පක්ෂීන්, මීමැස්සන්, මත්ස්‍යයන්, සහ වෘකයන් යන මේ හැමදෙනාටම පොදු දෙය කුමක්ද? එහා මෙහා යාමට ඔවුනට උපකාරීවන චුම්භක සංවේදනයක් මොවුන් සියල්ලටම තියෙනවා. ඒත් දැන් නව පර්යේෂණ පෙන්වන අන්දමට මේ හැකියාවට අදාල යම් ස්වරූපයක් අපටත් තිබෙන්නට පුළුවන්.
අහල පහල චුම්භක ක්ෂේත්‍රයන්හි දිශාව වෙනස් කිරීමෙන් මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වයෙහි තාවකාලික විපර්යාසයන් හටගන්නා බව කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ ජෝසෆ් කිර්ෂ්වින්ක් සහ සගයන්ට අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා. අඳුරු කාමරයක වාඩිවී සිටි පුද්ගලයන්(පර්යේෂණයට සහභාගීවන්නන්) දෙනෙකුගේ මොළ ක්‍රියාකාරිත්වය වාර්තා කිරීම සඳහා ඔවුන්ගේ අධ්‍යයනයට විද්‍යුත් එන්කැපලෝග්‍රාෆීය(electroencephalography (EEG)) යොදා ගනු ලැබූ අතර චුම්භක ක්ෂේත්‍ර නිර්මාණය කිරීම පිණිස යොදා ගනු ලැබුවෙ විද්‍යුත්චුම්භක කොයිල්ය (දරණුස ). සැබෑ ලෝකයේ දී අප එහෙ මෙහෙ යනවිට ලක්වන චුම්භක ක්ෂේත්‍ර විපර්යාසයන් සම්පරීක්ෂණයේ දී අනුකරණය කෙරුණු බව කිර්ෂ්වින්ක් පවසනවා.
පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයෙහි දිශාව සහ තීව්‍රතාව භූගෝලීය පිහිටීම අනුව වෙනස්වේ. නිදසුනක් ලෙස චුම්භක උත්තර ද්‍රැවයේ දී (the magnetic north pole) ක්ෂේත්‍ර දිශාව පෙන්නුම් කරන්නේ සිරස්ව පහළටය. පුළුල් උත්තර අර්ධ ගෝලය ගතහොත් මෙම සිරස් කෝනය වෙනස් වන නමුත් චුම්භක ක්ෂේත්‍රය සැමවිටම පහළට ඇලව පවතිනවා.
මෙම පර්යේෂණය පවත්වද්දී, ඊට සහභාගී වූ එක් එක් අයගේ ඇල්පා තරංග චුම්භක ක්ෂේත්‍රයේ මිලිතත්පර 100ක වෙනසකට පෙර සහ පසුව මනින තුරු ඇස් පියාගෙන සිටින්නැයි දන්වනු ලැබීය. ඇල්පා තරංග යනු අප අවදියෙන් එහෙත් නිස්කලංකව සිටිනවිට ඇතිවන මොළයේ ක්‍රියාකාරිත්වයකි.
පහළට දැක්වෙන චුම්භක ක්ෂේත්‍රයක් වාමාවර්තව හෙවත් ඔරලෝසු කටුව කැරකෙන දිශාවට විරුද්ධ දිසාවට තිරස්ව(horizontal) කරකැවීමෙන් පසුව ඇතැමෙකුගේ ඇල්පා තරංගවල විස්තාරයෙහි(amplitude) පහත වැටීමක් පර්යේෂකයන්ට නිරීක්ෂණය වුණා. මෙකී මොළ ප්‍රතිචාරයන් ඇතිවූයේ අවිඥානක මට්ටමකදීය. ඒ කියන්නේ (චුම්භක ක්ෂේත්‍රයේ) යම් වෙනසක් සිදුවූ බව හෝ එසේ නම් ඒ කුමන අවස්ථවක ද යන්න පර්යේෂණයට සහභාගීවන්නන් නොදැන සිටින විටකය.
කෙසේවෙතත්, ක්ෂේත්‍රය දක්ෂිණාවර්තව එනම් ඔරලෝසු කටු කැරකෙන අතටම කරකැවූ විට කිසිවෙකුත් මොළ විපර්යාසයක් පෙන්නුම් නොකළ අතර මෙම සොයාගැනීම පැහැදිලි කිරීමේ හැකියාවක් පර්යේෂකයන්ට නැත.
දක්ෂිණ අර්ධගෝලයේ ඇතුවාක් වැනි ඉහල අතට යොමුවූ චුම්භක ක්ෂේත්‍රයක් කරකැවීමේ දී ද විපර්යාසයක් හට ගත්තේ නැත. සහභාගීවන්නන්ගේ මොළ පර්යේෂනය සිදුකෙරුණු උත්තර අර්ධගෝලයේ චුම්භක ක්ෂේත්‍රයට ගැලපී තිබීම නිසා මෙය සිදුවන්නට ඇතැයි පර්යේෂකයන් අනූමාන කරනවා. “අපේ උපන්‍යාශය පරීක්ෂා කළ හැකි එක් ක්‍රමයක් වන්නේඅපේ සම්පරීක්ෂනය දක්ෂිණ අර්ධ ගෝලයේ පැවැත්වීමයි” කණ්ඩායමේ සමාජිකයෙකුවන අයිසැක් හිල්බර්න් පවසනවා.
මනුෂ්‍යන්ට ස්වභාවිකවම චුම්භක ක්ෂේත්‍ර සොයාගත හැකිය යන්න දිගු කාලයක් තිස්සේ තර්ක විතර්ක, මතභේද වලට තුඩු දී ඇත්තකි. කෙසේවෙතත්, මෙ නව අධ්‍යනය ගැන ඇතැම් පර්යේෂකය්න් සුබවාදීව බලනවා. ටෙක්සාස් හී පරිසරවිද්‍යාත්මක පර්යේෂන සමාගමක කැස්බෑවන් ඇතුළු සාගරික සත්වයින් ගැන අධ්‍යනයෙහි යෙදෙන නේදන් පුට්මන් එවැන්නෙකි. “මනුෂ්‍යයන්ටත් චුම්භක සංවේදනයක් ඇතැයි යන්න අපේ උනන්දුව ඇදගන්නට සමත්වෙන්නක්. මේ පර්යේෂණයේ ප්‍රතිඵල හැබැයි ප්‍රතිචලිත කර විමසා බැලිය යුතු වෙනවා” ඔහු පෙන්වා දෙනවා.
එන්කැපලෝග්‍රාෆීය මගින් අවට පරිසරයේ ඇති යම් වෙනස්වීම් ද හසුකර ගත්තා විය හැකි යයි සැකයක් පල කරන චීනයේ, බෙයිජිං විශ්වවිද්‍යාලයේ චාන් ක්ෂී කියාසිටින්නේ එන්කැපලෝග්‍රාෆීය සංඥා යථාතථ්‍යව අරුත් දැක්වීම අපහසු බවයි.
කෙසේවෙතත්, පර්යේනයේ ප්‍රතිඵල පිළිගැනීමට ලක් වුවහොත් එයින් තේරුම් ගත හැක්කේ අපේ මුතුන් මිත්තන් දඩයම් කරමින් අහර සොයා තැනින් තැන් ඇවිදමින් ගතකළ අවධියේ චුම්භක සංවේදනය වැදගත් කාර්ය භාරයක් ඉටුකරන්නට ඇතැයි යන්නය බව හිල්බර්න් පෙන්වාදෙනවා.
New Scientist Magazine (March 23, 2019) හී පළවූ We may sense magnetic fields යන ලිපිය ඇසුරෙනි