කොරෝනා: සම්ප්‍රේෂණ දාමය බිඳදැමීම

Posted by

හරිදේ හරිහැටි දනගෙන ක්‍රියාත්මකවන්න

ආසාදනයක් නතරකරගන්නා හෝ අඩු තරමින් පමාකරගන්නා හෝ සෑම වාරයක දීම අප ලබන්නේ කුඩා හෝ ජයග්‍රහනයකි.

බොස්ටන් විශ්වවිද්‍යාලයේ වසංගතවේද විශේෂඥ  හෙලන් ජෙන්කින්ස්(Helen Jenkins – HJ) සහ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ වසංගතවේද විශේෂඥ  බිල් හැනේජ්(Bill Hanage – BH) සමග නිව්යෝක් ටයිම්ස් හි සියෝභාන් රොබට්ස්(Siobhan Roberts – SR) සිදු කළ දුරකතන සංවාදයක සහ විද්‍යුත් තැපෑල සම්මුඛ සාකච්ඡාවක කොටස්.

SR: මුලින්ම අපට කියන්න ඔය සම්ප්‍රේෂණ වෘක්ෂය කියන්නේ මොකක්ද?

HJ: සම්ප්‍රේෂණයක් ඇතිවන්න පුළුවන් එක් සම්බන්ධතාවක් හෝ කපා දැමුවොත් සිද්ධවෙන්නේ මොකක්ද කියලා ඕකෙන් සරලව පෙන්නුම කරනවා. මේ වගේ වෘක්ෂ  සමාන්‍යයෙන් වසංගතවේදීන් අඳින්නේ නැහැ. ඒත් මේ සංකල්ප වඩා හොඳින් අපි ජනතාව වෙත ගෙනියන්න ඕන.

BH: සම්ප්‍රේෂණය හසුකර ගැනීම සඳහා ජානවිද්‍යාව යොදා ගැනීම සම්බන්ධයෙන්  මගේ පර්යේෂණාගාරය ලොකු උනන්දුවක් දක්වනවා. අප සතුව දැනට තියෙන්නේ සරල සම්ප්‍රේෂණ වෘක්ෂයක්.  එහි එක පුරුකක් ඉවත් කරහම ඉවත් කෙරෙන්නේ ඒ පුරුකම පමණක් නොවෙයි. රෝග විභවයක් ඇති සියල්ල සහ ඉන් පැවත එන සම්බන්ධතා ද වෘක්ෂයෙන් ඉවත් කෙරෙනවා. ඉතින් අප ආසාදනයක් නතරකරගන්නා හෝ අඩු තරමින් පමාකරගන්නා හෝ සෑම වාරයක දීම අප සුලු හෝ ජයග්‍රහනයක් ලබනවා.

සම්බන්ධකයන් ගණන කලින්ම සීමා කිරීම බොහෝ ආසාදන වළක්වා ගැනීමට හැකිවෙතැයි දැක්වෙන සරල වෘක්ෂ රූප සටහන

HJ: මෙච්චර විශාල පිරිසක් කිසි ගාණක් නතුව ඔහේ තෘප්තිමත්ව ඉන්න එක මට අදහා ගන්න අමාරුයි. ඒ අය හිතන්නේ චීනයේ වූහාන්වල හරි ඉතාලියේ හරි වුනදේ මෙහෙ වෙන්නේ නෑ කියලයි. මිහිස්සු ප්‍රශ්නය ගැන බරපතල ආකාරයට හිතන්නේ නැති හන්දා ඒ අයවමත්, අනෙක් අයවත් අවදානමකට ලක් කරනවා.

ඒත් වෛරසය පැතිරයාම සීඝ්‍රයෙන් වැඩිවෙද්දී රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවිට පුද්ගලයන් හැටියට කළ හැකී දේවල් බොහොමයි.

BH: වූහාන්වලදී වගේම ගුවාන්ග්ෂූ වලදී සිද්ධවුණේ මොකක්ද කියන එක සංසන්දනය කරන එකෙන් ඇත්තටම පාඩමක් උගෙන ගන්න පුලුවන්.  දළ වශයෙන් නිව්යෝක් නගරයට සමාන වූහාන් නගරය වසා දැමුණේ  ආසාදන 495ක් වාර්තාවුණාට පස්සෙයි.  ඒත් අසල්වැසි  ගුවාන්ග්ෂූ වලදී ආසාදනයන් 7ක් වෙද්දී පාලකයන් ක්‍රියාත්මකවුණා.  ඒකෙන් ගුවාන්ග්ෂූ වල වසංගත චක්‍රය සම්පූර්ණයෙන්ම කළමණාකරගත හැකි තත්ත්වයට පත්වුණා. අප කවුරුත දන්නා විදිහට වූහාන්වල එය මුලුමනින්ම…

HJ: … විපත්තිදායකවුණා.

BH: ඒක රෝහල්වල අර්බූදයන්ට මගපෑදුවා. නිශ්චයාත්මක සත්කාර සඳහා ඉහළම  ඉල්ලුම හට ගත්තේ සීමාවන් පනවලා දළවශයෙන් මාසයක් පමණ ගියවිටයි.

අදාළ රූපය

අදාළ රූපය

 

SR: හරි, දැන් අපි එකිනෙකා අතර සමාජයීය වශයෙන් දුරස්තවෙමින් හෝ නිවස තුළටවී හෝ යම ආකාරයක නිරෝධායනයට්කට ලක්වෙන්න පටන් අරගෙන. ඉතින් උච්ච අවස්ථාව කවදා ඇතිවේවිද?

BH: මාසයකින් වෙන්න පුළුවන්, ඊට වඩා කාලයක් යන්නත් පුළුවන්. මට සංනිවේදනය කරන්න ඕන කාරණාව මේකයි: වෛරසයකට කළ හැකිදේ අපි දන්නවා. ඒක වූහාන්වලට කළ දේ.. දනට ඉතාලියට, ස්පාඤ්ඤයට කරනදේ අනික රටවලටත් කරනවා. ඉතින් අපි දැන්ම සූදානම් වෙන්න ඕන.

HJ: අපි සූදනම් වෙන්න පටන්ගන්න තිබුණේ මාස ගණනකට පෙර

SR: ඔය සීමාවන් කොච්චර කාලයක් අල්ලා ඉඳිවිද? කවදා ඒවා අහවර වේවිද? බාගද දීර්ඝකාලයක් යන්නත පුළුවන්

HJ: මේක මැරතන් එකක්, කෙටි දුර ධාවනයක් නෙවෙයි. මේක තරමක කාලයක් අල්ලා ඉඳීවි කියන කාරණාවට අපි හැමදෙනාම මානසිකව හැඩ ගැසෙන්න ඕන. අපට රෝගීනගේ සංඛ්‍යාව කළමණාකරනය කරගත හැකි මට්ටමකට බස්සා ගත්තොත් එතකොට පුළුවන් තත්ත්වය යළි ඇගැයීමකට ලක්කරන්න.

BH: වඩාත් ධරණීය පියවර ගත්යුත්තේ ආසාදන අවස්ථා අඩු මට්ටමක තියෙද්දී. මන්ද, සංඛ්‍යාව ඉහළ ගියහම ජීවිත බේරාගන්න තියන එකම ක්‍රමය සීමාන්තික මැදිහත්වීම්වලට යාමයි — ඉතාලියේ අපි දැක්කා වාගේ සියලු දේ වසාදැමීම්, හැමතැනම පොලීසිය යෙදවීම් දේවල් වාගේ.

කොරෝනා වෛරසය බොහෝ දෙනෙකුට අන්තරයාකර නැත: ඔබ වයස අවුරුදු 40කට තරමට වඩා අඩුනම් සහ ඔබට වෛද්‍යමය තත්ත්වයන් දෙකකට වඩා වැඩි නැතිනම් ඔබට බාගදා හොඳින් ඉන්න පුළුවන් වේවි. එත් ඒක අතිවිශාල සංඛ්‍යාවක් ආසාදන කිරීමට තරම් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙනසුලුයි(සම්ප්‍රේෂණීයයි). ඉතින් අතිවිශාල සංඛ්‍යාවක කුඩා කොටසක් කියන්නෙත් විශාල සංඛ්‍යාවක්. ඇත්තටම අපේ සෞඛ්‍ය සත්කාර සේවාවට දැරීමට අසීරු බරක්. දිගුකාලීනව සිදුවිය හැකි දේ පුරෝකතනය අසීරුයි. එත් වර්තමානයේ අපට කලහැකි දේ බොහෝයි. ඒකට වැඩිකොටම ඕන සාමන්‍ය දැනුම.

SR: මේ භාවකථනයකිරීමේ නොහැකියාව සහ අවිනිශ්චිතතාව අප අවුලට පත්කරන සුලුයි

HJ:අප ඇත්තටම යුද කාලයක අවස්ථාවට පැමිණෙමින් සිටිනවා. අප හැසිරෙන්න ඕන ඒ බව හිතේ තියාගෙනයි. වෙනසක් ඇතිකරන්න ඔබේ මහජන නියෝජිතයන්ට කියන්න, ඔබට හැකි හැමදෙයක්ම කරන්න. සෞඛ්‍ය සත්කාරක සේවකයන් තමයි අපේ ඉදිරිපෙල හේවායන්. අප ඔවුන්ව ආරක්ෂා කරගත යුතුයි. ‘යුදකලයක අවස්ථාවක්’ කීවාහම බයක් දැනෙන්න පුළුවන්.  ඒත් මෙය, පොදු සතුරෙකුට එරෙහිව අප සියල්ලන්ටම එකතු විය හැකි අවස්ථාවක්. එකිනෙකාට උදව්කිරීම සඳහා කරන දේවල් හරි වැදගත්. අපට එය ඵලදායීව යොදාගන්න පුළුවන් නම් අපට වඩාත් ශුභවාදීව හිතන්න පුළුවන්.

(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)

 

THE NEW YORKTIMES (March, 19) පුවත් පතෙහි පළවී ඇති You Can Help Break the Chain of Transmission යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.