හැව ඇරීම හෙවත් හම හැළීම

Posted by

ඔබේ සම හුදු වැස්මකට නැතිනම්  ආවරණයකට වඩා වැඩි යමකි – එය ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි. ඔබේ හදවත, පෙනහළු සහ අනෙකුත් අවයව මෙන්ම,  එය ගැන ඔබ සැලකිලිමත් නොවන්නේ නම්, ඔබට ගැටළු ඇති විය හැකිය.

ඔබ වයසට යත්ම, ඔබේ සම වෙනස් වන්නට පටන් ගනී. ඒත් ඒ සෑම විටමත් ‘හොඳ’ ආකාරයකින් සිදුවන්නක්නොවේ. අඳුරු පැල්ලම්, රළු වයනය(rough texture), සිහින් රේඛා සහ රැළි ඇතුළුව සූර්යයා නිසාව්න් සිදුවන හානිය නිසා වඩාත් සුලභ ගැටළු ඇතිවේ. සමේ මතුපිටින්ම ඇති ස්ථර ඉවත් කිරීම සඳහා රසායනික ද්‍රාවණයක් භාවිතා කරන රසායනික සිවි(chemical peels), මෙම වෙනස්කම් ඉලක්ක කර සම වැඩි දියුණු කිරීම සඳහා තිබෙන්නාවූ එක් ක්‍රමයක් ලෙස සැලකේ. රසායනික සිවි යෙදීම, නිවසේදී, වෛද්‍ය ස්පා එකක දී(ඔසු ඌලයක) හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාර්යාලයේදී කළ හැකිය. එසේ වී නමුත් ප්‍රශ්නය වන්නේ ඒවා ඔබේ සමට සැබවින්ම ඵලදායීද? යන්නයි.

හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය වෛද්‍ය හයි ජින් “ලී” චුන්ග් පවසන්නේ ‘ඔව්, රසායනික සිවි මගින් ඔබේ සමට උපකාර කරණු ලැබිය හැකි’ බවයි. නමුත් එම ‘සහතිකය’ ලැබෙන්නේ විරුද්ධ වාචකයක් නැතිනම් අවවාදයක් සමඟ බව ඇය පවසයි. “ඒවා ප්‍රයෝජනවත් වන්නේ ඔබ නිවැරදි කාරකය(ද්‍රව්‍ය) සහ නිවැරදි තාක්‍ෂණය භාවිතා කරන්නේ නම් පමණයි” යැයි වෛද්‍ය චුන්ග් පවසයි. වැරදි ලෙස භාවිතා කළ හොත්, රසායනික සිවි හානිකර විය හැකි අතර පිලිස්සුම් හෝ වර්ණක වෙනස්වීම් පවා ඇති කිරීමට හේතුවෙයි..

රසායනික සිවි ක්‍රියාකරන අන්දම

සමට සිවිය ආලේප කරන විට  සමේ මිය ගිය සෛල ඉඑට යටින් ඇති නිරෝගී සමට බැඳ තබන මැලියම් රසායනික ද්‍රව්‍ය මගින්  ලිහිල් කරනු ලබන අතර (මිය ගිය සම) විගලනයට(slough off) ඉඩ සලසයි. නිසි ලෙස භාවිතා කරන්නේ නම්, මිය ගිය සම බලහත්කාරයෙන් වාගේ ඉවත් කරන(ංෆොලිඅටිඔන් – විශල්කනය) අවසීරුම් ද්‍රව්‍යවලට වඩා රසායනික විශල්කන අඩු හානියකින් යුක්ත විය හැකිය. මෙම ක්‍රියාවලිය මඟින් ඔබේ පැහැයට නැවුම් පෙනුමක් ලබා දෙනවා පමණක් නොව, නව සෛල වර්ධනයට දිරි ගන්වයි, මේ වර්ධනය කාලයත් සමඟ ඔබේ සමේ පෙනුම හා ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි.

සමේ ඉහළ තට්ටුව ඉවත් කිරීම  ඉලක්ක කර ගැනීමට පමනක් තරම් ශක්තිමත් විය යුතු ගෘහ සිවි, වයනය වැඩි දියුණු කිරීමට මෙන්ම හිරු කිරණ හේතුවෙන් ඇතිවන පැල්ලම් වැනි අසමාන වර්ණක, සියුම් රේඛා සහ රැළි  ඉවත් කිරීමට උපකාරී වේ. (සමේ)ගැඹුරු රේඛා සහ කැළැල් ඉලක්ක කරගනිමින්  වෘත්තීය මට්ටමේ සිවි  තවත් ටිකක් ඔබ්බට යයි.

සිවි වර්ග

අද වෙළඳපොලේ බහුලව භාවිතා වන රසායනික සිවි  කාණ්ඩ තුනට අයත් බව වෛද්‍ය චුන්ග් පවසයි:

ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල(Alpha hydroxy acids) – මෙම අම්ල  ආහාර වල ස්වභාවිකව දක්නට ලැබේ. වඩාත් ජනප්‍රිය එකක් වන්නේ උක් වලින් ලබාගත් ග්ලයිකෝලික් අම්ලයයි(glycolic acid) . මීට අමතරව තවත් කිහිපයක් දක්වතොත්, කිරි වලින්ලැබෙන ලැක්ටික් අම්ලය සහ ආමන්ඩ් වලින් ලැබෙන මැන්ඩලික් අම්ලය ඇතුළු තවත් සමහරක් දැක්විය හැකිය. ග්ලයිකෝලික් අම්ල සිවි වල බලපෑම රඳා පවතින්නේ සිවි කෙතරම් ශක්තිමත්ද යන්න සහ ඔබේ සම මත කොපමණ කාලයක් තබන්නේද යන්න මතය. සිවි උදාසීන කිරීමට හෝ ඔබේ සමෙන් එය සෝදා ඉවත් කළ යුත්තේ කවදාද යන්න පිළිබඳ උපදෙස් අනුගමනය කිරීම වැදගත්ය.

බීටා හයිඩ්‍රොක්සි අම්ල(Beta hydroxy acids) –  මෙම අම්ල පලතුරු වලින් ද ලබා ගන්නා නමුත් ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල වලට වඩා ටිකක් වෙනස් වන්නේ ඒවා මේදයේ දියවන(මේද-ද්‍රාව්‍ය) මිස ජලයේ දියවන(ජලද්‍රාව්‍ය) නොවන බැවිනි. විලෝ පොතු වලින් සාදන ලද සැලිසිලික් අම්ලය මෙම කාණ්ඩයේ බහුලව භාවිතා වන රසායනික සිවි වේ. ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල මෙන් නොව, එය යෙදීමෙන් පසු සෝදා හෝ උදාසීන කිරීමට අවශ්‍ය නොවේ.

ට්‍රයික්ලෝරෝඇසිටික් අම්ලය (Trichloroacetic acid – TCA). මෙය තවත් වර්ගයක ඇසිඩ් සිවි ආලේප කිරීමේ විසඳුමකි. මෙම සිවි වල බලපෑම නිෂ්පාදනයේ(එනම් සිවි වල) ශක්තිය සහ යොදන ද්‍රාවණ ස්ථර ගණන මත රඳා පවතී. වැඩි ශක්තියක් සහිත සිවි(25% සිට 30% දක්වා සාන්ද්‍රණයකට වඩා වැඩි) සමෙහි ගැඹුරට කාවදින අතර මැද ස්ථරයට ළඟා වෙමින් එමඟින් ගැඹුරු කැළැල් හෝ වර්ණක ගැටළු ඉලක්ක කර ගත හැකිය.

සුලබව සිදුවන  වැරදි සහ ආරක්ෂිත ඉඟි

ඔබ සිවි භාවිතා කරන්නේ නම් ඔබ අනුගමනය කළ යුතු ආරක්ෂිත උපදෙස් කිහිපයක් තිබේ යැයි වෛද්‍ය චුන්ග් පවසයි.

සෙමින් (ක්‍රම ක්‍රමයෙන්) ආරම්භ කරන්න: උදාහරණයක් ලෙස ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල භාවිතා කරන සිවි අම්ලය 20%  සිට අම්ලය 70% දක්වා විවිධ ශක්තීන්ගෙන් යුක්ත වේ. “කෙටිම කාලය සඳහා අවම සාන්ද්‍රණයකින් ආරම්භ කිරීම, ඒ කියන්නේ අම්ලය 20% සිට 30% දක්වා ශක්තියකින් පටන් ගැනීම, හොඳ ආරම්භයක් වනු ඇත. ඔබ අම්ලය 70% ශක්තියකින් ආරම්භ කළහොත් ඔබේ සම රසායනික පිළිස්සුම්වලට භාජනය වීමේ වැඩි අවස්ථාවක් තිබිය හැකිය.  නිවසේදී අධික සාන්ද්‍රණයකින් යුත් සිවි භාවිතා නොකරන්න.

ඔබේ සම නිරීක්ෂණයකරන්න: සමට රසායනික නිෂ්පාදන යෙදීමෙන් පසු ඒවාට ඔබේ සමේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබේ සිරුරේසමහර ප්‍රදේශවල බිබිලි හෝ දරුණු වේදනාවක් ඇති වුවහොත්, රසායනික කාරක වහාම සේදීමෙන් හෝ උදාසීන කාරක භාවිතා කිරීමෙන් එවන් ප්‍රතික්‍රියා නතර කර ගත  යුතුය.” යයි ඇය පෙන්වාදෙයි.

අත් සහ බෙල්ල පිළිබඳව ප්‍රවේශම් වන්න: ආරක්ෂිතව මුහුණ මත භාවිතා කළ හැකි සිවි බෙල්ලට හා අත් වලට හානිදායක විය හැකිය.  බෙල්ලට හෝ අත් වලට වඩා ඉක්මනින් මුහුණ සුව වන අතර පිලිස්සුම් තුවාල අඩු වේ.

වෘත්තිකයෙකු සොයා ගන්න: සමේ ගැඹුරු ස්ථර වලට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉහළ ශක්තියක් සහිත සිවි කළ යුත්තේ වෘත්තීය පසුබිමක හෙවත් වට්පිටාවක පමණි. මෙම කාරණාවට අදාලව, TCA සිවි සලකා බලතොත්, මෙයින් අදහස් කරන්නේ 25% ට වඩා වැඩි සාන්ද්‍රණයක් සහිත සිවි සම්බන්ධෙය්න් වෘත්තිය වටපිටාව අවශ්‍යවන බව යයි  වෛද්‍ය චුන්ග් පවසයි. කෙසේ වෙතත්, වෘත්තිකයෙකු විසින් සිදු කරනු ලබන ගැඹුරු සිවි ඵලදායී විය හැකි නමුත්, මෑත වසරවලදී ඒවායේ  ජනප්‍රිය බවෙන් ඈත්වී ඇති බව මතක තබා ගන්න. මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ගැඹුරු සිවි වලට වඩා සමේ ගැටළු ඉලක්ක කර ගන්නා ව්ඩාත් කාර්යක්ෂම වන චර්ම ලේසර්(skin lasers) භාවිතය වැඩි වීමයි. ඒවායෙන් සාමාන්‍යයෙන් සුවය ලැබීමේ කාලය අඩු සහ සංකූලතා ඇතිවීමේ අවදානම අඩු බව වෛද්‍ය චුන්ග් පවසයි. “ගැඹුරු රැළි වැනි දේවලට ප්‍රතිකාර කිරීමට අපට දැන් වඩා හොඳ ක්‍රම තිබේ,” ඇය පෙන්වා දෙන්නීය.

කෙසේ වෙතත් සමස්තයක් හැටියට ගත් කල, ඔබ නිවැරදි දේ තෝරාගෙන එය නිසි ලෙස භාවිතා කරන්නේ නම්, රසායනික සිවිවලට ඔබේ සම ආරක්ෂා කිරීමේ දී වැදගත් කාර්ය භරයක් ඉ‍ටු කළ හැකිය.

Harvard Health Publishing හී පළවී ඇති Shedding your skin යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.