ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
මුල්ම වතාවට උඩුගුවනේ පියාසර කළ මිනිසා කවුද?
එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්තයේ, චාර්ඩ්(Chard) කියන කුඩා නගරය පසු කරගෙන යද්දී ඔබව “බලැති පියාසැරියේ නිජබිමට” සාදරයෙන් පිළිගන්නා බව දැක්වෙන දැන්වීම් පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය කර තිබෙන බව දැකීමෙන් ඔබ පුදුමයට පත්වේවි. ඇහැට පෙනෙන දේ අදහාගන්න අමාරු නම් නගර මධ්‍යයට ගිහින් බලන්න. මහ වීදියේ ලොව ප්‍රථම ගුවන්යානයේ ලෝකඩ ස්මාරකයක් ප්‍රදර්ශනය කර තිබෙන හැටි දැකගන්න ලැබේවි.
හැම නගරයක්ම, ප්‍රදේශයට කීර්තිය ගෙනෙන සුවිශේෂී සිදුවීමකට උරුමකම් කියන බව ඇත්තයි, නමුත් මේ ජයග්‍රහණයේ ගෞරවය උරුම විය යුත්තේ, මිනිස්සු සියවස් ගණනක් තිස්සේ කුරුල්ලන් වගේ පියාසර කරන්න මැවූ සිහිනය යථාර්ථයක් කරන්න රයිට් සහෝදරවරු සමත් වුණු, උතුරු කැරොලිනාවේ කිටි හෝක් (Kitty Hawk) නගරයට නේද?
ඒ ප්‍රශ්නයට නම් ඔව් කියන්නත් නෑ කියන්නත් යන දෙකම කියන්න පුළුවන්. කිටි හෝක් ප්‍රදේශයට ගුවන් ගමන් ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවිය යුතු වෙන බව ඇත්තයි; ඒ නමුත් (සමර්සෙට් ප්‍රාන්තයේ) චාර්ඩ් නගරයත් ඒ ගෞරවයේ කොටස් කරුවෙක්. 1848 ජුනි මාසයේදී ජෝන් ස්ට්‍රිංෆෙලෝ කියන නව නිපැයුම්කරුවා වාෂ්ප බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් නගර මධ්‍යයේ පිහිටා තිබුණු වසාදැමූ රේන්ද පටි කම්හලක් හරහා පියාසර කරවමින් මෙතෙක් කල් ජයගත නොහැකිව තිබුණු අභියෝගය සාර්ථකව ජයගත්තා.
ස්ට්‍රිංෆෙලෝ ඉතිහාසයේ අමරණීය නොවන්න හේතුව වුණේ එකම එක සුළු කාරණයක් තමයි: ඔහු ඒ ගුවන් යානය පැදෙව්වේ නැහැ. ඔහුගේ ගුවන්යානය අද කාලේ ඩ්‍රෝන් යන්ත්‍රයකට සමානයි. මිනිස්සු වාතයට වඩා බරින් වැඩි වස්තුවක් වාතය හරහා පදවමින් කුරුල්ලන් වගේ පියාසර කරන්න සමත් වුණේ 1903 වර්ෂයේදී ඔර්විල් රයිට් කිටි හෝක් ප්‍රදේශයේදී තප්පර දොළහක් ඇතුළත මීටර තිස් හතක පියාසැරිය සාර්ථකව නිමා කිරීමෙන් පසුවයි.
ගුවන් ගමන්වල ඉතිහාසයේ සුළු අතපසුවීම් නිසා ඉලක්කය මග හැරුණු අවස්ථා රැසක් තිබෙනවා වගේම, අතීතයේම වැළලී ගිය පුරෝගාමීන් රැසක් ඉන්නවා. නමුත් ඒ සියලු දෙනාගේම කැපවීම ඔවුන්ගේ ජයග්‍රහණයට මග පෑදූ බව ඔර්විල් සහ විල්බර් පවා නිහතමානීව පිළිගත්තා. ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ජෝජ් කේලි ට, ඔහුගේ සමකාලීනයකු වූ ස්ට්‍රිංෆෙලෝ ට වඩා ඉදිරියෙන් සිටියා කියලා තර්ක කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ යුගයේදී එන්ජින් තාක්ෂණය දියුණු වී තිබුණා නම් විල්බර් සහ ඔර්විල් දෙපළගේ ජයග්‍රහණයට අඩ සියවසකට කලින් මිනිසාගේ ගුවන් ගමන් පිළිබඳ සිහිනය සැබෑ කරන්න පවා ඔහුට හැකියාව තිබුණා.
Sir George Cayley in his glider
කුරුල්ලන් වගේ පියාසර කිරීමට කිසිදු හැකියාවක් අපට නැති බව කේලි තරුණ වියේ පසුවන කාල වකවානුවේ විද්‍යාඥයන් සහ පොදු ජනතාව යන දෙපාර්ශවයම තරයේම ඇදහුවා වගේම එවැනි, ක්‍රියාවකට උත්සහ දැරීමත් උමතු ක්‍රියාවක් හැටියටයි සැලකුවේ. කේලි ගේ සමකාලීනයන් සියලු දෙනාම පාහේ, කේලි සිහිමද ගතියෙන් පෙළෙන්නෙක් බව සිතුවත්, ඔහු නම් එයින් අධෛර්‍යමත් වුණේ නැහැ. 1799 දී ඔහු ගුවන් යානයක ආකෘතියක් සමග ගුවන් යානයක තටු මත ක්‍රියාකරන වායුගතික බලයන් (aerodynamic forces) එම යානයට පියාසර කිරීමට උපකාරී වන ආකාරය ගැන ඉතිහාසයේ මුල්ම වරට විස්තරයක් ලියා පල කළා. 1809 සහ 1810 වසරවලදී පළවුණු ඔහුගේ අහස් යාත්‍රා තාක්ෂණය (ඇඑරිඅල් ණවිගටිඔන්) නම් තුන් ඈඳුතු නිබන්ධය සමාජය පිළිගත්තේ දැඩි විචිකිච්ඡාවෙන්.
ඒත් ඒවායින් කේලි සැලුණේ නැහැ. ඔහුගේ ගණනය කිරීම් නිවැරදි බව තහවුරු කරන්න ඔහු පර්යේෂණ රැසක් සාර්ථකව නිමා කළ නිසා තමා කෘතිම පියාසැරිය (powered flight) පිළිබඳ ගැටලුව සාර්ථකව විසඳූ බව තරයේම ඇදහුවා පමණක් නොවෙයි එන්ට එන්ටම වැඩි දියුණු කරමින් සංකීර්ණ පියසර යානා නිර්මාණය කළා. ඒ උත්සාහයේ අග්‍රඵලය තමයි පූර්ණ පරිමාණ ග්ලයිඩර් යානයක් නිපදවීම. 1853 වසරේදී යෝක්ෂයර් (යොර්ක්ශිරෙ) ප්‍රාන්තයේ ස්කාබොරෝ (Sශර්බොරොඋඝ්) ප්‍රදේශයේ මිටියාවතක් හරහා එය පදවාගෙන ගියේ කේලි ගේ මුණුබුරාවන ජෝජ් මයි.
කිරිල්ලියක සේ ඉගිලී එන්නට
ඒ යානයේ බඳට සවි කළ තටු, අගට සවි වූ වල්ගයක් සහ අග කෙළවරේ සුක්කානමක් තිබුණා. කුරුල්ලෙකුගේ වල්පත පියාසර කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව අවබෝධ කරගත් කේලි එය ගුවන් යානයකටත් අත්‍යවශ්‍ය වන අංගයක් බව වටහාගත්තා. කේලිගේ යන්ත්‍රයේ අඩුපාඩුවකට තිබුණේ එන්ජිමක් නැතිකම විතරයි. ඔහු එවැන්නක් නිර්මාණය කරන්න වසර ගණනක් තිස්සේ අසාර්ථක ප්‍රයත්න දැරුවා. අඩක් සාර්ථකවීම පිළිගන්න ඔහු හැමවිටම වාගේ හුරුවෙලා හිටපු නිසා (නියම ගුවන් යානයක් වෙනුවට) විකල්පයක් හැටියට ග්ලයිඩරයක් යොදා ගෙන ඔහු සෑහීමට පත්වුණා.
සිය ජයග්‍රහණයට සුවිශේෂී අයුරින් බලපෑම් කළ තවත් පුරෝගාමී චරිත දෙකක් ගැන රයිට් සහෝදරයෝ සඳහන් කළා. කුරුල්ලන්ගේ පියාපත්වලට සමානව ඉහළ මතුපිට වක්‍ර වූ තටු සහිත ග්ලයිඩර නිර්මාණය කරපු, ජර්මානු ජාතික ඔට්ටෝ ලිලියන්තාල් ඒ අතරින් එක්කෙනෙක්. මේ තටු කිසිම පර්යේෂකයකු සිහිනයකින්වත් නොසිතන තරම් එසවීමේ බලයෙන් යුක්ත වුණා. ලිලියන්තාල් ග්ලයිඩර් ආධාර කරගෙන නානාප්‍රකාර උස් ස්ථානවල සිට පහළට පනිමින් ගුවන් චාරිකාවල නිරත වුණා. බර්ලින් නගරය කෙළවරේ පිහිටා තිබුණු ඔහුගේ නිවසට යාබදව ඒ සඳහාම කෘතිමව සැකසූ, මීටර් 15ක් උස කඳු ගැටයක් පවා තිබුණා. නමුත් 1896දී ඔහුගේ ග්ලයිඩරය ක්‍රියා විරහිත වෙලා කඩා වැටීම නිසා ඔහුගේ බෙල්ල බරපතල ලෙස කැඩී බිඳී ගොස් අන්තිමේ දී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුණා.
ලිලියන්තාල් රයිට් සහෝදරයන් සඳහන් කළ චරිත දෙකෙන් එක චරිතයක්. අනෙක් තැනැත්තා ඇමරිකානු ජාතික අජටාකාශගාමියෙක්. නම සැමුවෙල් ලැන්ග්ලි. ඔහු ගැනත්, මිනිසාගේ ගුවන් ගමන් සිහිනය සැබෑවීමේ තවත් සන්ධි ස්ථාන ගැනත් හෙට(8 වෙනි ඉරිදා) තව කතා කරමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO WAS THE FIRST PERSON TO FLY? පරිච්ඡේදය ආශ්‍රයෙනි.