සැමට විදු නැන නුවණ – Science Literacy for All

ළමා මානසික පීඩනයට හේතු

ළමා මානසික පීඩනයට හේතු

ළමයින් මානසිකව පීඩාවට පත් කිරීම කෙරෙහි බලපාන හේතු විවිධ වන අතර සංඛ්‍යාවෙන් ද විශාලයි. අනික විවිධ සමාජ සහ විවිධ රටවල් අනුව ද ඇතැම් විට යම් වෙනස්කම් ඇතුවාක් මෙන්ම එක සමාජයකට බලපාන හේතුවක් හෝ වෙනත් ස්ථානයකදී එතරම් වැදගත් නොවන්නටත පුළුවන. මෙහි දැක්වෙන්නේ ළමා මානසික පීඩනයට ඇති කරවන පරිපූර්ණ හේතු ලැයිස්තුවක් නොව පොදුවේ බොහෝ සමාජ වල දැකිය හැකි හේතු  කිහිපයක් පමණකි.

    1. දෙමාපියකරණ කුසලතා: සිය ළමයින් පීඩාවට පත්කරන දෙමව්පියන් අතුරෙන් බොහොම දෙනෙකු ඔවුන්ගේ ළමා කාලයේ දී (තමන්ම) එලෙස පීඩාවන්ට ලක් වූවන්ය. එවැන්නෝ, තම ළමයින්ට ද මේ ආකාර පීඩනයකට ලක් කිරීමේ ප්‍රවණතාවක් දක්වති. දෙමව්පියන් පරිණත බවට පත්ව නැතිනම්, විශේෂයෙන්ම ගැටවර වියේ පසුවන දෙමව්පියන් නම් එවැනි අය සිය ළමුන් ගැන සලකන්නේ ළාමක ආකාරයටය. එසේ වුවුද, එවැනි දෙමාපියන් දකින කල්පනා කරන්නේ ඔවුන් කදිම දෙමාපියන් ලෙසටය. එහෙත් ළමුන් හදා වඩා ගැනීමේ කලාව ආදරය සමඟ සාමය පෙරදැරි කරගෙන කලක් තිස්සේ ඉගෙනීමෙන් ප්‍රගුණ කළ යුත්තකි. ළමයි වයසින් වැඩෙද්දී ඔවුන්ගේ අවශ්‍යතා වගේම චර්යාවන් ද වෙනස් වේ. එලෙස ඔවුන්ගේ වර්ධනය විවිධ අවස්ථාවන්ට ගැළපෙන සේ කටයුතු කිරීමට දෙමාපියන් උගෙන ගත යුතුය.

2. දුප්පත්කම: දුප්පත් වීම ළමයින් පීඩාවට පත්වීමට හේතුවක් ලෙස එකවර පෙනී යාමට ඉඩ තිබේ. බොහෝ අවස්ථාවලදී ඉගෙනීමේ අපහසුතා වලින් පෙලෙන ළමුන්, හුදකලා වූ ළමුන්, දුගී දුප්පත් පවුල්වල හෝ දෙමාපිය ආරවුල් සහිත පවුල්වල ළමුන් පහසුවෙන් ම වාගේ අපයෝජකයන්ගේ ගොදුරු බවට පත් වේ.නිදසුනක් ලෙස දක්වන්නේනම් නොයෙකුත් අවශ්‍යතා, අඟහිඟ කම් වලින් පෙළෙන ගැටවර වියේ ගැහැනු ළමයකුට පිහිටවන ලීලාවෙන් වැඩිහිටි පිරිමියෙකු ඇය වරදට පොලඹවා ගත හැකිය. එහෙත් ඇය ලිංගික හෝ කායික පීඩාව දුප්පත් කම නිසා ඉවසා සිටිය ද ඉන් ඇතිවන මානසික පීඩාව දරාගත නොහැකි තරම්ය. බුද්ධිය මුහුකුරා නොගිය ළමුන්ද අතවර වලට මුහුනපාන නමුත් නොදැනුවත් කම නිසා බොහෝ කාලයක් ඒවා සඟවාගෙන සිටිනවා විය හැකියි.

3. මතට ඇබ්බැහි වීම: මත් පැන් හෝ මත් ද්‍රව්‍ය භාවිතයට පුරුදුව සිටින, වැඩිහිටියන් විශේෂයෙන්ම ළමයි ගැන වගකීමක් දරන වැඩිහිටියන්, ළමුන් කායික, ලිංගික හා මානසික හිංසනයට පත් කිරීමේ අවස්ථා වැඩිය. ළමයා ලිංගිකව කෙලෙසීමට ලක් නොකළේ වී නමුත් කායික හා විශේෂයෙන්ම මානසිකව දැඩි පීඩාවකට ලක් කිරීමට ඉඩ ඇත. බොහෝවිට සෘජුව අතවරයක් නොකළද ළමයා කෙරෙහි එම වැඩිහිටියාගේ වගකීම හරියාකාරව ඉටු නොකිරීම හෝ පැහැර හැරීම හේතුවෙන් ද එවැනි වගකීමක් දැරීම (මතට ඇබ්බැහි එම අය ළමයින් වදයක් ලෙස සලකමින්) ළමයාට නොයෙකුත් අඩන්තේට්ටම් තාඩන පීඩන වලට ලක් කිරීමට ද ඉඩ තිබේ. ළමයාගේ යහපැවැත්ම ගැන එවැන්නන්ගේ අවධානය කිසිසේත් යොමු නොවන තරම්ය.

4. මානසික ආබාධවලින් පෙළෙන වැඩිහිටියන්: ඇතැම් සමාජවල ළමයි බලාකියා ගැනීම පැවරෙන්නේ වයසක උදවියට ය. නැතිනම් කිසියම් හේතු නිසාවෙන් ගෙදර දොර නිකරුණේ ගත කරන්නන්ට ය. බොහෝවිට මොවුන් හොඳ අය නැතිනම් සාමාන්‍ය අය මෙන් පෙනී යනවා පමණක් නොව එලෙස සැලකිල්ලට ද ලක් වන්නේ ය. එහෙත් මොවුන් අතරේ සමහරු මානසික ව්‍යාධි වලින් පෙළෙන්නන් විය හැකිය. මානසික ආබාධ විවිධ ස්වරූප ගන්නා බව කවුරුත් පාහේ දන්නා කාරණාවකි. එමෙන්ම සමහර මානසික ආබාධ තරම් ප්‍රකට ව පෙනෙන්නට නොතිබී හදිසියේ හෝ ඇතැම් උත්තේජනවලට ප්‍රතිචාර වශයෙන් මතුවී ආ හැක. විශේෂයෙන් ම මහළු වියට පත්ව නොයෙකුත් කායික මෙන්ම මානසික තත්ත්වයන්ගෙන් පෙළෙන වැඩිහිටියන් තම භාරයේ සිටින දරුවන්ට සැරවැර කිරීමේ සිට දරුණු හිංසාකාරී ක්‍රියාවන් සිදු කිරීම දක්වා පරාසයක හිංසා පීඩා කිරීමට ඉඩ තිබේ. මෙවැනි සමහරු තමන්ගේ මානසික ස්වභාවය අනුව ළමයා තමන්ට එරෙහිව හතුරුකම් කරන අයකු ලෙස දකියති. එවිට ඔවුහු නිරතුරුවම ළමයා මානසිකව හිංසාවට පත් කරති. ප්‍රශ්නය තවත් උග්‍රකරමින් බොහෝවිට අනෙක් වැඩිහිටියෝ ද වැරැද්ද ළමයා අතම බවටතීරණය කරයති. මෙය තම නිවෙස්වල දීම ළමුන් අත්විඳින දරුණු මානසික පීඩාකාරී තත්ත්වයකි.

5.අධි අපේක්ෂාවන්: සමහර වැඩිහිටියන් ළමුන්ව දකින්නේ කුඩා මිනිසකු හෝ කුඩා ගැහැනියක ලෙසය. වෙන විදිහකට කිව්වොත් වැඩිහිටියෙකුගේ කුඩා අච්චුවක් ලෙසය. මේ හේතුව නිසා ඔවුන් ළමුන්ගෙන් වුවමනාවට වඩා වැඩි දේ බලාපොරොත්තු වෙති. ළමා කාලය යනු යම් යම් දේ පරිශීලනය කරමින් ඉගෙන ගනිමින් ඉදිරියට ඇදෙන ගමනක යෙදෙන කාලයක් වුවද ඇතැම් වැඩිහිටියෝ ළමයා සියල්ල දත යුතු යයි යන අදහසේ පසු වෙති. නිදසුනකට වයස අවුරුදු හතරක පමණ දරුවකු යමක් නිසා ඇඬීමට පුළුවන. ඔහුට හෝ ඇයට ඒ මන්දැයි පැහැදිලි කිරීමට නුපුළුවන් විය හැක. මේ ඇඬිල්ල නොඉවසන වැඩිහිටියා දරුවාට පරිභව කරමින් බැනවදිමින් ක්‍රියාකරන විට දරුවා තව තවත් මානසික පීඩාවට පත්වේ. ගැටවර විය ජීවිතයේ අසීරු කාලයකි. මන්ද ඔවුන් තවදුරටත් ළමයි නොවන අතර තවම වැඩිහිටියන් බවට පත්ව නොසිටීමයි. එහෙත් බොහෝ වැඩිහිටියෝ මේ ගැටවර වියේ ළමුන්ට එක්කෝ කුඩා දරුවන් ආකාරයට නැතිනම් තවත් වැඩිහිටියකු ලෙස ට සලකති. මෙය එම වයස් වල ළමුන්ට මානසිකව ඉතා පීඩාකාරී අවස්ථාවක් වන අතර නොහික්මුණු දඩබ්බර ගති පැවතුම් ඇති කිරීමටද තුඩුදිය හැකිය.

6.ආතතිය:අද ලෝකයේ වැඩිහිටි බොහෝ දෙනා විවිධ හේතු නිසා ගතකරන්නේ ආතතියට බර ජීවිතයකි. මෙය හුදෙක් දුප්පත් අයට පමණක් පොදු වූවක් නොවේ. එහෙයින්, ආතතියට පත් අය බොහෝ විට සුළු දෙයින් පවා කිපෙති. අසාධාරණ වෙති. සාමාන්යයෙන් නොකරන දේ කිරීමට පෙළඹෙති. බොහෝවිට මේ ආතතිය පිටවන්නේ දරුවන් මත්තේය. විශේෂයෙන්ම කුඩා දරුවන්මත්තේය. වයසින් වැඩුණු ළමයි සමහරවිට වැඩිහිටියාගේ ආතති ස්වභාවය හඳුනාගෙන මෙවැනි අවස්ථා මගහරවා ගැනීමට ක්‍රියා කරති. එහෙත් කුඩා දරුවන්ට වැටහීමක් නොමැත නිසා, ඔවුහු ඇඬීම දොස්කීම කෝප වීම ආදි ප්‍රතික්‍රියා මගින් වැඩිහිටියා තව තවත් ආතතියට පත් කරති. එවිට කුඩා දරුවා තව තවත් පීඩනයට පත්වෙයි. මෙය විෂම චක්රයක් ලෙස ක්රියාකරයි. අපේක්ෂා නොලළ ගැබ් ගැනීමකින් උපදින දරුවන්, සුළු පුතා හෝ දුව, හදාගැනීමට ගත් ළමයි සම්බන්ධයෙන් බොහෝවිට මෙය වඩාත් දරුණු ලෙස ක්‍රියාත්මක වේ.

 

eschooltoday හි පළවන Your basic guide to emotional child abuse ලිපියෙහි What are the causes of emotional abuse  කොටස ඇසුරෙනි. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: