පරිණාමය ගැන හැඳින්වීමක්: පවුල් ගස සහ වංශ ප්‍රවේනි අවබෝධ කරගැනීම

Posted by

පරිණාමය තේරුම් ගැනීම

චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ  අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති මාතෘකාවක්හැ ටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත අවශේෂවල සහ ආදිකාලීන සතුන්ගේ අස්ථි කොටස් අතරෙහි ය. වන සතුන් ගැන උනන්දුවක් දක්වන අය නව ජීව විශේෂයක් හෝ නුහුරු රටක භූ දර්ශනය තුළින් පරිණාමය දකිති. ආගමික විශ්වාසයන් නිසා පරිණාමය ඇතැම් විටෙක වාද විවාද වලට මුල්වන මාතෘකාවක් බවට පත් වන්නටත් ඉඩ තිබේ. පරිණාමවාදය ගැන මිත්‍යා මත ද බොහෝය. වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වූයේ ය යන්න එවැන්නකි. පරිණාමවාදය, උචිතෝන්නතිය, චාල්ස් ඩාවින් ආදී වශයෙන් පරිණාමයට සම්බන්ධ යම් දේ ගැන ඇතැමුන් අසා තිබුනත් ඉන් එහාට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වීම නිසා හැදෑරීමක් නොකරනවා විය හැකියි.

පරිණාමය සහ පරිණාමීය ක්‍රියාදාමය පිළිබඳව පසුගිය වසර 150 කාලය තුළ අත්පත් කර ගෙන ඇත්තේ  අනවරත ප්‍රගතියකි. එහෙත්,  පසුගිය වසර 25 දී පරිණාමිය ජීව විද්‍යාවෙහි ඇතිවු සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන්  පරිණාමීය අධ්‍යනයෙහි ස්වර්ණමය කාලයක් උදාවී ඇත. මෙම ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට අද ජීව විද්‍යාඥයෝ ආසන්න වී සිටිති.

ඒ අතර වාරයේ පරිණාමීය ජීව විද්‍යාව මානව සමාජය පුරා පුළුල් බලපෑමක් ඇති කරමින් තිබේ. නව රෝග හට ගැනීම, පළිබෝධ සහ ක්ෂුද්‍රජීවීන් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිරෝධය වැඩිවීම, එමෙන්ම ස්වභාවික ජනගහනයන් මත විපර්යායාත්මක පරිසර තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු සමකාලීන ප්‍රශ්න පරිභ්‍රමනය වන්නේ ස්වභාවික වරණය සහ පරිණාමිය විපයාසයේ දර්ශයන් වටාය.  නූතන ජීවිතයේ විසම අංශ බොහොමයක — වෛද්‍ය විද්‍යාව, නීති පද්ධතිය, පරිගණනය ආදිය පරිණාමීය චින්තනය සහ පරිණාමීය ජීව විද්‍යාව මෆින් වර්ධනය කරනු ලැබූ ක්‍රමවේද යොදාගැනීම එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

කෙටියෙන් කියතොත්, ලෝකය ගැන පුරෝකථනමය දෘෂ්ඨියකින් සහ විවරණාත්මක ශක්තියකින් බැලීම සඳහා පරිණාමය ගැන අවබෝධය අපට මගක් පාදාදෙයි. සෑම සෙනසුරාදාවකම  තතු පළකරන මෙම ලිපි පෙළ,  ඔබව ඒ මග ඔස්සේ කැඳවාගෙන යාමට ගන්නා ප්‍රයත්නයකි.

අදාළ රූපය

පරිණාමය ගැන හැඳින්වීමක්: පවුල් ගස සහ වංශ ප්‍රවේනි අවබෝධ කරගැනීම

පරිණාමයේ කේන්ද්‍රීය අදහස් වන ජීවයේ ඉතිහාසයක් ඇත යන්න — එය කාලයත් සමඟ එය වෙනස් වී ඇත —  සහ එකිනෙකට වෙනස් විශේෂයන් අතරේ හවුලේ පොදු පූර්වජයකු ඇත යන්න  වටහා ගැනීමට අපට පවුල් ගස ප්‍රයෝජනවත් වෙයි.

පවුල් ගස

පරිණාමීය ක්‍රියාදාමය මගින් විශේෂයන්(species) අතර සම්බන්ධතා රටා  නිපදවනු ලබයි. වංශාවලී(පෙලපත්) පරිණාමය වී බෙදී  ගොස් සහ විකරණ(modifications ) උරුම කරගනිද්දී ඒවායේ පරිණාමීය මං අපසරණයවේ. (ප්‍රභේද වෙයි, වෙන්වෙයි).  පරිණාමීය සම්බන්ධතාවල ශාඛාමය රටාවක් මෙයින් නිපදවේ. පරවෙනි විශේෂයන්ගේ(inherited species) ගති ලක්ෂණ සහ අනෙකුත් ඓතිහාසික සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අපට පරිණාමීය සම්බන්ධතා යළි ගොඩනගමින් ඒවා වංශ ප්‍රවේණිය යනුවෙන් හදුන්වනු ලබන ‘පවුල් ගසෙහි‘ ඒවා නිරූපණය කළ හැකිය. මතු දැක්වෙන වංශ ප්‍රවේණිය අපගේ පෘථිවිය මත සියලු ජීවය එකට බැඳ තබන මූලික සම්බන්ධතා තීරණය කරයි.

වසම් තුන

මෙම රුක(පහත බලන්න), අනෙකුත් සියලුම වංශ ප්‍රවේණි රුක් මෙන් ජීවීන් අතර සම්බන්ධතාවයන් සම්බන්ධ උපන්‍යාසයකි(උපකල්පිතයකි). සියලු ජීවය එකිනෙකට සම්බන්ධය එමෙන්ම, ක්ලේඩ(clades) තුනකට (බොහෝවිට මේවා හඳුන්වනු ලබන්නේ වසම් හැටියටය: ආකියා(Archaea), බැක්ටීරියා, සහ සුන්‍යෂ්ටිකයන් (Eukaryota)) බෙදිය හැකිය යන අදහස ඉන් පැහැදිලි  කෙරේ.

අප කිසියම් නිශ්චිත වංශාවලී හෙවත් පෙළපත්වල — අපි කියමුකෝ ප්‍රාථමික සත්ව කොට්ඨාශය වන අනිමාලියා(Animalia) කියලා (රුකෙහි, රතුපාටින් පිටසන් කර ඇති) වංශ ප්‍රවේණිය අපි මුලින්ම ගවේෂණය කරමු.  ඉන් අනතුරුව තවදුරටත් සූක්ෂමව යොමු වෙමින් පෘෂ්ඨවංශිකයන් අතරේ ප්‍රධාන පෙළපත් කීපයක් විභාග කරමු.

මේ පවුල් රුක, සාක්ෂි වර්ග  බොහොමයකින් ස්ඵුට කෙරෙන නමුත් දෝෂ රහිත නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. විද්‍යාඥයන් නිරතුරුව උපන්‍යාස ප්‍රතිඇගැයීමට ලක්කරන අතර ඒවා තව සාක්ෂි හා සැසඳීමට ක්‍රියා කරති. විද්‍යාඥයන් තවතවත් දත්ත (සාක්ෂි) එක්රැස් කර ගනිද්දී ගසෙහි ඇතැම් ශාඛා යළි සකස් කරමින්  ඔවුන් මෙකී සුවිශේෂී උපන්‍යාස යළි සංශෝධනය කිරීමට ඉඩ තිබේ. නිදසුනක් ගෙන බැලුවොත්, පසුගිය වසර 50 තුළ සොයා ගනු ලැබූ සාක්ෂි දක්වන්නේ පක්ෂීන් යනු ඩයිනසෝරයන් බවයි. මේ සඳහා විද්‍යාඥයන්ට රුකෙහි ‘පෘෂ්ඨවංශික රිකිල‘ වල සීරුමාරු කිරීම්  කිරීමට අවශ්‍ය වෙයි. අපි ඊළඟ වංශප්‍රවේණිය අවබෝධ කරගැනීම ගැන සාකච්ඡා කරමු.

 

වංශ ප්‍රවේනි අවබෝධ කරගැනීම

වංශ ප්‍රවේණියක් අවබෝධ කර ගැනීම බොහෝ දුරට පවුල් රුකක්() කියැවීමට සමානය. රුකෙහි හෙවත් වෘක්ෂසෙහි මුල් නියෝජනය කරන්නේ පූර්වජ පෙළැන්තියයි. එලෙසම ශාකවල තුඩු එම පූර්වජයාගෙන් පැවැත එන්නන් දක්වයි. ඔබ මුල්වල සිට ශාක තුඩු වෙත ඇදෙද්දී, කාලය දිගේ ඉදිරියට ගමන් කරන්නෙහිය.

පෙළපතක් බෙදන විට (speciation = විශේෂප්‍රාප්තිය හෙවත් නව විශේෂ හටගැනීම) එය නිරූපණය කෙරෙන්නේ වංශ ප්‍රවේණියේ ඇතිවන ශාඛා බෙදීමක් ලෙසටය. විශේෂප්‍රාප්ති සිද්ධියක් හටගන්නා විට එක් තනි පූර්වජ පැලැන්ති දෙකක් හෝ ඊට වැඩි දුහිතෲ පෙලැන්ති හටගැනීමට මග පාදයි.

විශේෂ ප්‍රාප්තිය සිද්ධිය වූ පූර්වජ පෙලැන්තිය, පැලැන්ති අතර හවුල් රටා, වංශ ප්‍රවේණි මගින් සලකනු කරනු ලැබේ. එක් එක් සෑම පැලැන්තියකටම එයට ම පමණක් සුවිශේෂී වූ කොටසක් සහ අනෙකුත් පෙළපත් සමඟ හවුල් පවුලේ ඇති කොටස් ද වශයෙන් ඉතිහාසයක් ඇත.

මේ ආකාරයටම එක් එක් පැලැන්ති සතුව එම පැලැන්තියට ම සුවිශේෂී වූ මෙන්ම අනෙකුත් පෙළැන්ති හා පවුලේ ඇති පුර්ෂයන් ද ඇත. පොදු පූර්වජයන්

වංශ ප්‍රවේණි අවබෝධ කර ගැනීම ගැන ලබන සෙනසුරාදා තවදුරටත් කතාකරමු.

 

 

Understanding Evolution වෙබ් අඩවිය ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. (මෙම වෙබ් අඩවිය ගැන ඇගැයීමක් මෙතනින් කියවන්න).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.