ළමුන්ට COVID-19 එන්නත් ලබාදිය යුතුද? මෙන්න විද්‍යාව කියන දේ
ළමුන් එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතැම් රටවල් දැනටමත් අරඹා ඇති අතර තවත් සමහරක් තම රටවල් හමුවේ තිබෙන විකල්ප ගැන කරුණු සොයා බලමින් සිටියදී Nature සඟරාව ළමුන් එන්නත් කිරීමෙ පිටුපස ඇති විද්‍යාව ගැන සොයා බලයි. COVID-19 එන්නත් ලබාගැනීම සඳහා ලොව වැඩි කොටසක් අරගලයක යෙදී සිටිය දී, ළමුන්ට එන්නත් ලබාදිය යුතු ද නැද්ද යන ප්‍රශ්නය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ විය හැකියි. වයස අවුරුදු 16ට අඩු තරුණ ළමුන් වැඩි පිරිසට එන්නත් ලබාදීම පමා කරන ලෙස එක්සත් රාජධානියේ උපදේශකයෝ ජූලි මැද නිර්දේශ කළහ. හේතු වශයෙන් ඔවුන් දක්වා සිටියේ මේ වයස් කාණ්ඩයේ ළමුන් උග්‍ර රෝගාබාධ වලින් පෙළීම අඩු මට්ට්මක පවතින බවයි. එසේ වුව ද, එක්සත් ජනපදය සහ ඊශ්‍රාලය අතුළු රටවල් ගණනාවක්ම ළමුන් එන්නත් කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙනයමින් සිටිනා අතර තවත් රටවල් එන්නත් සපයා ගැනීමට හැකි වූවිට එම අඩි පාරෙහිම යාමට අදහස් කරයි. ළමුන් එන්නත් කිරීම සම්බන්ධව සාක්ෂි Nature මෙම ලිපියෙන් විමසා විමසා බලයි.

ළමුන්ට COVID-19 එන්නත් අවශ්යම ද?
කොවිඩ් ගෝලීය වසංගතයේ මුල් අවධියේ සිටම දෙමාපියන්ගේ හිතට යම් සහනයක් ගෙන එන කාරණාවක් වූයේ වැඩිහිටියන්ට ගෙන එන අන්දමේ දරුණු රෝගාබාධ ළමුන් තුළ ඇතිකිරීමේ අවස්ථාව බෙහෙවින් අඩු විය හැකි වීමයි.
එසේවුව ද, දැන් වුව ළමුන් බොහෝ සේ රෝගාතුර වන අතරම ‘දිගුකාලීන කොවිඩ්'(long COVID = එතරම් දරුණු නොවූ COVID-19 රෝග වාරයකින් පසුව ද පවා මාස ගණනාවක් තිස්සේ පවතින ඇතැම්විට බෙලහීන කරවන සුලු රෝග ලක්ෂණ සහිත තත්ත්වයක්) අවදානම පිළිබඳ ‘බිය’ වහා වහා සිය දරුවන් එන්නත් කරගන්නැයි දෙමාපියන්ගෙන් ඇයද සිටීමට බොහෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පොළඹවනසුළු තරම් ප්‍රමානවත් විය හැකිය. කෙසේවෙතත්, එක්සත් රාජධානියේ එන්නත්කරණය පිළිබඳ උපදේශකයන් නිර්දේශ කර සිටින්නේ සායනිකව අවදානම් සහිත නවයෞවනයන් හෝ අවදනමක අනතුර ඇති වැඩිහිටියන් සමග ජීවත්වෙන නව යෞවනයන් පමණක් දැනට එන්නත් කළ යුතු බවයි. සෞඛ්‍යසම්පන්න නවයෞවනයන් සහ ළමුන් අතර දරුණු රෝග තත්ව, මරණ සහ ‘දිගුකාලීන කොවිඩ් පවා දුලබය.
කෙසේවෙතත්, එක්සත් රාජධානියේ එන්නත්කරණය පිළිබඳ උපදේශකයන් නිර්දේශ කර සිටින්නේ සායනිකව අවදානම් සහිත නවයෞවනයන් හෝ අවදනමක අනතුර ඇති වැඩිහිටියන් සමග ජීවත්වෙන නව යෞවනයන් පමණක් දැනට එන්නත් කළ යුතු බවයි. සෞඛ්‍යසම්පන්න නවයෞවනයන් සහ ළමුන් අතර දරුණු රෝග තත්ව, මරණ සහ දිගුකාලීන කොවිඩ් පවා දුලබය. තවද, වැඩි කල් යන්නට මත්තෙන් අවදනමක අනතුර ඇති වැඩිහිටියන් සියල්ලන්ටම පාහේ එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබෙණු ඇති.
එහෙත්, සමහර රටවල් ගත්විට COVID-19 ළමුන්ට කෙසේ බලපාන්නේ ද යන්න ගැන තවමත් ඇත්තේ අඩු අවබෝධයකි. නිදසුනක් ලෙස, උප සහරානු අප්‍රිකාවේ COVID-19 හේතුවෙන් හටගත් මරණ සහ රෝහල් ගතවීම් පිළිබඳ ඇතැම් නිල ගණන් හිලව් වයස් කණ්ඩායම් අනුව බෙදා දැක්වීමක් සිදුකරන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මරණ සංඛ්‍යාවෙන් කුමණ ඒවා ළමුන් හා යෞවනයන් අතරේ සිදුවී ද එමෙන්ම, මන්දපෝෂනය හෝ එකවර ඇතිවන ක්ෂය රෝගය හෝ HIV ආසාදනය ආදී තත්ත්වයන් COVID-19 ප්‍රතිපල වෙත කුමන බලපෑමක් ඇතිවී ද යන්න ගැන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අවබෝධයක් නැත.
“අපි ඉන්නේ අඳුරේ අතපත ගාමින්” යයි නයිජීරියාවේ සේවය කරන, බැල්ටිමෝර් හී මේරිලන්ඩ් විශ්වවිද්‍යාල වෛද්‍ය විදුහලේ ළමා රෝග විශේෂඥවරියක වන නාඩ්යා සෑම්-අගුඩු කියා සිටියි.
මීට අමතරව, SARS-CoV-2 සහ ශ්වසන සංසෛලයීය වෛරසය(respiratory syncytial virus) වැනි අනෙකුත් සුලබ වෛරස සමග එකට ආසාදනය වන ළමුන්ට කුමක් වේද යන්න ද සෞඛය අංශවල දැඩි සල්කිල්ල යොමු වූවකි. භෙම්බිරිස්සාව සාමාන්‍ය භෙම්බිරිස්සාව ඇති කරවන එක් සාධකයක් වුවත් ළමුන් අතරේ වඩාත් දරුණු ශ්වසන ආබාධ හට ගැන්විය හැක. නොලිහිල් අගුලු දැමීම් ඇතැම් කලාපවල මේ ප්‍රශ්නය යටපත් කර තබා ගැනීමට හේතු වී ඇතත්, සමාජ දුරස්ථවීමේ පියවර ලිහිල් වත්ම ළමුන් අතරේ ශ්වසන සංසෛලයීය වෛරස ආසාදන ඉහළ යමින් පවතින බවට ලකුණු දනටමත් පහළ වී ඇති බව රෝමයේ Gemelli විශ්ව විද්‍යාල රෝහලේ ළමා රෝග විශේෂඥ Danilo Buonsenso පවසයි. ” සාමාන්‍ය වෛරස සහ කොවිඩ් විශාල වශයෙන් පැතිරෙන්නට පටන් ගත් විට එක්ව ඇතිවන ආසාදනයෙන්(co-infections) ළමුන්ට ඇතිවන බලපෑම කොහොම වෙයිද කියල අපට තවම කියන්න බැහැ” යයි හෙතෙම කියා සිටියි.

ළමුන් එන්නත්කරණයට ලක්කිරීම ආරක්ෂාසහගත ද?
Moderna සහ Pfizer–BioNTech සමාගම් නිපදවූ mRNA එන්නත් මෙන්ම Sinovac සහ Sinopharm සෑදූ චීන එන්නත් ද ඇතුළුව එන්නත් අතළොස්සක් වයස අවුරුදු 12ට වැඩි තරුණ ජනතාව අතරේ පරීක්ෂාවට ලක් කොට ඇත. තවද, එක්සත් ජනපදය, ඊශ්‍රාලය සහ චීනය ඇතුළු රටවල් ගණනාවක්ම දැන් මේ වයස් කාණ්ඩයට ලබාදීමට ඉදිරිපත්ව සිටියි. Zydus Cadila සහ Covaxin inactivated එන්නත්(මේ දෙකම ඉන්දියාවේ නිෂ්පාදනයි) ගැන අධ්‍යයන ඇතුළුව වයස අවුරුදු 12ට වැඩි තරුණ පිරිස් අතරේ එන්නත් අධ්‍යයන ප්‍රතිඵල ඉක්මණින් වාර්තාවෙතැයි අපේක්ෂාකෙරේ.
යොවුනන්ට එන්නත් ආරක්ෂාරී යයි මේ වනතුරුම පෙණී ගොස් ඇත. ඒ වාගේම, සමහරක් සමාගම් මාස හයක් තරම් කුඩා වයසේ දරුවන් සම්බන්ධ කරගෙන සායනික පරීක්ෂණ පවත්වාගෙන යාමට යොමු වී තිබේ. එක්සත් ජනප්දයේ වයස 12 ට අඩු ළමුන්ට මේ වසරේ ඉදිරිකාලයේ දී එන්නත් ලබාගැනීමට හැකි වන්නට පුළුවනැයි ජෝර්ජියා හී ඇට්ලැන්ටාවේ, එමරි විශ්වවිද්‍යාලයෙහි අන්ඩ්‍රියා ශේන් කියයි.
ඊශ්‍රාලය සහ එක්සත් ජනපදය තරුණ ළමුන් එන්නත් කිරීමට පටන් ගැනීමෙන් පසුව වහිර්කන්තුදාහය (myocarditis = හෘද පේශියේ ප්‍රදාහය) සහ පරිකන්තුදාහය (pericarditis = හෘදයේ පිටත ආස්තරයේ ප්‍රදාහය) යනුවෙන් හඳුන්වනු ලබන තත්ත්වයන් — Pfizer එන්නත සහ හෘද ප්‍රදාහය (heart ) තිබිය හැකි සම්බන්ධතාවක් ඉස්මතු කර දක්වයි. කෙසේවෙතත්. ප්‍රදාහය හටගත්තේ එන්නත හේතු කොට ගෙන බව පර්යේෂකයන් තවමත් ස්ථාපිත කර නැත. මේ බලපැමට ලක් වු බොහෝ දෙනෙකු යළි සුවය ලබා ඇති අතර මෝල්ටා විශ්වවිද්‍යාලයේ ළමා රෝග විශේෂඥ ඩේවිඩ් පේස් කියා සිටින්නේ මෙම තත්ත්වයන්ගේ අවදානම “ඉතාමත් අඩු මට්ට්මක” බවය — වයස 12ත් 17ත් අතර යෞවනයන් අතරේ දෙවැනි මාත්‍රා සෑම මිලියනයකටම ආතුරයන් 67ක් සහ එම වයස් කණ්ඩායමේ ම යෞවනියන් අතරේ දෙවැනි මාත්‍රා සෑම මිලියනයකටම ආතුරයන් 9ක් ලෙසිනි.

ළමුන් එන්නත්කරණය, ගෝලීය වසංගතය කෙරෙහි කිනම් ආකාරයෙන් බලපාන්නේ ද?
මෝල්ටාව එහි ජනගහනයෙන් 80%ක් එන්නත් කර අවසන්ය. දැන් ඒ රට, වයස අවුරුදු 12ට වැඩි යෞවන යෞවනියන්ට ද එන්නත් ලබාදීමට පටන් ගෙන තිබේ. තරුණ ළමයි එන්නත්කරණය කිරීමේ තීරනයට බල පෑ සාධක අතර එරට පවුල් ව්‍යුහයද වේ. සමීප සම්බන්ධතා සහිත පවුල් ව්‍යුහයක් ඇති මෝල්ටාවේ නවයොවුන් පිරිස් බොහෝවිට සීයා, අච්චී ආදී වැඩිහිටියන් සමග නිතර කිට්‍ටු ඇසුරක් පවත්වන බව පේස් පෙන්වාදෙයි. ‘යොවුන් පිරිස් එන්නත්කරණයට ලක් කල විට ඔවුන්ගේ මාර්ගයෙන් අවදානම්ග්‍රාහී වැඩිහිටි පිරිසට සම්ප්‍රේෂණය වීම අඩුවන බව’ ඔහුගේ අදහසයි.
කොරෝනා වෛරස සම්ප්‍රේෂණයේ දී ළමුන් සහ විශේෂයෙන්ම නව යෞවනයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හී ඩේකින් විශ්වවිද්යාලයේ වසංගතවේදී කැතරීන් බෙනට් පෙන්වා දෙයි. වෛරසයේ නව ප්‍රභේදයන් ඉස්මතුවෙද්දී මේ අවදානම ගැන අවධානය වැඩිවෙයි. තරුණ පිරිස් එන්නත්කරණයේ වැදගත්කම මේ හේතුවෙන් තවත් වැඩිවන බව ඇගේ මතයයි. “ගෝලිය නව ප්‍රභේදයන් ජනනය කිරීමට රටක සමස්ත ජනගහන්යෙන් හරිහැටි එන්නත් කරණය සිදු නොකළ එක් කණ්ඩායමක් හිටියහම ඇති” යනුවෙන් බෙනට් වැඩි දුරටත් සඳහන් කරයි.

ළමුන් සහ නව යොවුනන් එන්නත්කිරීම සාධාරන ද?
චිලිය, ලෝකයේ COVID-19 එන්නත්කරණ අනුපාතය අතින් වඩාත් ඉහළම රටකි. එමෙන්ම ඒ රට වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිස් සඳහා එන්නත් ලබාදීම ද අරඹා ඇත. චිලි අගනුවර සැන්ටියාගෝ හී චිලී විශ්වවිද්‍යාලයේ ළමා බෝවෙන රෝග විශේෂඥයකු වන මිගෙල් ඕරයන් දරන්නේ මෙබඳු අදහසකි:”ලෝකයේ රටවල් ළමුන්ට එන්නත් ලබදීමට බාඩදා ඉක්මන් නොවිය යුතු වෙන්න පුළුවන්. අපේ අසල් වැසි රටවල් මෙන්ම අනෙකුත් රටවල් ඒවායේ අවදානම අතින් ඉහළ පිරිස් සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් ලබාගැනීම පිණිස ඉතා අසීරු අරගලයක යෙදී සිටිනවා.” මෙබඳු මතයක් දරන ලොව එකම තැනැත්තා ඕරයන් පමණක්ම නොවේ. ධනවත් රටවල් ළමුන් එන්නත් කරන්නේ අනෙකුත් රටවල සෞඛ්‍ය සත්කාරක සේවකයින් සහ ඉහළ අවදානමක් සහිත පුද්ගලයන් පරදුවට තබා යයි පසුගිය මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේය.
එසේ වුව ද, ළමුන් සහ නවයොවුන් පිරිස් සඳහා එන්නත් ලබාදීම අනුමතකරන අය තර්ක කරන්නේ “ඒ ගොල්ලෝ වෙනුවට මේ ගොල්ලෝ”යනුවෙන් කල්පනාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. සෑම්-අගුඩු ද ඊට එකඟත්වය පළකරන්නීය. ධනවත් රටවල් මුලින්ම සිය ජනගහනයන් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම පිණිස අවශය ප්‍රමානයටත් වඩා මිලදී ගත් බව පෙන්වා දෙන ඇය ” රටින් බැහරට එන්නත් යැවීම පිණිස වූ තර්කය, ධනවත් රටවල ළමුන් එන්නත් කිරීමට අවහිරයක් විය යුතු නැතැයි” පෙන්වාදෙයි. තවද, අවශ්‍ය රටවලට එන්නත් සැපයීම වැඩිදියුණු කරනු වස් ගත හැකි අනෙකුත් පියවර ඇතැයි බෙනෙට් සඳහන් කරයි.”ප්‍රශ්නය හරියාකාරව අවබෝධ කරගෙන ඊට මුහුණ දියයුතු හොඳම පිළිවෙත සැලසුම් කර ගැනිම පිණිස වසංගතවේදයානුකූල යුද මෙහෙයුම් මැදිරියක් අපට තවම ලැබී නැහැ” ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නීය.
Nature (NEWS EXPLAINER) හී පල වූ Should children get COVID vaccines? What the science says යන ලිපිය අසුරෙනි