ඔබේ මොළය හඳුනාගන්න: ජීවිත කාලය තුළ ඒ ඒ අවධියේ ඔබේ මොළය

Posted by

අප කාගේත් ජීවිත කාලය තුළ අපගේ සිරුරේ වෙනත් ඕනෑම කොටසකට වඩා අපේ මොළ විපර්යාසයන්ට ලක්වේ. මේවා පුළුල් ලෙස අවධි පහකට බෙදිය හැකිය. ඒ එක් එක් අවධිය, අපේ හැකියාවන් සහ චර්යාවන් කෙරෙහි බොහෝ  සේ බලපායි.

පසුබිම සැකැසීම: ගැබ් දැරීම

මොලොව එළිය දැක පළමු හුස්ම පොද ගන්නා විටත් අපේ මොළයවයසින් මාස අටකටත් වැඩිය. ප්‍රතිසන්ධිය සිදුවී හෙවත් ගැබ්ගෙන සති හතරක් ඇතුලත එය වර්ධනය වෙන්න පටන්ගනී. මේ අවස්ථාවේ කලලයෙහි සෛල ස්තර තුනෙන් එකක් ගුලිවී නැතිනම් ඇකිළී එකට එක්වන්නේ ස්නායු මාර්ග නාලය සාදන්නටයි. සතියකට පසු මෙම නාලයේ මුදුන පහතට නැමෙන්නේ පූර්ව මස්තිෂ්කයෙහි (පෙර මොළය) මධ්‍ය මස්තිෂ්කයෙහි, සහ අපර මස්තිෂ්කයෙහි(පසු මොළය) මූලික ව්‍යුහයන් නිර්මාණය කරමිනි. මේ ලක්ෂ්‍යයේ සිට මොළයෙහි වැඩීම සහ (මොළයෙහි) විවිධ කලාප සංවර්ධනය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන් ජාන මගිනි. එය එසේ වුවද, මේ අවස්ථාවේ මොළය නිසියාකාරව වැඩීමට ප්‍රධාන වන කාරණය වන්නේ ලබාදිය හැකි හොඳම පූර්වොත්පත්ති (පෙර ප්‍රසව – උත්පත්තියට පෙර) පරිසරය සැලසීමයි. එය කරන්නේ කෙසේද? මෙහිදී වැදගත්වන්නේ, (කලල) වර්ධනයේ මුල් සති කිහිපය තුළ මානසික කායික පීඩනයෙන්, ආතතියෙන් තොර, මනාව ආහාර ගන්නා එමෙන්ම සිගරැට්, මද්‍යසාර සහ අනෙකුත් විෂද්‍රව්ය පිළිකෙව්කරන මවක් සිටීමයි. භ්‍රෑණයා හෙවත් බඩෙහි වූ දරුවාට ඇසීමට හා මතක තබාගැනීමට හැකිවන මොළ වර්ධන ක්‍රියාදාමයේ අවසානයට ළංවෙද්දී ශබ්ද සහ සංවේදයන් ද මොළය හැඩගැස්වීමට පටන් ගනියි.

ඒ වුණත්, ගර්භනී භාවයේ තුන්මස් කාල(trimesters) තුනෙන් මුල්  තුන්මස් කාල දෙක ඇතුළත සංවර්ධනය කියන්නේ ඇත්තටම මූලික තැනුම් ඒකක එක්කාසු කිරීමයි:  නියුරෝන සහ සම්බන්ධක වර්ධනය කරමින්  එමෙන්ම මොළයෙහි ඒ ඒ කොටස නිසියාකාරව සහ නිවැරදි ප්‍රදේශය තුළ  වර්ධනය වන බව සහතික කිරීමයි. මේ සඳහා නිසි ප්‍රමාණයෙන් නිසිවේලාවට විවිධ වූ පෝෂක ශක්තිය සහ අවශ්‍ය වේ. ඇත්ත වශයෙන් ම ඉටු කිරීමට ඇති කාර්යභාරය ගතහොත් ප්‍රධාන පිණ්ඩක(major lobes) හතරක සහ පැහැදිලි විශේෂ්‍ය කලාප දශ ගණනක් තුළ මොළ සෛල බිලියන 86ක් සහ උපකාරක සෛල මිලියන ගණනක් බින්දුවේ සිට පටන් ගෙන ගොඩනැගීම. මේක නම් පරිණාමීය ඉංජිනේරු ශිල්පයේ සැබවින්ම පුදුමාකාර වික්‍රමයකි.

 පිරවීම:ළමාවිය

වෙන කිසි කලකදීට වඩා, මොළය වඩාත් ජවසම්පන්න සහ නම්‍යශීලීවන්නේ ළමා අවධියෙහිදීය. අප, අප අවට ලෝකය ගවේෂණය කරන විට සම්බන්ධක හදමින් සහ කඩමින් මොළය දිගටම වර්ධනය වන්නේ අධිවේගයෙනි. සමහර විට  පුදුමයට කාරණයක් වන්නේ, උගෙනීම, ස්මරණය සහ භාෂා ඥානය ආරම්භ වන්නේ අප ඉපදීමට පවා  පෙරය. පූර්ව ප්‍රසූත (උපතට පෙර) කාලඡේදය තුළ සෑම විනාඩියක් පාසාම නව සෛල මිලියන කාලක් දක්වා සැකසෙන්නේ , තත්පරයකට නව සම්බන්දක මිලියන 1.8ක් සාදමිනි. කෙසේ වෙතත් මේ සෛලවලින් භාගයක්ම පසුව මැලවී මිය යන්නේ භාවිතය හේතුවෙන් වෙර ගැන්වෙන ඒවා පමණක් ඉතිරි කරමිනි. උපතේ සිට දශකයකට වැඩි කාලයක් ළමයෙකු සීස්‍ර  වර්ධනයකට හා වැඩිදියුණුවකට ලක්වන අතර එහිදී සෑම අත්දැකීමක්ම පසුකලෙක හැඩගැහෙන ඒ පුද්ගලයා (වර්තමානයේ තමන් පත්ව සිටිනන පුද්ගලය) හැඩගැස්වීමට දායකවෙයි.

Related image

පුදුමයකට මෙන් මොළයෙහි ක්‍රියාකාරිත්වය උප්පත්තිය මගින් වෙනස් කරනු ලබන්නේ සුළුවශයෙනි. ස්පර්ශයට සංවේදී දෛහසංවේදී බාහිකය (සිරුරේ ඕනෑම තැනකින් ඇතිවන සංවේදනයට අදාළ හෝ සම්බන්ධ මොළයෙහි පිහිටි සිවිය) උපතට පළමුව ක්‍රියාත්මක නමුත් බාහිකය . (මහමොළයෙහි පිටත ස්තරය) තුළ වෙනත් ඕනෑම ක්‍රියාකාරිත්වයක් ආයෙත් ඇතිවන්නේ තවත් මාස දෙකක් හෝ තුනක් ගතවූ පසුවය. ස්වේච්ඡා චලනය, තර්කනය සහ සංජානනය ආදිය අවසානයේදී පාලනය වන්නේ එමගිනි. ලලාට හෙවත් පූර්ව පිණ්ඩක(frontal lobes) මාස හයේ සිට වසරක් වයස් ගතවන විට ක්‍රියාකාරීවන අතර චිත්තාවේග, සම්බන්ධතා, සැලසුම් කිරීම, ක්‍රියාකාරී ස්මරණය සහ අවධානය වර්ධනයට මුල පුරන්නේ එමගිනි. (ශරීර බිත්තියට සම්බන්ධ හෝ ශරීර බිත්තිය දක්වන) මාස දහ අටක පමණ කාලයේදී (මහමොළයේ ඇති) පිණ්ඩක හතරෙන් දෙකක් වන කුඩ්ඨීය පිණ්ඩක සහ ලලාව පිණ්ඩික පරිපථ වඩාත් අනුකලනය වෙද්දී තමන් පිළිබඳ නැතිනම් ආත්මීය හැඟීමක් වර්ධනය වන අතර වයස අවුරුදු තුන හතර වන විට මනසක් සහිත අනෙකුත් පුද්ගලයන් පිළිබඳ හැඟීමක් ද වර්ධනය වේ.

මේ මුල් වසරවල ජීවිත අත්දැකීම් අපගේ භාවාත්මක යහපැවැත්ම හැඩගැස්විමට උපකාරී වෙයි. තවද නොසලකා හැරීම සහ දරුවන් හදාවඩා ගැනීමේ දී දෙමාපියන්ගේ තදබල ආකාරයට ක්‍රියාකිරීම මොළය සදහටම වෙනස් කිරීමට තුඩු දිය හැකියි. උදාහරණයක් ලෙස මාතෘ ප්‍රතික්ෂේපණය ඒ කියන්නේ මවගේ නොසැලකිල්ලට ලක්වීම හෝ ක්ෂතිය (හිතෙහි ඇතිවන කම්පන සහගත සිතුවිලි ස්වභාවය) පසුකලෙක ආතතිය ගෙන එන සිදුවීම්වලදී පුද්ගලයකුගේ චිත්තවේගී ප්‍රතිචාරයන් කෙරෙහි බලපායි. ඒවිෂාදය හා සාංකාව හේතුකොටගෙන ඇතිවන රෝගාබාධ ඇතිකිරීමේ හැකියාව ද සහිතවය.

වයස අවුරු හය වන විට අපේ මොළය එහි වැඩිහිටි අවස්ථාවේ බරෙන් සියයට 95ක් වේ. එමෙන්ම, ඒ වෙද්දී එය එහි උපරිම බලශක්ති පරිභෝජනයට පැමිණ ඇත. ඔය අවස්ථාවේ පමණ දී ළමයි, තර්කය යොදා ගන්නත්, විශ්වාසය තබන්නත්, මෙන්ම තමන්ගේම චින්තන ක්‍රියාදාමයන් අවබෝධ කරගන්නත් පටන් ගනිති. ඔවුන්ගේ මොළ තවදුරටත් වර්ධනය වන අතර සම්බන්ධක ඇතිකර ගැනීම  හා බිඳීම අඛණ්ඩව සිදුකෙරේ. ලෝකය අත්දකිද්දී ධූසර පදාර්ථ පරිමාමෙහි කූටප්‍රාප්තවීම සිදුවීමකින් පසුව ගැහැනු ළමයි නම් වයස අවුරුදු 11 දී සහ පිරිමි ළමුන් නම් දහහතරේදී පමණ මල්වර වී සහ මොළය යළි සම්පූර්ණයෙන් වෙනස් වීමට පටන් ගණියි. 

ලිස්සන සුළු පල්ලම : වැඩිහිටි බව ලබන බ්‍රහස්පතින්දා ඊළඟ කොටසින් කියවන්න.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   YOUR BRAIN THROUGH THE AGES පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.