සුප්‍රජනක විද්‍යාව:ප්‍රවේණි විද්‍යාවේ අඳුරු අතීතය
ප්‍රවේණි විද්‍යාව සතුව ඇත්තේ දේශපාලනික වශයෙන් අඳුරු අතීතයක්. අදටත් අප විශ්වාසය තබා සිටින විධීවේද සහ සංඛ්‍යාලේඛන නිර්මාණය කරන ලද්දේ ෆ්‍රැන්සිස් ගැල්ටන් යනුවෙන් හඳුන්වනු ලබන වික්ටෝරියානු යුගයේ විද්‍යාඥයෙකු විසිනි. අතර ලොව ප්ර්ථම කාලගුණ සිතියම(ඇත්තටම එය පළකෙරුණේ, පසුදිනය; එහෙයින් තාර්කිකව ගත් කල වටිනාකම සීමිත විය), ඇඟිළි සලකුණු විශ්ලේෂණයට පදනම සැකසීම, සහ තද කල්පනාවක නිමග්නව සිටින විට හිස සිසිල්ව තබා ගැනීම පිණිස සිදුරු සහිත තොප්පියක්(තොප්පිය ගැලෙව්වේ නම් වඩාත් පහසුවෙන් හිස සිසිල්ව තබා ගැනීමට යන කාරනාව අමතක කළත්) ඔහු දායාද කළ දේ අතර විය.

ගැල්ටන, පරිනාමවාදයේ පියා ලෙස සැළකෙන චාල්ස් ඩාවින් ගේ (දෙමාපියන්ගෙන් එක් කෙනකු පමණක් පොදු වූ) අර්ධ ඥාති සොහොයුරා විය. එමෙන්ම, ඩාවින්ගේ කීර්තියෙන් යම් ආකාරයකට වශී වූවෙකි. අසාමාන්‍ය බුද්ධිය පවුලක පරම්පරාගත උරුමයක්ය, එමෙන්ම මානවයන් ජාතිය අනුව ස්වභාවිකවම වෙන්කෙරෙන්නේය යන අදහස් ඔහු තුළ ගැබ්ව තිබිණ. පුද්ගලයන් අතරේ දැකිය හැකි වෙනස්කම සඳහා ජීව විද්‍යාත්මක පදනමක් සොයා ගැනීමේ අරමුණින් හෙතෙම පුද්ගලයන් පිළිබඳ තොර තොරතුරු හා දත්ත එකතු කරන්නට පටන්ගත්තේය.
එසේ එම කටයුත්ත සීදුකිරීමේ දී ඇත්තටම සිදුවුණේ ෆ්‍රැන්සිස් ගැල්ටන් මානව ප්‍රවේණි විද්‍යාවේ පියා බවට පත්වීමයි. පුද්ගලයන්ගේ (ඒ යුගයේ භාෂාවෙන්ම කීවොත්) “පෙළපත” වැඩි දියුණු කිරීම පිළිබඳව ගැල්ටන් දැරූ අදහස් ඒ කාලයේ බොහෝ දෙනා කල්පනා කළේ සමාජයේ ඉදිරි ගමනට දායක වන බවයි. විශේෂයෙන්ම යටත් විජිත් යුද්ධවල දී සටන් කිරීමට යෝග්‍යතම අය සෙවීමේ දී කැපීපෙනෙනක් විය. මේ තමයි සුප්‍රජනක විද්‍යාවේ ආරමභය. සුප්‍රජනක විද්‍යාව(eugenics) යන වචනය පවා ඔහුගේම නිර්මාණයකි.
ගැල්ටන්ගේ මරණයෙන් මතු ගත වූ දශක වල දී සුප්‍රජනක විද්‍යාව වැළඳ ගත්‍තෝ හුදෙක් නට්සින් පමනක්ම නොවෙති. චර්චිල්, රූස්වෙල්ට්, හිට්ලර්ට පෙම් හසුන් ලියූ මාරී ස්ටෝප්ස්(), සහ දේශපාලන ආවලියේ විවිධ තැන් ගත් තවත් බොහෝ ප්‍රකට පුද්ගලයෝ සුප්‍රජනක විද්‍යාව යහපත් අදහසක් යයි කල්පනා කළහ. රටවල් ගණනාවක්ම සුප්‍රජනක විද්‍යාවට අනුකූල ප්‍රතිපත්ති නීතිරීති පැනවූයේ බේබද්දන්, සමලිංගිකයන්, සහ මානසික ප්‍රශ්නවලින් පෙළෙන පුද්ගලයන් ඇතුළු නොමනා පුදගලයන් රටේ ජනගහනයෙන් ඉවත් කරමින් අඩු කිරීමටය. ඇමරිකා එක්සත් ජනපදයේ දස දහස් ගණන් ජනතාව විසිවෙනි සියවස පුරාවට සහ විසි එක්වෙනි සියවස තුළ පවා කැමැත්තට එරෙහිව කෙරෙන හෙවත් අනිච්ඡුානුගව වඳකිරීම සිදු කෙරේ.

ගැල්ටන්ගේ මරණයෙන් මතු ගත වූ දශක වල දී සුප්‍රජනක විද්‍යාව වැළඳ ගත්‍තෝ හුදෙක් නට්සින් පමනක්ම නොවෙති. චර්චිල්, රූස්වෙල්ට්, හිට්ලර්ට පෙම් හසුන් ලියූ මාරී ස්ටෝප්ස්(), සහ දේශපාලන ආවලියේ විවිධ තැන් ගත් තවත් බොහෝ ප්‍රකට පුද්ගලයෝ සුප්‍රජනක විද්‍යාව යහපත් අදහසක් යයි කල්පනා කළහ. රටවල් ගණනාවක්ම සුප්‍රජනක විද්‍යාවට අනුකූල ප්‍රතිපත්ති නීතිරීති පැනවූයේ බේබද්දන්, සමලිංගිකයන්, සහ මානසික ප්‍රශ්නවලින් පෙළෙන පුද්ගලයන් ඇතුළු නොමනා පුදගලයන් රටේ ජනගහනයෙන් ඉවත් කරමින් අඩු කිරීමටය. ඇමරිකා එක්සත් ජනපදයේ දස දහස් ගණන් ජනතාව විසිවෙනි සියවස පුරාවට කැමැත්තට එරෙහිව කෙරෙන හෙවත් අනිච්ඡුානුගව වඳකිරීම සිදු කෙරුණු අතර සහ විසි එක්වෙනි සියවසේ දී පවා සිදුවේ.
ජන වර්ගය
ෆ්‍රැන්සිස් ගැල්ටන් වර්ග වාදියෙකි. හෙතෙම මේ ලෙස ලියා තැබීය: “විශාල පරිමානයක බාහිර මගපෙන්වීම් සහ උදව් උපකාර නොමැතිව කිසියම් වැදගත් ස්වරූපයක ශිෂ්ඨාචාරයක බර දැරීමට හැකිවන ආකාරයේ බුද්ධියක්, ස්වශක්තිය සහ ආත්ම දමනය නීග්‍රෝ ජාතිකයන්ට ඇත්තේ කිසිසෙත් ප්‍රමාණවත් නොවේ”

ස්වභාවික මානව විචලනයක් හෙවත් වෙනස්වීමක් තිබුණේ වී නමුත්, එමෙන්ම මෙම වෙනස්වීම පුළුල් වශයෙන් භූගෝලීය වන්නේ වී නමුත් ජන වර්ගයක් හැටියට අපට විස්තර කිරීමට හැකි පුද්ගල කණ්ඩායමක් හා සුවිශේෂී ලෙස අනුරූපීවන ජාන කාණ්ඩ නොමැත. ලොව කොපමන නම් ජන වර්ග ඇත්තේ දැයි කීම පවා නොහැකිය.
පරිණාමයේ මුලාව වන්නේ, හමෙහි වර්ණය සහ හිසකෙස් වර්ණය වැනි දේවල් ජන කණ්ඩායම් මතූපිටින් සමාන ලෙස පෙන්නුම් කිරීමට සලස් වන්නේ වී නමුත් DNAහි සමස්ත වෙනස්කම් අපට විද්‍යාමාන නොවේ. මතුපිටින් සලකා බලා, හමෙහි වර්ණය සැලකිල්ලට ගෙන කළු පැහැ සම සහිත අප්‍රිකානුවන් එක පොකුරකට ගැනීමට අපට පුළුවනි. එසේ වුවද, ඔවුන්ගේ ජෙනෝම, අප්‍රිකාවෙන් පිටත බොහෝ පුද්ගලයන්ගේ ජෙනෝම හා සසදන කල වෙනස්වනවාට වඩා ඔවුන් එකිනෙක කණාඩායම්වල ජෙනෝම වඩාත් වෙනස්ය.
ජන වර්ග සඳහා විශේෂී යයි ඓතිහාසිකව හංවඩු ගසනු ලැබූ රෝග පසුව අනාවරණය වූයේ කිසිසේත් සුවිශේෂී නොවන බවයි. බොහෝ විට හුවා දැක් වූ ආකාරයට ලෛත්‍ර සෛල නිරක්තිය(Sickle cell anemia) මැලේරියා රෝගය ආවේණික ප්‍රදේශවල වර්ධනය වූ ජනතාව අතර සුලබ එකක මිස කලු ජාතිකයන්ටම උරුම වූවක් නොවේ. Tay–Sachs රෝගය, යූදෙව්වන්ට සුවිශේෂීව බලපාන තත්ත්වයක් හැටියට විසිවන ශතවර්ෂයේ දී හඳුනා ගනු ලැබුව ද, ඇමෙරිකාවේ ලූසියානා ප‍්‍රාන්තයේ වෙසෙන, ප‍්‍රංශ ප‍්‍රභවයක් ඇති, පැරණි ප‍්‍රංශ බස වහරන පිරිසක් වන Cajun ජනතාව අතර සහ ප්‍රංශ සම්භවයක් සහිත කැනේඩියානුවන් අතර ද සුලබය.
අප ජන වර්ගය ගෑන කතා කරන ආකාරය මානව විචලනය(human variation – මිනිසුන් අතර වෙනස්කම්) ගැන ප්‍රවේණි විද්‍යාව අපට කියන දේ හා අනුරූප නොවන බව අපි දැන් දන්නෙමු. මෙහි උත්ප්‍රාසය වන්නේ, පුද්ගලයින් දළ ජනවාර්ගික විග්‍රහයන්ට අනුකූලව වර්ගීකරණයට ලක් කළ හැකි යයි පෙන්වා දීමට ගැල්ටන්ට ඕනෑ වුණත් අවසානයේ ඔහුගේ උරුමය වූයේ එහි අනික් පැත්තය. ජන වර්ගය යනු විද්‍යාත්මකව ප්‍රයෝජනවත් හෝ වලංගු සංකල්පයක් නොවන බව ප්‍රවේණි විද්‍යාව මගින් පෙන්වා දෙනු ලැබ ඇත.
පරිණාමය වන්නා වූ ජාන
ලොව සෑම දෙසකම පුද්ගලයන්ගේ DNA සංසන්දනය කරමින් මිනිසුන් අතර වෙනස්කම් හෙවත් මානව විචලනය අවබෝධ කර ගැනීම පිණිස මානව ජෙනෝම ව්‍යාපෘතිය(The Human Genome Project – HGP) අපට උපකාරී වෙයි. තමන්ට හසුවන ඕනෑම දෙයක ජෙනෝම අනුක්‍රමණය(sequencing) කීරීමට විද්‍යාඥයෝ ද පෙළඹුණහ. DNA ‘කියැවීම’ එන්ට එන්ටම මිල අඩු, පහසු කාර්යයක් බවට පත් වූ අතර සෑම ආකාරයකම සත්තු සුවිශේෂී ලැයිස්තුවකට — ජෙනෝම සමාජයට (the Genome Club) එක්වූහ. මීයන්, මීමැස්සන්, චිම්පන්සි, තිරිඟු, කොස් ඇට මීයන්, හෝ මැස්සන්(ප්ලතුරු මැස්සන්), මුලින්ම ලැයිස්තුවට එකතු වූවන් වූ අතර සියල්ලෝම ඔවුන්ගේ DNAවල චිත්තාකර්ෂණීය සමාන කම් දැක්වූහ.

අක්ෂියක් හෙවත් ඇසක් සෑදීමට මුල්වන ජාන සියලුම ඇස් සහිත සෑම සතෙකුගේම ප්‍රායෝගිකව එක සමානය — මැස්සෙකුගේ අක්ෂි ජාන සහ කොස් ඇට මීයෙකුගෙන් ලබා ගත් අක්ෂි ජාන සමග හුවමාරු කිරීමෙන් මෙය දැක්විය හැකිය: ජාන වේනත් විශේෂයක ඒවා වූයේ වි නමුත් සතුන් දෙදෙනාටම සිය ඇස් තනා ගැනීමට හැකිවේ. මොළ හෝ ස්නායු සෛල හෝ කකුල් සාදන ජාන, මොළ හෝ ස්නායු හෝ කකුල් සහිත සියලු සතුන්ගේ ජාන සමග බොහෝ සේ සමානය. ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසාගේ සිට බැක්ටීරියමක් දක්වා වූ ලොකු මහත් මෙන්ම කුඩා ක්ෂුද්‍ර ප්‍රාණීන් සියල්ලගේ ජාන බොහොමයක් ප්‍රායෝගික අර්ථයෙන් බොහෝ සේ සමානය.
මේ සොයාගැනීම් නැවත වරක් පෙන්නුම් කළේ ස්වභාවික වරණය() පිළිබඳ චාල්ස් ඩාවින්ගේ න්‍යාය හරියටම හරි බවයි. එකිනෙකාට බෙහෙවින් වෙනස් සතුන් අතරේ පවා ජාන එක සමානය යන කාරණාව දක්වන්නේ (එම වෙනස් සතුන්ගේ) පොදු පරම්පරාවයි. යම් විශේෂ දෙකක් එකිනෙකාගෙන් වෙන්ව බෙදී ගියේ කොපමණ කාලයකට පෙර ද යන්න නිර්ණය කරණු පිණිස පවා අපට DNA යොදා ගත හැකිය. ජීවත්වන එකිනෙකාට වෙනස් සතුන් දෙදෙනෙකුගේ ජාන වැඩියෙන් සමාන වෙනවා යනු ඔවුන් පරිණාම වෘක්ෂහේ ළඟින්ම සම්බන්ධය යන්නයි. තවද, මේ විසි එක් සිය වසේ වසන අප, ජීවත්ව සිටින සතුන්ගේ DNA පරික්ෂාවට පමණක් අපේ ප්‍රයත්න සීමා කර නැත.
GENETICS by Adam Rutherford (© Adam Rutherford, 2018) යන ග්‍රන්ථයේ කොටස් ආශ්‍රයෙනි