අඟුරු සෑදෙන ආකාරය
දැව දැවෙන විට පිළිස්සෙන, අඟුරු වෙන සහ තාපච්ඡේදනය(pyrolysis= ඔක්සිජන් නොමැතිව රත්වීම. මෙය තාප ප්‍රත්‍යාවර්තනයට සහ වියෝජනයට හේතුවෙයි) යනුවෙන් නිශ්චිත කලාප තුනක් ඇති වේ. මෙය වැදගත්ය. මන්ද ගසක අත්තක්, කඳක් හෝ ඇත්තටම ඕනෑම දැව කොටසක් එක සමාන ආකාරයෙන් දැවෙන බව ඉන් හැඟවෙන හෙයිනි. සම්පූර්ණයෙන්ම පිළිස්සී නොමැති දැව කොටසක් පරික්ෂාකිරීමෙන් අපට මෙය දැකගත හැකිය. කලාතුරකින් ඇතිවන ස්වයං-ජ්වලන අවස්තාවක උෂ්ණත්වය ඉහළ යාම ක්‍රමයෙන් සිදුවන්නක් විය හැකි වූවත් මේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට ඉහළ උෂ්ණත්ව ස්පන්දනයක් අවශ්‍ය වන බව අපි දැක ඇත්තෙමු.
සෙන්ටිග්‍රේඩ් අංශක 20 සිට 110 දක්වා තෙතමන වාෂ්ප(හුමාලය) ලෙස පිටකරමින් දැව වියලෙද්දී තාපය අවශෝෂණය කර ගනි. දැව හොදටෝම වියළෙන තුරු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100 හෝ ඊට මදක් ඉහළින් පවතී. සෙන්ටිග්‍රේඩ් අංශක 100 සිට 270 දක්වා දැව අන්තිම ජල අංශු පවා පිටකර වියෝජනය වෙන්න පටන් ගන්නේ කාබන් මොනොක්සයිඩ්,කාබන් ඩයොක්සයිඩ්, ඇසිටික් අම්ලය සහ මෙතනෝල් නිකුත් කරමිනි. තාපය අවශෝෂණය කරගනු ලැබේ. සෙන්ටිග්‍රේඩ් අංශක 270 සිට 290 දක්වා තමයි දැව තාපදායක වියෝජනය පටන් ගන්නා ලක්ෂ්‍ය ය. මෙම ලක්ෂ්‍යයේදී තාපය නිපදවන අතර මෙම වියෝජන උශ්ණත්වයට පහලින් සිසිල් නොවන බවට වග බලාගනිමින් ස්වභාවිකව බිදවැටීම තවදුරටත් සිදුවේ.
යම් තාර කොටසක් ද ඇතළුව මිශ්ර වායු සහ වාෂ්ප නිකුත්වීම දිගටම සිදු වේ. මේ තාරවලින් එක්තරා කොටසක් අඟුරු ව්‍යුහය පහලට තවත් ඇදී එහිදී අවක්ෂේපවේ. බොහෝවිට පුරාවිද්‍යාඥයන්ට හමුවන කාචීය කාබන්(glassy carbon) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නිපදවිය හැකිවේ. එය ඇත්තටම ඉතා ඉහළ උෂ්ණත්වයක ප්‍රතිපලයක් නොව අගුරු අවශේෂවල සංයෝග අවක්ෂේප වීමේ හේතුවෙන් සිදුවන්නකි.සෙන්ටිග්‍රේඩ් අංශක 290 සිට 400 දක්වා දැව ව්‍යුහය බිදවැටීම දිගටම සිදු වෙද්දී නිකුත්වෙන වාෂ්ප කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රජන්,මීතේන් යන දැවෙන සුළු වායු වලින් සමන්විත වේ. ඊට අමතරව, කාබන් ඩයොක්සයිඩ් වායුව මෙන්ම සංඝනන වායු වන ජලය, ඇසිටික් අම්ලය, මෙතනෝල් අසිටෝන් ආදිය මෙන්ම උෂ්ණත්වය ඉහළ නගිද්දී ප්‍රමුඛත්වයක් ගැනීමට පටන් ගන්නා තාර ද අයත්ය. සෙන්ටිග්‍රේඩ් අංශක හාරසිය වනවිට දැව, අඟුරු බවට පත්වීම ප්‍රායෝගික වශයෙන් සම්පූර්ණ වේ.
මෙම උෂ්ණත්වයේදී අඟුරු තවමත් සැලකිය යුතු ප්‍රමාණයක තාර වලින් සමන්විත වේ. බාගදා එය ව්‍යුහය තුළ හිරවී ඇති බරෙන් සියයට තිහක් පමණ විය හැකියි.
තාර තවත් ඉවත්කර තිර කාබන් සංයුතිය සියයට හැත්තෑපහක් පමණ වන තෙක් ඉහල දැමීමට නම් මේ මද පමණින් දැවුනු අඟුරුවල තවදුරටත් තාපනය වීම අවශ්‍යය. මේ තාර ඉවත්කර දැමීමට අඟුරු තවදුරටත් ස්ථාපනය කිරීමට තාප ආදානයන් එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක පන්සීයකට පමණ දක්වා ඉහළ දැමිය යුතුය. එලෙස කාබන් ගත කිරීමේ අදියර සම්පූර්ණවේ.
දැව අඟුරු සෑදීම මෙමගින් විස්තර කෙරුණු අතර ශාක පටක පරාසයක් ම මෙයාකාරයේ රටාවක් අනුගමනය කරයි. මෙලෙස සෛල බිත්ති වෙනස් කිරීම් නොතකා ශාකයේ ව්‍යාවච්ඡේදය තවමත් එලෙසම සංරක්ෂණය වී පවතී. කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයේදී ස්කන්ධය අහිමි වන හෙයින් ශාකය බරෙන් අඩු වේ.
මීට අමතරව විවිධ අවයව වල සංකෝචනයක් ඇතිවිය හැකිය. ශාක පටකවල කාබන් සංයුතිය ඉහළ යන අතර සෛල ඇතුළත කාබන් ඛණ්ඩ පටිපාටිගතවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ශාක පටක ක්ෂයවීමට වඩාත් ප්‍රතිරෝධයක් දැක්වීමය. කාබන් ඩයොක්සයිඩ් පරිවෙෂ්ටනය සඳහා යාන්ත්‍රණයක් ලෙස ජෛවාංගාර නිෂ්පාදනය පිටුපස ඇති යුක්තියුක්තභාවය වන්නේ මේ ලක්ෂණයයි. මේ තාපච්ඡේදන ක්‍රියාදාමයෙන් ශෙෂවන ඝන ද්රව්‍ය අඟුරු ලෙස දැක්වෙන අතර පිළිස්සෙන ක්රියාදාමය නතර නොකළොත් එයටම ගොදුරු විය හැකිය.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි