ජලය, සෞඛ්‍ය ආරක්ෂාව සහ ස්වස්ථතාව 2 කොටස

Posted by

ජලය, සෞඛ්‍ය ආරක්ෂාව සහ ස්වස්ථතාව

පසුගිය සිකුරාදා මෙම සිරස්තලය යටතේ පලවූ වාර්තාවේ දෙවැනි හා අවසන් කොටසයි.

විධිමත්  කළ පානීය ජල ප්රභවයකට ප්රවේශ වීමේ හැකියාවෙන් ලබෙන ඵලප්රයෝජන ගැන අප අතර වැඩිදෙනෙකුට අදහසක් ඇත. එහෙත් එම  වාසි සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත හැක්කේ බලගන්වූ  සෞඛ්ය ආරක්ෂාවක් සලසා ගනීමේ හැකියාව ඇත්නම් සහ  හොඳ සනීපාරක්ෂක භාවිතයන් අනුගමනය කිරීමෙනි.  WASH යනු ජලය(WAter), සෞඛ්ය ආරක්ෂාව(Sanitation) සහ ස්වස්ථතාව(Hygiene) සඳහා යෙදෙන ඉංග්රීසි වචන වල මු’ලකුරුයොද ගනිමින් සැකසූ අග්රක නාමයක් හෙවත් සංකේත නාමයකි(acronym).  ජලය, සෞඛ්ය ආරක්ෂාව සහ ස්වස්ථතාව හෙවත් WASH අපගේ ජල අවශ්යතා සපයමින් අපට සෞඛ්ය සම්පන්න ජීවිතයකට මග පාදන බව අවිවාදිතය. එහෙත් මේ පැහැදිලි කාරණාව නැතිනම්   වාසියෙන්  ඔබ්බට එමගින්, විශේෂයෙන්ම  කාන්තාවන්ට හා ගැහැණු ළමයින් වෙත  පුළුල් සමාජ-ආර්ථික බලපෑම් ඇති කරයි.

ආරක්ෂිත පානීය ජලය, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාවව මනුෂ්‍යන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතා වැදගත් වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. ආරක්ෂිත ජලය, සනීපාරක්ෂාව සහ ස්වස්ථතාවව හෙවත් වොෂ් යනු සෞඛ්‍යයට පූර්ව අවශ්‍යතාවක් පමණක් නොව, ජීවනෝපායන්, පාසල් පැමිණීම සහ ස්වාභිමානය සඳහා දායක වන අතර සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වන ප්‍රත්‍යස්ථිත ප්‍රජාවන් බිහි කිරීමට උපකාරී වේ.
අනාරක්ෂිත ජලය පානය කිරීම නිසා හට ගන්නා පාචනය වැනි රෝගවලින් සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවන අතර, පානීය ජලය, වාරිමාර්ග, ස්නානය සහ ගෘහ අවශ්‍යතා සඳහා භාවිතා කරන භූගත ජලය සහ මතුපිට ජලයනිසියාකාරව පිරියම් නොකෙරුණු මල් හේතුවෙන දූෂණය වේ. ආසනික් හා ෆ්ලෝරයිඩ් වැනි ස්වාභාවික සම්භවයක් ඇති හෝ නයිට්‍රේට් වැනි මිනිසුන් ජනනයකරන රසායන හේතුවෙන් ජලය දූෂණය වීම සෞඛ්‍යමය වශයෙන් අතිරේක බරක් එක්කරයි.
ආරක්ෂිතව පානීය ජලය හෝ සනීපාරක්ෂිත නල ජලය සැපයීම වැනි කළමනාකරණ සේවා මට්ටම් වැඩිදියුණු කිරීම ඔස්සේ සෞඛ්‍යය කැපීපෙනෙන ලෙස වැඩිදියුණු කළ හැකි බව සාක්ෂි මාර්ගයෙන් පෙන්වා දිය හැකියි.

WASH යනු තිරසාර සංවර්ධනය  (SDG 6) තුළ අඩංගු ඉලක්ක වලට කැපවූවක්ය  යන කාරණවම ගත්තත්  මහජන සෞඛ්යය  වපසරිය තුළ හා ඒ නිසාම  තිරසාර සංවර්ධනයේ අනාගතය තුළ  එය සතු  මූලික භූමිකාවට කදිම සාක්ෂියකි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2010 දී පිළිගන්නා ලද පරිදි, ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප්රවේශයට ඇති අයිතිය  මානව හිමිකමක් වේ. ගෝලිය වශයෙන් මෙම අයිතීන් යථාර්ථයක් බවට පත්වීම සඳහා අපට නිවැරදි පද්ධති අවශ්ය වනු ඇත: හොඳින් සම්පත් ලබා ගත හැකි, සේවා සැපයිය හැකි ආයතන සහ නම්යශීලීව හා යෝග්‍ය ආකාරවලින් චර්යාවන් හෙවත් හැසිරීම රටා වෙනස් කළ හැකි පද්ධති අවශ්යය .

WHO | Water, sanitation and hygiene for accelerating and sustaining  progress on neglected tropical diseases

වොෂ් සහ ජීවනෝපායන්
ජලය, සෞඛ්‍ය ආරක්ෂාව සහ ස්වස්ථතාව හෙවත් WASH සපයාගැනීමට නොහැකියාව හා සම්බන්ධ රෝග හා ඊට අදාලව කාලය වැය කිරීමට සිදුවීමේ බර බොහෝ වැඩිහිටියන්ට ජීවනෝපායක් උපයා ගැනීමට හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට ඇති අවස්ථා වළක්වයි. ජලය, සෞඛ්‍ය ආරක්ෂාව සහ ස්වස්ථතාව සපයාගැනීමට අවකාශ ලැබීම වැඩිහිටියන්ට, විශේෂයෙන් කාන්තාවන්ට, වඩාත් ඵලදායී ක්‍රියාකාරකම් කිරීමට අවස්ථාව සපයා දෙනවා පමණක් නොව, වොෂ් සේවාවන් ස්ථාපිත කිරීම හා නඩත්තු කිරීම ආශ්‍රිත රැකියා උත්පාදනය කිරීමටද දායක වන්නේය.
ඇත්ත වශයෙන්ම එය, දරිද්‍රතාවය, වැඩ සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. ලිංගික අසමානතා අඩුකරගැනීමට එමගින් ලැබෙන සහාය සුලුකොට තැකිය යුතු නොවේ. ජලය සපයාගන්නේ, වොෂ් නොමැතිකමෙන් අගතියට පත්වෙන ඥාතීන් රැකබලා ගැනීමේ වගකීම දරන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමයින් වන අතර, ඔවුන් වෙත මෙලෙස පවරා ඇති ගෘහස්ථ භූමිකාවන් නිසා බොහෝ විට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අධ්‍යාපනය අතපසු කිරීමට සිදුවේ.. වොෂ් සපයාගැනීම දුෂ්කර වීමෙන් ස්ත්‍රීන් දරිද්‍රතාවයේ හා වහල් සේවාවේ දුෂ්ට චක්‍රයකට කොටුවීම සමාජයට හා ජාතික ආර්ථිකයන්ට පුළුල් ප්‍රතිවිපාක ගෙන දේ.

Urgent efforts needed to avert further crises in Somalia, Yemen – UN relief  officials | | UN News

වොෂ් සහ අධ්‍යාපනය

පාසල් හා ළමා කාලය අත්වැල් බැඳ ගත යුතුය, නමුත් වොෂ් වෙත ප්‍රවේශයක් නොමැති අඩු ආදායම්ලාභී ප්‍රජාවන්හි බොහෝ දරුවන්ට (අපිරිසිදු ජල භාවිතය හේතුවෙන් ඇතිවන)පාචන රෝගයකින් පෙළෙන නිසා හෝ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ගැහැනු ළමයින් නම් ඔවුන්ගේ පවුලට ජලය සපයා ගැනීම පිණිස (සෑම) දිනකම විශාල කොටසක් වැයකිරීම්ට සිදුවන බැවින් ඔවුන්ට පාසල්යාමට නොහැකි වේ.

Girls Do 62% Of 'Low-Status Job' Fetching Water In Sub-Saharan Africa |  HuffPost


පාසලේ සිටින ළමයින්ගේ තත්වය ද නිවසේ ඇති තත්ත්වයට වඩා හොඳක් නැති විය හැකිය: ගෝලීය වශයෙන් ගත් කල පාසල්වලින් තුනෙන් එකක පමණ ආරක්ෂිත ජල සැපයුමක් හෝ ප්‍රමාණවත් සනීපාරක්ෂාවක් නොමැති අතර, ළමයින් විජලනය වී ඉගෙනීමට අවධානය යොමු කිරීමට ඇති හැකියාව අඩු කරයි එමෙන්ම සිසුන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති හෙයින් බොහෝ විට පාසල් භූමියේ එලිමහනේ වැසිකිළි යාමට බල කිරීමක් ඇතිවේ .
විශේෂයෙන්ම, නව යොවුන් වියේ ගැහැණු ළමයින් සඳහා, ආරක්ෂිත ජල සැපයුමක් මෙන්ම පිරිසිදු, ක්‍රියාකකාරි වැසිකිළි පහසුකම් නොතිබීම අධ්‍යාපනය අතහැර දැමීම සහ අධ්‍යාපනය ලබා ගැනීම අතර වෙනස බවට පත්විය විය හැකිය. තවද, පාසලේ දී සනීපාරක්ෂක අධ්‍යාපනය ලැබීම මඟින් සියලු දරුවන්ට වඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ වාසනාව උදාවේ.

වොෂ් සහ සෞඛ්‍යය

සියලුදෙනාට WASH වෙත ප්‍රවේශවීමේ හැකියාව ගෝලීය සෞඛ්‍යය කෙරෙහි දැඩිව බලපායි. අනාරක්ෂිත ජලය, සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම සහ ස්වස්ථතාව අයහපත්වීම හේතුවෙන් සෘජුවම ඇති වන රෝගවලින් දැනට සෑම වසරකම මිය යන 829,000 දෙනාගේ ජීවිත බේරා ගැනීමේ හැකියාවක් වොෂ් වෙත ප්‍රවේශවීමේ හැකියාව මගින් සෘජුවම ලබාගත හැකි අතර, ළමා මන්දපෝෂණය විශාල ලෙස අඩු කිරීමටත්, ශාරීරික හා මානසික ඌණ සංවර්ධනය අවම කිරීමටත් අවස්ථාව සලසයි. අද වන විට ළමා මන්දපෝෂණයෙන් 50% ක් සඳහා අනාරක්ෂිත ජලය, ප්‍රමාණවත් සනීපාරක්ෂාව නොලැබීම සහ දුර්වල ස්වස්ථතාව සම්බන්ධ වේ. කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ඔසප් චක්‍රය ආරක්ෂිතව හා ලජ්ජාවකින් තොරය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් හා දැනුම සැපයේ. ඒ හා සමානව ගර්භණී මව්වරුන්ට මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වලට, ගර්භණී සමයේදී, දරු උපත් සහ පශ්චාත් ප්‍රසව රැකවරණය, වෛද්ය කාර්ය මණ්ඩලය, අලුත උපන් දරුවන්ට ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආරම්භයක් ලබා දීම සහතික කිරීම සඳහා වඩාත් හොඳින් සන්නද්ධ වීමට අවස්ථාව සැලසෙනු ඇත.

Impact of WASH in Maternal, Newborn and Child Health

ලිපියෙහි මුල් කොටසට මෙතැනින් ප්‍රවේශවන්න

 

unwater.org හී පළවන Water, Sanitation and Hygiene යන ලිපිය සහ WHO වෙබ් අඩවියේ Water, sanitation and hygiene (WASH)  යන ලිපිය ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ: චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators) 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.