වසර දහස් ගණනාවක් තිස්සේ පුද්ගලයින් හුවා දැක්වීමට මෙන්ම භේදබින්න කර වෙන්කිරීමට වර්ගය යන්න යොදා ගත්තත් එය ජාන විද්‍යාව මත ප්‍රතිෂ්ඨාපණය වූවක් නොවේ
19 සියවසේ මුල් අර්ධයෙහි ඇමරිකාවේ වඩාත්ම කැපී පෙනෙන විද්‍යාඥයන් අතරේ සැමුවෙල් මෝටන් නමැති වෛද්‍යවරයෙක් ද විය. පිලඩෙල්පියාවේ විසූ ඔහු හිස්කබල එකතු කළේය. එකතු කළ සෑම හිස් කබලක් සඳහාම ඔහු අනුගමනය කළේ එකම ක්‍රියාදාමයකි: ඔහු ඒවා මුලින් ගම්මිරිස් ඇට වලින්ද පසු කලෙක ඒ වෙනුවට ඊයම් උණ්ඩ වලින්ද පිරවූයේය. පසුව ඔහු ඒවා බේරා වත්කළේ මොළ කූඩුවේ පරිමාව සෙවීමටය.
මෝටන් විශ්වාස කළේ මිනිසුන් ජනවර්ගය(race) හැටියට පස් කොටසකට බෙදිය හැකි බව සහ ඒවායින් නිරූපනය වුනේ වෙන වෙනම මැවීමක් බවයි(ඒ කියන්නේ එකිනෙකාට නෑ සම්බන්ධයක් නැතැයි යන්නය). මේ මානව වර්ග වලට කැපී පෙණෙන ගති ලක්ෂණ විය. දිව්‍යමය වශයෙන් නිශ්චිත කරනු ලැබූ ධූරාවලියක ඒ ඒ වර්ගයට අනුරූප ස්ථානයක් ඇතැයි මෝටන් ඇදහීය. මෙම වර්ග අතුරෙන් සුදු ජාතිකයන් හෙවත් ‘කෝසිකන් වර්ගය‘ වඩාත්ම බුද්ධිමත් යයි ඔහුගේ කපාලමිතිය පෙන්නුම් කරන බව ඔහු කියා සිටියේය. ඔහු නැගෙනහිර ආසියානුවන් වර්ග කළේ ‘මොන්ගෝලියානුවන්‘ හැටියටය. ඔවුන් ‘විචක්ෂණශීලී‘ වුවද ගොවිතැනට බරය. මෝටන්ගේ ධූරාවලියේ ඊළඟට හිටියේ අග්නිදිග ආසියානුවන්ය. අනතුරුව ස්වදේශික ඇමරිකානුවන්ය. යටම සිටියේ කලුජාතිකයන් හෙවත් ‘ඉතියෝපියානුවන්’ය. ඇමරිකානු සිවිල් යුද්ධයට දසක කිහිපයකට පෙර සිටි, වහල් ක්‍රමය ඇගැයූවන් මෝටන්ගෙ මත හිස් මුදුනින් පිළිගත්තේය. 1851 දි සැමුවෙල් මෝටන් මිය ගිය විට දකුණු කැරොලිනාවේ චාල්ස්ටන් වෛද්‍ය ජර්නලය(Charleston Medical Journal ) ඔහුට ප්‍රශංසා කළේ “ ‘පහත් වර්ගයක්‘ ලෙස නීග්‍රෝ ජාතිකයන් ඔවුනට ගැලපෙන තැනෙහිම තැබීය” යි දක්වමිනි.
අද සැමුවෙල් මෝටන් සැලකෙන්නේ විද්‍යාත්මක වර්ගවාදයේ පියා හැටියටයි. පසු ගිය සියවස් ගණනාවක සංත්‍රාසය ගතහොත් එහි බීජ ඇත්තේ එක මානව වර්ගයක් තවත් එකකට වඩා පහත්ය යන අදහස තුලය. අද වුනත් අප ජීවත්වන්නේ එක්තරා දුරකට මෝටන්ගේ ලෙගසිය හෙවත් උරුමය කරපින්නා ගෙනය. වාර්ගික විලක්ෂණ අපගේ දේශපලනය, අපගේ වටපිටාව සහ අප ගැන අපගේ හැඟීම හැඩගැස්වීමට තවදුරටත් ක්‍රියාත්මක වෙයි. විද්‍යාව අපට කියන්නේ මොර්ටන්ගේ කතාවට සම්පූර්ණයෙන් පරස්පර කතාවක් වුව ද යථාර්ථය එයයි.
මෝටන් විශ්වාස කළේ ‘පුද්ගලයන් අතරේ නිත්‍ය සහ උරුමයෙන් හිමි ගතිලක්ෂණ’ හඳුනාගැනීමට තමන් සමත් වුණේය යනුවෙනි. එහෙත් ඔහු සිය කටයුතු කර ගෙන යන අවධියේ — එනම් චාල්ස් ඩාවින්, පරිණාමවාදය පිළිබඳව සිය සිද්ධාන්තය ඉදිරිපත් කිරීමට මද කලකට පෙර සහ DNA සොයාගැනීමට බොහෝ කාලයකට පෙර — ඌරුව නැතිනම් ගතිලක්ෂණ (traits) පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන්නේ කෙසේද යන්න ගැන එකල විද්‍යාඥයන්ට අවබෝධයක් නොවීය.
ඉන් අනතුරුව ප්‍රවේණි මට්ටමෙන් නැතිනම් ජාන මට්ටමෙන් පුද්ගලයන් ගැන බැලූ පර්යේෂකයන් වර්තමානයේ කියා සිටින්නේ ‘ජාතිය පිළිබඳව වර්ගීකරණය යනු සම්පූර්ණයෙන්ම වැරදි වටහා ගැනීමක්’ යනුවෙනි.
ඇත්ත වශයෙන්ම, ප්‍රථම පරිපූර්න මානව ජිනෝමය(මෙය පුද්ගලයන් ගණනාවකගේ සංයුතියකි) ඒකාරාශීකිරිමට එක්වූ විද්‍යාඥයෝ, විවිධ ජනවාර්ගික සාමාජිකයන් ලෙස තමන් විසින්ම ලැබ හඳුනාගෙන ලැබ සිටි පුද්ගලයන්ගේ සාම්පල ද ඕනෑ කමින්ම එක්කළහ. ක්‍රි. ව. 2000 දී ධවල මන්දිරයේ පැවති උත්සවයක දී, DNA අනුක්‍රමණයේ පුරෝගාමියෙකු වන ක්‍රේග් වෙන්ටෙර් නිරීක්ෂණය කළේ ‘ජනවර්ගය පිළිබඳ සංකල්පයට ජානවිද්‍යාත්මක හෝ විද්‍යාත්මක පදනමක් නැත‘ යනුවෙනි.
පසුගිය දශක දෙක ඇතුළත ප්‍රවේණි විද්‍යාත්මක පර්යේෂණ මනුෂ්‍යයන් පිළිබඳ ගඹුරු සත්‍යයන් දෙකක් හෙළිදරව් කරයි. ඉන් පළමුවැන්න: සියළුම මානවයන් ඉතා සමිප ඥාති සමබන්ධයකින් යුක්තය — අද බොහෝ මිනිසුන් සිටින්නේ වී නමුත්, සියළු චිම්පන්සියන්ටත් වඩා ඉතා සමිප ඥාති සමබන්ධයකින් යුක්තය. සියළු දෙනාට ඇත්තේ එකම ජාන එකතුවකි. එහෙත්, අනන්‍ය නිවුන්නු හැරුණුකොට ජාන සමහරක් සෙස්සන්ට වඩා මදක් වෙනස් ආරක් ගනී.මේ ජානමය විවිධත්වය පිළිබඳ අධ්‍යයන, මානව ජනගහණ තුළ එක්තරා ආකාරයක පවුල් ගසක් ගොඩනැගීමට විද්‍යාඥයන්ටඉඩ සලසා දී ඇත. එය දෙවැනි ගඹුරු සත්‍යය හෙළිකරයි: ඉතා යථාවාදී අර්ථයකින් ගත හොත් අද ජීවත්වන අප සියළු දෙනා අප්‍රිකානුවන්ය.
සියළුම් අනෙකුත් විශේෂ මෙන්ම මානවයන්ගේ ජාන විපර්යාසයන්, අහඹු විකෘතීන්ගේ ප්‍රතිඵලයකි. එනම්, ජීවයේ කේතය වන DNAවලට සිදුකෙරෙන ඉතා සුළු වෙනස්කම්ය(tweaks). විකෘතීන් අඩු වැඩි වශයෙන් නියත ස්වරූපයකින් සිදුවන හෙයින් පරම්පරාවෙන් පරම්පරාවට එහි ජාන පවරමින් යම් කාණ්ඩායමක් පැවතී සිටින කාලය දීර්ඝ වන්නට, වන්නට (පෙර කී) සුළු වෙනස්කම් ඒකරාශී වෙන්නට පටන් ගනී. මේ අතර, කණ්ඩායම් දෙකක් වෙන් වී සිටින කාලය දීර්ඝ වන්නට, වන්නට එම කණ්ඩායම් වඩාත් සුවිශේෂී වෙනස්කම් අතපත් කර ගනියි.
අද ජීවවන අෆ්‍රිකානු නොවන සියළුදෙනා ජාන අපට කියා දෙන පරිදි බාගවිට වසර 60,000 කට පෙර අෆ්‍රිකාවෙන් පිටව ගිය අයගෙන් පැවත් එන්නන්ය.
Khoe-San Pygmy
වර්තමානයේ ජීවත්වන අෆ්‍රිකානුවන්ගේ ජාන විශ්ලේෂණය කිරීමෙන් පර්යේෂකයන් නිගමනය කර ඇත්තේ දකුණුදිග අෆ්‍රිකාවේ දැන් ජීවත්වන ඛෝ-සාන්(Khoe-San) මානව පවුල් ගසෙහි පැරණිතම ශාඛාව නියෝජනය කරන බවයි. මධ්‍යම අප්‍රිකාවේ පිග්මිවරුන්ට ද සුවිශේෂී කණ්ඩායමක් ලෙස ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙයි අප තේරුම් ගත යුත්තේ මෙයයි:මානව පවුලේ උග්‍රතම බෙදීම ඇත්තේ සාමන්‍යයෙන් කල්පනා කරන පරිදි විවිධ ජනවර්ග — අපි කියමු සුදු අය, කල්ලෝ හෝ ආසියානුවන් හෝ ස්වදේශික අමරිකානුවන් හෝ වැනි ආකාර පුද්ගලයන් අතරේ නොවන බවයි. බෙදීම ඇත්තේ මානවයන් අෆ්‍රිකාවෙන් බැහැරට යාමටත් පෙර වෙන්වී වසර දසදහස් ගණන් ජීවිතය ගෙන ගිය ඛෝ-සාන් සහ පිග්මිවරු අතරයි.
ජාන අපට කියා දෙන පරිදි අද ජීවත්වන අෆ්‍රිකානු නොවන සියළුදෙනා බාගවිට වසර 60,000 කට පෙර අෆ්‍රිකාවෙන් පිටව ගිය අයගෙන් පැවත් එන්නන්ය.
එම සංක්‍රමණිකයන් ටැන්සානියාවේ හඩ්සා ජාතිකයන් ඇතුළු වත්මන් අග්නිදිග ආසියානු ප්‍රජාවට නෑකම් කියන අතර, ඔවුන් අප්‍රිකාවේ සමස්ත ජනගහනයෙන් සුළුතරයක් වූ හෙයින් ඔවුන් පිටතට රැගෙන ගියේ එහි පැවති ජානමය විවිධත්වයෙන් සුළු කොටසකි.
ඔවුහු සංක්‍රමණය අතරමගදී, බොහෝවිට මැදපෙරදිගදී, තවත් මානව විශේ ෂයක් වන නියැන්ඩර්තාල්වරුන් (Neanderthals) සමගත්, තවදුරටත් නැගෙනහිර දීශාවට ගමන් කරද්දී මුණගැසුණු ඩෙනිසෝවානුවන් (Denisovans) සමගත් සහවාසයේ යෙදෙන්නට ඇත. එම මානව විශේෂ දෙකම ඊට බොහෝ කලකට පෙර අප්‍රිකාවෙන් සංක්‍රමණය වූ මානව ප්‍රභේදයක් ආශ්‍රයෙන් යුරේසියාවේදී පරිණාමය වෙන්නට ඇතැයි සැලකේ. ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි වසර 60,000කට ඉහතදී සිදු වූ මහා සංක්‍රමණය අප්‍රිකාවෙන් පිට වූ දෙවැනි නූතන මානව රැල්ලයි. එහ සත්‍යයක්, නම් අපගේ ගෙනෝම (Genomes) පෙන්නුම් කරන පරිදි, දෙවන රැල්ල පළමුවැන්න අභිභවා ගොස් ඇත.
මෙම සුළු පරිමාණ විකෘතීන්ගෙන් බහුතරයක් ප්‍රයෝජනවත් හෝ හානිකර ඒවා නොවීය. එහෙත් වෙනස් පරිසර තත්වයන් යටතේ පැවැත්ම සඳහා ප්‍රයෝජනවත් වූ විකෘතීන්ද විය. ස්වාභාවික වරණයේ බලපෑම යටතේ එම වෙනස්කම් ස්වදේශිකයන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන්නට විය. උදාහරණයක් ලෙස උස්බිම්වල වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය අවම වීම නිසා ඉතියෝපියානු උස්බිම්, ටිබෙටය, අන්දීස් සානුව වැනි ප්‍රදේශවලට සංක්‍රමණයවූවන්ට වාතය හිඟ පරිසර තත්වයක් යටතේ ජීවත් වීමට උපකාරී වන විකෘතීන් රැසක් දැකගත හැක. මේද අම්ල අධික මුහුදු ආහාර බහුල ආහාර රටාවකට උරුමකම් කියන අයිනූස් ජාතිකයන්ට ඔවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යෑම සඳහා උපකාරී වන ‘සුළු වෙනස්කම්‘ රැසකි.
ස්වාභාවික වරණය විකෘතියක පැවැත්මට හිතකර වූයේ ඇයිදැයි අවබෝධ කරගත නොහැකි අවස්ථාද වේ. EDAR (ඊ ඩාර් ලෙස උච්චාරණය වේ) නැමති ජානය මීට උදාහරණයකි. අග්නිදිග ආසියානු හෝ ස්වදේශීය ඇමරිකානු සම්භවයක් ඇත්තන්ගෙන් බහුතරයකට මෙහි 370 A නැමති ප්‍රභේදයෙන් එක පිටපතක් හෝ උරුම වී ඇති අතර සැලකිය යුතු පිරිසකට පිටපත් දෙකක් හිමිව ඇත. එහෙත් අප්‍රිකානු සහ යුරෝපීය සම්භවයක් ඇත්තන්ට මෙය උරුම වන්නේ කලාතුරකිනි.
පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ පෙරිල්මාන් වෛද්‍ය විද්‍යාලයේ ජාන විද්‍යාඥ යානා කැම්බරොව් මීයන්ගේ ගෙනෝමයට EDAR ජානයේ අග්නිදිග ආසියානු ප්‍රභේදය බද්ධ කළේ එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීමේ අරමුණෙනි. බැලූ බැල්මට මෙම මීයන්ගේ පෙනුම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට සමාන වුවත්, අන්වීක්ෂයෙන් බැලූවිට නිරීක්ෂණය කළ හැකි වෙනස්කම් රාශියකි. නිදසුන් ලෙස රෝම වඩාත් ඝන වීම, වැඩි ස්වේද ග්‍රන්ථි ප්‍රමාණයක් පිහිටා තිබීම සහ ක්ෂීර ග්‍රන්ථි අවට පිහිටා ඇති මේද තට්ටු සාපේක්ෂව කුඩා වීම දැක්විය හැක.
කැම්බරොව්ගේ මීයන් ආශ්‍රයෙන් අග්නිදිග ආසියානුවන්ට හා ස්වදේශීය ඇමරිකානුවන්ට ඝන කේශ කලාප සහ වැඩි ස්වේද ග්‍රන්ථි ප්‍රමාණයක් පිහිටා තිබීම පැහැදිලි කළ හැක. (EDAR මිනිස් පියයුරුවල ප්‍රමාණය කෙරෙහි පැහැදිලි බලපෑමක් ඇති නොකරයි). එහෙත් ඊට බලපා ඇති පරිණාමීය සාධක තවමත් හඳුනාගෙන නැත. කැම්බරොව්ට අනුව, ඇතැම් විට අග්නිදිග ආසියානුවන්ට අතීතයේදී වැඩි ස්වේද ග්‍රන්ථි ප්‍රමාණයක් අවශ්‍ය වන පාරිසරික තත්වයන් යටතේ ජීවත් වීමට සිදු වන්නට ඇත. නැතිනම් ඝන කෙස් ඔවුන්ට පරපෝෂිතයන් විකර්ෂණය කිරීමට උපකාරී වන්නට ඇත. එසේත් නැතහොත් 370A මගින් ඇති වන වාසි ඇය තවමත් හඳුනාගෙන නැති වන්නට ඇත: මෙතෙක් නිරීක්ෂණය කළ ලක්ෂණ එහි අතුරු පල වීමේ හැකියාවක් පවතී. මෙය ජාන පිළිබඳ පොදු තත්වයයි. සුළු ජානමය වෙනස්කමකට, ව්‍යුහයේ වෙනස්කම් රැසකට දායක විය හැක. එයින් එකක් පමණක් වාසිදායක වී එය වාසිදායක වූ සාධක පරිසරයෙන් ඉවත් වූවාට පසුවත් දීර්ඝ කාලයක් තිස්සේ නොවෙනස්ව පැවතිය හැක.
DNA අනුවක් SMS පණිවුඩයකට උපමා කළ හැකි අතර එහි අක්ෂරවලින් නියෝජනය වන්නේ රසායනික භෂ්ම වර්ගයි- A මගින් ඇඩිනීන්ද (Adenine), C මගින් සයිටොසීන්ද (Cytosine), G මගින් ගුවැනීන්ද (Guanine), T මගින් තයිමීන්ද (Thymine) නිරූපණය වේ. මානව ගෙනෝමය මෙවන් භෂ්ම යුගල බිලියන තුනකින්ද, ජාන 20,000ට ආසන්න ප්‍රමාණයකින්ද සමන්විත වේ. අග්නිදිග ආසියානුවන්ට ඝන කෙස් කළඹක් උරුම වී ඇත්තේ එක්තරා ජානයක T, C ලෙස වෙනස් වීම හේතුවෙනි.
යුරෝපීයයන්ට ළා පැහැති සමක් උරුම වීමට හේතු වී ඇත්තේද SLC24A5 නමින් හැඳින්වෙන භෂ්ම යුගල 20,000ක් පමණ පිහිටි ජානයේ ඇතිවූ සුළු විකෘතියකි. සහරාව ආශ්‍රිතව වෙසෙන අප්‍රිකානු ජාතිකයන්ට G උරුම වුවද , යුරෝපීයයන් සතුව දැකිය හැක්කේ A භෂ්මයයි. දශකයකට පමණ පෙර, පෙන් රාජ්‍ය වෛද්‍ය විදුහලේ සේවය කරන ඇමරිකානු ව්‍යාධිවේදියෙකු සහ ජාන විද්‍යාඥයකු වන කේත් චෙන්ග් මෙම විකෘතිය හඳුනාගත්තේ වඩාත් ළා පැහැති වෛරම් සහිත සීබ්‍රා මසුන් (Zebra Fish) අධ්‍යයනය කිරීමෙනි. මෙම මසුන්ගේ වර්ණක පිළිබඳ ජානය තුළද යුරෝපීයයන්ගේ ජාන විකෘතියට සමාන වෙනසක් හඳුනාගැනීමට ඔහු සමත් විය.
ලෝකවාසී ජනතාවගේ සමෙහි වර්ණ විවිධාකාර වන අතර මෙම වෙනස්කම් බොහෝදුරට අක්ෂාංශ සමග සබඳතාවක් පෙන්වයි. සූර්ය රශ්මිය අධික සමකයට ආසන්න ප්‍රදේශවල වාසය කිරීමේදී පාරජම්බුල කිරණවලින් ආරක්ෂාවීමට අඳුරු සම උපකාරි වන අතර, සූර්ය රශ්මිය අවම ධ්‍රැවාසන්න ප්‍රදේශවලදී ළා පැහැති සම වැඩි විටමින් D ප්‍රමාණයක් නිපදවීමට උපකාරී වේ. අප්‍රිකානුවන් අතරින් ඉතියෝපියාවේ මුර්සි ජාතිකයන් වැනි පිරිස් කළුවර ලීයේ පැහැයට සමාන අඳුරු සමකට හිමිකම් කියන අතර, කොසෑන් ජාතිකයන් වැනි පිරිස් තඹ පැහැයට හුරු සමකට හිමිකම් කියයි. පර්යේෂකයන් මවිතයට පත්කළ කරුණ වූයේ අප්‍රිකානුවන් SLC24A5 ජානයේ ළා පැහැය ඇති කරන ප්‍රභේදයට උරුමකම් කියද්දී ළා පැහැති සමක් හිමි අග්නිදිග ආසියානුවන් සතුව අඳුරු සමක් ඇති කරවන ප්‍රභේදය පිහිටා තිබීමයි. (මෙය මැද පෙරදිග සිට අප්‍රිකාවට සහ යුරෝපයට පැතිරෙන්නට ඇත.) චෙන්ග්, සීබ්‍රා මසුන් අධ්‍යයනය කිරීමෙන් අපේක්ෂා කරන්නේ ඊට හේතු වූ සාධක අනාවරණය කර ගැනීමටයි. ඔහු පවසන්නේ එය බෙහෙවින්ම සංකීර්ණ බවයි.
මිනිසුන් ජාතිය යන්නෙන් බොහෝවිට අදහස් කරන්නේ සමෙහි පැහැය වන අතර, එයින් ඊට වඩා බරපතළ කරුණක්ද හැඟවේ. මෙය තම තමන්ගේ අගතීන් මත පදනම්ව ‘විද්‍යාව‘ ගොඩනගන්නට යෑමෙන් විද්‍යාත්මක යථාර්ථය වරදවා වටහාගත් මෝටන් වැන්නන්ගෙන් උරුම වූවකි. විද්‍යාත්මක සත්‍යය වන්නේ මානවයන් අතර නිරීක්ෂණය කළ හැකි වෙනස්කම් ඉතිහාසයේදී සිදු වූ අත්වැරදීම් බවයි. ඒවායින් අප මුතුන්මිත්තන් කෙතරම් දුරට සූර්ය රශ්මියට නිරාවරණය වූවාද යන්න විනා ඊට වැඩි දෙයක් හෙළිදරව් නොවන බවයි.
“පුද්ගලයෙකුගේ සමෙහි වර්ණය ඔහු පිළිබඳ සියල්ල හෙළිදරව් කරන බව අප අතර මුල්බැහැගත් මතයක්, ” වර්ණක පිළිබඳ අධ්‍යයනයක නිරත වන, චින්චිනාති විශ්ව විද්‍යාලයේ මානව අනුක ජීව විද්‍යාඥ හීදර් නෝටන් පවසා සිටියාය.”අපි දකින හැම වෙනස්කමක්ම මගේ ගෙනෝමයේ Aත්, තවත් කෙනෙකුගේ ගෙනෝමයක Gත් තිබීමේ ප්‍රතිපලයක් බව සමාජයට පැහැදිලි කිරීම ඊට බලවත් අභියෝගයක් වේවි. “
වෙස්චෙස්ටර් විශ්වවිද්‍යාලය තුළ DNA විශ්ලේෂණ ව්‍යාපෘතිය (DNA Discussion Project) ක්‍රියාත්මක වන්නේ අනීතා ෆෝමන්ගේ මූලිකත්වයෙනි. සති කිහිපයකට පෙර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ සම්භවය පිළිබඳව ප්‍රශ්නාවලියකට මුහුණුදුන් අතර ජාන පරීක්ෂණයක් සඳහා ඔවුන්ගෙන් ඛේටය සාම්පල රැස් කරගන්නා ලදි. පරිගණකය හරහා ප්‍රතිඵල නිකුත් වද්දී බහුතරයකගේ මුහුණුවලින් පිළිබිඹු වූයේ පුදුමයයි.
මහාචාර්ය ෆෝමන් 2006දී DNA විශ්ලේෂණ ව්‍යාපෘතිය ඇරඹුවේ මුඛ පරම්පරාගතව පැවතෙන ඉතිහාසය හා ජානවලින් හෙළිදරව් වන ඉතිහාසය පිළිබඳව ඇය දැක්වූ උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙනි. ව්‍යාපෘතියේ ආරම්භයේදීම ඒවා අතර පරස්පරභාවයක් දක්නට තිබිණි. ෆෝමන් පවසන්නේ සැඟවුණු කතාන්දර හෙළිදරව් කරන්නේ ජාන මගින් බවයි. තමා අප්‍රිකානු ඇමරිකානුවකු ලෙස හඳුනාගෙන සිටි ඇය පවා තමාගේ ප්‍රතිඵල දැකීමෙන් විශ්මයට පත්ව ඇත. එයින් හෙළිදරව් වී ඇත්තේ ඇගේ මුතුන්මිත්තන්ගෙන් ඇතැමුන් ඝානා ජාතිකයන් වන අතර, සෙසු මුතුන්මිත්තන් ස්කැන්ඩිනේවියානුවන් බවයි. ඇය පැහැදිලි කළේ, සුදු සම වටිනාකමක් ලෙස සැලකුණු 60 දශකයේදී හැදී වැඩුණු තමා, තමාගේ සමෙහි වර්ණය බෙහෙවින්ම අඳුරුයයි සිතා සිටි බව හා තමාට සැලකිය යුතු යුරෝපීය පසුබිමක් ඇති බව හඳුනාගැනීමෙන් පුදුමයට පත් වූ බවත්ය.
ජාතිය යනු අපගේම නිර්මිතයක් බව මෙයින් සනාථ වන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
“ජාතිය මිනිසාගේ නිර්මාණයක් කීමෙන් අප අතර විවිධත්වයක් නැති බව අදහස් වන්නේ නැහැ,” ෆෝමන් කියා සිටියාය. “නමුත් එයින් අපට පෙන්වා දෙන්නේ වර්ගීකරණයක් අවශ්‍ය නම් එය වඩාත් සාර්ථකව කිරීමට අපට හැකි බවයි.”
අළුත් ද්‍රව්‍ය එකතු කොට යාවත්කාලින කර
සකසන ලද්දේ අරුන්දි ජයසේකර විසිනි
National Geographic හී පළවූ There’s No Scientific Basis for Race—It’s a Made-Up Label යන ලිපිය ඇසුරෙනි