මිනිස් ප්‍රජනනය
අපි මේ ලෝකෙට ආවේ කොහොමද? මිනිස්සු භාෂාවක් කතා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලාම මේ ප්‍රශ්නේ අහනවා ඇති. විශේෂයෙන්ම ළමයි. (වැඩිහිටියන් සමහරකට වගේම) ඒ අයට මේක කොහොමහරි දැන කියා ගතයුතු ප්‍රශ්නයක්. ඒ නිසාම සමහර දරුවෝ වැඩිහිටියන් ගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒත්, හරියාකාර උත්තරයක් තබා කිසිම උත්තරයක් ලැබෙන්නේ නැති තරම්. අපි මේ උත්සාහ කරන්නේ අපේ පූර්ව ගැටවර රසිකයන් වෙනුවෙන් මේ ගැන විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න යි. මොකද, එක එක වල්පල් වගේ නෙවෙයි හරිදේ දැනගැනීම ජීවිත කාලයටම වැදගත් වෙනවා නේ. ඉතින් මේ ලිපි පෙළ නොවරදවා කියවමු, සෑම සඳුදාවකම.
පුරුෂ ප්‍රජනන පද්ධතිය සහ සම්භෝගය
පුරුෂ ප්‍රජනන පද්ධතියට වෘෂණ(testes), පුරස්ථි ග්‍රන්ථි(prostrate glands),ශුක්‍රාණු ප්‍රණාල(sperm ducts), මුත්‍රා මාර්ගය(urethra) සහ ශිෂ්ණය(penis) ඇතුළත් වේ.
ශුක්‍රාණු ප්‍රණාලය:
සංසර්ගයේදී මුදාහරින ලද ශුක්‍රානු සෛල, ශුක්‍රාණු ප්‍රණාල හරහා ගමන් කරයි.
වෘෂණ:
පුරුෂ ප්‍රජනන පද්ධතියට වෘෂණ දෙකක් අයත්ය. මේ වෘෂණ දෙක වෘෂණ කෝෂවල(scrotal sacks) ආධාරයෙන් එල්ලී පවතී. වෘෂණවලට පැවරෙන කාර්යය වනුයේ ශුක්‍රාණු ලෙස දැක්වෙන පුරුෂ සෛල මිලියන ගණනින් නිෂ්පාදනය කිරීම සහ ඊට අමතරව පුරුෂ ප්‍රජනක හෝමෝන සෑදීමයි.
මෙහි දැක්වෙන්නේ අන්වීක්ෂයකින් බැලූ කල ශුක්‍රාණු සෛලයේ පෙනෙන ආකාරය දැක්වෙන සරල (අන්වීක්ෂයකින් බලන විට) ශුක්‍රාණු සෛල බොහෝදුරට පෙනෙනුයේ ඉස්ගෙඩියන් මෙන්ය.
යෞවනෝදයේ දී පිරිමි ළමයකුගේ ශරීරය වර්ධනය වන ආකාරය කෙරෙහි එම පිරිමි ළමයාගේ හෝමෝන බලපායි.
පුරස්ථි ග්‍රන්ථිය:
පුරස්ථි ග්‍රන්ථියේ කාර්යභාරය වනුයේ ශුක්‍රයෙහි (semen) සංරචකයක් වන පුරඃස්ථි තරල ස්‍රාවය කිරීමයි. ශුක්‍රාණු සහ තරලවල සංයෝගය ශුක්‍රාණු ලෙස දැක්වේ. මෝචනයේදී මුත්‍රා මාර්ගය ඔස්සේ ශුක්‍රාණු තරල ස්ත්‍රී ප්‍රජනක අවයව වෙත තල්ලු කර යැවීමට පුරස්ථි ග්‍රන්ථි මාංශපේෂි උපකාරී වේ.
මුත්‍රා මාර්ගය:
මෙය මුත්‍රා හෝ ශුක්‍රය ගෙන යනු ලබන, පුරුෂ අවයවයෙහි ඇතුලත තිබෙන නාලයයි. එය ශුක්‍රාණු ප්‍රණාලයේ දිගුවකි.
ශිෂ්ණය
සෑම පුරුෂයෙකු ගේම ඉදිරිපස යටි බඩ පෙදෙසේ එල්ලෙමින් ඇත්තේ ශිෂ්ණයයි. ඔවුන් මුත්‍රා කරන්නේ මෙමගිනි. ශිෂ්ණයේ ප්‍රමාණය ගැන අප සැලකිලිමත් වෙතොත් වයසත් සමඟ මෙන්ම එකිනෙකා අතරත් වෙනස්කම් ඇති බව ඔබට පෙනී යනු ඇත. ඊට හේතුව ඔවුන් වර්ධනය වන ආකාරය වෙනස් වන හෙයිනි. වැඩිහිටි පිරිමියෙකුගේ ශිෂ්ණය සෘජු අවස්ථාවේ සාමාන්‍ය දිග අඟල් 5-7ක් පමණ වේ. එහෙත් මෙය සාමාන්‍යයක් වන අතර එය අඩු හෝ වැඩි වීම අස්වාභාවික තත්ත්වයක් නොවේ. පුරුෂයෙකුගේ ශරීරයෙන් මුත්‍රා පිට කිරීම වගේම සම්භෝග අවස්ථාවේ ස්ත්‍රී අවයවය වෙත ශුක්‍රය පිටකිරීම (විමෝචනය) ද ශිෂ්ණයට පැවරෙන කාර්යයකි.
සම්භෝගය පැහැදිලි කිරීම
ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති ගැන අපට දැන් යම් අවබෝධයක් ඇති හෙයින් ඒ පද්ධති දෙක එක්ව ක්‍රියා කිරීමෙන් මිනිස් ප්‍රජනනය ඇතිවෙන හැටි දැන් සාකච්ඡා කරමු. ප්‍රජනන ක්‍රියාවලිය ඇරඹෙන්නේ පුරුෂ ශිෂ්ණය (පුරුෂය අවයවය) ස්ත්‍රී යෝනිය (ස්ත්‍රී අවයවය) වෙත ඇතුල් කිරීමෙනි. මෙයට යෙදෙන විද්‍යාත්මක වචනය සංවාසය(coitus) හෝ සම්භෝගය(copulation) යන්නයි. ‘ලිංගික ක්‍රියාව’, ‘එකට ඉඳීම’ වැනි වචනවලින් ද මෙය හඳුන්වනු ලැබේ. සංවාසයේ යෙදෙන විට පුරුෂ අවයවයේ පේෂී ලේ වලින් පිරි ශිෂ්ණය සෘජු වේ. හැබැයි සංවාසයේ යෙදෙන්නේ නැතිව වුව ද මේ සෘජු වීම සිදුවිය හැකිය. කුඩාකල ඇතැම් පිරිමි ළමුන් අලුයම නැගිටින විට මෙලෙස ශිෂ්ණය සෘජු වී තිබෙනු දැකිය හැකිය.
සංවාස අවස්ථාවේදී පුරුෂ ප්‍රජනක අවයවයෙහි හිස කොටස විශාල වන අතර වෘෂණ ද විශාල වේ. පුරුෂ ලිංගය මෙලෙස උත්තේජනය වීමේ ප්‍රතිඵලයක් හැටියට උර්ජය (orgasm) ඇතිවේ. (පුරුෂ ලිංගය හෙවත් අවයවයෙහි මාංශපේශී හදිසියේම ඉහිල්වේ.) උර්ජයේදී හෙවත් සුරාන්තයේදී පුරුෂ ශුක්‍රාණු සෛල ස්ත්‍රී යෝනි මාර්ගයේ දී මුදා හැරේ. මේ සඳහා යෙදෙන යෝග්‍ය එමෙන්ම නියමිත වචනය විමෝචනය හෙවත් විසර්ජන යයි(ejaculation).
සංවාසය සඳහා ස්ත්‍රී පුරුෂ සිරුර සූදානම් කරනු ලබන්නේ මොළය මගිනි. මෙහිදී කාන්තාවගේ ලිංගික අවයවයේ බිත්ති විශාලනයක් ඇතිකරවන අතර එහි ස්නේහනයට ද මොළය ක්‍රියා කරයි. මෙලෙස ස්ත්‍රී අවයවය ස්නේහනය කිරීම, පුරුෂ අවයවයට සිය කාර්යභාරය ඉටු කිරීමෙහිලා වැදගත් වේ. පුරුෂ හා ස්ත්‍රී ලිංගික අවයවයන්ට කළ යුත්තේ කුමක්ද? ඒවා කළ යුත්තේ කුමන අවස්ථාවේ ද නැතහොත් කුමන වෙලාවී ද යන්න දක්වමින් සංවාස ක්‍රියාව පාලනය කරනු ලබන්නේ මොළය මගින් යන්න වටහා ගැනීම වැදගත්ය.
eschooltoday හි පළවන The male reproductive system යන කොටස ඇසුරෙනි.