සංජානනය: ඇස්බැන්දුම්, දෘෂ්ටි මායා

Posted by

ඇස්බැන්දුම්, දෘෂ්ටි මායා

සංජානය පිළිබඳ මේ ලිපි පෙළ යටතේ  මොළය අපට පෙන්වන සහ නොපෙන්වා සිදු කරන නොයෙකුත් ඇස්බැන්දුම් ඉන්ද්‍රජාල ගැන කතා කළෙමු. එහිදී මුලින්ම පෙන්වා දෙනු ලැබුවේ අපේ මොළය යථාර්ථය නිර්මාණය කරන ආකාරයයි. (ජූලි 11 දා  තතු ලිපිය මෙතනින් කියවන්න) ඇසින් දැකීම හා මනසින් දැකීම මෙන්ම අපගේ සංවේදන ද අපව ‘රවටන‘ අන්දම ගැන අපි සඳහන් කළෙමු. (අපේ ලේඛනාගාරය  විමසීමෙන් මේවා කියවිය හැකිය). ඒවායේ සඳහන් කරුණු ප්‍රායෝගිකව වටහා ගැනීමට උපකාරීවන, අපේ ඇස් රවටන ‘ප්‍රහේලිකා’ කිහිපයක් එම ලිපි පාදක කරගෙන අපි අද ඉදිරිපත් කරන්න‍ෙමු. මේ ප්‍රහේලිකා මුලින් දක්වා ඇති අතර ඒවා විසඳීමට ඔබම ප්‍රථමයෙන් උත්සාහයක් ගන්න.

 

මෙම ‘ප්‍රහේලිකා’ විසඳීමේ දී ඔබ යම් තෘප්තියක්, විනෝදයක් ලැබුවේ ද? එය විනෝදජනක ක්‍රියාවක් වන්නා සේම අපේ මොළ ලෝකය සංජානනය කරන අන්දම පැහැදිලිකිරීමෙ දී මේ ඉන්ද්‍රජාලික වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි.. සංජානනය තනිකරම උත්තේජනයේ ස්වභාවයටම සීමා නොවේ. එම තරතුරු සම්බන්ධයෙන් අපේ මොළය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්නත් වැදගත්ය.

ඔබ ප්‍රහේලිකා දෙස බලා ගත් තීරණ නිවැරදි දැයි දැන් සොයා බලමු.

  1. මෙය දෘෂ්ටි ප්‍රතිවිරෝධය පිළිබඳ පැහැදිලි නිදසුනකි. ‘මා බලා සිටින්නේ කුමක් දෙස ද?‘ යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නැති විට ඔබේ මොළය එක් අර්ථ නිරූපණයක් ගැන යොමුව ඊළඟට වෙනත් අර්ථ නිරූපණයක් ගැන අවධානය දක්වයි.

 

  1. රතු වෘත්ත දෙකම ප්‍රමාණයෙන් එක සමානයි. බොහෝ දෙනෙකු ඉහළ චිත්‍රයේ ඇති රතු රවුම වඩාත් කුඩා යැයි පැවසීමට පෙළඹෙන්නේ මිනිස් මොළය යම් වස්තුවක ප්‍රමාණය නිර්ණය කරන්නේ එහි වටපිටාවන්ට සංසන්දනය කරමින් නිසාවෙනි.

 

  1. දිගින් රතු ඉරි දෙකම එක සමාන ය. සමහරක් ඒවා අනෙක් ඒවාට වඩා, වඩාත් දිගයි යනුවෙන් ප්‍රජානනය කරන්නේ ඒවායේ සන්දර්භය නිසාය.

 

  1. ඔබට ප්‍රත්‍යාවර්තන වර්ණවල සිරස් ඉරි වෙනුවට තිරස් ඉරි පෙනෙන්නේ වස්තු යම් ආකාරයකින් සමාන නම් – උදාහරණයකට අපි කියමුකෝ වර්ණ හෝ හැඩය අනුව කියලා – එක සමාන නම් ඒවා එකම ගොඩකට ඔබේ මොළය මගින් ගොනු කරනු ලබන නිසයි.

 

  1. චිත්‍ර ආකාරයකින් දක්වා නැතත් ඔබට ත්‍රිකෝණයක් දැකිය හැකි වනු ඇත. ඒ ඇයි? ඊට හේතුව යම් වස්තුවක් සම්පූර්ණයෙන් දැකීමට නොමැති විට අප ඒ හිඩැස (නැතිනම් අඩුව) මනසින් පුරවන නිසාවෙනි.

 

  1. මෙම තාරාවා-හාවා මායාව ඇතිවන අන්දම ගැන මත දෙකක් තිබේ. එක්කෝ මොළය එක ප්‍රතිරූපයක් දැක වෙහෙසට පත්වීමෙන් අනෙක් ප්‍රතිරූපය වෙත යොමු වීම හෝ නැතිනම්, අවධානය කේන්ඩ්‍රගත වීම පිණිස සංජානනයන් දෙකක් තරඟයක යෙදෙයි. එහාට මෙහාට කිරීම භාවිතයත් පරිචය හේතුවෙන්  පහසු වේ.

 

7.  A හා B කොටු, හරියටම එකම පැහැයයි. යම් මතුපිටක් මත සෙවනැල්ල වැටීම නිසා එම මතුපිට වඩාත් අඳුරු වන බව අපි දන්නෙමු. මෙම පූර්ව දැනුම අපේ මොළය මගින් යොදාගෙන එම මතුපිට වඩාත් අඳුරු ලෙස දක්වයි. මේ මායාව කෙතරම් තදින් ක්‍රියාත්මක වේද කියතොත් නිවැරදි පිළිතුර දන්නේ වී නමුත් සංජානනය වෙනස් කිරීමට් එයට නොහැකියි.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි  Fool you  eyes යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.