සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණික විපර්යාස හැදින්වීම

දේශගුණික විපර්යාස හැදින්වීම

දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ආදී කරුණු කාරණා ගාම්භීර සහ තෙරුම්ගැනීමට අපහසු දෙවල් ලෙස බොහෝ දෙනා හිතනවා. ඒත් , ඒ නමුත් ඒවා ගැන එහෙම හිතන්න ඕනෑ නැහැ. කැමැත්තක්,  උනන්දුවක් තියනවා නම් ඒවා ගැන අපට දැන උගෙන ගන්න පුළුවනි

ලෝකයේ දේශගුණය දැඩි ලෙස වෙනස්වීම්වලට හෙවත් විපර්යාසයන්ට භාජනය වී  ඇති බවට විද්‍යාඥයන්ගේ වාර්තා වල සදහන් කර තිබෙනවා. එම වෙනස්කම් බොහෝ ජීවමාන සහ ජීවමාන නොවන  දේවලට බලපෑමක් ඇති කර තිබෙනවා.

explain global warming

ලෝකයේ තිබූ  සමහරක් උණුසුම් ස්ථාන දැන් සීත ප්‍රදේශ බවට පත්වී ඇති බව අපට පෙනෙනවා., ඒ විතරක් නොවෙයි සමහරක් සීත ස්ථාන දැන් ඉතා සීත හෝ ඉතා උණුසුම් ස්ථාන බවට පත්වී ඇති බවත් දැකිය හැකියි(මෙයගෝලීය උණුසුම්වීම කියා හැදින්වෙනවා). උදාහරණයක් ගමු.

1901 සහ 2012 අතර කාලය ඇතුලත, ලෝකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0.89(0.89°C)න් වැඩිවී ඇත කියා විශ්වාස කෙරෙනවා. 20 වන ශතවර්ෂයේ මුල සිට උත්තර අර්ධ ගෝලයේ මධ්‍ය අක්ෂාංශවල වර්ෂාපතනයේ ප්‍රමාණයත් වැඩිවී තියෙනව. ඒ විතරක් නොවෙයි, ගෝලීය මුහුදු මට්ටම් ද සෙන්ටි මීටර 19 (19cm) කින් වැඩිවී ඇත්තේ මීට අමතරව  තවත්   විශාල වශයෙන් ග්ලැසියර දියවීමත් එක්කමයි.

සමහරක් පුද්ගලයන්, මෙ වැනි දෙවල් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන බව පිළිගන්නේ නැහැ. එපමණක් ද නොවෙයි  ඒවා සියල්ල, ජනතාව අතර අස්ථාන භීතියක් ඇතිකිරීමේ අරමුණින් ඉදිරිපත් කරන දේශපාලනික කාරණා  වගේම අසත්‍යකතා යයි ඔවුන් කල්පනා කරනවා.

ඉතින් ඒවා කෙසේ වුනත්,  අපි මේවා ගැන තවත් දැනගෙන මේ ව්‍යකුලත්වය අතරින් මතුවෙන  සමහරක් හොඳ කරුණු සලකා බැලීමෙන් අපගේ මේ ලෝකය ජීවත් වන්නට හොඳ තැනක් කීරීමට ඒවා යොදා ගන්න පුළුවනි.

වෙන් වෙන් වශයෙන් හඳුනා ගමු

දේශගුණ විපර්යාස  යනුවෙන් අර්ථ දක්වන්නේ  උෂ්ණත්වය, වර්ෂණය(precipitation), සුළං සහ තවත් සාධක ඇතුලුව  දේශගුණ රටාවල ඇතිවන සාමාන්‍ය වෙනස්කම්ය.

ගෝලීය උණුසුම්වීම(ඒ වගේම ගෝලීය සිසිල්වීම) ලෙස හදුන්වන්නේ  පෘථිවිය මතුපිට  තිබෙන මධ්‍යක උෂ්ණත්වයේ ඇතිවන වෙනසයි. මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ.

දේශගුණ විපර්යාසය කියන්නේ, මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලින් ඇතිවන ඍජු  හෝ වක්‍ර බලපෑම නිසා සිදුවන   යම් කිසි කාල ඡේදයක් ඇතුළත නිරීක්ෂනය කරනු ලැබූ සහ අනෙකුත් කාලඡේද හා සංසන්දනාත්මකව  ගෝලීය වායුගෝල සංයුතියේ ඇති වෙන විපර්යාසයන් වේ.

දේශගුණ විපර්යාසය තවත් හොඳින් තේරුම් ගැනීමට උදව්වෙන සමහර පද කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

 

දේශගුන විපර්යාසයට අදාල වැදගත් පද කිහිපයක්

දේශගුණය

යම්කිසි ස්ථානයක, කිසියම් කාලයක් තුළ ඇතිවෙන  කාලගුණික සිදුවීම් සියල්ල මෙයින් විස්තර කෙරෙනවා. ඒ තමයි එකි ස්ථානය නැතිනම් ප්‍රදේශය සඳහා සාමන්‍ය කාලගුණ තත්ත්වය. අප ජීවත්වන යම්කිසි තැනක් කෙබඳු ද කියලා අපට කියන්නේ දේශගුණයයි.

උදාහරණයකට ගත්තොත්, කැමරූන් (Cameroon),  ඝානාව සහ ලිබියාව  වගේ රටවල් අෆ්‍රිකාවේ  නිවර්තන තෙත් කලාපයේ තියෙන රටවල්. අවුරුද්ද පුරාවටම හිරු රැසින් පිරි, උණුසුම්  සහ තෙත් කාලගුණයක් දක්නට ලැබේනවා. නමුත්, එම රටවල් වල ඒ ඒ නගරවල සහ ඒ ඒ ගම්වල  දවසින් දවසට වෙනස් වෙන්න පුළුවන් කාලගුණ තත්ත්වයක් දක්නටත් පුළුවන්.

මෙන්න දේශගුණය  ගැන නිර්වචනයක්(සංස්කාරක):

“කාලගුණික තත්වයන් දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා පොදු නිගමනය දේශගුණයයි.”

කාලගුණය

කාලගුණය අප අවට සැමතැනකම දැකිය හැකියි. ඔබ උදෑසන අවදිවනවිට ඔබ දැනුවත් වෙන පළමු දෙය කාලගුණය වෙන්න පුළුවනි. යම්කිසි තැනක, යම්කිසි (සුළු) කාලයක් තුල ඔබ ජීවත් වන ස්ථානය අවට එළිමහනේ සිද්ධවෙන්නේ කුමක් දැයි කාලගුණය මගින් අපට පැහැදිලි කරගන පුළුවනි. කාලගුණය යම් කිසි සුළු වේලාවක් ඇතුළත ලොකු ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවනි. උදාහරණයට, උදේ වරුවේ අව්වයි, දිවා කාලයේ වැස්සයි, ඉර බැසයන අවස්ථාවි මද අව්වක් සහ රාත්‍රී කාලයේ ආයෙත්  තද සුළං ඇතිවන්න පුළුවනි.  ඕනෑ කිසියම් තැනක  වර්ෂාපතනයෙහි,  උෂ්ණත්වය සහ සුළඟෙහි දිනපතා ඇතිවෙන වෙනස්කම් කාලගුණයට අඩංගු වෙනවා..

මෙන්න  කාලගුනය ගැන නිර්වචනයක්(සංස්කාරක):

“කාලගුණය යනු කිසියම් මොහොතක කිසියම් ස්ථානයක පවතින වායුගෝලයේ තත්වයයි.”

හරිතාගාරය(greenhouse)

අපි දැනගත යුතු තවත් වචනයක් තමයි “හරිතාගාරය”. ඔබ කවදා හරි හරිතාගාරයක් දැකලා තිබෙනවා ද? සමහරක් රටවල්වල, ජනයා බෝග වගාකරන්න කුඩා වීදුරු ගෙවල් වගේ ඒවා තනනවා. ඒවා සාදා ඇත්තේ වීදුරු හරහා එන සූර්ය තාපය ඒ කුඩා ගෙදරින් ඉවත්ව යාම වළකා රඳවා තබා ගැනීමටයි. මේ කුඩා ගෙවල් නැතිනම් ශාලාවල් හඳුන්වන්නේ ‘හරිතාගාර’ නැතිනම් ගිම්හල් යනුවෙනුයි. දේශගුණය ගැන උගෙනීමෙ දී මේ හරිතාගාරවල ස්වරූපය වගේම ක්‍රියාකාරිත්වය වැදගත්. අපි ලබන සතියේ ඒ ගැන තවදුරටත් කතා කරමු.

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Introduction to Climate change කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ: චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: