මොළයෙහි කොටස්

Posted by

කීර්තිමත් New Scientist සඟරාවේ ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ එළිය දුටු THE BRAIN –  A User’s Guide  ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසුණු  ලිපි පෙළක් පසුගිය සති කිහිපය මුලුල්ලේ සෑම  බ්‍රහස්පතින්දාවක ම අපි  ගෙන ආවෙමු. විදු ලොවේ නවතම දැනුම ඒවාට පදනම් කරගෙන ඇත. මේ ලිපි මාලවෙන් කියැවෙන්නේ මොළය සහ එහි ක්‍රියාකරිත්වය ගැනයි. මේ විෂය යටතේ සිංහලෙන් පළව ඇති ලිපි ලේඛන සීමිත වීම නිසා මොළයේ ව්‍යුහය සහ කොටස් ගැන කෙටි පැහදිලි කිරීමක් කරතොත් සුඛවබෝධයට හේතුවන බව කිහිපදෙනෙකුම අප වෙත දන්වා තිබුණි. එය සැලකිල්ලට ගෙන කෙටි සටහනක් අද ඉදිරිපත් කරමු. මෙම ලිපි මාලාව යටතේ මෙතෙක් පළවූ සහ ඉදිරියේ දි පළවන ලිපි කියැවීමේ දී මෙම ලිපිය ඇසුරු කර ගැනීම ප්‍රයොජනවත් වෙතැයි සිතමු.

ඔබට ඔබේ හිස් කබලට එබී බලන්න හැකිනම් ඔබේ දෑසට හසුවන්නේ මොනවාද? ඒක ඇතුළේ ඇති මොළය තුල සිදුවන ඇදහිය නොහැකි දේවල් ගැන යමක් ඔබට ඉන් කියාපාන්නේ නොවේ. මෙහි ඉදිරිපත් කරන කෙටි චිත්‍ර සටහන ඒ සඳහා ආධාරකයක් වනු ඇත. (පෙළට අමතරව පෙළට පහළින් ඇති අංක යොදා ඇති චිත්‍රය සමගින් කියවන්න)

ලලාට ඛණ්ඩිකාව – Frontal Lobe

අපේ පෞරුෂත්වය සහ සංනිවේදනය කිරීමේ හැකියාවට සම්බන්ධ ස්නායුක පරිපථ ගැබ්ව ඇත්තේ ලලාට ඛණ්ඩිකාවෙහිය. මධ්‍යය නිඛාතයට(central sulcus) ඉදිරිපසින් පිහිටන සියලුම මස්තිෂ්ක බාහිකය මෙයට අයත් වේ. ගැටළු විසඳීම(1), චාලක පාලනය(2), කථන හකියාව(3) සහ ගඳ සුවඳ දැනිම නැතිනම් ආඝ්‍රාහනය(4) වැනි වැදගත් සංජානන කුසලතා ඉන් පාලනය කෙරේ.

 

පාර්ශවික ඛණ්ඩිකාව – Parietal Lobe

මධ්‍යය නිඛාතයට පිටුපසින් සහ පාර්ශවික නිඛාතයට ඉහළින් සහ පාර්ශවික -අපර නිඛාතයට ඉදිරියෙන් පිහිටන මස්තිෂ්ක ඛණ්ඩිකාවයි. පාර්ශවික ඛණ්ඩිකාවට පැවරී ඇති ප්‍රධානතම කාර්යභාරය සංවේදී පණිවුඩ නැතිනම් තොරතුරු ප්‍රතිග්‍රහණය කිරීමයි.  පාර්ශවික ඛණ්ඩිකාවට  සපර්ශය හා පීඩනය(5), ශරීර සම්ප්‍රජානනය හෙවත් සිරුර පිළිබඳ සිහිනුවණ (6), රසය(7), සහ භාෂාව(8) අදාළවේ.

 

ශංඛක ඛණ්ඩිකාව – Temporal Lobe

ශංඛක ඛණ්ඩිකාව  පාර්ශවික නිඛාතයට එක්කම පහළින් සහ අපර කපාල ඛණ්ඩිකාවට වහාම ඉදිරියෙන් පවති. ශංඛක ඛණ්ඩිකාව සංවේදන තොරතුරු ස්මරණ ලෙස සකසනු ලැබන අතර, ශ්‍රවනයේදී(9), කියැවීමේදී(10) සහ මුහුණුවර හඳුනා ගැනීමේදී(11) වැදගත් වේ.

 

අපර කපාල ඛණ්ඩිකාව – Occiptal Lobe

පාර්ශවික සහ ලලාට ඛන්ඩිකාවලට පිටුපසින් පවතින ඛණ්ඩිකාවයි. එමෙන්ම, ඛණ්ඩිකා අතුරෙන් කුඩාම එකයි. මොළයේ දෘශ්‍ය සැකසුම් කෙන්ද්‍රස්ථානය(12) ලෙස සැලකෙන්නේ අපර කපාල ඛණ්ඩිකාවයි. දෘශ්‍ය සංවේදන හඳුනාගනීමට සහ සම්බන්ධීකරණයට වැදගත්වේ

 

අනුමස්තිෂ්කය – Cerebellum

Related image

මෙය අපේ හිස පිටුපස පිහිටා ඇති අතර ‘කුඩා මොළය’ ලෙස ද හඳුන්වනු ලබන්නේය. මස්තිෂ්කයේ අපර කොටසට වහාම පහළින් පිහිටනු ලබන අර්ධ ගෝල දෙකකින් සමන්විත වනු ලබන ව්‍යුහයයි. මස්තිෂ්ක අර්ධගෝල වලට තරමක් සමාන වන අතර අපර මොළයේ විශාලතම ව්‍යුහයයි. චලනයේ සමායෝජනයට සහ සමතුලිතතාව(13)සඳහා අනුමස්තිෂ්කය අත්‍යවශ්‍යය.

 

මීට අමතරව, මෙම ලිපි පෙළෙහි මීට ඉහත විස්තර කෙරුණු මොළයේ කොටස් කෙරෙහි නැවත අවධානය යොමු කිරිම ද ප්‍රයෝජනවත්ය.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   Mapping the mind පරිච්ඡේදය සහ වෙනත් මූලාශ්‍ර ද  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.