නූතන මානවයන්ට නියැන්ඩර්තාල් DNAවලින් වාසියක්?
අද ජීවත්වන සමහර ජනතාවන් අතර පවතින නියැන්ඩර්තාල් විශේෂයේ DNA (එම ජනතාවන් අතර) ගබ්සාවන් (ගර්භපාතයන් = miscarriage) ඇතිවීමේ අවස්ථා අඩු කිරීමට මෙන්ම සරු බව (දරුපල) ඉහළ දැමීමට ඉවහල් වන බව අධ්‍යනයකින් හෙළිදරව්වේ. හොමෝ සේපියන් විශේෂය වෙනත් මානව විශේෂයන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් නව මානවයන්ට වාසි අත්පත් කර දුන් බවට ලැබෙන අලුත්ම සාක්ෂි ලෙසට මෙම සොයා ගැනීම සැලකිය හැකියි. කායව්‍යච්ඡේදීයව නූතන මිනිසුන් සහ නියැන්ඩර්තාල්වරුන් අතර කීප අවස්ථාවකදීම අන්තර් අභිජනනය (interbred) සිදු වූ බවත් එමෙන්ම අප්‍රිකානු සම්භවයක් රහිත ජනතාව අතරේ සියයට 1 සිට 2 දක්වා ප්‍රමාණයක් නියැන්ඩර්තාල් DNA බවත් ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන දක්වයි. මේ DNA වලින් සමහරක් (නූතන මිනිසාට) ප්‍රයෝජනවත් විය හැකි අතර ඇතැම් අවස්ථාවල එය නූතන මිනිසාට හානිකර ද විය හැකියි.
2018 වර්ෂයේ දී එක්සත් ජනපදයෙහි ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජින්ජින් ලායි සහ ඔහුගේ සගයෝ PGR ජානය පරීක්ෂාවට ලක් කළහ. ගර්භණීභාවයේ දී මේ ජානය යම් කාර්ය භාරයක් ඉටු කරයි. ප්‍රාක්පරිණත උපත් හෙවත් නොමේරූ උපත් (premature births) ඇතිවීමේ හැකියාව වැඩි කරන්නාවූ පෙර කී PGR ජානයේ ස්වරූපයක් හෙවත් ඇලීලයක් (allele) හඳුනා ගැනීමට පරීක්ෂණ කණ්ඩායමට හැකි විය.
ප්‍රොජෙස්ටෙරෝන්
ප්‍රොජෙස්ටෙරෝන් අයත් වන්නේ ප්‍රොජෙස්ටොජෙන්ස් කියන ස්ටෙරොයිඩ් හෝමෝන කාණ්ඩයටයි. එය ප්‍රධාන වශයෙන් ස්‍රාව වෙන්නේ ඩිම්බ කෝෂයේ පීතෘ දේහයෙන්(corpus luteum). ඒ ඔසප් චක්‍රයේ දෙවැනි භාගයේ දී ය. එය, ඔසප් චක්‍රයේ දී මෙන්ම ගර්භණීභාවයේ මුල් අවධි පවත්වාගෙන යාමේ දී ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රොජෙස්ටෙරෝන නොමැති විට හෝ මට්ටම උවමනාවට වඩා පහළ ගිය විට හෝ ඔසප් රුධිර ගැලීම අක්‍රමවත් සහ තදින් සිදු වෙනවා. ගර්භනී අවස්ථාවේ පොජෙස්ටරෝන් පහළ වැටීමක් සිදු වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස ගබ්සාව (ගර්භපාතය) සහ අකල් ප්‍රසවය ඇති වන්නට පුළුවනි.
PGR යනු Progesterone Receptor හෙවත් ප්‍රොජෙස්ටෙරෝන් ප්‍රතිග්‍රාහකය යි
නව සොයා ගැනීම, ජර්මනියේ ලිප්සිග් හි පරිණාමය මානව විද්‍යාව සඳහා වූ මැක්ස් ප්ලෑන්ක් ආයතනයේ පර්යේෂකයෙකු වන හියුශෝ ශෙබර්ග්ට (මේ ගැන දැනගැනීමෙන් පසුව) ප්‍රහේලිකාවක් විය. නූතන මිනිසාගේ ජාන එකතුව හෙවත් කීටුවට (gene pool) ඇතුළු වූ යම් හානිකර නියැන්ඩර්තාල් DNAවේ නම්, කාලයත් සමග එය අතුරුදන්ව යා යුතුය. මන්ද එය වාහක (carriers) අවාසිදායක තත්ත්වයකට පත් කරන හෙයිනි. එසේ වුවද, සමහරක් නූතන ජන කණ්ඩායම් අතර PGR නියැන්ඩර්තාල් ඇලීලය ජනගහනයෙන් සියයට විස්සක් පමණ දෙනා අතරේ පවතී.
“නියැන්ඩර්තාල් ඇලීලය දරා සිටින කාන්තාවන්ට ගබ්සාවක් ඇතිවීමේ ඉඩකඩ සාපේක්ෂව අඩුය”
නියැන්ඩර්තාල්
ජර්මනියෙහි නියැන්ඩර් නිම්නයෙන් මුලින්ම සොයා ගත් නිසා (නිම්නය = තාල්) මේ නම පටබැඳුණු නියැන්ඩර්තාල් අප වගේම මානව විශේෂයක්. ඒත් ඔවුන් Homo neanderthalensis නම් සුවිශේෂී විශේෂය ලෙසයි දැක්වෙන්නේ. ආසියාකරයේ ජනතාව ඩෙනියෝවන්වරු ලෙස හඳුන්වන ජනයා හා සමග නියැන්ඩර්තාල් තමයි අපේ ආසන්නතම ඥාතීන්.නියැන්ඩර්තාල්වරුන්ට දීර්ඝ පරිණාමීය ඉතිහාසයක් තියෙනවා. සොයාගැනීමට හැකිව ඇති පැරණිතම නියැන්ඩර්තාල් ෆොසිල වර්ෂ 430,000 පමණ පැරණියි. අප තොරතුරු වඩාත්ම හොඳින් දන්නා නියැන්ඩර්තාල්වරුන් ජීවත් වුණේ වසර 130,000ටත් 40,000ටත් පමණ පෙර. විද්‍යාත්මක සාක්ෂි පෙන්නුම් කරන්නේ අපටත්, නියැන්ඩර්තාල් විශේෂයටත් එකම පූර්වජයකු සිටි බවයි. පොසිල සහ මානවකෘතිවලින් ලැබෙන වර්තමාන සාක්ෂි අනුව අප විශේෂ දෙකක පරම්පරා වශයෙන් අඩු තරමින් වසර 500,000ට පෙර වෙන් වෙන්නට ඇති බවයි පෙණීයන්නේ. වෙනත් කිසිම නෂ්ටප්‍රාප්ත මානවයන්ට වඩා, නියැන්ඩර්තාල් ගැන බොහෝ තොරතුරු අපි දන්නෙමු. ඔවුන්ගේ මානව කෘති සහ පොසිල බොහෝ දහස් ගණන් සොයා ගැනීමට හැකිවීම ඊට හේතුවයි.
Species: Homo neanderthalensis
-
Lived: from about 400,000 to 40,000 years ago
-
Where: across Europe and southwest and central Asia
-
Appearance: large nose, strong double-arched brow ridge, re= latively short and stocky bodies
-
Brain size: at least 1,200cm3 to 1,750cm3<= /li>
-
Height: about 1.50-1.75m
-
Weight: about 64-82kg
-
Diet: meat, plants and fungi, shellfish when available
-
Species named in: 1864
-
Name meaning: ‘human from the Neander Valley’
ශෙබර්ග් සහ පරීක්ෂක කණ්ඩායම එක්සත් රාජධානියේ Biobank වෙතින් ලබා ගත් දත්ත පරීක්ෂාවට ලක් කළහ. (පුද්ගලයන් 450,000 කට වැඩි පිරිසකගේ ප්‍රවේණි විද්‍යාත්මක හා ජීවන රටා තොරතුරු Biobank හී ඇතුළත් වේ) මෙහිදී පරීක්ෂක කණ්ඩායමට පෙනී ගියේ PGR නියැන්ඩර්තාල් ඇලීලය දරා සිටින කාන්තාවන්ට ගබ්සාවක් ඇතිවීමේ අවස්ථාව හෝ ගර්භනීභාවයේ මුල් අවධියේ අනපේක්ෂිත රුධිරය ගැලීමේ අවස්ථාව අඩු බවයි. මේ සොයා ගැනීම ලායිගේ සොයා ගැනීමට නව ආලෝකයක් එල්ල කරයි. ශෙබර්ග් අනුමාන කරන්නේ නොමේරූ උපත් අතරින් සමහරක්, PGR නියැන්ඩර්තාල් ඇලීලය ගර්භනී කාන්තාවට නොතිබුණේ නම් ගබ්සා වීමට ඉඩ තිබුණේ යැයි යනුවෙනි.
New Scientist (6th June, 20200 හී පළවී ඇති Modern Humans get fertility boost from Neanderthal DNA යන ලිපිය ඇසුරෙනි