ගොවිතැන සඳහා ගිනි භාවිතය

Posted by

ගොවිතැන සඳහා  ගිනි භාවිතය

එය(ගින්න) වඩාත් සම්පූර්ණයෙන්ම පාලනය කරමින් එමෙන්ම,  කෘෂිකාර්මික භාවිතයන් විශාල පරාසයක් අරභයා පරිපූර්ණව යොදා ගැනීම ඇරඹෙද්දී ගින්න භාවිත කිරීමේ විශාල වෙනසක් ඇති විය. ගින්න මුලින්ම භූමිය වෙත බලපෑමක් ඇති වූයේ ගින්නෙන්ම  නොව  (ගිනි පැතිරීමට වුවමනා) ඉන්ධන හැසිරවීමේ ආකාරයෙනි. ප්රදේශයක ජලවහනය කිරීමේ  සිට වනාන්තර කපා හෙළීම දක්වා හෝ සතුන් ලවා පාගා දැමීම මෙයට (ඉන්ධන හැසිරවීමට ) සම්බන්ධ වන්නට ඇත.   පිළිස්සුම් කාලය සහ පිළිස්සීමට ඉඩ හල ප්රමාණය ද වැදගත් සාධක වේ.  ස්වාභාවික ගිනි පද්ධති වෙනුවට  මිනිසා විසින් පාලනය කරනු ලබන ගිනි පද්ධති සඳහා මග සලසා ඇත. අනෙකුත්  අංශ ද හැසිරවිය හැකි විය.

ගිනි ගැනීමේ විවිධ හැකියා පරාසයකින් යුත්  නව විශේෂයන් හඳුන්වා දෙනු ලැබීමත් සමග වෘක්ෂලතාදිය ද වෙනස් වීමට හැකිය.  මෙය වැඩි කොට  සිදුවී ඇත්තේ පුළුල් ලෙස ධාන්ය බෝග හඳුන්වා දීම සමගය. ඒවායේ  විවිධත්වය පෙන්නුම්  කිරීම පිණිස  ලොව පුරා කෘෂිකාර්මික ගිනි හෝ පශූපාලක  ගිනි චර්යාවන් අපට උදාහරණ  ලෙස සලකා බැලිය හැකිය.

Fire management
Fire, plants and vegetation - Parks and Wildlife Service

අපගේ පළමු උදාහරණය හඳුන්වනු ලබන්නේ  ‘ගිනි-පුරන් චක්‍රයක්’ ලෙසය. එවැනි පද්ධතියක  ගින්න ප්‍රමුඛ  කාර්යභාරයක් ඉටු කරයි. කෘෂි විද්‍යාඥයින් හෙවත් සස්‍යවිද්‍යාඥයින්  ඉන්ධන සඳහා භාවිතා කරන යෙදුම පුරන්(fallow) යන්නය . කුඹුරක් නැතිනම් ගොවිබිමක් වසර කිහිපයක් පුරන්ව තැබුවහොත් එමගින් වල් පැලෑටි, පඳුරු සහ කුඩා ගස් පවා හා  ආක්‍රමණික ශාක ඇතුලු   පරාසයක්ම නිපදවනු ලබිය හැකිය. සමහර පද්ධති තුල, විශේෂයෙන් යුරෝපයේ, මෙම ක්ෂේත්‍ර සලකණු ලබුවේ  හුදෙක් අපද්‍රව්‍ය ලෙස වන අතර ඒවා බොහෝ විට සිතීමකින් තොරවම පුළුස්සා දමණු ලැබීය. කෙසේවෙතත්, සමහරු මෙය නොසලකා හරින ලද වත්කමක් ලෙස දුටු අතර එවැනි දැවීම්  ඵලදායී අවස්ථාවක් ලෙස සැලකිය හැකිය යන අදහස ඉස්මත්තට පැමිණියේය.  පිලිස්සීම, පලිබෝධකයන්  හා වල් පැළෑටි අඩු කිරීමෙහි ලා පමණක් නොව, පෝෂ්‍ය පදාර්ථ පසට නැවත ලබා දීම සහ පාංශු ව්‍යුහය වෙනස් කිරීම  ආදී වශයෙන් ක්ෂේත්‍රය වෙත ට සැලකිය යුතු පාරිසරික බලපෑමක් ඇති කරයි. 

Slash-and-burn - Wikipedia

ස්විඩ්ඩන්(Swidden) ලෙස හැඳින්වෙන මෙම කෘෂිකාර්මික  ස්වරූපවලින් එකක් තවමත් ලොව පුරා  පුළුල් ලෙස භාවිතයට ගැනේ.   මෙය ‘වටමාරු හෙවත් තට්ටුමාරු’ ගොවිතැන යනුවෙන් හැඳින්වෙන  තාක්ෂණයකි. වගා කිරීම සඳහා ඉඩම (සාමාන්යයෙන් ශුද්ධ කරනු ලබන්නේ ගින්නෙනි) වගා කිරීමෙන් පසුව ප්‍රතිජනනය සඳහා වසර කිහිපයක්  වගා කටයුත්තකින් තොරව තබනු ලබේ.

මෙහි  හේන් ගොවිතැන (ගස් කපා  පිළිස්සීම)  විචල්ය ප්‍රභේදයක් හැටියට   ලෙස බොහෝ විට හැඳින්වේ. මෙහි දී  සිදුවන්නේ ගස්කොලන් අතුරෙන් යම්  ප්රදේශයක්  වගාව පිණිස හඳුනාගෙන එම කොටසෙහි ගස් හා පඳුරු කපා හෙළා, පසුව වියළීමට ඉඩ සැලසීමයි.  අනතුරුව ඒවා පුළුස්සා දමනු ලැබේ. එවැනි ක්රමයක් තුළ, පුළුස්සා  දැමීමෙන් පසු පළමු වසර තුළ බෝග හොඳින් වැඩෙයි; නමුත් පිළිස්සීමෙන් පසු දෙවන වසර වන විට හොඳ භෝග අස්වැන්න ලබාගැනීම සඳහා තරමක අරගලයක් සිදු කළ යුතු  අතර ඵලදායිතාවයේ වැඩි දියුණුවක් ලබාගැනීමට නම්  තවත් පිළිස්සීමක් අවශ්ය වේ. තෙවන වසර තුළ පශ්චාත් ගිනි ප්‍රතිසාධනයෙහි(ගින්නෙන් පසුව යළි පිබිදීම) සාමාන්ය අනුක්රමයක් යටතෙ ස්වදේශික ශාක නැවත වඩේ. එවැනි ක්රමයක් සමහර ස්ථානවල ප්රයෝජනවත් බව සනාථ  විය හැකි වුවද සමහර අවස්ථාවල ඒවා(වගා බිම්) අතහැර දැමීම අවශ්ය වේ.  සමස්තයක් ලෙස මෙම ක්රියාවලිය බොහෝ සංරක්ෂකයන්ගේ ප්රතිරෝධයට ලක්වේ. විශේෂයෙන්ම ස්වාභාවිකවම ගිනි හට නොගන්නා  එමෙන්ම ප්රාථමික වනාන්තර,  ප්රධාන කාබන් කාන්දුව සහ ඔක්සිජන් මූලය  ලෙස සැලකෙන අමසන් ද්‍රෝනියේ සිදුකෙරෙන එවැනි දෑ එලෙස ප්‍රතිරෝධයට් ලක්වේ.  නමුත් මෙය හැම අවස්ථාකම එසේ නොවේ. ඒ, ගොවිබිම්  නැවත වර්ධනය වීමට හා දැවීමේ චක්රය නැවත නැවත සිදු විය හැකි වන  අතර ගින්න පාලනය කිරීම වඩාත් පහසු නිසාය. 

Photos illustrating the mosaic of fire patterns in the boreal forest.... |  Download Scientific Diagram

මෙම ක්‍රියාව බොහෝ  අවස්ථාවලදී ‘නරක’නැතිනම් ‘අයෝග්‍ය’ ලෙස සලකනු ලැබුවද, වගාවේ සහ පුරන්වීමේ විවිධ අවස්ථා පරාසයකින් හෙබි විචිත්‍ර භූදර්ශනයක් සියවස් ගණනාවක් පුරාවට නිර්මාණය කළ හැක. එවැන්නක්  ජෛව විවිධත්වය දිරිගැන්වීමට  සහ ඇත්ත වශයෙන්ම සත්ව සහ දුර්ලභ ශාක වාසස්ථාන පරාසයක් සැපයීමට හේතුවෙයි.  එය ” ‘ගිනි විවිධත්වය’ මගින්  ’ජෛවීවිවිධත්වය’ හටගන්වනු ලබයි. ”  යන නව සංකල්පයට මග පාදයි. 

2 Pyrodiversity (the diversity of burn effects on vegetation viewed as a quilt-like mosaic pattern at landscape scales) begets biodiversity (e.g. south Kalmiopsis region, southwest Oregon). Fire-mosaics are intrinsically valuable for species that require either the emerging forest (e.g. deer, woodpeckers, songbirds, butterflies) or the old-growth forest that escaped the flames (such as Northern Spotted Owls-Strix occidentalis caurina; Lee 2018) (photo by author)
phyro-diversity

‘හේන් ගොවිතැන’ යන ක්‍රමවේදය වඩාත්  විධිමත් ‘බිම් මාරු’ භාවිතයක් හැටියට   සියුම්ව සකසා ගත හැකිවේ.  එවැනි අවස්ථාවන්හිදී බිම් කැබලි, ඒවායේ පිහිටීම හා ප්‍රමාණය අනුව බොහෝ සෙයින් ස්ථාවර පවතී. මෙහිදී, පිළිස්සීමෙන් පසුව, පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීම සඳහා , ප්‍රථමයෙන් ධාන්ය, අනතුරුව මූල් හෝ අල (ආකන්ද)බෝග රෝපණය ආදී වශයෙන් වගා කළ හැකි භෝගවල  කැපීපෙනෙන අනුක්‍රමයක් අනුගමනය කල හැක. මෙය අවුරුදු දෙකේ සිට අටක් දක්වා වූ චක්‍රයක් විය හැකිය; ඉන්පසුව,  ක්ෂේත්‍රය නැවත පුළුස්සා දමනු ලැබේ. ‘බිම් මාරුව’  යන්නෙන් අදහස් වන්නේ යම්  නිශ්චිත ප්‍රදේශයක සමහර ක්ෂේත්‍ර විවිධ භෝග යටතේ පවතින නමුත් අනෙක් ඒවා පිළිස්සීමට සූදානම්ව පවතින බවයි.  එසේ නම් මෙය දිගට පොළව සකස්කිරීම හා   පොහොර යෙදීම වැනි දැඩි ප්‍රතිකරම  භාවිතා කරමින්  සිදුකෙරෙන අඛණ්ඩ ගොවිතැනට සම්බන්ධ නොවන ‘ස්වාභාවික චක්‍රයක්’(natural cycle) වේ.

මෙහි ඉතිරි කොටස ලබන සතියේ

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.