COVID-19 වසංගතය බඩ ඉරිඟු, කිරි, බෝංචි සහ අනෙකුත් දේවල මිල ඉහළ යෑමට හේතු වී ඇති නමුත් ගෝලීය වසංගතයට පෙර පවා බිලියන 3 ක පමණ ජනතාවකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හෝ එවැන්නක් සඳහා වූ ලාභදායී විකල්ප පවා ලබා ගත නොහැකිව පැවතිණ
ගෝලීය ආහාර මිල දත්ත පිළිබඳ මෑත විශ්ලේෂණයන්ගෙන් හෙළි වන්නේ, දැනට දත්ත ඇති වඩාත් නවතම වර්ෂය වන 2017 වසර වන විට, ලෝක ජනගහනයෙන් 40% කට පමණ දැනටමත් පහළ තත්ත්වයේ ආහාර පරිභෝජනය කිරීමට සිදු වී ඇති බවයි. ඉහළ ආහාර මිල හා ආදායම් අඩුවීම යන සාධක එකතුව ඉඑට බලපා ඇත. සෞඛ්‍ය සම්පන්න භාණ්ඩ මිලට ගැනීම දරා ගත නොහැකි විට, මිනිසුන්ට මන්දපෝෂණය මෙන්ම රක්තහීනතාවය හෝ දියවැඩියාව වැනි ආහාර ආශ්‍රිත රෝග වළක්වා ගත නොහැකි බව පෙණි ගොස් ඇති කරුණකි


ලෝකයේ බිලියන 7.9 ක ජනතාවගෙන් ඉතිරි 60% කට සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගත හැකිය. ඇත්ත වශයෙන්ම, ඔවුන් සැමවිටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන බවක් එයින් අදහස් නොවේ. ඉවුම් පිහුම් සඳහා ගතවන කාලය සහ පිසීමට ඇති දුෂ්කරතා මෙන්ම වෙනත් ආහාර වෙළඳ දැන්වීම්කරණය සහ අලෙවිකරණය හේතුවෙන් බොහෝ දෙනෙකු පුදුම හිතෙන තරමට සෞඛ්‍ය සම්පන්න නොවන භාණ්ඩ තෝරා ගැනීමට මඟ පෑදිය හැකිය .
ටෆ්ට්ස් විශ්ව විද්‍යාලය(Tufts University) විසින් මෙහෙයවනු ලබන “පෝෂණය සඳහා ආහාර මිල ගණන්” ලෙස හඳුන්වනු ලබන පර්යේෂණ ව්‍යාපෘතියක් මඟින් සොයා ගනු ලැබ ඇති පරිදි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක දැරිය හැකි මිල මෙන්ම ඊට බාධක වන වෙනත් හේතු අතර වෙනස හඳුනා ගැනීම වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වන ප්‍රධාන පියවරකි. ලෝක බැංකු සංවර්ධන දත්ත සමූදාඅය හා ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය සමඟ සහයෝගයෙන් කෘෂිකර්මාන්තය සහ ආහාර බෙදා හැරීම මානව සෞඛ්‍ය අවශ්‍යතා හා ආර්ථික විද්‍යාව පෝෂණයට සම්බන්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ නව දැක්මක් මෙම ව්‍යාපෘතිය මඟින් සපයනු ලැබේ.
ගෝලීය වශයෙන් ආහාර සඳහා වන පිරිවැය මැනීම සඳහා, ටෆ්ට්ස් විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය රටවල් 174 ක් පුරා ජනප්‍රිය ආහාර 800 ක් සඳහා ලෝක බැංකු මිල දත්ත එම භාණ්ඩවල පෝෂණ සංයුතියට සම්බන්ධ කළේය. එක් එක් අයිතමයේ මිල හා පෝෂණ අගයන් භාවිතා කරමින්, ජාතික ආහාර මාර්ගෝපදේශ සහ නැතුවම බැරි පෝෂක අවශ්‍යතා සපුරාලීමේ අවම වියදම් ක්‍රමය මෙහි දි ගණනය කෙරිණ .
මිල දැරිය හැකි බව නිර්ණය කරණු පිණිස පර්යේෂකයෝ, ආහාර පිරිවැය එක් එක් රට තුළ ආහාර හා ආදායම් බෙදා හැරීම සඳහා සාමාන්‍යයෙන් වියදම් කරන අන්දමහා සම්බ්බන්ධ ලෝක බැංකු ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළහ. එහි දී පෙණී ගියේ එක්සත් ජනපදයේ සෑම කෙනෙකුටම පාහේ සහල් සහ බෝංචි, ශීත කළ නිවිති සහ ටින් කල ටූනා(මාළු), පාන් සහ රටකජු බටර්, සහ කිරි වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ මිල දරා ගත හැකි බව පෙනේ. ඒඒනමුත් අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ මිනිසුන්ට බොහොමයකටම, තමන්ගේ මුළු ආදායමම වියදම් කිරීමට කැමති වුවද, පෙර දැක් වූ අන්දමේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ප්‍රමාණවත් තරම් ලබා ගත නොහැකිය.
ආහාර මිල ඉහළ පහළ යන නමුත්, පලතුරු හා එළවළු, ඇට වර්ග, කිරි නිෂ්පාදන සහ මාළු වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර පිෂ්ඨමය ආහාර, තෙල් සහ සීනි වලට වඩා මිලෙන් අධිකය . සෞඛ්‍ය සම්පන්න ආහාර කාණ්ඩවල අධික පිරිවැය බොහෝ විට අඩු වියදම් සහිත ආහාර අනුභව කිරීමට හෝ කුසගින්නෙ සිටීමට හෝ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ට බල කරයි.

කළ හැක්කේ කුමක් ද?
රටවල්, වැඩි වැටුප් සහිත රැකියා තව තවත් උත්පාදනය කිරීමෙන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා සමාජ ආරක්ෂණ පුළුල් කිරීමෙන් සෑම කෙනෙකුටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට මග පැදිය හැකිය. නිදසුනක් ලෙස, එක්සත් ජනපදයට පරිපූරක පෝෂණ ආධාර වැඩසටහන(Supplemental Nutrition Assistance Program, or SNAP,) ඇත, අවශ්‍ය ආහාර මිලදී ගැනීමට එය, අඩු ආදායම්ලාභී ඇමරිකානුවන්ට උපකාරී වේ. මෙම වර්ගයේ ආරක්‍ෂිත ජාල වැඩසටහන්, ආහාර අනාරක්‍ෂිතතාවය අඩු කරයි එමෙන්ම ආර්ථිකයන් පසුබෑමට ලක්වෙද් දී රැකියාවල ආරක්ෂාව සලසයි. තවද එවැනි වැඩසටහන් විශේෂයෙන්ම ළමා සංවර්ධනය සඳහා වැදගත් වේ.
ඉහළ ආදායම් සහ දුප්පතුන් සඳහා ආරක්‍ෂිත ජාලවලින් ඔබ්බට යමින් බැලුවොත්, ආහාර නිෂ්පාදනය හා බෙදා හැරීම වැඩිදියුණු කිරීම සඳහා නව තාක්‍ෂණය හා යටිතල පහසුකම් වෙනුවෙන් වන රාජ්‍ය ආයෝජන තුළින් සෑම කෙනෙකුටම ආහාර මිල අඩු කළ හැකිය. නව තාක්ෂණයන් සහ වෙනත් වෙනස්කම් දේශීය තත්වයන්ට හොඳින් අනුගත වන විට, කෘෂිකාර්මික නවෝත්පාදනයන් සහ ආහාර වෙලඳපොලවල ආයෝජනය කිරීමෙන් ජීවිත බේරා ගැනීමටත්, ආර්ථික සංවර්ධනයටත් මඟ පෑදිය හැකිය – .
පර්යේෂකයන් විශ්වාස කරන්නේ, ගෝලීය කෘෂිකාර්මික ප්‍රතිපත්ති දැනුම් දීම සඳහා නිපදවන සිය ආහාර පිරිවැය දත්ත , ලෝක ආහාර තත්ත්වය පිළිබඳ තියුණු නව අවබෝධයක් ජනතාවට ලබා දෙනු ඇති බවයි. ගෝලීය වශයෙන් ආහාර මිලගණන් අධීක්ෂණය කරමින් විමර්ෂණයට ලක් කිරීමට පෙර දැරූ උත්සාහයන්ගේ ඉලක්කය වූයේ ජාත්‍යන්තරව වෙළඳාම් කරන ලද ගොවි නිෂ්පාදන කිහිපයක් ගැන සොයා බැලීම, සාගත අවදානමට ලක්වන ස්ථානවල තත්වයන් අධීක්ෂණය කිරීම හෝ පාරිභෝගික මිල දර්ශක පිළිබඳව විමසිල්ලෙන් සිටීම ය . දේශීයව ලබා ගත හැකි අයිතම භාවිතා කරමින් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක පිරිවැය මැනීම, අඩු ආදායම්ලාභීන්ට මිලදී ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා පාරිභෝගික මිල ගණන් කෙරෙහි අවධානය යොමු කරයි.

වඩා හොඳ දත්ත පරිහණය තුළින්, රජයන්ට සහ සංවර්ධන නියෝජිතායතනවලට තම රටවල් සිය අදහස් අනුව යා යුතු තැනට ගෙන යා හැකි අතර, එමඟින් කවදා හෝ ලොව පුරා සිටින සෑම කෙනෙකුටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කිරීමට අවස්ථව සලසා දිය හැකිය.
ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ යාන් බායි ද මෙම පර්යේෂණයට දායක විය.
The Conversation හී පළවන 3 billion people cannot afford a healthy diet යන ලිපිය අසුරෙනි