කොරෝනා වෛරසය ඇත්තටම කොයි, කොයි තැන්වල තියෙන්න පුළුවන් ද?

Posted by

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

 ලොව පුරා ලොමු ඩැහැ ගන්වන වේගයෙන්  පැතිර යන නව කොරෝනා වෛරසය  ලෙස බහුලව හඳුන්වනු ලබන (SARS-CoV-2) වෛරසය ගැන අප කොයි තරම් අහලා කියවලා තිබුණත්, මෙම ගෝලිය වසංගතය හේතුවෙන් නිවෙස් වලට කොටුවී සිටින අපගේ සිත් වලට නැගෙන ප්‍රශ්න නම් අපමණයි. ඒවා තෝරා බේරා ගෙන වර්ග කරන කොට යම් යම් තේමාවන් ඉස්මතුවෙනවා. ඉන් ප්‍රධාන කාරණවක් තමයි මේ (SARS-CoV-2) කොයි කොයි තැන්වල හැංඟිලා ඉන්නවා ද? (හැංඟිලා නැත්තේ කොයිබ ද?) යන්න. විශේෂයෙන්ම, ඇඳිරි නීතිය ඉවත් කළ විටත් ඒ වගේම, එක එක අවශ්‍යතා සඳහාත් නිවසින් බැහරව ගිහින් ආපහු එද්දීත් අපේ ඇඳුම්වල, අපේ සපත්තු සෙරෙප්පුවල, පත්තර සඟරාවල එහෙමත් නැතිනම් ගෙදර අරගෙන එන බඩුබාහිර ආදිය එක්ක අපි නොදැනුවත්ව හෝ මේ වෛරස මාරයාවත්  කැඳවාගෙන එනවාද යන්න. අපට ඒවෙලාවට හිතට දැනෙන්නේ බියක්. සැකයක්. හැබැයි ඉතින්, පරෙස්සම් වීමේ කිසිම අඩුවක් සිදු නොකළ යුතු වුවත්, මෙ ලිපිය කියවීමෙන් ඔබේ හිතට සහනයක් ඇතිවෙන බව අපට විශ්වාසයි. කියවන්න අද මුල් කොටස. හෙට ඉතිරිය.    

ඇත්තෙන්ම මම වෙළඳපොළට ගිහින් ගෙදර ආ විගස මා ඇද සිටින ඇඳුම් මාරු කොට  ස්නානය කළ යුතුද ?

අප බොහෝ දෙනෙක් ගත්තොත්, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ඒ වගේම  සිල්ලර වෙළඳසැලකට හෝ ෆාමසියකට ඉඳහිට ගිහින් එන මිනිසුන්. ඉතින් අපි වගේ අය  ආපසු ගෙදර ආ විට ඇඳුම් මාරු කිරීම හෝ ස්නානය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්  නොවන බවයි මෙම වෛරසය සම්බන්ධ විශේෂඥයන්ගේ අදහස. කෙසේ වෙතත්, ඔබ සැමවිටම අත් සේදිම නම් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ආසාදිත පුද්ගලයෙකුගේ කිවිසුමක් හෝ කැස්සක් හරහා වෛරස බිඳිති සහ කුඩා වෛරස අංශු වාතය හරහා පැතිරී  යන  බව දැන් කවුරුත් දන්නා සත්‍යයක්.  ඒවායින් බොහොමයක් වැටෙන්නේ බිමටයි.

අධ්‍යයනවලින් පෙනී යන්නේ සමහර කුඩා වෛරස් අංශු පැය භාගයක් පමණ වාතයේ පාවී යා හැකි නමුත් ඒවා ඇතැම් කුඩා කෝදුරුවන් හා කුඩා මදුරුවන්  මෙන් රංචු ගැසී රොද නොබදින අතර  ඔබේ ඇඳුම් සමඟ ගැටීමටද ඉඩක් නොමැති බවයි. වර්ජිනියා ටෙක් හි එයරසෝල විද්‍යාඥයෙකු වන ලින්සි මාර් පැවසුවේ, “ටික වේලාවක් වාතයේ පාවීමට තරම් මෙම කුඩා වෛරස බිඳිති සමත් වුවද  වායුගතික විද්‍යාව අනුව ඒවා ඇඳුම් මත තැන්පත් වීමට ඉඩක් නොමැති බවයි”. එමෙන්ම ඔබේ ශරීරය හා ඇඳුම් වටා වාතයේ කැරකෙමින්, එහේ මෙහේ යමින් පැවතිය හැකි අන්දමට මෙම කුඩා වෛරස් බිදිති හා අංශු කුඩා බවද ඔහු සදහන් කළා.

කුඩා ජල බිඳිති සහ වෛරස් අංශු සාමාන්‍යයෙන් අපේ ඇඳුම් මතට නොපැමිණෙන්නේ ඇයි? යන ප්‍රශ්නයත් සමගම අපි සියල්ලන්ටම වායුගති විද්‍යාව පිළිබඳ කුඩා දැනුමක් ලබා දෙන අන්දමින් මේ ගැන තවදුරටත්  විස්තර කරන්නැයි  ලින්සි මාර්ගෙන් ඉල්ලා සිටියා.

“එය විස්තර කිරීමට ඇති හොඳම ක්‍රමය මට හිතෙන්නේ මෙහෙමයි: මිනිසුන් එහ මෙහා යන්නේ ඉතා සෙමින් නිසා, ඒ හා සමග  වෛරස් අංශු හා බිදිති පුද්ගලයන් වටා ඇති වායු ධාරා හෝ වාත ප්‍රවාහයන් අනුගමනය කරනවා.   එය හරියට  සෙමින් ගමන් කරන මෝටර් රථයක් වටා ගලායන වායු ධාරාවන්හි ඇති  දූවිලි අංශු හා කුඩා කෘමීන්ගේ හැසිරීමට සමාන හැසිරීමකි. එහෙත් මෝටර් ‍රථය  හදිසියේම වේගයෙන් ගමන් කරන්න පටන් ගත්තොත් නම් (දූවිලි අංශු හා කුඩා කෘමීන්) රියෙහි වාමුවාවේ  හැපී ඒ මත පතිත වෙන්න හැකියාව තිබෙනවා. නමුත් මේ ආකර දෙයක් වෙන්න  මිනිසුන් සාමාන්‍යයෙන්  ඔවුන් වටා තිබෙන වාත ප්‍රවාහයන් හි අඩංඟු වෛරස් අංශු ඇදුම් වල ගැටීමට තරම් වේගයෙන් ගමන්   කරන්නේ නැහැනේ” යි වෛද්‍ය මාර් තවදුරටත් පවසනවා . “අපි ගමන් කරන විට,  වාතය අපි ගමන් කරන පථයෙන් ඉවතට තල්ලු වෙන අතර, බොහෝ වෛරස් බිඳිති හා අංශු ද ඒ සමගම  ඉවතට තල්ලු වෙනවා.

ඔබ අසල සිටින කවුරුහරි පුද්ගලයෙකුගෙන්   වෛරස් බිදිති හා අංශු ඔබගේ ඇදුම් මත තැන්පත් වෙන්නට නම් අසල සිටින එම තැනැත්තා ඉතාමත් වේගයෙන්, තදින්, කෙල විදිමින් කතා කරන්නට හෝ කිවිසුම් හෝ කැස්ස තදින් පිටතට මුදාහරීඉන්න ඕන. එසේම ඒවා තැන්පත් වීමට නම් වායු ධාරා අනුව නොයන තරමට  බිදිති  විශාල විය යුතුයි”.

ඉතින්, ඔබ කඩ සාප්පු වෙළෙඳසල් වෙත ගිහින් සිටිද්දී කවුරුහරි ඔබ අසල සිටින්නෙක් කිවිසුම් යවයි නම් හෝ පෙර කී ලෙස කතා කරයි නම් ඔබට බොහෝ විට ගෙදර ගොස් ඔබගේ ඇදුම් වෙනස් කිරීමට සහ ස්නානය කිරීමට සිදු වෙනු ඇත. එහෙම නැතුව නම්, ඔබේ මන්දගාමී සංචරණය හේතුවෙන් ඔබේ ඇඳුම් වලින් වාතය සහ වෛරස් අංශු ඉවතට තල්ලු වෙන නිසා බයක් ඇතිකර ගන්න උවමනාවක් නැහැ. ඉතින් ඒක සරල භෞතික විද්‍යාත්මක සිදුවීමක ප්‍රතිඵලයක්”.

කෙටියෙන් කියනවා නම ඔබ ගමන් කරමින් සිටින විට, වාතයේ සැරිසරමින් සිටින වෛරස අංශු සහ බිඳිති ඇවිත් ඔබේ ඇදුම්වල එල්ලෙන්නේ නැහැ. ඒත් ඔබ බැහැරට ගොස් සිටින විට සමාජ දුරස්ථභාවය ආරක්ෂකර නොගෙන, මුහුණු ආවරණයක් පැළඳ නැති අයෙකු කැස්ස, කිවිසීම පමනක් නොවෙයි කෙළ විදිමින් කතා කරන්නේ නම් ඔබේ ඇඳුම් වල වෛරස අංශු සහ බිඳිති  පතිතවන්න පුළුවනි.

වෛරසය මගේ හිසකෙස් හෝ රැවුල තුළ තැන්පත් වීමේ අවදානමක් තිබෙනවා ද?

ඉහත දක්වා ඇති සියලු හේතු නිසා, ඔබ සමාජ දුරස්ථභාවයේ යෙදී සිටින්නේ නම් ඔබේ හිසකෙස් හෝ රැවුල මත වෛරස් තැන්පත්වීම  ගැන කරදර වෙන්න ඕන නැහැ. ඒ වුණාට කවුරුහරි ඔබේ හිස පිටුපස සිට කිවිසුම් යවනවා නම් පවා,  ඉන් ඔබේ හිසකෙස් මතට වැටෙන ඕනෑම වෛරස් බිඳිත්තක් වෛරසය ආසාදන විය හැකි මූලාශ්‍රයක් වෙන්නට පුළුවන් .

වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශාන්ත ලුවී ළමා රෝහලේ, ළමා බෝවන රෝග පිළිබඳ උපදේශක වෛද්‍ය ඇන්ඩෲ ජැනොව්ස්කි පවසන්නේ මෙහෙමයි: “ ඔබ සිතා බැලිය යුතු වන්නේ යමෙකු මෙම වෛරසයෙන් ආසාදනයට ලක් වීමට නම් කුමක් සිදුවිය යුතුද යන්න පිළිබඳවයි. ඔබට සමීපව කිවිසුම් යන අයෙක් සිටීනම් ඔවුන්ට කිවිසුම් යාමේ දී ඔබට වෛරසය ආසාදනය වීමට කිවිසුම් හරහා එළියට එන බිදිති වල වෛරස් අංශු සැලකිය යුතු ප්‍රමාණයක් තිබිය යුතු වෙනවා. එමෙන්ම  ඔබගේ ඇදුම් හා ශරීරය මතට  බොහෝ වෛරස් බිදිති ප්‍රමාණයක් වැටී තිබිය යුතුද වෙනවා. ඉන්පසු ඔබ එම වෛරස් බිඳිති වැටී ඇති ඔබගේ හිසකෙස් හෝ ඇඳුම්වල අදාළ එම ප්‍රදේශ ස්පර්ශ කළ යුතුද වෙනවා. පසුව ඔබේ මුහුණේ ඕනෑම කොටසක් ස්පර්ශ කිරීම හරහා වෛරසය ඇතුළු වෙන්නට පුළුවන් . මෙලෙස වෛරස්  සම්ප්‍රේෂණය  සිදුවීම් මාලාවක් ඔස්සේ තමයි සිදු වන්නේ. ඒ නිසා තමන්ගේ ඇදුම් හරහා වෛරසය පැතිරීම ගැන  අඩු අවදානම් තත්වයක් තිබෙන බව කිවහැකිය ” යි  ඇන්ඩෲ ජැනොව්ස්කි පවසනවා.

මගේ එදිනෙදා රෙදි සේදීම සහ අඳින්නේ මොකක්ද කියලා තෝරන එක ගැන මම විමසිලිමත් විය යුතු ද? මගේ රෙදි ගසා දැමිම තුළින්  වයිරස් අංශු හුළඟට බැහැර කර දැමිය හැකිද?

එම ප්‍රශ්නයට පිළිතුර රඳා පවතින්නේ ඔබ නිතිපතා රෙදි සෝදන කෙනෙක්ද නැති නම් රෝගියෙක් හමු වුණොත් පමණක්  ඔබ (ඇඳුම්) ශුද්ධපවිත්‍ර කරනවාද යන්න මතයි.

නිතිපතා කෙරෙන ඇඳුම් සේදීම ගැටළුවක් විය යුතු නැහැ. සාමන්‍යයෙන් කරන අන්දමට සේදීම කරන්න. මිනිසුන්ට බඩේ රුදාව, වමනය, පාචනය ආදිය ඇතිකරවන නොරෝ වෛරසය(norovirus) වැනි ඇතැම් වර්ගවල වෛරස සෝදා පිරිසිදු කිරීමට වෙහෙසක් දරන්න ඕන.

නව කොරෝනා වෛරසය, අප දන්නා ෆ්ලූ වෛරසය වගේම  මේදමය පටලයකින් ආවරණය වෙලා තියෙන වෛරසයක්. සබන්, වෛරසයේ මේ පටලයට හානිකරයි. මුලින්ම අපි හිතන්න ඕන වෛරස  ඔබේ ඇඳුම් මත තිබෙණවාද කියලා.(එහෙම තියෙන්න පුළුවන්ද කියලා දැනගන්න පුළුවන් කලින් දී ඇති පිළිතුරුවලින්). ඒ ඒ ඇඳුම් සඳහා ඒවායෙ නිෂ්පාදකයන් දී ඇති උපදෙස් අනුව යමින්  සාමාන්‍ය සේදුම් කාරකාරක වලින් සෝදා ගත හකියි. ඉන් පසුව  වියලනය  දමා වේලනව. ඇඳුම්වල වෛරස තිබුණා වුණත් ඒව ඉවත් කරන්න ඒ හොඳටෝම ඇති.

අපි දන්නවා (බිඳිතිවලින්) වෛරස අංශුවලට අපගේ ඇඳුම්වල තැන්පත් වෙලා අපෙ චලනය සමග සෙලවී ගොස් වාතයට එක්වන බව. ඒත් එහෙම වෙන්න නම් , සාමාන්‍ය පුද්ගලයෙක් එළිමහනෙ ඇවිදින්න යෑමෙන් හෝ සිල්ලර කඩයකට යෑමෙන් එම පුද්ගලයාගේ ඇඳුම් වලට තැන්පත් වන වෛරස ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙන්න ඕන බව මාර් පෙන්වා දෙනවා.

ඒ හැරුණු විට වෙනස් තත්ත්වයක් ඇතිවන්නේ ඔබ රෝගී පුද්ගලයෙක් හ ඇසුරු කරන  අවස්ථාවන්වලය. ඇමරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ   මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention) නිර්දේශ කරන්නේ, එවැනි අවස්ථාවවල  පවිත්‍ර කිරීමේදී අත් ආවරණ පැළඳිය යුතු බවය. එමෙන්ම සේදීමට ඇති ඇඳුම් සහ ඇඳ ඇතිරිලි සෙලවෙන ආකාරයෙන් එහා මෙහා කිරීමෙදී සැලකිලිමත් විය යුතු බවයි.  සේදීම සඳහා හකි තරම් උණුසුම් ජලය යොදා ගන්න.  ඉන් අනතුරුව හොදින්  වියළා ගැනීමත් සිදු කිරීම අවශ්‍යවෙනවා. ඔබ රෙදි සේදීමේදී රෝගී පුද්ගලයකුගේ රෙදි  හා නිවසේ සාමාන්‍ය කිලිටි රෙදි සමඟ මිශ්‍රවෙන්නට හැරියාට කමක් නැහැ.   නමුත් එම රෙදි සියල්ල සේදීමට පෙර යම්කිසි වේලාවක් තැබීමෙන් වෛරස වියළී යෑමෙන් සහ හායනයවීමෙන් විනාශවියහැක.  මාර් පවසනනේ “අපි දන්නා අන්දමට ලෝහ සහ ප්ලාස්ටික් වැනී දෘඪ  පෘෂ්ඨ මත දී ට වඩා රෙදි  වැනි මෘදු පෘෂ්ඨ මතදී  වෛරස ඉක්මනින් විනාශ වී යනවා”.

ඇඳුම් හෝ අනෙකුත් පෘෂ්ඨ මත වෛරසයකට කොපමණ කාලයක් සජීවීව පවතිය හැකිද? මේ ප්‍රශ්නය සහ ඒ වගේ අපෙ හිතට නැගෙන  තවත් ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු හෙට මෙම පිටුවෙන්. නොවැරදීම කියවන්න.

 

 The New York times හී පළ වූ Is the Virus on My Clothes? My Shoes? My Hair? My Newspaper? යන ලිපිය ඇසුරෙන් සැකසිණ.
පරිවර්තන දායකත්වය: චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්, කුසල් සෙනරත් බණ්ඩාර සමග අරුන්දි ජයසේකර(Thathu Creators)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.