ඔමික්‍රොන් සලකුණු කරන්නේ අඳුරු නව වසරක්ද නැතිනම් ගෝලීය වසංගතයේ අවසානයද?
ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතියත්, ඔමික්‍රොන් ප්‍රභේදය දක්වන්නේ වෛරසයේ බලය නැති වී යන බවට ලකුණක් විය හැකි යයි විද්‍යාඥයෝ ශුභවාදීව අනුමාන කරති.
බ්‍රිතාන්‍යයේ මෙවර උත්සව සමය ගෙවීයන්නේ Covid-19 ආසාදන රැල්ලට මුහුන පාමිණි. පසුගිය වසරේ නත්තල් සහ අලුත් අවුරුදු සමය අයහපත් අතට හැරුණේ ඇල්ෆා ප්‍රභේදය ඉස්මතුවීමත් සමගමය. මෙවර ඔමික්‍රොන් මගින් ආතුර සංඛ්‍යා සීඝ්‍රයෙන් ඉහළට නංවමින් ඇත. තවත් අඳුරු අලුත් අවුරුද්දක් අද්දර රට නැවත වරක් මුහුන පා සිටින්නෙ බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සංඛ්‍යාව සර්පිලාකාරව ඉහල යාමේ තර්ජනයකට බවට ජාතික සෞඛය සේවාව අනතුරු අඟවයි.
මෙම තත්ත්වය හෙවත් පරිදර්ශනය ඉදිරියට එන නත්තල් ඇතුළු උත්සවයන්වල හැඩය නිරූපණ කරයි යන බිය මතු කරමින් ඇත. සමාජමය සීමා කිරීමේ සහ අගුලු දැමීමේ තර්ජන උත්සව සමයක සාමාන්‍ය අංග බවට පත්විය හැකිය.
එය සිත් කලකිරීමට පත්කරන භව්‍යතාවකි. එහෙත් එය යථාර්ථවාදීද? මෙම නත්තල සහ පසුගිය වසරේ නත්තල අතර සමීප සමානකම් දැක්වීම සාධාරණද? ප්‍රධාන ප්‍රශ්න වන්නේ මේවාය. මන්ද, ඒවාට පිළිතුරු දීමට උත්සාහ කිරීමේදී, සමස්ත වසංගතයේම ඉදිරි ගමන් මග පිළිබඳ ඉඟි ද අපට සොයාගත හැකි බැවිනි.

මෙම වසරේ රෝග ව්‍යාප්තිය කෙතරම් සමීපව පසුගිය ශීත සෘතුව හා ගැලපේ ද?
බැලූ බැල්මට, සති කිහිපයක් පමණක් ගත්වෙද්දී සිද්ධි සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් එක්සත් රාජධානියේ වසර දෙකේ ව්‍යාප්තිය කැපී පෙනෙන ආකාරයෙන් සමාන බවක් පෙනේ. කෙසේ වෙතත්, මේ වසරේ මේ දක්වා Covid-19 හේතුවෙන් රෝහල්ගතවීම් සහ මරණ ඉතා අඩු මට්ටමක පවතින අතර, නවතම පර්යේෂණවලින් පෙනී යන්නේ වෛරසයේ නව ප්‍රභේදය එහි පූර්වගාමී ප්‍රභේදයන්ට වඩා දරුණු රෝගාබාධ ඇති කරන අවස්ථා අඩු බවයි.
අධ්‍යයනවල ප්‍රතිඵල ශුභ ආරංචියක් විද්‍යාඥයන් විසින් සාමාන්‍යයෙන් සලකනු ලබන නමුත් අවවාදාත්මකව දන්වා සිටින්නේ කල්පනාවෙන් ක්‍රියා කළ යුතු බවයි. දෛනික Covid-19 සිද්ධි සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතී. පසුගිය සිකුරාදා සංක්‍යාව වාර්තාගත 122,000 දක්වා ළඟා විය. එපමනක් ද නොව එක්සත් රාජධානියේ පසුගිය සතියේ මිලියන 1.7 ක පුද්ගලයින්ට Covid-19 ඇති බවට ගණන් බලා තිබේ.

ඔමික්‍රොන් මගින් පීඩාවට පත් වූවන්ගේ වයස්වල කැපී පෙනෙන වෙනස්කම් තිබේද?
නව සිද්ධි බොහොමයක් තරුණ වැඩිහිටියන් අතරේ හට ගෙන තිබීම සැළකිල්ල යොමු විය යුතු කාරණාවක් ලෙස සඳහන්කල යුතුව ඇත. මෙය, වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් වන වැඩිහිටි පිරිස් වැඩි සංඛ්‍යාවක් කෙරෙහි ඔමික්‍රොන් බලපෑම් කිරීමට පටන් ගන්නේ නම්, රෝහල්ගතවීම් ඉක්මණින් ඉහල යා හැකි බවට අනතුරු හැඟ වීමට සමහර පර්යේෂකයන් මෙහයවා ඇත.. අනෙක් අතට, විශාල පුද්ගලයින් සංඛ්‍යාවකට – විශේෂයෙන් වැඩිහිටියන්ට දැන් එන්නත් සහ බූස්ටර මාත්‍රා ලබා දී ඇති හෙයින් ඔමික්‍රොන්ට එරෙහිව සැලකිය යුතු ආරක්ෂාවක් ලබා ගෙන ඇතැයි අපේක්ෂා කළ හැකිය.. මෙම විවිධ සාධක, සිද්ධිවලට අදාල සංඛ්‍යා කෙරෙහි බලපාන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුව තිබේ. දැනට, දත්ත තවමත් රැස් කරමින් පවතින අතර එය සහතික කර දැක්වීමට තවම කල් වැඩියි. ඒ වගේම මහජන සෞඛ්‍යය ආරක්‍ෂා කර්ණු වස්ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම තවමත් සිදු කළ යුතුව තිබෙන්නෙකි.
එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ සේවය කරන බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය මාර්ක් වුල්හවුස්, මෙම ගැටලුව ඉස්මතු කර පෙන්වා දෙන්නේ මෙසේයි: “ආසාදනය සහ රෝහල්ගතවීම අතර නොවැළැක්විය හැකි ප්‍රමාදයක් තිබේ,” ඔහු පසුගිය සතියේ Nature සඟරාවට පැවසීය. “නමුත් ඒ අතරතුර, ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු අතර, එය කොහොමටවත් සරල කාරණාවක් නම් නොවේ.”

දරුණු රෝගාබාධ හට ගැන්වීමට වෛරසයට ඇති බලය අහිමි වී යා හැකිද?
බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම අදහස නිවැරදි විය හැකි බවට දැන් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. ස්කොට්ලන්තයේ, එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ මෑත කාලීන අධ්‍යයන සියල්ලම යොමුව ඇත්තේ මෙම දිශාවටයි . “මට හිතට දැනෙන හැඟීම නම්, මාරාන්තික නොවන වඩාත් මෘදු රෝග ලක්ෂණ ඇති කරනු වස් වෛරසය මානව වර්ගයාට අනුවර්තනය වන ක්‍රියාවලියක පළමු පියවර මෙම ප්‍රභේදය බවයි” යනුවෙන් ලීසෙස්ටර් විශ්ව විද්‍යාලයේ ශ්වසන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආචාර්ය ජූලියන් ටැන්ග් පවසයි. “එක්තරා ආකාරයකට, මිනිසුන්ට වැඩිපුර රෝගාතුර නොවන ආකාරයට බලපාන්නේ නම් එය වෛරසයේ වාසියටම හේතුවේ – මන්ද එවිට ඒවාටද(ආසාදියන සමග) සමාජයේ ගැවසෙමින් සහ මිශ්‍ර වෙමින් තව තවත් වෛරසය ව්‍යාප්ත කළ හැකි බැවිනි.”

එසේනම් Covid-19 අවසානයේ සුලබ වයිරස ආසාදනයක් වන ඉන්ෆ්ලූවන්සාව(සෙම්ප‍්‍රතිශ්‍යාව) වාගේ දෙයක් වේවිද?
සමහර සෞඛ්‍ය නිලධාරීන් පුරෝකථනය කර ඇත්තේ Covid-19, සෑම වසරකම නව මාදිලි හෙවත් වික්‍රියා (new strains) හට ගන්වමින් ඒවා සම්බන්දයෙන් ක්‍රියා කිරීමට නව එන්නතක අවශ්‍යතාව මතු කරවමින් සුලබ ඉන්ෆ්ලුවෙන්සාව ලෙස හැසිරෙන ආකාරයට අවසානයේ පරිවර්තනයට ලක් විය විය හැකි බවයි.
කෙසේ වෙතත්, ලන්ඩනයේ, ස්වස්ථතා හා නිවර්තන හෛෂජ්‍ය විද්‍යාලයේ මහාචාර්ය මාර්ටින් හිබර්ඩ් තර්ක කරන්නේ කොරොනා වයිරස – දැනට සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන වෛරස මෙන් – මේ ආකාරයෙන් හැසිරෙන්නේ නැති බවයි: “ඒවා සෑම වසරකම නව වික්‍රියා ලෙස මතෙඋ වෙන්නේ නැහැ. ශීත ඍතුවේ දී අපට සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතුව කොරෝනා වයිරස් සඳහා අපගේ ප්‍රතිශක්තිය වැඩි කාලයක් නොපවතීමයි.”
තවද මෙම වෛරසය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන වෛරසවලට් වැඩි සමාන බවක් දක්වන්නේ යයි පෙනේ. වෙනත් වචන වලින් කිවහොත්, ප්‍රතිශක්තිය සැමවිටම පහලට යා හැකි බැවින් සෑම වසරකම කොවිඩ් -19 ට එරෙහිව ආරක්ෂා වීමට එන්නත් ලබා දීම ගැන අපට තවදුරටත් සිතීමට අවශ්‍ය විය හැකිය.
කෙසේවෙතත්, “එයින් අදහස් වන්නේ ඉදිරි වසර පහ තුල අප “විනාශයට සහ අපේක්ෂාභංගත්වයට” ට මුහුණ දීමට සිදුවන බවක් නොවේ” යයි ටෑං වැඩිදුරටත් පැහැදිලි කරයි, ” ඉතා ඉක්මනින් වසංගත කාරක වික්‍රියාවන් පරිණාමය වී වෛරසය මෘදු මට්ටමකට, වඩාත් සම්ප්‍රේෂණකාරී මට්ටමකට පත්වනු ඇතැයි මම කල්පනා කරනවා.එවිට අපට සිතන්නට අවශ්‍ය වන්නේ ජනගහනයේ වඩාත් අවදානමට ලක්විය හැකි සාමාජිකයින් එන්නත්කරණය කිරීම ගැන පමණයි”.
The Guardian (26 Dec, 2021)හී පලවූ Omicron: bleak New Year or beginning of the end for the pandemic? යන ලිපිය අසුරෙනි.