මෙතෙක් දැක ඇති ඈතම මන්දාකිණිය යයි සිතිය හැකි එක සොයාගැනීමට තාරකා විදයාඥයෝ සමත්වෙති.
HD1 යනුවෙන් හඳුන්වනු ලබන ගැලැක්සිය හෙවත් මන්දාකිණිය පෙණී යන අන්දමට ආලෝක වර්ෂ බිලියන 33.4ක් පමන ඈතින් පිහිටා ඇත. ඒ අනුව එය, මෙතෙක් විද්‍යාඥයන් දැක ඇති, අභ්‍යවකාශයේ ඈතින්ම පිහිටි වස්තුවයි. එපමනක් නොව එහි අතිශය ප්‍රභාව පර්යේෂකයන්ට ප්‍රහේලිකාවක් වී ඇත. එහි ඇති මේ අසාමාන්‍ය ප්‍රභාව පැහැදිලි කිරීම අපහසු වුව ද ඇතැම්විට එය එම මන්දාකිණිය මධ්‍යයේ පිහිටි අති දැවැන්ත කළුකුහරයක් හේතුවෙන් හෝ අතිශය සද්දන්ත මූලවස්ථික(primordial – කාලයේ ආර්ම්භයේ පටන් පවතින) තාරකා බිහිවීම හේතුවෙන් සිදුවෙනවා විය හැකිය. මේ දෙකින් කුමක් වුවත්, ඒ දෙකම මුල් කාලයේ විශ්වය පිළිබඳ අපේ අවබෝධය අවුල් කර දමන්නකි.


අධ්‍යනයේ සම කතෘ, ඇ.එ.ජ. මැසච්සෙට්ස් හී තාරකා භෞතිකවිද්‍යාව පිළිබඳ හාවඩ්-ස්මිත්සෝනියානු කේන්ද්‍රයේ(Harvard-Smithsonian Center for Astrophysics ) Fabio Pacucci සහ ඔවුගේ සගයන් විසින් HD1 ගැලැක්සිය සොයාගනු ලැබුයේ දැනට ලොව ඇති වඩාත්ම ප්‍රබල ටෙලස්කෝප හෙවත් දුරේක්ෂ ගණනාවකින් පොදුවේ ලබා ගත හැකි දත්ත කාණ්ඩ විශාල ප්‍රමානයක් පරිශීලනය කිරීමෙනි. ඉන් අනතුරුව ඔවුහු, චිලියේ ALMA(Atacama Large Millimeter/submillimeter Array) දුරේක්ෂය යොදා ගනිමින් නැවත නිරීක්ෂණය කර බැලූහ. එම නිරීක්ෂණ පෙන්නුම් කලේ HD1 ගැලැක්සිය ආලෝක වර්ෂ බිලියන 33.4ක් ඈතින් පිහිටා ඇති බවයි. ඒ අනුව මෙම මන්දාකිණිය, මෙතෙක් විශ්වයේ දැක ගැනීමට හැකිවී ඇති දුරස්ථතම වස්තුව වන GN-z1 ගැලැක්සියට වඩා තවත් ආලෝක වරෂයක් පමණ ඈතින් පිහිටා තිබේ. ඇත්තටම විශ්වයේ වයස වර්ෂ බිලියන 13.8ක් පමන වුවත්, එපමණ ඈත දුරකින් (වස්තූන්) පිහිටීමට හැකිවන්නේ විශ්වලෝකයේ(Cosmos) අධිවේගී ප්‍රසාරනය නිසාවෙනි.
මෙම ගැලැක්සිය පාරජම්බුල තරංග ආයාම වල දී අධිසාමාන්‍ය ලෙස ප්‍රභාසම්පන්නයි. එයින් අදහස් කරන්නේ එම ආලෝකය නිපදවන්නේ කුමකින් වුවද එය අතිශය උෂ්ණාධික වියයුතුය යන්නයි. එය එතරම් ප්‍රභාවෙන් යුතුව බැබලෙන්නට නම් තිබිය හැකි මාර්ග දෙකකි: එක්කෝ, ගැලැක්සියේ සාපේක්ෂව කුඩා ප්‍රමාණය සලකන විට සිතිය නොහැකි තරමේ විශාල මට්ටමකින් මහා වේගයෙන් තාරකා සෑදිල්ල සිදුවේ; එහෙම නැතිනම්, එහි (HD1) මහා සද්දන්ත කළු කුහරයක් තිබිය යුතුයි.
ඒ දෙකෙන් පිළිතුර තරු පිපිරීම(මුලින් දැක්වූ විකල්පය) නම් HD1 මන්දාකිණිය සෑම වසරක් පාසාම අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 110 ගුණයක පමණ තාරකා නිපදවනවා විය යුතුයි. “මේක හරි විශාල ප්‍රමානයක්. පිස්සු හැදෙන තරම් විශාලයි.” Pacucci කියයි, “අපට හිතාගන්න පුළුවන් පැහදිලි කිරීමක් තමයි, මේ මන්දාකිණිය නිපදවන්නේ සාමන්‍ය තාරකා නොවෙයි අහළ පහළ තාරකා වලට වඩාත් අතිශය සද්දන්ත ඒ වගේම වඩාත් උණුසුම් මූලවස්ථික තාරකා යන කාරණාව”. ඒ ආකාරයේ මූලවස්ථික තාරකා අප කිසිදිනක දැක නැත.
HD1 මන්දාකිණිය සිතාගත නොහැකි ආකාරයේ මහා සද්දන්ත කළුකුහරයක් දරා සිටින්නේය යන්න අනික් පැහැදිලිකිරීම විය හැකියි. ” විශව්යේ ඉතිහාසයෙහි ඒ තරම් මුල් කාලයක දී සූර්ය ස්කන්ධ මිලියන 100යක කළුකුහරයක් නිරීක්ෂණය කරනවා කියන්නේ අභ්‍යවකාශ ඇත්තවශයෙනම ගවේෂණයේ සන්ධිස්ථානයක් සලකුණු කරන්නක් ලෙස දකින්න පුලුවන්. මන්ද එය සෑදෙන්නේ කෙසේද යන්න ගැන අපට ඇත්තටම වැටහීමක නැහැ” Pacucci තවදුරටත් සඳහ්න් කරයි.

කළුකුහර වර්ධනයවෙන්න සෑහෙන කාලයක් ගතවේ. එහෙත් HD1 කෙතරම් ඈතින් පිහිටියේ ද කීවොත්, අද අප එය දකින්නේ මහාපිපුරුමෙන්(Big Bang) වසර මිලියන330 පමන ගතවූ අවස්ථාවකයි. ඉතින් කළුකුහරය හටගෙන එතරම් ඉක්මණින් එතරම් දැවැන්ත වූයේ කෙසේද යන්න අපැහැදිලියි.
HD1 මන්දාකිණියේ අතිශය දුර සහතික වශයෙන් මනාව දැනගැනීමට මෙන්ම, එම මන්දාකිණිය මේසා සද්දන්ත ඇයි යන්න දැන ගැනීමට නම් අපට තව තවත් නිරීක්ෂණ කළ යුතු වන බව Pacucci කියා සිටී. ” මේ වෙලාවේ අපි අපේ නිරීක්ෂණ හැකියාවන් අන්තිම කොන දක්වා ගෙන ගොසින් ඉන්නේ” හෙතෙම පෙන්වාදෙයි.

HD1 මෙන්ම HD2 සහ HD3 යනුවෙන් නම් කරනු ලැබ ඇති, HD1 මන්දාකිණිය පිහිටා ඇති දුරටම පාහේ ළංවන දුරකින් පිහිටි තවත් අභ්‍යවකාශ වස්තු දෙකක් නිරීක්ෂණය කිරීම උදෙසා මෙම පර්යේෂකයන්ට ජේම්ස් වෙබ් අභයවකාශ ටෙලස්කෝපයෙන්(James Webb Space Telescope) කාලය වෙන් කර දී ඇත.
නව සොයා ගැනීම පිළිබඳ අප්‍රියෙල් 7 දා Astrophysical Journal හී පළ කර තිබුණේ Royal Astronomical Society Letters හි මාසික දැන්වීම්වල ඇමුණුම් ලේඛනයක් සහිතව්ය.
New Scientist සහ Scientific American හී පළවෙන ලිපි ඇසුරෙනි.