ආපදාපන්න විශේෂ යළි ප්රකෘතිමත්වෙද්දී ඔවුනට නිසි ඉඩ කඩ සපයා දීමේ වැදගත්කම
ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, පෘථිවියේ ජෛව විවිධත්වය ආරක්ෂාකිරිමේ එක්සත් ජාතීන්ගෙ සමුළුවක් ලබන(2022) අප්‍රියෙල් 25 දා සිට මැයි 8 දා දක්වා චීනයේ පැවැත් වීමට ලෝකයේ රටවල් සූදානම් වෙමින් සිටියි. පරිසරය කෙරෙහි දශක , සමහරවිට වසර සියවස් ගණනාවක් තිස්සේ මනුෂ්‍යයන්ගෙන් ඇතිවූ දැඩි බ් අලපෑම සහ හානිය හමුවේ සත්ව විශේෂ යළි ප්‍රකෘතිමත් වන ආකාරය ගැන විද්‍යාඥයෝ කරුණු හදාරමින් සිටිති. මෙහිදී වැදගත්ම වන එක් කරණාවක් වන්නේ කන් සහිත සීල් (මුහුදු සිංහයන්), මෝරුන්, සහ තල්මසුන් වැනි යළි ප්‍රකෘතිමත් වෙමින් සිටින විශේෂ හා මනුෂ්‍යන් අතර නව සම්ගි සන්ධානයක් ඇතිකර ගන්නේ කෙසේද, මේ සතුන්ට ශක්තිමත්ව වැඩෙන්නට අවකාශයක් සලසන්නේ කෙසේ ද යන්න සොයා බැලීමයි.
මුහුදු සිංහයන් වෙනුවෙන් අවස්ථාව සැලසීම
මස හෝ ලෝම වෙනුවෙන් ඉල්ලුමක් සහිත අනෙකුත් බොහොමයක් සතුන් මෙන් නවසීලන්තයේ මුහුදු සිංහයින් වඳවීයන තුරුම දඩයමට ලක්කෙරුණු බව ඓතිහාසික සත්‍යයකි. පසුගිය වසර 150 තුළ ශේෂ වූ මුහුදු සිංහ ගහණ පවාදැක ගත හැකි වූයේ නවසීලන්තයේ ප්‍රධාන කොටසින් සැතපුම් 300කට වඩා ඈතින් සංවර්ධනය අඩු උප ඇන්ටාක්ටික් දූපත්වලය. අද එම ගහණය ඇස්තමේන්තුකර ඇත්තේ12,000ක් වශයෙනි.
මේ සත්තු සාමාන්‍යයෙන් උපත ලබන ස්ථානයටම අභිජනනයක් කිරීමට ආපසු පැමිණෙති. එහෙත් 1993 දී මුහුද් සිංහ ධේනුවක්, ශත වර්ෂ ගණනාවකට පසුව ප්‍රථම වතාවට ප්‍රධාන භූමියේ පැටවෙකු වැදුවාය. එතන් පටන් ඇගේ ජනිතයන් පරම්පරා පහක් තිස්සේ බොකිරීම සිදුවී ඇත.අනෙකුත් සිංහ ධේනු කිහිපයක්ම් මේ අඩිපාරේ ගමන් කර ඇත් අතර දැන් දැන් වසරකට පැටව් 20ක් පමන ප්‍රධාන භූමියේ උපත ලබති.
වනවාසී විශේෂ, මේ ආකාරයට යළි ගනාවාසීකරණය කරන විට හෝ සිය අඩවි, විස්ථාපනය කරන විට මේ සතුන් අනාගතයේ කොයිබ පදිංචිවේ ද යන්න නිර්ණය කිරීමට, මෙන්ම ඔවුන් සුරැකීමට ගතයුතු පියවර තීරණය කිරීම පිණිස ආධාර වනු වස් විද්‍යාඥයන්ට පුරෝකථන ආකෘති තැනිය හැකිවේ. එහෙත්, මෙලෙස ප්‍රකෘතිමත්වන විශේෂ කවදා කොතැනක මනුෂ්‍යයන් සමග අන්තර් ක්‍රියා කරාවිද යන්න ගැන දැක්වීමට මෙම සාම්ප්‍රදායානුකූල ආකෘති අපොහොසත්ය. ඊට හෙතුවන්නේ, මෙවැනි මුහුණට මුහුණ ලා හමුවීම් අළුත් වර්ධනයන් වන අතර, අතීතයේ තිබූ තත්වයන්ට වෙනස් ආකාරයේ තත්වයන් යටතේ සිදු විය හැකිවීමයි.

මේ ගැටළුවට පිළියමක් වශයෙන් ‘විශේෂයන්ගේ පැතිරීම දක්වන සමෝධානික අකෘති දත්ත සමුදායක්'(integrated species distribution model database) නිර්මානය කිරීමට පර්යේෂකයන් පිරිසක් ගත් ප්‍රයත්නයක් 2021 නොවැම්බරයේ පළකෙරුණු අධ්‍යයනයක දැක්වේ. මෙයින්, අල්ගොරිතම ආකෘති, විශේෂඥ දැනුම සමග යුගලගත කරන්නේ යෝග්‍ය වාසභූමි මතුකර දක්වන්නට සහ විමසිල්ල යොමුවියයුතු ප්‍රදේශ කැපී පෙනෙන ලෙසට ලකුණු කරන්නට හැකිවනු පිණිසය. එමගින්, නවසීලන්ත ප්‍රධාන භූමිය පුරාවට විභවයක් සහිත අභිජනන භූමි 395ක් සොයා ගැනීමට සහ සිතියම් ගත කිරීමට පර්යේෂකයන්ට අවස්ථාව සැලසිණ. තවද, රට මැද සතුන්ගේ ගමනා ගමනයට බාධා වන මාර්ග සහ වැටකඩුළු වැනි මනුෂ්‍යයන් හා සම්බන්ධ අභියෝග හඳුනාගැනීමට ද පර්යේෂකයෝ සමත්වූහ.
මුහුදු සිංහයින් සොයාගැනීමට, ඔවුන් මාර්ගය හරහා ගමන් කිරිමේ ස්ථනවල අදාල දැන්වීම් පුවරුසවිකිරීම, අභිජනන භූමි පිළිසකර කිරීම මෙන්ම ඉඩම් හිමියන් හා කටයුතු කලයුත්තේ කොයිබද යන්න තීරණය කිරීම සහ දැනුවත්බව පැතිරවීම ආදියේ දී මෙම පර්යේෂනය වනජීවි කලමනාකරුවන්ට සහ පළාත්බද නිලදාරීන්ට රුකුලක් වනු ඇත. එපමනක් නොව මේ ආකාර මෙවලම්, දැනටත් ප්‍රකෘතිමත් වෙමින් සිටින හෝ දේශගුන විපර්යාසයන් හමුවේ නව ගනාවාස හා කලාප වෙත ඇදෙමින් සිටින අනෙකුත් විශේෂයන් වෙනුවෙන් ගන්නා ප්‍රයත්න ගැන දනුවත් කිරීමට ද උපකාරීවේ.

ආපසු පැමිණෙන වෙනත් විශේෂ සාදරයෙන් පිළිගැනීම
මනුෂ්‍යයින් සමහරක් වනගත විශේෂයන්ට වඩා ඇතැම් විශේෂ කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. මෙම පර්යේෂකයා ප්‍රමුඛ පිරිසක් 2015 සිට 2016 දක්වා ෆෝක්ලන්ඩ් දූපත්වල සිදු කල පර්යේෂණයක දී පෙණී ගියේ දේශීය ජනතාව විසින් ප්‍රදේශ බඳ ජලාශ වෙත ආපසු පැමිනෙන විශේෂ සාදරයෙන් පිළිගනු ලබන බවයි. 1800 ගණන්වල මුලදී තදින් දඩයම් කරණු ලැබූ අතර මේ රට 1982 දී තල්මසුන් වනිජ මට්ටමින් දඩයම් කිරීම නවතමින් පැණවූ තහනමට පසුව මේ තල්මසු විශේෂ කැපී පෙනන ප්‍රමණයකින් ආපසු පැමිණෙන්නට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ ආගමනය ප්‍රදේශවාසීන්ට ඉමහත් ආස්වාදයක් ගෙනදුන් අතර ඔවුන් අර්රකෂා කිරීම පිණිස නව ප්‍රයත්නයන්ට මග සලාස ඇත. සේ තල් මසුන් (sei whales) සඳහා ලොව ප්‍රථම ‘ප්‍රධාන ජෛවවි විධත්ව ප්‍රදේශය'(Key Biodiversity Area) පිහිටුවීම නිදසුනක් ලෙස දැක්විය හෑකිය. ෆෝක්ලන්ඩ් දූපත්වාසීන් දක්වන මේ උනන්දුව අනුව ඔවුන් තලමසුන් සුරැකීම වස් ‘සමුද්‍රීය අවකාශ සැලසුම්කරනය්'(marine spatial planning) වැනි පියවරවලට සහාය පලකරනු ඇතැයි විශ්වාස කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
විලොපියන් යළි බලවත්වීම හා සංරක්ෂණ ප්රයත්න
යළි ප්‍රකෘතිමත්වන විශේෂ හා සමග සහජීවනය, ඇතැම්විට විශේෂයෙන්ම මහජන ආරක්ෂාවට සහ දේපල ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි සළකන කල්හී, මතභේදයට තුඩු දෙන්නක් මෙන්ම සංවේදි කාරනාවක් වන්නටද පුළුවන. එක්සත් ජනපද ඊශාන දිග වෙරලබඩ ප්‍රදේශ ඔස්සේ සහ කැනඩාව දක්වා ඉහළට කලක් මෝරුන් දරුණු ලෙස අධිකව මරා දමනු ලැබීය. එහෙත් දැන් ඔවුන්, දේශගුන විපර්යාසයන්ට සහ සංරක්ෂන ප්‍රයත්නයන්ට ප්‍රතිචාර වශයෙන් මෙන්ම ඔවුන්ගේ ප්‍රියතම ගොදුර වන තල්මසුන් ගහන වර්ධනය් වීම හේතුවෙන් යළි ප්‍රකෘතිමත්වෙන්නට පටන් ගෙන තිබේ. ප්‍රධාන පෙළේ විලෝපියන් වශයෙන් සුදු හෙවත් ධවල මෝරු(white sharks), අනෙකුත් සාගර විශේෂ පාලනය කිරිමට සහ සාගර කාබන් තොග වැඩිකිරීමට උදව් වෙති. ධවල මෝරු, මිනිසුන්ටද පහර එල්ල කරන මෝරු විශේෂ ස්වල්පය අතරවෙති.

මේ ප්‍රදේශවල වෙරලබඩ ජීවිත ආරක්ෂක භටයෝ ධවල මෝරුන් පැමිනෙන විට අනතුරු හැඟවීම් නිකුත් කරති. 2018 වර්ෂයේ දී පිහිණුම් කරුවෙකු මරා දමීමෙන් පසුව මේවා තවත් උත්සන්න කෙරින. මෙවනි කාරණා සංචාරක කර්මානතය පහල දැමීමට ඉවහල්වන නමුත් ඇතම් ප්‍රදේශවල ඔවුන් සංචාරක ආකර්ෂණයක් බවට සෙමින් පරිවර්තනය වෙමින් පවතී. එසේවුවද, ධවල මෝරු සම්පත්තිය වර්ධනයවීම තීරණාත්මකය. ඔවුන්ගේ සංඛ්‍යා ඉහළ යද්දී එමෙන්ම ඔවුන් දර්ශනයවීම් වැඩිවෙද්දී ඔවුන් ගැන ජනතාව දැනුවත් කිරීමට සහ උපදෙස් සැපයීමට විද්‍යාඥයෝ සහ පලාත් බද නිලධාරීහු උත්සුකවෙති. මෙම පියවර, ජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන අතරම මෝරුන් වනි ප්‍රකෘතිමත්වෙන විශේෂ සංරක්ෂනයට මෙන්ම ඔවුන් ආකර්ෂණීය විශේෂ ලෙස සැලකීමට ද මග පාදයි.
පැමිණෙන්නන් කවුදැයි කල් ඇතිව දැන ගැනීම
මේ ලෝකයේ හයවැනි මහා නෂ්ටප්‍රාප්තිය නියෝජනය කිරීමේ හැකියාවකින් හෙබි මට්ටමකින් මිහිතලයෙන් සත්ව විශේෂ වේගයෙන් අහිමිවෙමි ප්වතින බව් අ විද්‍යාඥයෝ පොදුවේ පිළිගනිති.මෙ පසුබිම යටතේ, විශේෂයන්ගේ ප්‍රකෘතිමත්වීම පිළිබඳ ප්‍රවෘත්ති නව හදිසි ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව ඉස්මතුකරයි.

වනජීවී විශේෂ අළුත් ප්‍රදේශ කරා ඇදී එද්දී, ඔවුනට අනිවාර්‍යයෙන්ම අනුගත වීමට සිදුවෙන අතර බොහොවිට මනුෂ්‍යයින් සමග නව ආකාරවලින් අන්තර් ක්‍රියා සිදු කළ යුතුවෙයි. මෙවැනි කාරණා සැමවිටම පහසුවෙන් කළමනාකරණය කිරීමට නොහැකිවිය හැකිය. එහ්සෙත් මානව ප්‍රජාවන් අවශ්‍ය වෙනස්කම් ගැන අවබෝධයක් ඇති කල එමෙන්ම ඒවා සැලසුම් කිරිමේ දි අනුයෝගීවෙන කල සහජීවනය පහසු කරවනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.
The Conversation(6th Jan, 2022) හී පළවන When endangered species recover, humans may need to make room for them – and it’s not always easy යන ලිපිය ඇසුරෙනි