කොරෝනා වෛරසය  සුව වූ රෝගීන්ගෙන් පැතිරිය හැකි ද?

Posted by
කොරෝනා වෛරසය  සුව වූ රෝගීන්ගෙන් පැතිරිය හැකි ද?

රෝග ලක්ෂණ පහව ගොස් අඩුම තරමින් සති දෙකක්වත් යනතුරු නව කොරෝනා වෛරසය(new corona virus) සිරුරේ රැඳී සිටිය හැකි බව චීනයෙන් පිටත සිදු කළ කුඩා අධ්‍යයනයකින් හෙළි වෙයි. වෛරස, මේ ආකාරයෙන් ශරීරයේ රැඳීසිටීම ගැන   මින් පෙර අසා නැති විද්‍යාඥයෝ Live Science වෙත දැන්වූහ. කෙසේ වෙතත් වාසනාවකට මෙන් මෙම රෝග ලක්ෂණ පහව යෑමෙන් පසු කාලයේදී වෛරසය එතරම් බෝවෙනසුළු නොවන බවද දැක්වේ. මෙම සොයා ගැනීම එක අතකින් සුබ ආරංචියක් විය හැකි යැයි එක්සත් ජනපදයේ, මහජන සෞඛ්‍යය පිළිබඳ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ වසංගතවේදී ක්‍රිස් ජොන්සන් පවසන්නීය. එඔව්ගීන්ගේ සිරුරේ රැඳී සිටීමට නැඹුරුවක් දක්වන වෛරස වලට එරෙනිව තමයි ශරීරයද දැඩි ප්‍රතිශක්තිය ප්‍රතිචාරයක්  ගොඩනගා ගන්නට නැඹුරුවක් දක්වන වෛරස වර්ග. “වෛරස පුද්ගලයන්ගේ ශරීර පද්ධතිවල රැඳී සිටී නම් එයට යළි බෝකිරීමේ හැකියාව නැතිවෙන්න පුළුවන්” ඇය  වැඩිදුරටත් සඳහන් කරයි.

කොරෝනා වෛරසයෙන් පසුව

නව අධ්‍යයනයේ ප්‍රතිඵල Journal Jama හි පෙබරවාරි 27දා පළකර තිබිණ. වයස අවුරුදු 30 සිට 36 දක්වා වයස්වල වෛද්‍ය වෘත්තිකයන් හතර දෙනකු ගැන මෙම අධ්‍යයනයේ දී දිගටම සොයා බැලිණ. මොවුන්ට COVID-19 වැළඳීමෙන් අනතුරුව වූහාන්හි ෂොන්ග්නෑන් විශ්වවිද්‍යාල රෝහල මගින් ජනවාරි 1 දා සිට පෙබරවාරි 15 දා දක්වා අතර කාලයේ දී ප්‍රතිකාර කෙරිණ. රෝගීන් සිව් දෙනාම ආපසු  සුවය ලැබූ අතර හතරඩෙනාගෙන් ඇත්ටටම රෝහල් ගත කරනු ලැබුවේ එක් අයකු පමණකි. රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබුවේ oseltamivir  නම් ප්‍රතිවෛරස ඖෂධයෙනි. ( මෙය Tamiflu යන සන්නාමයෙන් වඩාත් ප්‍රකටය). පිට පිට දින දෙකක් තිස්සේ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව රෝග ලක්ෂණ පහව ගොස් ඇතැයි (නිශේධකයයි) පෙනී යාමෙන් පසුව රෝගීන් සුව වී ඇතැයි සැලකිණ.

oseltamivir

 

සුවය ලැබීමෙන් පසුව දින පහක් තමන්වම නිරෝධායනය ට ලක් කර ගන්න යැයි ඔවුනට දන්වා තිබුණි. දින පහෙන් පසු දින දහතුනක් තිස්සේ ඔවුහු හෝ උගුර  මාත්තුවකට(throat swab) ලක් කරනු ලැබූහ. මෙහි ප්‍රතිඵල වලින් දැක්වුණේ දින පහේ සිට දහතුන දක්වා සිදුකළ සෑම පරීක්ෂණයකදීම වෛරසය තිබෙන බවයි. මෙම සොයා ගැනීම් සිදු කෙරුනේ ජපානයේ පුද්ගලයකුගේ වයිරසයෙන් රෝගාතුර වී සුවය ලැබීමෙන් පසුව දෙවන වරටත් රෝගය වැළඳීමේ සිද්ධියක් ජපානයේ ප්‍රථම වරට වාර්තා වීමෙන් අනතුරුවය. චීනයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සිද්ධියත් සමග සසඳා බලද්දී ජපානයේ මෙම සිද්ධියේදී ඇති වුණේ කුමක් ද යන්න පැහැදිලිය නැතැයි ජොන්සන් සඳහන් කරයි. ඇය(ජපාන රෝගියා) වෛරසයේ  වෙනත් මාදිලියකින් රෝගාතුර වන්නට ඇතැයි යන්න එක් විය හැකියාවකි. අනිකුත් වියහැකියාවක් වන්නේ ඇගේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට වෛරසය සම්පුර්නයෙන්ම දමනය කිරීමට නොහැකිව ඇගේ පෙනහළු තුළ ප්‍රති චලනය(replicate) වෙද්දී රෝග ලක්ෂණ යළි මතු වීමය.

පහළ මට්ටමක වෛරස

රෝගයෙන් යළි සුවය ලැබීමෙන් පසුව වුවද ශරීරය තුල පහල මට්ටමකින් නොනැසී පැවතීම, වෛරස අතරේ දුර්ලභ දෙයක් නොවන බව මිචිගන් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වෛරසෙවේදී එබනසර් තම්බෑන් කියා සිටී. නිදසුනක් ලෙස ශිකා වෛරසය සහ ඉබෝලා වෛරසය රෝගියා සුවය ලැබීමෙන් මාස ගණනාවක් තිස්සේ රැඳී සිටිය හැකි බව ඔහු පෙන්වා දෙයි. වූහාන් හි වෛද්‍ය වෘත්තිකයන් සිව් දෙනා රෝගාතුර වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී සොයා බැලූනේ ශරීරය තුළ වෛරසයේ ජානමය කොටස් තිබේද යන්න ගැනය. ඔවුන්ට ලබාදුන් ඖෂධය,(රෝගීන්ගේ) සිරුර තුළ වෛරසයේ අනුපිටපත් සංඛ්‍යාව හුදු සුලු ගණනක් දක්වා පහළ දමන්නට ඇතැයි තම්බෑන් අදහස් කරයි. එම අවස්ථාවේදී වෛරසය සොයාගන්නට හැකි තරමට පරීක්ෂණය සංවේදී නොවන්නට ඇත. ඒත් ප්‍රතිවයිරස් ප්‍රතිකාරය අවසන් වීමෙන් පසුව සිරුරේ රැඳී සිටි වෛරස සුළු ගණන යළිත් අනුපිටපතක් සෑදීම පහල මට්ටමකින් අරඹන්නට ඇතැයි ඔහු පෙන්වාදෙයි. ඒත් පටක හානියට පත් කිරීමට තරම් ප්‍රමාණයක් වෛරසය නොතිබෙන්නට ඉඩ ඇති හෙයින් රෝගියා තුළ රෝග ලක්ෂණ මතු නොවී ය. එහෙත් වෛරසයේ අනුපිටපත් ප්‍රමාණය පරීක්ෂණයේදී සොයාගැනීමට හැකි තරම් ඉහළ මට්ටමක තිබෙන්නට ඇත. මෙම අවස්ථාවේදී ඔවුන්ගෙන් තවකෙකුට රෝගය බෝවීමේ හැකියාව එතරම් තිබෙන්නට නැතැයි ජොන්සන් පෙන්වාදෙයි.

වෛරස අංශු සැමතැනම පැතිරවීමට කැස්ස සහ කිවිසුම් හේතුවේ. එහෙත් මෙම රෝගී සිව්දෙනා ඔය අවස්ථාවේදී කැස්ස හෝ කිවිසුම් යන ලක්ෂණ දැක්වූයේ නැත. මෙන්ම ඔවුන්ගේ සිරුර තුළ වෛරස ප්‍රමාණය ද පහළ මට්ටමක පැවතිණ. එහෙයින්, වෛරසය පැතිර වීමට නම්  වඩාත් සමීප සම්බන්ධතාවන් ඇති විය යුතුය. “ගෙදරදොරේ වෙනත් අය සමඟ කෑම බීම බෙදා හදා ගැනීමේ දී ඔවුන් කල්පනාකාරී විය යුතු අතර නිතර නිතර දෑත් සේදිය යුතුයයි ජොන්සන් පෙන්වා දෙයි. එහෙත් ඔවුන් හුදු වාහකයන් පමණක් නම් සමීප සබඳතාවකින් යුතු කෑම බීම බෙදා හදා ගන්නා අයගෙන් බාහිරව පිටස්තරයන්ට රෝගය සම්ප්‍රේෂනය කිරීමට නොහැකි විය යුතුයයි ජොන්සන් පෙන්වාදෙයි.

ප්‍රතිශක්ති බලපෑම

නව අධ්‍යයන වාර්තාවන පළවන විට මෙම රෝගීන් සිව්දෙනාගෙන් පවුල්වල කිසිවකුටත් වෛරසය වැළදී නොතිබූ බව පරීක්ෂණවලින් අනාවරණය විය. කෙසේ වෙතත් සිව්දෙනාම වෛද්‍ය වෘත්තිකයන් නිසා නිවසේ සිටියදී රෝගය අන් අයට බෝවීම වැළැක්වීම පිණිස (ඔවුන්) ඉතා සැලකිල්ලෙන් පියවර ගන්නට ඇතැයි අධ්‍යයනයේ කතුවරු දක්වති. ශරීරය තුළ නොනැසී පවතින වෛරසය නව වෛරස ආසාදනයට එරෙහිව යම් ආකාරයක ආරක්ෂාවක් සැපයීමට හැකි අයුරින් ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණය ප්‍රචාරයක් දැක්වීමට ඉඩ ඇතැයි ජොන්සන් පෙන්වා දෙයි. “ඒත් අභියෝගය තියන්නේ කොපමණ වේගයෙන් ඒවා විකෘති වන්නේ ද යන්නය” යයි ජොන්සන් කියා සිටි.

අදාළ රූපය

කෙසේ වෙතත්, COVID-19 රෝගීන් යළි සුවය ලැබීමේ ක්‍රියාදාමය වටහා ගැනීම පිණිස තවත් පසුවිපරම් අධ්‍යනය අවශ්‍ය බව ඇය පෙන්වා දෙන්නීය. අනාගත අධ්‍යයනවල දී පෙනහළු තුළ ඇති සම්පූර්ණ වෛරස ප්‍රමාණය ද සැලකිල්ලට ගත යුතු බව තම්බාන් කියාසිටී. “පුද්ගලයකු තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය කිරීම සඳහා ප්‍රමාණ්වත්  ඉහළ ප්‍රමාණයකින් වෛරස ඒකරාශී වීමට,  රුධිරයේ හෝ පෙනහළු වල තිබී ඉස්මතුවීමට බෝ වීමෙන් පසුව සතියක් හෝ දෙකක්  ගතවෙනවා” තම්බෑන් තවදුරටත් සඳහන් කරයි, “ඒත් එය තවමත් අප නොදන්නා දෙයක්”.

 

Live Science හී පළවූ Can people spread corona virus after they recover? යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.