ඔබ, ඔබ බවට පත්වන්නේ කුමක් නිසාවෙන් ද?
කාටත් ප්‍රියමනාප පුද්ගලයකු ලෙස ඕනෑම ප්‍රිය සාදයක ජීවය බවට පත් වන්නේ ඔබ ද? නැතිනම් ඔබ සාදයකට සහභාගි වනවාට වඩා නිවසට වී නිස්කලංකව පොතක් පතක් කියවාගෙන ඉන්ට කැමති අයෙක් ද? රැකියාවෙන් විශ්‍රාම ගිය පසු ජීවිතය ගෙන යාමට තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගත යුතුය යන්න නිරන්තරව ඔබේ සිතේ හොල්මන් කරන්නක්ද? නොඑසේනම් වැටුප ලැබූ සැණින් වියදම් කරගනිමින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවීමට නැඹුරුවූ අයෙක්ද? අප එකිනෙකා ජීවිතයේ විවිධ සිදුවීම් හා අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්නේ මුහුණ දෙන්නේ අප එකිනෙකාට සුවිශේෂී වූ ආකාරයන්ටය.
ඉතින් මේ වෙනස්කම් හටගන්නේ කොයිබින්ද? පෞරුෂත්වය යනු ග්‍රහණය කිරීමට පහසු සංකල්පයකි. එහෙත් එය මැනීමට අපහසු එකකි. ගෙවී ගිය කාලය තුළ මනෝ විද්‍යාඥයන් විවිධ වූ ක්‍රම ගණනාවක්ම අත්හදා බලන ලද නමුත් දැන් ඔවුන්ගෙන් බහුතරය යොදා ගන්නේ ‘විසල් පහ’ (‘big five’) ආකෘතියයි. ඒ, ඔබේ සිතුවිලි සහ චර්යා පොදු රටාවන්හි ප්‍රධාන මානයන් විසල් පහ මගින් හසුකර ගැනීම පිණිසය. ගති ලක්ෂණ පහකින් දැක්වෙන පෞරුෂත්වය මේ ආකෘතිය තුළ අන්තර්ගත වේ: අත්දැකීමට විවෘතභාවය, හෘද සාක්ෂිතාව(conscientiousness) හෙවත් හෘද සාක්ෂියට දැනීම, බහිර් වර්තනය(extroversion) හෙවත් සමාජශීලිත්වය, ප්‍රියමනාපතාව(agreeableness) සහ චිත්තවේග ස්ථාවරබව(emotional ability). යම් ප්‍රකාශයන් — ‘මම තමයි සාදයේ ජීවය‘ (මෙය යොදාගන්නේ සමාජශීලිත්වය මැනීමටය.) සහ ‘මම යම් දේවල් ගැන තැවුලට පත්වෙමි’ (මෙය යොදාගන්නේ චිත්තවේග ස්ථාවරභාවය මැනීමටය) වැනි ප්‍රකාශ යොදාගනිමින් ඒවාට කොතෙක් දුරට එකඟ වන්නේ ද යන්න දක්වන්න යැයි ඔබට කියන වට්ටෝරුවක් මඟින් එකී ගති ලක්ෂණ ඇගයීමට ලක් කෙරේ.
විසල් පහ අතරෙන් ඕනෑම එකක් සම්බන්ධයෙන් ඔබ ඇගයීමකට ලක් කරන ආකාරය යම්කිසි සුවිශේෂී අවස්ථාවක ඔබේ හැසිරීම පෙන්නුම් කරනු ඇත. නියුරෝසිකවාදී පරිමාණය අනුව ලකුණු මට්ටම පුද්ගලයකුගේ සෘණාත්මක චිත්තවේගයන් සහ ඒවා පාලනය කර ගැනීමේ හැකියාව දක්වන මිනුමකි. එහිදී අඩු ලකුණු ලබන්නෝ, අනතුරක් අභිමුඛයේ කලබල නොවී සිටීමේ ප්‍රවණතාවක් දක්වති. විවෘත භාවයට ඉහළ ලකුණු ලබා ගන්නා අය ප්‍රායෝගික වනවාට වඩා පරිකල්පන ශක්තියෙන් යුක්ත වීමේ ප්‍රවණතාවක් දක්වති. අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පුද්ගලයකුගේ ආකල්ප මනාපතාව පිළිබඳ ලකුණුවලින් හසුකර ගනී: ඔවුන් විශ්වාසවනත බවින් හා නිරහංකාර බවින් යුක්තද? නොඑසේනම් උද්ධච්ඡකමින් යුතුව අනුන් මත තම මත පැටවීමට තැත් කරයි ද? හෘදසාක්ෂියට දැනෙන බව හෙවත් හෘද සාක්ෂිතාව පරිමාණය මගින් මනිනු ලබන්නේ කෙනෙකු ස්වයංපාලනයෙන් යුතුව නීතිරීති අනුව ක්‍රියා කරන්නෙක් ද නැතිනම් සිතාමතා සලකිල්ලකින් තොරව පෙර ක්‍රියා කිරීමට පෙළඹෙන්නෙක්ද? යන්නය.
එක් එක් ගති ලක්ෂණය ගතහොත් ඒවායේ හොඳ නරක නැතිනම් වාසි අවාසි යන දෙකම ඇත. ප්‍රියමනාපතාව ඔබ ජනප්‍රිය පුද්ගලයකු බවට පත් කිරීමට ඉඩ ඇතත් ව්යාපාර ලෝකයේ අසාර්ථකත්වය කරා රැගෙන යාමට ඉඩ ඇත. බහිර්වර්තකයන්, වර්තනය විරුද්ධ ලිංගිකයන් ලිංගිකව ආකර්ෂණය කරගැනීමට වඩාත් ඉඩ ඇතුවාක් මෙන්ම වෘත්තීය ජීවිතයෙහි වැඩි සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට ප්‍රස්ථාව ඇත. එසේම එවැන්නන් රෝහල් ගතවීමේ සහ දික්කසාදවීමේ හැකියාව ද වැඩිය.
පුළුල් වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත ද විසල් පහ ආකෘතිය ගැන තවමත් ගැටළු සහගත තත්ත්වයක් ඇත. ආරම්භක වශයෙන් කරුණු දක්වන්නේනම්, විසල් පහේ දී පුද්ගලයෙකුගේ ලකුණු, ඔවුන් සැබෑ පීඩනයන්ට ලක් වූ විට සහ ඔවුන්ගේ ක්‍රියා හේතු කොටගෙන ඇති වන්නාවූ පලවිපාක වලට මුහුණ දෙනවිට ඔවුන් හැසිරෙන ආකාරය පිළිබඳ හොඳ නිදර්ශනයක් නොවන්නේය. වඩාත් මූලික ව කරුණු දක්වතොත් (මැනීම සඳහා) ගති ලක්ෂණ පහක් පමණක් ප්‍රමාණවත් නොවන බව අපි අවබෝධ කර ගනිමින් සිටින්නෙමු. (මෙයට) බොහෝ ගති ලක්ෂණ හසුවී නොමැත. ඒ කියන්නේ සමාජීය වශයෙන් අභිමත නොවන කිසිවක් — චණ්ඩ ස්වභාවය, හුදෙකලාවීම (පිටස්තර වීම) කෲරත්වය සහ (තම වාසිය පතා වෙනත් පුද්ගලයන්) මැන වීමේ ස්වභාවය ආදිය — විසල් පහ මගින් හසුකරගෙන නැත.පුද්ගලයකුගේ කෞටිල ප්‍රවණතාවයන් මැනීම සඳහා අවංක භාවය සහ නිහතමානිතාව යනුවෙන් හයවැනි ගති ලක්ෂණයක් උවමනා කරන්නේ යැයි ද හඬක් පැනනැගීමට මග පාදා ඇත.
තවත් බැරෑරුම් ප්‍රශ්නයක් වන්නේ කොතරම් දුරට මේ ගති ලක්ෂණ ස්ථාපිතව ඇත්ද යන්නයි. අපේ පෞරුෂය යනු අප කවුද යන්නේම අත්‍යන්ත කොටසක් මෙන්ම නොවෙනස්වන කොටසක් හැටියට බොහෝ දෙනා සලකති. බාගදා මෙය අප විසින් ‘තමා'(self) යන්නෙන් හන්දුන්වනු ලබන දෙයෙහි හරය වශයෙන් පවතින දෙය විය හැකියි. මෙය තවත් ඉදිරියට ගෙන යමින් මනෝවිද්‍යාඥ ජේම්ස් විලියම් 1887 කියා සිටියේ වයස අවුරුදු 30 වෙද්දී එය සිමෙන්තියෙන් බැන්දා සේ තහවුරු වන බවයි. ඔහු ඉදිරිපත් කළ අදහස දැඩිව පිළිගැනීමට ලක් විය. එහෙත් ඇත්තටම සිදුවන්නේ මෙයද?
එම ප්‍රශ්නයට පිළිතුරත් සමග ලිපියේ ඉතිරි කොටස ලබන බ්‍රහස්පතින් දා කියවන්න.