවන්නේ කුමන තත්ත්වයන් යටතේ ද යන්න ගැන ආකෘතිකව ඔවුහු සැලකිලිමත් වෙති.
එවන් ගුරුවරුන්ගේ ප්‍රවේශයෙහි ගතිලක්ෂණවලට අනුකූල ඉගෙනුම් සහ ඉගැන්වීම් මූලධර්ම කිහිපයක් — ක්‍රමානුකූලව හෝ සම්පූර්ණව නොවූවත් — මෙම ලිපි මාලාවෙන් ඉදිරිපත් කෙරේ. මේ මූලධර්ම බොහොමයක් පොදුවේ ඉගෙනීමට මෙන්ම උගැන්වීමටද අදාළ වන නමුත් සමහරක් පැහැදිලිවම වැදගත් වන්නේ විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණවේදය අධ්‍යාපනයටයි. පහසුව තකා මෙම ලිපි මාලාවේදී (ඒවා සමීපව එකිනෙකට සම්බන්ධ වුවද) ඉගෙනුම හා ඉගැන්වීම වෙනම ම කොටස් හැටියට ඉදිරිපත් කර ඇත.
ඉගැන්වීම විද්‍යාත්මක විමර්ෂණයෙහි ස්වභාවය සමග සංගත විය යුතුය
පැහැදිලි ප්‍රකාශනයේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුයි
ඵලදායි වාචික සහ ලිඛිත සංනිවේදනය අධ්‍යයනයේදී කොපමණ නම් වැදගත්ද යත්, ජීවිතයේ සෑම පැතිකඩකදීම සෑම විෂයක්ම උගන්වන ගුරුභවතුන් මෙන්ම සෑම මට්ටමකම (පංති මට්ටමකම) ගුරුවරුන් මේ සම්බන්ධයෙන් සියළු සිසුන් සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. මීට අමතරව විද්‍යාව උගන්වන ගුරුවරු පැහැදිලි ප්‍රකාශනයෙහි වැදගත්කම අවධාරණයෙන් හුවා දැක්විය යුතුය. මන්ද, තමන්ගේම ක්‍රියාදාමයන්, සොයාගැනීම් සහ අදහස් ජවසම්පන්නව ඉදිරිපත් කිරීමට, සහ අනුන්ගේ ප්‍රකාශන විකේත ගත කිරීමට යම් වෙහෙසක් නොදරා සාක්ෂිවල කාර්යභාරය සහ පැහැදිලි(අසංදිග්ධ = unambiguous) සාක්ෂි ප්‍රතිගුණනය අවබෝධ කර ගැනීම උගහටය.
කණ්ඩායම් ප්‍රවේශයක් යොදා ගන්න
විද්‍යාත්මක සහ තාක්ෂණික කටයුතුවල සහයෝගීතා ස්වභාවය පන්තිකාමරයේ සිදුකෙරෙන නිරන්තර කණ්ඩායම් ක්‍රියාකාරකම් මගින් වෙර ගැන්විය යුතුය. විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් වැඩිකොටම වැඩකරන්නේ කණ්ඩායමක් හැටියටය. හුදකලා ගවේෂකයන් ලෙස ක්‍රියාකිරීම දුර්ලබය. මේ ආකාරයටම ශිෂ්‍යයන්ද එකිනෙකා සමග උගෙනීම උදෙසා වගකීම බෙදාහදා ගැනීමේ අත්දැකීම් වර්ධනය කර ගත යුතුය. පොදු අවබෝධකර ගැනීම් වලට එළඹීමේ ක්‍රියාදාමයේ දී, කණ්ඩායමක සිටින සිසුන් නිරන්තරයෙන්ම ක්‍රියාදාමයන් සහ අර්ථයන් ගැන එකිනෙකා දනුවත් කළ යුතුය, සොයා ගැනීම් ගැන වාදවිවාද කළ යුතුය, සහ කාර්ය ඉදිරියට යන්නේ කෙසේද යන්න ඇගැයීමට ලක් කළ යුතුය. කණ්ඩායම් වගකීම යන සන්දර්භය තුළ ප්‍රතිපෝෂණය (feedback) සහ සංනිවේදනය වඩාත් යථාතත්ථ්‍ය බවට පත්වේ. තවද, එය සාමාන්‍යෙයන් දක්නට ලැබෙන “පෙළපොත – ගෙදර වැඩ – මතකයෙන් කියවීම” යන ප්‍රවේශයට බෙහෙවින් වෙනස්ය.
දැනගෙන සිටීම, සොයා දැන ගැනීමෙන් වෙන් කරන්න එපා
විද්‍යාවේ දී නිගමන සහ ඒවාට මඟපාදන ක්‍රමවේද තදින් ම සම්බන්ධකර තිබේ. විමර්ශනයේ ස්වභාවය රඳා පවතින්නේ විමර්ශනය කරන්නේ කුමක්ද යන්න මතයි. එමෙන්ම, උගෙන ගන්නේ කුමක්ද යන්න රඳා පවතින්නේ (ඒ සඳහා) යොදා ගන්නා ක්‍රමවේද මතයි. යම් ක්ෂේත්‍රයක් තුළ ඒකරාශී වූ දැනුම තනිකරම ශිෂ්‍යයන්ට පැටවීමට උත්සාහ කරනු ලබන විද්‍යා අධ්‍යාපනයක් වේ නම් එය මග පාදන්නේ ඉතා ලුහුඩු අවබෝධයකටයි. එය සත්තකින්ම බුද්ධිමය ස්වාධීනත්වය සහ බුද්ධිමය ව්‍යක්තබව වර්ධනයට මග පාදන්නේ නැත. එය එසේ වුවද, කිසියම් සුවිශේෂී හරවත් යමකින් තොරව විද්‍යාත්මක ක්‍රියාදාම පෙළක් ලෙස උගැන්වීමද එලෙසම ඵලරහිතය. නිදසුනකට විද්‍යාත්මක ක්‍රමය කියමුකෝ. ලෝකය පිළිබඳ විද්‍යාත්මක දැනුම මෙන්ම මනසේ විද්‍යාත්මක ඇබ්බැහියන් එකවර අත්පත් කරගැනීම් පිණිස විද්‍යා ගුරුවරු සිසුන්ට උපකාර කළ යුත්තාහ.
තාක්ෂණික වාග්කෝෂය කටපාඩම් කිරීම කෙරෙහි අවධානය තුරන් කිරීම
විද්‍යා අධ්‍යයනයේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ වාක්කෝෂය දැනගැනීම නොව අවබෝධ කර ගැනීමයි. කෙසේ වෙතත්, විද්‍යාත්මක සංනිවේදනයේ සහ අවසානයේ අවබෝධ කරගැනීම පිණිසද අනේකාර්ථ නොවන නාමාවලිය (පාරිභාෂිත්‍යය) ද වැදගත්ය. එහෙයින්, සමහර පාරිභාෂික පද සැමටම ප්‍රයෝජනවත් විය හැකි නමුත් අත්‍යවශ්‍ය වන සංඛ්‍යාව සාපේක්ෂව කුඩාය. චින්තනය පැහැදිලි කිරීම සහ ඵලාදායී සංනිවේදනය ප්‍රවර්ධනය පමණක් ගුරුවරු පාරිභාෂික පද හඳුන්වා දෙන්නේ නම් එවිට ශිෂ්‍යයා ක්‍රම ක්‍රමයෙන් ප්‍රායෝගික වාග් කෝෂයක් ගොඩනගා ගැනීමට සමත් වෙනු ඇත. එවැන්නක් ඊළඟ විභාගය පරයා දිගටම පවතී. කෙසේ වෙතත් ගුරුවරුන්ට වාක්කෝෂය ඉගැන්විම කෙරෙහි අවධානාත්මකව යොමුවීම යනු ක්‍රියාදාමයක් ලෙස විද්‍යාවෙහි අගය අඩු කිරීමකි; අවබෝධය පතා කෙරෙන ඉගැන්වීම අවදානමට ලක් කිරීමකි; සහ සිසුන් උගෙන ගෙන ඇති දෑ පිළිබඳ වැරදි මගකට යොමුවීමේ අවදානමට ලක්කිරීමකි.
ඊළඟ පෝස්ටුවෙන් ‘විද්‍යා අධ්‍යාපනය, විද්‍යාවේ හරයන් පිළිබිඹු කළ යුතුය‘ යන්න ගැන.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ TEACHING SCIENCE, MATHEMATICS, AND TECHNOLOGY නම් 13වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.