සියළු වැඩිහිටියනටම කොවිඩ් බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සහ එන්නත් වර්ග මිශ්‍ර කිරීමට CDC අනුමැතිය
COVID-19 බූස්ටර් හෙවත් පරිපූරක මාත්‍රා සඳහා එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා ෆෙඩරල් නියෝජිතායතනයන වන රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ කේන්ද්‍ර(Centers for Disease Control – CDC) පසුගිය බ්‍රහස්පතින්දා අනුමැතිය ලබාදීමත් සමගම මිලියන ගණන් ඇමරිකානුවෝ ඊට සුදුසුකම් ලබති. තවද, එන්නත් කලවමේ ලබාදීම සඳහා ද CDC ප්‍රථම වතාවට අනුමැතිය ලබා දී ඇත.
CDC උපදෙස් සපයන විශේෂඥ කමිටුවක් බ්‍රහස්පතින්දා අනුමැතිය ලබාදීමටට කලින් සිය Moderna හෝ Johnson & Johnson එන්නත්වලට පසුව බූස්ටර එන්නත් මාත්‍රාව ගත යුත්තේ කවුරුන් දයි යන්න ගැන සමාලෝචනයක යෙදුනහ. ඔවුන්ගේ තීන්දුව ඒකමතික විය. සිය Johnson & Johnson එන්නත් ලබාගෙන අඩුම තරමින් මාස දෙකක් ගතව ඇති වයස අවුරුදු 18 ට වැඩි සියළු දෙනාම බූස්ටර මාත්‍රාවක් ලබා ගතයුතු යයි ප්‍රතිශක්තීකරණ භාවිතයන් පිළිබඳ උපදේශක කමිටුව කියා සිටියි. මෙය ඇමරිකානුවන් මිලියන 13කට බලපාන තීන්දුවකි. බූස්ටර් මාත්‍රාව දැනට තිබෙන COVID-19 ඕනෑම එන්නතකින් විය හැකිය. ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශන කමිටුව (Advisory Committee on Immunization Practices =ACIP) පවසන්නේ ඔවුන්ගේ ජොන්සන් සහ ජොන්සන් එන්නත අවම වශයෙන් මාස 2ක් ගත වූ වයස අවුරුදු 18ට වැඩි සෑම දෙනාටම බූස්ටරයක් ලබා ගත යුතු බවයි, එය ඇස්තමේන්තුගත ඇමරිකානුවන් මිලියන 13කට බලපාන නිර්දේශයකි. එම බූස්ටරය පවතින ඕනෑම COVID-19 එන්නත් විය හැක.

උපදේශක කමිටුවේ නිර්දේශ සඳහා පසුව, CDC අධ්‍යක්ෂ Rochelle Walneksy අනුමැතිය දුන්නේ බූස්ටර් එන්නත් වහාම ලබාගැනීමට මග පාදමිනි.
බූස්ටර් එන්නතක් සඳහා හිමිකම් ලබන, සිය අවසන් මොඩර්නා මාත්‍රාවෙන් අඩුම තරමින් හය මසක් ගතවී ඇති පුද්ගල කණ්ඩායම් ම තමයි ෆයිසර් බූස්ටර් මාත්‍රාවකට සුදුසුකම් ලබන කණ්ඩායම්. මදක් විස්තර සහිතව දැක්වුවහොත්:
- වයස අවුරුදු 65ට වැඩි ඕනෑම අයෙක්
- පවතින සෞඛ්‍ය තත්වයක් නිසාවෙන් දරුණු COVID-19 අවදානමට ලක් වීමට හැකියාව ඇති වයස අවුරුදු 18ට වැඩි අය.
- අවදානමක් සහිත පරිසරයක ජීවත් වන හෝ වැඩ කරන නිසාවෙන් COVID-19 ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබෙන වයස අවුරුදු 18ට වැඩි අය
CDC ඉදිරිපත් කරන දත්ත අනුව ඇමරිකානුවන් අතරින් Pfizer එන්නත් ලබාගෙන ඇති මිලියන 47 ක ජනතාවක් සහ Moderna එන්නත් කර ඇති මිලියන 39 ක ජනතාවක් දැන් බූස්ටර මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබා සිටිති.
නිර්දේස සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට පෙර, සමහර කමිටු සාමාජිකයෝ, වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් සඳහා බූස්ටර අවශ්‍ය බව සනාථ කරන සාක්ෂි ඉතා අල්ප බව අවධාරණය කරමින්, පුළුල් ආකාරයෙන් බූස්ටර නිර්දේශ කිරීම සම්බන්ධයෙන් තමන් අසීරුතාවයකට පත්වන බව ප්‍රකාශ කර සිටියහ. සීමා රහිතව බූස්ටර් එන්නත් ලබාදීම අනුදැකීම තුළින් ඇමරිකානු ජනතාව වෙත වැරදි පණිවුඩයක් සන්නිවේදනය වී එන්නත් ගැන ඇති විස්වාශය පලුදුවේ දෝ හෝයි ඔවුහු සැකසංකා පළකර සිටියහ. අවසානයේ ඔවුන් තීරනය කළේ පුළුල් අනුමැතිය ලබාදීමෙන් බූස්ටර් මාත්‍රාව ගැන තීරන ගැනීමට පුද්ගලයන්ට සහ ඔවුන්ගේ වෛද්‍යවරුන්ට නිදහස ලැබන බවයි.

අද දක්වා ඇති සාක්ෂිවලින් පෙනී යන්නේ එක්සත් ජනපදයේ භාවිතය සඳහා අවසර දී ඇති සියලුම එන්නත් රෝහල්ගතවීම සහ මරණය ඇතුළු දරුණු COVID-19 ප්‍රතිවිපාකවලට එරෙහිව ජනතාව හොඳින් ආරක්ෂා කරන බවයි. එහෙත්, විශේෂයෙන්ම ජොන්සන් සහ ජොන්සන් එක්-මාත්‍රා එන්නත ලබා ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කළ, හිටිඅඩියේ හටගන්නා ආසාදන වැඩි වෙමින් පවතී.
සම්පූර්ණ එන්නත් කළ පුද්ගලයන් 10,000කට අධික සංඛ්‍යාවක සම්බන්ධ කරගෙන සිදු කල අධ්‍යයනයකින් දත්ත බ්‍රහස්පතින්දා, ෆයිසර් සමාගම විසින් නිකුත් කරන ලදී. ඔවුන් අතරින් අහඹු ලෙස තෝරාගත් අඩකට එන්නත බූස්ටරයක් ලබා ගැනීම සඳහා අවස්ථාව සලසන ලදී, අනෙක් භාගයට ලබාදුන්නේ ප්ලේසෙබෝ හෙවත් ඖෂධයක් ලෙස පෙනෙන එහෙත් ඖෂධයක් නොවන බූස්ටර් එන්නතකි. ඊළඟ මාස 2 1/2 තුළ බූස්ටර මාත්‍රාව ලත් කණ්ඩායමේ COVID-19 රෝගීන් 5 ක් සහ ප්ලේසෙබෝ ලබා ගත් කණ්ඩායමේ රෝගීන්109 ක් සිටියහ. දත්ත, මාධ්‍ය නිවේදනයක ආකාරයෙන් පළ කර ඇති අතර තවම වෙනත් සමාන විද්‍යාඥයන්ගේ සමාලෝචනයට ලක් කර නැත, නමුත් COVID-19 ආසාදන වැලැක්වීමෙහි ලා බූස්ටරවල සායනික කාර්යක්ෂමතාව පෙන්නුම් කරන පළමු අවස්ථාව එයයි.
කෙසේ වෙතත්, අවසානයේදී, පුද්ගලයන්ට සහ ඔවුන්ගේ වෛද්‍යවරුන්ට තමන්ගේම තීරණ ගැනීමට නිදහස ලබා දීම සඳහා බූස්ටරවලට අවසර දීම වඩා වැදගත් බව ACIP හට හැඟුණි.
බූස්ටර් එන්නත් මාත්‍රා සම්බන්ධයෙන් ඇ.එ.ජ. ආහාර සහ ඖෂධ පරිපාලනය(US Food and Drug Administration – FDA) සහ CDCය මගින් මෑතක සලකා බලන ලද දත්ත ලබාගෙන ඇත්තේ වැඩිකොටම කෙටිකාලීන, කුඩා පරිමාණයේ අධ්යනවලිනි. මෙකී අධ්‍යයන මගින් සලකා බැලුණේ, පුද්ගලයෙකුගේ රුධිරයෙහි ප්‍රතිදේහ සංකේන්ද්‍රණයවීඑම සහ එම ප්‍රතිදේහ ඉහළ නැංගා වූ අධ්‍යයනයට සහභාගී වුවන්ගේ ප්‍රතිශතය වැනි ජෛව සළකුණු සම්බන්ධවය. බූස්ටර් මාත්‍රා වලින් ප්‍රතිදේහ ඉහළ මට්ටමක් ඇත්තවශයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කරන බව එකී අධ්‍යයන් ප්‍රදර්ශනය කරන නමුත් මෙම් ප්‍රතිදේහ COVID-19 වළක්වන බව පෙන්නුම් කිරීමට සමත් නොවීය.
“මා හිතන අන්දමට FDA සහ ACIP නිර්දේශ යථාර්තය පිළිබිඹු කරනවා. අඩුම තරමින් වර්තමානයේ ලබා ගත හැකි දත්ත වලට විද්‍යාත්මක සමාලෝචනයක් එක්කිරීමට එය සමත් වෙනවා” යයි ඇට්ලන්ටා හි එමර්ය් විශ්වවිද්‍යාලයේ සහායක මහාචාර්ය, බෝවෙන රෝග වෛද්‍යවරයෙකු වන ජේ වාර්කේ පවසයි. වාර්කේ ACIP විවාරණයට සහභාගී නොවූවෙකි.
වාර්කේ පවසන්නේ වයස අවුරුදු 65 ට අඩු ඕනෑම අයෙකුට සහ දියවැඩියාව හෝ තරබාරුකම වැනි වෙනත් පවතින වෛද්‍ය තත්වයන් නොමැති නම්, බූස්ටරයක් ලබා ගැනීමට පෙර එහි වාසි අවාසි මෙන්ම අවදානම පිළිබඳව ඔවුන්ගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම යෝග්‍යයයි තමන් නිර්දේශ කරන බවයි.
WebMD Health News හී පලවන CDC OKs COVID Boosters for Nearly All Adults, Mixing Vaccines යන ලිපිය අසුරෙනි