Covid 19: වැක්සීනයකට නම් තව බොහෝ කාලයක් ගතවේවි

Posted by

Covid 19: වැක්සීනයකට නම් තව බොහෝ කාලයක් ගත වේවි

 

අත්හදාබලීම් සිදුකෙරෙමින් පවතින  නමුත් මේ අර්බුදයෙන් අපව දැන්මම ගොඩ දැමීමටහැකි වැක්සීනයක් ගැන එතරම් බලාපොරොත්තු තැබිය නොහැකිය.

අත්හදාබැලීමේ පදනමක් මත තැනූ කොරෝනා වෛරස වැක්සිනයක ආරක්ෂා සහිත බව පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක කොටසක් ලෙස ප්‍රථම ස්වෙච්ඡා දායකයාට එන්නතක් ලබාදීම ගැන එක්සත් රාජධානියේ පුවත්පත් බොහෝමයක විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි. මෙය වසරක් ඇතුළත වැක්සීනයක් සූදානම් කිරීමට මග පෑදෙනු ඇතැයි කියා සිටිනු ලැබුවද එය ඒ ආකාරයෙන්ම සිදු වීමට තිබෙන අවස්ථාව අඩුය. කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් සිදු කරන මෙම අත්හදා බැලීමට අන්තිමේ දී වැඩිහිටියන් 1,100ක් සම්බන්ධ වෙනු ඇත. අත්හදා බලන වැක්සිනය ලැබෙන්නේ මෙයින් අඩකටය. ඉතිරියට, පාලක කණ්ඩායමක් හැටියට, ලැබෙන්නේ මෙනින්ජයිටිස් වැක්සිනයකි.

        First patients injected in UK vaccine trial

කොරෝනා වෛරසයට එරෙහිව අත්හදා බලන මෙම වැක්සිනය කොතරම් දුරට ඵලදායි දැයි සොයා බැලීම පිණිස අගෝස්තුව තරම් වේලපහ කාලයකදී පර්යේෂණ සිදු කිරීමට  අත්හදා බැලීම සිදුකරන කණ්ඩායම බලාපොරොත්තු වේ. මේ වසර අවසානය වෙද්දී වැක්සිනය පොදු පරිහරණයට සූදානම් කළ හැකිය යන විශ්වාසය මින් ඇති කෙරෙන අතර  එවිට සමාජය දුරස්ථභාවය රැකීමේ දැඩි ක්‍රියාමාර්ග  වලින් රට ඉවත් වන්නේ කෙසේද යන අසීරු ප්‍රශ්නයට පිළිතුර බවටද  මෙය පත්විය හැකිය.

අවාසනාවකට මෙන් මෙම බලාපොරොත්තු රඳවා ඇත්තේ වැරදි පදනමක් මතය. ටෙක්සාස්, හූස්ටන් හි බේලර් වෛද්‍ය විද්‍යාලයේ වැක්සීන සැලසුම් විශේෂඥ මාටියා බොටාසි කියා සිටින්නේ මේ කාල සටහන යථාර්ථවාදී නොවන බවයි. අත්හදාබැලීමේ මුල් අධියරයෙදී සියල්ල සැලසුම් කළ  ආකාරයටම සිදු වූණේ වී නමුත් වැක්සීනය, කොතරම් හොඳින් Covid19 න් ජනතාව ආරක්ෂා කරන්නේද එමෙන් ම වැක්සීන ලබා දුන් පුද්ගලයෙකු අනතුරුව වෛරසයට නිරාවරණය වූ විට යම් අතුරු ආබාධ ඇති කරන්නේද යන්න නිර්ණය කිරීම පිණිස පර්යේෂකයනට කාලය අවශ්‍ය බව බොටාසි පෙන්වා දෙයි.

 

හොඳම තත්ත්වයන් යටතේ සලකා බැලූවත් වැක්සිනයක් බහුලව ලබාගත හැකි වීමට තවත් මාස 12 සිට 18 දක්වා කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි සැලකේ

වැක්සිනය ආරක්ෂා සහිතය, එමෙන්ම ඵලදායීය යනුවෙන් සනාථ කිරීමට තව කාලයක්ම ගතවේ. චිකිත්සාගාර නැතිනම් සායනික අත්හදා බැලීම් වලට එළඹීමට පෙර සාමාන්‍ය අත්හදාබැලීම් මට්ටමේ වැක්සිනයක් අන්තිමේදී වෙළඳපොලට පිවිසීම සඳහා  ඇත්තේ 6%ක අවස්ථාවක් පමණක් ඇති බව 2013 අධ්‍යයනයකින් ගණන් බලා තිබුනි. එයිනුත් සායනික අත්හදාබැලීමේ මට්ටමට පැමිණෙන ඒවා සාර්ථක වීමේ සම්භාවිතාව 33.4%ක් වෙතැයි 2019 විශ්ලේෂණයක් දක්වයි.

කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක වුවත්, වඩි (doses) මිලියන සිය ගණනක පරිමාණයකින් නිෂ්පාදනය ඉහළ දැමීමේ ගැටලුව පවතින බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි. “මෙය තමයි ක්‍රියාදාමය හිරකරන පටුදොර” යනුවෙන් ඇය සඳහන් කරයි.

හොඳම තත්වයන් යටතේ සලකා බැලූවත් වැක්සිනයක් බහුලව ලබාගත හැකි වීමට තවත් මාස 12 සිට 18 දක්වා කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි බොටාසි අදහස් කරයි. එසේ හැකිවීමම පවා කැපී පෙනෙන ජයග්‍රහණයක් වනු ඇත.

1998ත් 2009ත් අතර  කාල වකවානුව තුල සාමාන්‍ය වශයෙන් වැක්සිනයක් වැඩිදියුණු කිරීම සඳහා ගතවන කාලය වසර 10.7ක් බව (පෙර කී) 2013 අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේය. මෙය, එක්තරා මට්ටමකට වේගවත් කළ හැකිය  —  ඉන් අනතුරුව ආ ඉබෝලා වැක්සීන නිපදවීමට ගත වී ඇත්තේ වසර පහක් පමණය. එය වැක්සිනයක් නිපදවීමට මෙතෙක් ගතවී ඇති අඩුම කාලයයි. එහෙත් මෙය මාස 18 ක් තරම් සුළු කාලයක් දක්වා අඩු කරගැනීමට නම් වැක්සීනය වර්ධනය කිරීමේ ක්‍රියාදාමයෙහි අනෙක් ඊළඟ පියවරවල්, ඊට පෙර පියවර අවසන් කිරීමට පෙර ක්‍රියාත්මක කළ යුතු බව බොටාසි පෙන්වා දෙයි. වැක්සීනය සාර්ථක නොවුවහොත්  ආයෝජනයේ සැලකිය යුතු හානියක් ඇතිවීමේ අවදානම වැඩි කරන අතර (වැක්සීනයේ) ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නද මතු කරනු ඇත.

කොරෝනා වෛරසයට එරෙහිව, වැක්සීනයක ආරක්ෂාව ලබාදීමට  හැකි වෙතැයි  යන්න ගැනම පවා යම් සහතිකයක් දීම දුෂ්කරය

මුල් අත්හදා බලීම් මට්ටමේ සිට මහා පරිමාණයෙන් වැක්සීනයක් නිපදවීම සඳහා වූ  ක්‍රියාමාර්ගය වේගවත් කිරීමේදී මහජනයාට වැක්සීනය ලබාදීමට පෙර, (වැක්සීනය)අත්හදා බලන ස්වේච්ඡාදයකයන් අතරේ දිගුකාලීනව ඇතිකරන  බලපෑම් මොනවා දැයි සොයා බැලීමට පර්යේෂකයන්ට එතරම් කාලයක් නොලැබේ.

How the coronavirus vaccine works: The vaccine is made from a weakened version of a common cold virus (known as an adenovirus) from chimpanzees that has been modified so it cannot grow in humans. Scientists then added genes for the spike surface protein of the coronavirus. This should prompt the immune system to produce neutralising antibodies, which would recognise and prevent any future coronavirus infection.

නව වැක්සීනය පිළිබඳ කටයුතු වේගවත් කරනු වස් එක්සත් රාජධානියේ සෞඛ්ය අමාත්ය මැට් හැන්කොක් අප්‍රියෙල් 21 දා  ප්‍රකාශ කර සිටියේ නිෂ්පාදන හැකියාව වැඩි කිරීම පිණිස රජය මුදල් යොදවන බවයි.  ඔක්ස්ෆර්ඩ් වැක්සීනය හෝ ලන්ඩන් ඉම්පීරියල් කොලිජිය පරීක්ෂාවට ලක් කරමින් සිටින තවත් වැක්සිනයක් හෝ සාර්ථක වෙතැයි යන්න අපේක්ෂාවයි.

මේ ආකාරයේ පියවර අනෙකුත් ස්ථානවල ක්‍රියාත්මක වෙමින් පවතී. (යෝජිත) වැක්සීන නිෂ්පාදන  ප්‍රයත්න හතක නිෂ්පාදන ධාරිතාව ගොඩනැංවීම සඳහා තමන් උපකාර කරන බව බිල් ගේට්ස් කියාසිටී. මේ උපාය මාර්ග හේතුවෙන් ඩොලර් බිලියන ගණන් පාඩු වෙතත් කාලය ඉතිරි කර ගැනීමට හැකිවන බවයි ඔහුගේ අදහස.

වර්තමානයේ කොරෝනා වෛරසය සඳහා වැක්සිනයක් නිපදවීමේ ප්‍රයත්න 100ක්, විවිධ මුල් අවස්ථාවන් හී පවතී. පරීක්ෂණ පවත්වන්න පවත්වන්න, ආරක්ෂා සහිත මෙන්ම ඵලදායිව වැක්සීනයක් සොයා ගැනීමේ අවස්ථාව වැඩි වේ. එය එසේ වුවද කොරෝනා වෛරසයට එරෙහිව, වැක්සීනයක ආරක්ෂාව ලබාදීමට  හැකි වෙතැයි  යන්න ගැනම පවා යම් සහතිකයක් දීම දුෂ්කරය.

වර්තමාන අර්බුදයෙන් ගොඩඒමට වැක්සීනයක් නිපදවීම, උපායමාර්ගයක් නොව අපේක්ෂාවක් පමණකි

මේ නව වෛරසයට අපගේ ප්‍රතිශක්ති පද්ධතිය මුහුණ දෙන්නෙ නැතිනම් ප්‍රතිචාර දක්වන්නේ  කොහොමද. ඒ වගේම ඊට එරෙහි(වෛරසයට එරෙහි) දිගු කාලයක් පවතින ප්‍රතිශක්තියක් ගොඩනැගිය හැකිද යන්න ගැන අප නොදන්නා දේ එමටයි.  වැක්සීනයක් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජයට කළ හැකි සියල්ල ඉටු කරන බව හැන්කොක් ඇමති කියයි.

එහෙත් එවැන්නක් නිපදවීමට ගතවන කාලය සලකන විට තමන් මුහුණ පා සිටින වර්තමාන අර්බුදයෙන් ගොඩඒමට වැක්සීනයක් එනතුරු බලා සිටීමට ලෝකයේ රටවලට නොහැකිය. ඇතමුන් දක්වන අන්දමට එවැන්නක්(වැක්සීනයක්) නිපදවීම, උපායමාර්ගයක් නොව අපේක්ෂාවක් පමණකි. වැක්සීනයක් පිළිබඳ අප සිතා බැලිය යුත්තේ යථාවාදීව ය. එහෙත් එවැන්නක් නිපදවීමට උත්සාහ කළ යුතු නැතැයි ඉන් නොකියවේ. ඒත් එවැන්නකට බොහෝ කල් යා හැක. එතෙක්,  වරින් වර නැගී ආ හැකි ආසාදන රැලිවලට වලට මුහුණ දීම උදෙසා ආසාදිත පරීක්ෂණ පුළුල්ව සිදු කිරීම,  සම්බන්ධක ගවේෂණය(contact tracing),  නිරෝධායනය වැනි පියවර උපයෝගී කරගැනීමට අපට සිදුවේ.

New Scientist(2nd May, 2020) සඟරාවෙහි පළවන A vaccine is still a long way off  නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.