සිතින් මවා ගැනීමේ බලය
පුංචි පූස් පැටියා කිටීව, මී පැංචාගෙන් ඈත් කරලා තමයි නිදි කරවන්න ඕන. ඩෑන්, පෑන් යන දෙන්නම හරිම නෝටියි, කියන දෙයක් අහන්නේම නැහැ. අනේ බලන්නකෝ මම ම එන්න කියලා කියපු නත්තල් සීයා මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නෙ නැහැ නේ. මේ විදිහට පුංචි ළමයින්ට හිතෙන් මවා ගන්න පුළුවන් උදවියගේ සීමාවක් නම් නැහැ. පුංචි ළමයි කියලා එහෙම කිව්වාට, ළමයි විතරක් නෙවෙයි වැඩිහිටියන් පවා හිතන්න බැරි තරම් විශාල කාලයක් ගත කරන්නේ හිතෙන් මවාගත් ලෝකයකයි.
ළමා කාලයේ සිටි අපේ මනඃකල්පිත යහළුවෝ හුඟදෙනෙක් අපි දැන් අත්හැරලා තිබුණාට අපි වැඩිහිටි බවට පත්වුණත් පොතක, චිත්‍රපටයක එහෙම නැතිනම් හුදු දහවල සිහින දකිමින් අපේ ඔළුවල පමණක් තියෙන තැන් බලන්න යනවා; කල්පිත දර්ශන වල ගැවසෙමින් අපේ පරිකල්පනයට ඉඩ දෙනවා. මේ පුරුද්ද කලක් සැලකුණේ ‘අදාළ නොමැති සංජානමය නිරූපණ’ (irrelevant cognitive doodling) ලෙසයි. එහෙත් දැන් එය මානව චින්තනයේ වැදගත් කොටසක් ලෙස සැලකෙනවා. ඒත් මොළ ශක්තිය නිකරුනේ නාස්ති කර දමන නිශ්ඵල කටයුත්තක් වෙනුවෙන් කුමට වෙහෙසෙනවද?
මෙය ගාම්භීර කටයුත්තක් බව ළමයින්ට සෙල්ලම් කරන දෙස බලා සිටින විට පහසුවෙන් අමතක වේ. නැති දෙයක් ඇති බව පෙන්වීමට නොහොත් කෞටිකරූපනය (pretend) ජීවිතයේ පසුකලෙක යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාමටත් එමෙන්ම තීන්දු තීරණ ගැනීමටත් මග පාදමින් පුරුදු පුහුණු වීමට අපට උපකාරී වේ. මෙය, ඇත්තටම ඒවායෙන් පීඩාවට පත් නොවී, විවිධාකාරයේ ක්‍රියාමාර්ග පරීක්ෂාවට ලක් කර බැලීමටත්, විවිධ චර්යාවන්ගේ ඵලවිපාක සිතින් මවා ගැනීමටත් අපට අවකාශ සලසයි. අනික ආරම්භයේ සිටම එය නියත වාසි සලසන බවක් පෙනී යයි.
පසු කලෙක, ප්‍රශ්නයක දෙපැත්ත ම දකින්නට එමෙන්ම අවස්ථා වෙනස් වුවහොත් කුමක් සිදුවේදැයි පරිකල්පනය කරන්නට වඩාත් දක්ෂ ළමයි බවට පත්වන්නේ කෞටිකරූපනයේ යෙදෙන (සිතෙන් මෙසේ යයි ආරූඪයක් මවාගෙන සෙල්ලම් කරන) ළමයින් බව මනෝ විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. කෙලෙස ප්‍රතිචාර දැක්විය යුතුද යන්න පරික්ෂා කිරීම සඳහා ඉතා උචිත වේදිකාව මින් සැපයේ. නිදසුනකට ළමයකු මෙසේ කියන්නේ යැයි සිතමු. ‘අපි හිතමු අපි දෙන්නා පූස් පැටව් කියලා. එතකොට ඔයාටයි මටයි දෙන්නාටම අපේ ගෙදර ඉන්න ඇහැකි’. මේ දර්ශනය කිහිප වාරයක්ම මිතුරකු හා එක්ව කියා පෑමෙන්, කතාවක ඉන්නා චරිතයන්ගේ විවිධ අභිප්‍රේරණ සොයා බැලීමට මෙන්ම විවිධ වූ ප්‍රතිඵල වලට ප්‍රතිචාර භූමිකා නිරූපණය කිරීමට පුළුවන. ගෙවල් අයිතිකරු පූස් පැටවුන්ට නිවසේ ඉන්ට දෙයිද? නැතහොත් පාරට ඇද දමයි ද? දෙදෙනාම පාරට ඇද දැම්මොත් ගෙවත්තේ ඉන්න කිඹුලෝ ඔවුන්ව කා දමයි ද? සිතෙන් මවන දර්ශනය කොපමණ නම් ඇදහිය නොහැකි වූවාට කම් නැත. සියල්ල නිර්මාණශීලී මෝලකින් ඇඹරි, පෙරී ආ දේවල්ය.
එහෙත් මේ ආකාරයට මනසින් මවාගත් හෙවත් පරිකාල්පනික මිතුරන් ඇසුරු කළ ළමයින් එක් කලකදී සැලකුණේ සමාජ ආශ්‍රය නොමැති තනිපන්ගලමේ ගතකරන ළමයින් ලෙසිනි. මේ ආකාරයේ කාල්පනික මිතුරන්ගෙන් ද පෙර කී ආකාරයේ අරමුණක් ඉටු වන අතර එය අපගේ චිත්තවේගී සහ සමාජ සංවර්ධනයට වඩාත් විශේෂිත යොමු වූවකි. හිස් අවකාශයෙන් මිතුරකු මවා ගැනීමට ඇති හැකියාව සමාජ ආශ්‍රය අඩු අයට උරුම වූවක් යන්නක්ය කියා බැහර් කිරීම වෙනුවට අද සැලකෙන්නේ ළමයින්ට මතකය පිළිබඳ සිද්ධාන්තය ගොඩ නගා ගැනීමට උපකාරී වන්නක් ලෙසටය: අනෙකුත් පුද්ගලයන් ලොව දකින්නේ වෙනස් ආකාරයකටය යන්න අවබෝධ කරගැනීමේ එමෙන්ම ඔබට ඔවුන්ගේ ඇසින්, ඔවුන් කල්පනා කරන ආකාරය දැකීමට ඇති හැකියාවයි. තවද එය අවදානමට පත් විය හැකි(vulnerable) ළමුන්ට අවශ්‍යම කරන චිත්තාවේගී දිවි යොතක් ද සැපයිය හැකිය.
අවුලට පත් පවුල්වල ළමුන් ගැන කරුණු දීර්ඝ කාලීන අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කුඩාකල සිතින් මවාගත් මිත්‍රයෙකු සිටි ළමුන් (එවන් මිත්‍රයකු නොසිටි ළමුන්ට වඩා) පාසලේ දී මෙන්ම පසුකලෙක ජීවිතයේදී වඩාත් සාර්ථක වන්නට හැකි බව සහ වැඩිහිටි දිවියේ දී වඩා හොඳ මානසික සෞඛ්‍යයකින් පසුවන බවත්ය. මොවුනතුරෙන් සමහරුන්ට මානසිකව හුදෙකලා බවක් දැනුන විට, එවන් මනෝ මිතුරන් ඇත්තම පවුලේ අය සහ ඇත්තම මිතුරෙකු ලෙස තබා ගනිති. තවද ජනප්‍රිය මතය ලෙස සැලකෙන ආකාරයට පටහැනි වුණත් මනෝ මිතුරන් ඇත්ත නොවන බව එලෙස මනෝ මිතුරන් ඇති ළමයින්ගෙන් බහුතරය දනිති.
සමහරු එවන් මනෝ මිතුරන් වැඩිහිටි දිවියටත් පිවිස කලක් යනතුරුම තබා ගනිති. ඒ බව හැබැයි පිළිගන්නේ ටික දෙනෙකු විය හැකිය. වයස අවුරුදු හැත්තෑවක් ගතවූ තැන දී පවා ප්‍රකට ලේඛිකා අගතා ක්‍රිස්ටි ඇගේ පරිකල්පනික මිතුරා සමඟ කතාබහේ යෙදුනාය. අපගේ පරිකල්පනය අවදි කරගෙන ගෙවා දැමීමට යෝග්‍ය කාලය දීර්ග ළමා අවධිය වුවත් වැඩිහිටියන් වශයෙන් ද නිස්කලංක මොහොතක අපට එවැන්නක් කළ හැකියි.
දසත දිවයන මනස
ඒ කිව් ළමා අවධි ආකාරයේ හැඟීම යළි අත්පත් කර ගැනීම සඳහා උචිතම මග සිහින දැකීමයි. උවමනාවට වඩා අවධානයෙන් සිටින විටදී අප සාමාන්‍යයෙන් එකට එක් නොකරගන්නා තොරතුරු කොටස් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඉඩ සලසමින් නිර්මාණශීලීත්වය ඉහළ දැමීමේ දී මෙන්ම ගැටලු විසඳීමේදී එය(දවල් සිහින දැකීම) තීරණාත්මක බව පෙන්වා දී තිබේ. අප කුඩා එවුන් ව සිටි අවධියේ මෙන් තැන් තැන සැරිසැරීමට සිතට ඉඩ දීමෙන් අපට වර්තමානය අතික්‍රමණය කරමින් වෙනත් තැන්වලට සහ වෙනත් කාලයන්ට මෙන්ම අනෙකුත් පුද්ගලයින්ගේ මනස් තුළට යාමට අපට ඉඩ සලසයි.එහෙම කළොත් කොහොමද? එහෙමනම් කොහොමද? යන්න පරිකල්පනයට.
මේ අන්දමට සිතීමෙන් එදිනෙදා ජීවිතයට ඇතිවන වාසි, (ඒ ගැන සිතන විට) ඔබටම වැටහේවි. මතු දැක්වෙන රැඟුම් කෙටුම්පත පරිකල්පනය කරන්න: අලුත් රස්සාවක් සඳහා ඔබ සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දුන් නමුත් එය නොලැබෙන බව ඔබට මේ දැන් දැනගන්නට ලැබිණ. ඔබ සම්මුඛ සාකච්ඡාවට මුහුණ දුන් අවස්ථාවි සිදුවූ සියල්ල ගැනත් ඒවා වෙනත් ආකාරයකට සිදුවෙන්නට ඉඩ තිබූ බව ගැනත් නැවත නැවත සිතන්න. ඔබගෙන් එවැනි ප්‍රශ්නයක් අසනු ඇතැයි ඔබට කලින් නොසිතුණේ මන්ද? අනාගතයට වඩාත් සුදුසු මනරම් යෝජනාවක් ඔබ සකසා ඇති බව කියා සිටින්නට අමතකවුණේ ඇයි? වෙන වචන වලින් කියනවානම් ඔබ කල්පනා කරමින් ඉන්නේ සිදුනොවු යථාර්ථයක් ගැනය. මේ ආකාරයට තමයි අපි අපේ වැරදි වලින් පාඩම් ඉගෙන ගනිමින් අපේ චර්යාවන් හැඩගස්වා ගන්නේ. එමෙන්ම එය පරිකල්පනයේ මූලික ම කාර්යයක් ලෙස ද දකිනු ලැබේ. මේ ආකාරයටම අපේ දිනපතා විවිධ රැඟුම් කෙටුම්පත් රඟදක්වන්නේ අපේ මනසින් හොඳම එක තෝරා ගැනීමට අපට ඉඩ සලසමිනි. දැන් පටන්ගත් කාර්යය දිගටම අද රාත්‍රිය පුරාවටත් කරගෙන යාමට වඩාත් හොඳ ද? එහෙම නැතිනම් දැනට වැඩය නතර කර හෙට පාන්දරම පටන්ගෙන ඉවරයක් කරන එකද හොඳ? මා ගැන සම්බන්ධ පුවත මගේ සහෝදරියකට කතා කරලා දැනුම් දිය යුතු ද? මේ දෛනික රැගුම් කෙටුම්පත් දර්ශන, අනාගතයේ ගතකරන නිවාඩුවක් පිළිබඳ දවල් සිහිනවල සිට නව රොමැන්ටික සබඳතාවයක පිළිබඳ මවා ගැනීම් දක්වා හුදු මනස්සෘෂ්ටිය (විචිත්‍ර කල්පනාවන්) දක්වා උතුරා යයි.
මනස මෙලෙස නිදැල්ලේ පාවන්නට නැතිනම් පියාඹායන්නට සැලසීම අප තීරණය ගන්නා ආකාරයේ වැදගත් කොටසකි. මෙය විවිධ ඵලවිපාක සැබැවින්ම අත්විඳින්නේ නැතුව ඒවාට දක් විය හැකි චිත්තාවේග ප්‍රතිචාරයකන් ගැන සොයා බැලීමට අපට ඉඩ සලසා දෙයි. සැලසුම් කිරීමේදී සහ නවෝත්පාදන යෙදී ද පරිකල්පනය කාර්යභාරයක් ඉටු කරයි. ඔබගේ දර්ශන පථයට හසු වන සෑම (මිනිසුන් විසින් තනන ලද) වස්තුවක්ම, එය සැබෑවක් බවට පත්වීමට පෙර සිතින් මවාගෙන තිබුණකි. ආගමික සංවිධාන සහ සිවිල් ආයතන වල සිට මිල මුදල්, නීතිරීති සහ විද්‍යාව පවා දක්වා අපගේ වඩාත්ම සංකීර්ණ සමාජ ව්‍යුහයන් ගැන සිහින මැවීමට අපට අවකාශ සලසා දී ඇත්තේ පරිකල්පනය සිතුවිලි සදහා අප තුල ඇති අපරිමිත ධාරිතාවයයි.