ගෝලිය උනුසුම්වීම පාලනය සම්බන්ධයෙන් අපේ යුතුකම

Posted by

ගෝලිය උනුසුම්වීම පාලනය සම්බන්ධයෙන් අපට ඉටු කළ හැකි වැඩ කොටස

නිශ්චිත කාල වකවානු තුළ ගෝලිය උනුසුම් වීම පාලනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ගැන සලකන විට අපගේ බලාපොරොත්තු ඒ ආකාරයටම  සිද්ධ වේද යන්න ගැන ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි. මෙලෙස බලන විට දැන් පැමිණ ඇත්තේ, ලෝකයේ රටවල නායකයන් මෙන්ම ඔවුන්ගේ අනුදැනුම ඇතිව පිහිටුවා ගත් අන්තර් ජාතික සංවිධාන ද මේ සම්බන්ධව සාර්ථක ක්‍රියා මාර්ග ගන්නා බවට සහතිකයක් නැති කල ඔබගේ වගකීම කුමක් ද? යන්න විමසා බැලමේ කාලයයි. ප්‍රජාවක් ලෙස කල්පනාකරන විට මේවා අපේ වගකීම් හෝ කාර්යයන් නොවේ යයි අහක බලාගෙන සිටීමට අපට පුළුවන් ද?

ඉතින්,  එහෙමනම් මෙය අපගේ වැඩ කොටස ඉටු කිරීමට වාරයයි..
මේ ගැන ඔබේ ස්ථාවරය කුමක් ද? සුළුවෙන් හෝ ඔබේ මට්ටමෙන් ඔබට කරන්නට හැකි වැඩ කොටස් මොනවා ද? අපි අද ඒ ගැන කතා කරමු.
ඔබ, ඔබගේම කාබන් පා සටහන අඩුකිරීමෙන් මෙය පටන් ගන්න පුළුවනි. ඔබගේ කාබන් පාසටහන යනු, නියමිත කාලයක් තුළ ඔබගේ ක්‍රියාවන් වලින් නිකුත් කරන මුලු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයේ එකතුවයි

කාබන් පා සටහන(Carbon footprint)

කාබන් පියසටහන හෙවත් කාබන් පා සටහන  යනු ස්වභාවිකව නොව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාතයට එකතුවන කාබන් ප්‍රමාණයයි. කාබන් ඩයොක්සයිඩ් තුළ කාබන් ඇත. ඉන්ධන දැවීමේ යම් කාර්යයක් මගින් දුමාරය තුළ කාබන් ඩයොසයිඩ් සෑදේ. වැල්ලේ ඇවිදීමේ දී අපෙ පා සටහන්  ඇතිවෙනවා සේම ඉන්ධන දැවීමෙන් වාතයේ තබන කාබන් ඩයොක්සයිඩ්, ‘කාබන් පා සටහන්’ ලෙස දක්වේ. මූලික වශයෙන්, කාබන් පිය සටහනට දර්ශක දෙකක් ඇත: ප්‍රාථමික හෝ සෘජු පා සටහන  සහ ද්විතීයික හෝ වක්‍ර පා සටහන  යනුවෙනි. ප‍්‍රාථමික පා සටහනෙන්   දැක්වෙන්නේ ප‍්‍රවාහනයට ගන්නා  වාහනවල භාවිතා වන පොසිල ඉන්ධන දහනය කිරීමෙන් හා නේවාසික ගොඩනැගිලිවල භාවිතා වන බලශක්ති පරිභෝජනයෙන් සෘජු කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීමයි. ද්විතියික පා සටහනෙන්    දැක්වෙන්නේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන දේවල්,  නිෂ්පාදනය, භාවිතය සහ අපද්‍රව්‍ය හේතුවෙන් ඇති වන වක්‍ර කාබන් ඩයොක්සයිඩ් විමෝචනයයි.

අදාළ රූපය

කාබන් පා සටහන අඩුකිරීමේ අපේ ගමන අපි වාහන වලින් පටන් ගමු. වාහන මගින් හරිතාගාර වායු නිෂ්පාදනය කරනු ලබන බව අප කවුරුතුත් දන්නා කාරණයක් නේ. ඒත් ඉතින් වර්තමාන ලෝකයේ රථයකින් ගමන් කිරීම ප්‍රායෝගික අවශ්‍යතාවක්. එහෙම නම් කරන්නේ මොකක් ද?

බසයෙන් ගමන් කරන්න!
ඔබගේ පවුලේ සියලු දෙනා ට පාසල, වැඩ කරන ස්ථානය, වෙළඳපොළ, ආගමික කටයුත හා වන්දනා ගමන්,ු සහ විනෝද ගමන් යාමේදී පෞද්ගලික වාහන පාවිච්චි කිරීමට වඩා බස් රථයේන් ගමන් කිරීමට හුරු වෙන්න. එය ලාභායී මෙන්ම  සාපේක්ෂව පරිසර හිතකාමීයි. මෙන්න ඊටත් වඩා හොඳ පුරුද්දක්:

Free Community Walk Cliparts, Download Free Clip Art, Free Clip ...

පයින්ම ගමන් කරන්න. ගමන් කිරීමට මෝටර් රිය යොදාගැනීමෙන් හැකි සෑම්විටම වළකින්න.
පාසලට, කඩේට, වෙළඳපොලට, ගොවිපොළට සහ සෑම තැනකටම ඇවිද ගෙන යන්න පුරුදුවෙන්න. සමහර අවස්ථාවලදී විශාල වාහන ප්‍රමාණයක් පාරේ එකවර ගමන් කිරීම නිසා වාහන තදබදය ඇති කිරීමට හේතු වෙනවා. එබැවින් ඊට හොඳ විකල්පයක් තමයි ඇවිදගෙන යාම්. අනික එය, අපේ කාර්ය බහුල ජීවිතයේ අපට නොදැනුවත්වම වාගේ කළ හැකි හොඳ ව්‍යායාමයක් ද වෙනවා නේ.

Child Boy Bicycle Cycling Clipart - Comfort Active Sprick Letgo ...

රිය පදවාගෙන යනවා වෙනුවට රිය පදින්න!
ඔබට ඇත්තටම සෑම තැනකට වාගේ පාපැදියෙන් යන්නට පුළුවන් නේ? පාසලට, ළඟපාත කඩපිළකට, ක්‍රීඩා පිට්ටනියට, මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ නිවසකට — මේ වගේ බොහො තන්වලට පා පැදීයෙන් ගමන් කරන්න පුළුවන්. එය විනෝදාත්මක ක්‍රියාවක් වගේම හොඳ ව්‍යායාමක් ද බව ඔබමත් අත්දැකීම්න් දන්නවා ඇති.

ගෝලීය උණුසුම්වීම අඩු කිරීමට අපට තනි තනිව කළ හෑකි දේ අඩුයි කියලා මේ කතාබහ ආරම්භයේ සිතුණත් දැන් තේරෙනවා නේද කළ හකී දේ කොතෙකුත් තියෙන බව. අපි තව ටික දුරක් ගිහින් බලමු තව මොනවාද කරන්න පුළුවන් කියලා.

අදාළ රූපය

ගස් වවන්න සහ ගස් සුරකින්න.
හරිතාගාර වායු අඩුකිරීමට ගස් සිටුවීම හොඳ විකල්පයක් සහ විනෝදාත්මක ක්‍රමයක් ද වෙනවා. වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ගස් මගින්  අවශෝෂණය කර ගනු ලබන බව අපි දන්නවා. මෙයින් කියන්නේ අපගේ දේශගුණය යාමනය කිරීමත් සමඟ වාතය පිරිසිදු කරගන්නට ද හැකිය යන්නයි. ගස් කැපීමෙන් වැළකීමෙන් වගේම ගස් කැපීම වැළැක්වීමෙන් ගස් හෙවත් රුක් රැකගැනීමට අපට සහාය වෙන්න පුළුවන්. ගස් වැවීම විනෝදයක් කරගැනීමට හොඳම ක්‍රමක් තමයි ඔබගේ උපන්දිනය, නත්තල, ජාතික වශයෙන් වැදගත් දින වලදී මෙන්ම සුවිශේෂ නෑ හිතමිතුරන්ගේ (මතකයන්) වෙනුවෙන් ද ගස් සිටුවීම.

ප්‍රතිචක්‍රීකරණය කරන්න, භාවිතය අවම කරන්න , නැවත භාවිතයට ගන්න.(මතක තබාගැනීමේ පහසුව තකා මෙය ඉංග්‍රීසියෙන් R තුන Recycle, Reduce saha Re-use යනුවෙන් දැක්වෙනවා)
ප්‍රතිචක්‍රිකරණය, අඩුවෙන් භාවිතා කිරීම වාගේම නැවත නැවත භාවිතයට ගැනීම අප තුළ වර්ධනය කර ගත හැකි කදිම ආකල්පයකි.. බෝතල්, ප්ලාස්ටික්, කඩදාසි වැනි  දේවල් අප ප්‍රතිචක්‍රීකිරීමෙන් රටේ කුණු ගොඩ ගසන්න අපි දායකවෙන එක අඩු කරගන්න පුළුවනි. ඒ විතරක් නොවෙයි,  ගස්, තෙල් සහ ඇලුමිනියම් වගේ අපගේ ස්වාභාවික සම්පත් රැක ගැනීමටත් අපට ඒකෙන් උදවු කරන්න පුළුවනි.

මේ සම්බන්ධයෙන් මෙන්න ඔබට මහන්සියක් නොමැවතීව කළ හකි දෙයක්: ඔබ භාණ්ඩ මිලදී ගැනීමට පෙර එම භාණ්ඩයේ ප්‍රතිචක්‍රීකරණ සලකුණ ( මේ ලකුණ = Universal Recycle Icon. Loopable Animation Stock Footage Video ...) තිබෙනවාද කියා බලා මිලදී ගන්න. එම සලකුණෙන් හැදින්වන්නේ එම භාණ්ඩය ප්‍රතිචක්‍රීකරණය කරන ලද දේ වලින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් බවයි. අන් අයගෙ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය දිරිමත් කිරීමට, එම නිෂ්පාදන වලට අනුබලයක් වීමට එවිට ඔබටත් හැකියි.
තවද, ඔබගේ ප්‍රජාවේ කසළ එකතු වූ කසල ප්‍රතිචක්‍රීකරණයට නිසි ක්‍රමවේදයක් නැති නම් , ඒ ගැන කතා කරන්නට, ක්‍රියා කරන්නට සංගමයක් පිහිටුවා ගැනීමට ඔබගෙ වාරයයි මේ.
ඉගිය…
දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය(Intergovernmental Panel on Climate Change – IPCC) තමයි දේශගුණ විපර්යාසය තක්සේරු කිරීමේ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානය . එය එක්සත් ජාතික පරිසර වැඩසටහන සහ ලෝක කාලගුණික සංවිධානය (World Meteorological Organization – WMO) යටතේ ස්ථාපිත කර ඇති සංවිධානයකි.
ඉගිය..
ගස් වර්ධනයවෙද්දී වාතයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ්, ගස් මගින් ඒවා අවශෝෂණය කිරීමෙන් සහ පාංශු වල තැන්පත් කර ඉවත් කිරීමෙන් ද, එසේම ව්වතයට ඔක්සිජන් මුදාහැරීම ් දේශගුණ විපර්යාසය නවත්තන්නට උදව් කරයි.

තව මොනවද කරන්න පුළුවන්?

ක්‍රියාකාරීවන්න.
ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නේ නැතිව සිටීම එම ප්‍රශ්නය තවත් උග්‍ර අතට හරවන්නට කරන්නට හේතූ වේ.
හැම දෙයටම කලින් ආදර්ශමත්ව ජීවත් වෙන්න.

ඉගෙනගන්න, දැනුවත්වන්න.
ඔබ මේ දැන් කරනවා වගේ, (දේශගුනය ගැන පමණක් නොවෙයි) ගැටලු ගැන තොරතුරු සොයා ඉගෙනගැනීම ප්‍රශ්නයක් විසඳීමට තිබෙන පලවෙනි අදියර වෙනවා . ඔබ යම්කිසි ප්‍රශ්නයක් තේරුම් ගත්තාම, ඒ ගැන නිසියාකාරව දැනුවත් වුණහම ඊට විසඳුමක් හොයන්න ඔබට පහසුවෙනවා.

බෙදාහදාගන්න.
පවුලේ සැම දෙනා සමග සහ යාළුවෝ සමග නිවැරදි තොරතුරු සහ තතු බෙදා ගැනීම තමයි දෙවැනි අදියර. ඒකෙන් වෙන්නේ මොකක්ක්ද දන්නවා ද? වැඩිදෙනා තම තමන්ගේ ආකල්ප වෙනස් කරද්දී එහි ප්‍රතිඵලය ලෙස ඇති වෙන බලපෑම විශාල නිසයි.

සහභාගීවෙන්න
තෙවැනුව, සමාජ සහ බලපෑම් කල හැකි කණ්ඩායම් වලට එකතුවෙන්න. එමගින් අනිත් අයටත් ආදර්ශයක් සපයන්න.

ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති අපට වුනත් කළ හැකි දේ එමට තියෙන බව. ඔබගේ යාළු මිත්‍රාදීන් එකතුව කළ හැකි දේ ඇතිබව. ඒ හන්දා, අපිත් ගෝලීය උණුසුවීම පාලනය කර ගැනීමට අපට කළ හැකිදී නොපිරිහෙළා ඉටු කරමු!

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Things you can do about global warming  කොටස  ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:

චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.