දේශගුණික විපර්යාස සහ (මිනිසුන්ට) බෝවන රෝග අතර සම්බන්ධය

Posted by

ෆ්ලොරිඩාවේ ඉර්මා වැනි සුළි කුණාටු වලින් ගංවතුර ගලා යාමෙන් මලාපවහන පද්ධති යට කර වෙනත් ආකාරවලින් ව්යාධිජනක පැතිරීමට මග පෑදිය හැකිය. අනුග්‍රහය: Brian Blanco/Getty Images

 

දේශගුණික විපර්යාස මගින් මිනිසුන්ගේ බෝවන රෝගවලින් 58%ක්  නරක අතට හැරිය හැක 

ලොව පුර වසන මනුෂ්‍යන්ට අභිමුඛවන බෝවන රෝගවලින් 58% ක් දේශගුණික විපර්යාස හේතුවෙන් සම්පූර්ණයෙන්ම උග්ර අතට හැර වෙන්නට හැක බව මෙතෙක් ඒ සම්බන්දව සිදු කළ අධ්‍යයන 77,000ක් ගවේෂණය කර, මාර්ග සිතියම් සැකසීමෙන් අනතුරුව පර්යේෂකයෝ කියා සිටිති. මෙම රෝග අතර,  ජලයෙන් සම්ප්‍රේෂණය වන සුලබ වෛරස්වල සිට මහාමාරිය වැනි මාරාන්තික රෝග දක්වා ව්‍යාධි ඇතුළත් වෙන්නේ යයි නව පර්යේෂණ පෙන්නුම් කරයි. යෙදෙන,  මෙතෙක් දන්නාවූ සියලුම ව්‍යාධිජනක රෝගවලට මුල්වන ව්‍යාධිකාරක පිළිබඳව පරිසර සහ සෞඛ්‍ය විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් දශක ගණනාවක් පුරා සිදුකෙරුණු විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා සමාලෝචනය කෙරිණ. ඒ,  දේශගුණය ආශ්‍රිත උවදුරු හේතුවෙන් උග්‍රවන මනුෂ්‍යන් මුහුණපාන අවදානම් පිළිබඳව සිතියමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිවයි.  

මිනිසුන් මුහුණ පාන අවදානම් පිළිබඳ  ගණන්හිලව් සිත කීරි ගස්වන සුළුය.  මිනිසුන්ගේ රෝග 375 න් 218 ක්ම,  ඒ කියන්නේ හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි බව පෙනී ගොස් ඇත. උදාහරණයක් ලෙස ගතහොත්, ගංවතුර මාර්ගයෙන් පොදු ව්‍යවහාරයේ සෙංගමාලය ලෙස දැක්වෙන යකෘත්දාහය (hepatitis)  පැතිරීමට හැකිය. උෂ්ණත්වය ඉහළ යාමේ හේතුවෙන් මැලේරියාව බෝකරන මදුරුවන්ගේ ආයු කාලය ව්‍යප්ත විය හැකිය. නියඟය නිසාවෙන් ආහාර හිඟයකට මුහුණපාන,  හැන්ටා වයිරස් ආසාදනය වූ මීයෝ  ආහාර සොයා ගෙන එමින් ප්‍රජාව තුළට ඇතුළු වෙති. දේශගුණික විපර්යාස සමඟ මේ ආකාරයේ සම්ප්‍රේෂණ මාර්ග 1,000කට වඩා වැඩි ප්‍රමාණයකට බලපාද්දී ගෝලීය වශයෙන් දේශගුණික උපද්‍රව වැඩි වෙමින් පවති.  ඒ සියල්ලට මිනිස් සමාජයන් සාර්ථකව අනුගත වනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී විකල්පයක් නොවන බව පර්යේෂකයෝ නිගමනය කරති. . මෙම අවදානම් අවම කිරීම සඳහා දේශගුණික විපර්යාසවලට තුඩු දෙන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට ලෝකයට අවශ්‍ය වනු ඇත.

දේශගුණික බලපෑමේ සෞඛ්‍ය උවදුරු සිතියම්ගත කිරීම

ගෝලීය සෞඛ්‍ය අර්බුද වළක්වා ගැනීමට හැකිවීම පිණිස  දේශගුණික විපර්යාසයන්,  ව්යාධිජනක රෝගවලට බලපාන මාර්ග සහ එහි ප්‍රමානය පිළිබඳව මානව වර්ගයාට පුළුල් අවබෝධයක් අවශ්ය වේ. මෙහිදී පර්යේෂකයන්ගේ අවධානය යොමුවූයේ ඉහළ යන හරිතාගාර වායු විමෝචනය දෙසටය: වායුගෝලය උණුසුම්වීම. තාප තරංග, නියංසාය, ලැව්ගිනි, දැඩිවර්ෂා පතනය(precipitation), ගංවතුර,කුණා‍ටු, මුහුදු මට්ටම් ඉහළයාම,සාගර උණුසුම්වීම, සහ භූමු ආවරණ වෙනස්වීම එහි ප්‍රතිඵලය. අනතුරුව පර්යේෂකයෝ,  එම උපද්‍රවවලට සම්බන්ධ මානව රෝග ඇතිවීම පිළිබඳ නිශ්චිත සහ ප්‍රමාණාත්මක නිරීක්ෂණ ගැන සාකච්ඡා කරන අධ්‍යයනයන් විමසා බැලූහ.

සමස්තයක් වශයෙන්, මෙහිදී විද්‍යාත්මක පත්‍රිකා 77,000කට වඩා සමාලෝචනය කෙරිණ. ඒවායින්, පත්‍රිකා 830 ක පැහැදිලි ස්ථානයක සහ/හෝ වේලාවක නිශ්චිත රෝගයකට බලපාන දේශගුණික උපද්‍රව ගැන දැක්වෙන අතර, එයදේශගුණික උපද්‍රව, සම්ප්‍රේෂණ මාර්ග, ව්‍යාධි කාරක සහ රෝග පිළිබඳ දත්ත සමුදායක් නිර්මාණය කිරීමට පර්යේෂකයන්ට ඉඩ සලසයි.  (උපද්‍රව සහ රෝග කාරක අතර සෑම මාර්ගයකම අන්තර්ක්‍රියාකාරී සිතියම මාර්ගගතව ඇත).

විවිධ දේශගුණික විපත් සම්ප්‍රේෂණ මාර්ග සහ රෝග කාරක සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය ව්යාධිජනක රෝග සටහනේ සරල අනුවාදයක් පෙන්වයි. මෙහි ස්සම්පූර්ණ අනුවාදය සඳහා මෙතැනින්පිවිසෙන්න: CC BY-ND

දේශගුණික විපර්යාස මගින් උග්‍ර කරන ලද විශාලතම රෝග සංඛ්‍යාව සමග, මදුරුවන්, වවුලන් හෝ මීයන් විසින් පැතිරෙනු ලබන වැනි රෝග වාහක මගින් සම්ප්‍රේෂණයවන රෝග හා සම්බන්ධය. දේශගුණික උපද්‍රව වර්ගය දෙස බලන විට බහුතරයක්, වායුගෝලීය උණුසුම (රෝග 160), අධික වර්ෂාපතනය (122) සහ ගංවතුර (121) සමඟ සම්බන්ධ විය.

ව්‍යාධිකාරක හටගන්වන අවදානමට, දේශගුණය බලපාන ආකාරය

දේශගුණික උපද්‍රවයන් ව්‍යාධිකාරක සහ මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කරන ප්‍රධාන ක්‍රම හතරක් පර්යේෂකයෝ හඳුනා ගත්හ:

1) දේශගුණය ආශ්‍රිත උපද්‍රවයන්,  මිනිසුන්ට ව්‍යාධිකාරක වඩාත් සමීප කරයි.

සමහර අවස්ථාවලදී, දේශගුණය ආශ්රිත උපද්රවයන් භයානක ව්‍යාධිජනක රෝග සඳහා වාහකයන් ලෙස ක්රියා කළ හැකි සතුන්ගේ සහ ජීවීන්ගේ පරාස වෙනස් කරයි. නිදසුනක් වශයෙන්, උනුසුම් වීම හෝ වර්ෂාපතන රටා වෙනස් වීම, මානව ව්‍යාධිජනක රෝග රාශියක වාහකයන් වන මදුරුවන්ගේ ව්‍යාප්තිය වෙනස් කළ හැකිය. මෑත දශක කිහිපය තුළ, භූගෝලීය වෙනස්කම් මැලේරියාව සහ ඩෙංගු වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීම, මෙම දේශගුණික උවදුරුවලට සම්බන්ධකර බලණු ලැබ ඇත.

මැලේරියාව පැතිරෙන මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට ඉතියෝපියාවේ දරුවෝ දැල් ඇතුලේ නිදා ගනිති. Getty Images හරහා Louise Gubb/Corbis

2) දේශගුණය ආශ්‍රිත උවදුරු  රෝග කාරක වලට මිනිසුන්ව වඩාත් සමීප කරයි.

රෝග කාරක වලට මිනිසුන් නිරාවරණය වීමේ සම්භාවිතාව වැඩි කරන ආකාරයෙන් මිනිස් හැසිරීම් රටා ද දේශගුණික විපත් මගින් වෙනස් කරනු ලැබිය හැකිය. නිදසුනක් වශයෙන්, තාප තරංග(heat waves) අතරතුර, මිනිසුන් බොහෝ විට ජලයේ වැඩි කාලයක් ගත කරන අතර, එම හේතුව නිසාවෙන්ජලයෙන් බෝවන රෝග පැතිරීම වැඩි විය හැක. 2014 වසරේ උතුරු ස්කැන්ඩිනේවියානු රටවල තාප තරංගයකින් පසුව Vibrio බැක්ටීරියා ආශ්‍රිත ආසාදන  ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සැලකියයුතු අන්දමින් ඉහළ යාම මෙහිදී කැපීපෙනෙන්නකි.

3) දේශගුණය ආශ්‍රිත උපද්‍රව ව්‍යාධිකාරක වර්ධනය කරයි

සමහර අවස්ථා වලදී, දේශගුණය ආශ්‍රිත උපද්‍රවයන් දෙයාකාරයකින් ක්‍රියාකරයි: එක්කෝ රෝග කාරක වලට වාහකයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමේ අවස්ථා වැඩිකිරීමට හැකි පාරිසරික තත්ත්වයන්ට දේශගුණය ආශ්‍රිත උපද්‍රව මග පාදයි; නැතහොත් මිනිසුන් තුළ දරුණු රෝගාබාධ ඇති කිරීමට ව්‍යාදිකාරකවලට ඇති හැකියාව වැඩි කරයි. නිදසුනක් වශයෙන්, අධික වර්ෂාපතනය සහ ගංවතුර  මගින් ඉතිරි කරනු ලබන ජලය සැපයීම වැනි (කහ උණ, ඩෙංගු, මැලේරියාව, බටහිර නයිල් උණ ආදී) රෝග සම්ප්‍රේෂණය වීම වැඩි වීමට තුඩු දෙන මදුරුවන්ට බෝවන ස්ථාන සපයයි. 

ගංවතුර සහ අධික වර්ෂාව වැනි දේශගුණික උපද්‍රව හේතුවෙන් ජලයෙන් බෝවන රෝග බොහොමයක් වැඩිවිය විය හැක. Michael M. Santiago/Getty Images

අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ උෂ්ණත්වය ඉහළ යාම, උෂ්ණත්වයට වඩා ප්‍රතිරෝධීවීමට වෛරස් වලටද උපකාර විය හැකි බවයි. ම්හි ප්‍රතිඵලයක් ලෙස මිනිස් සිරුරේ උෂ්ණත්වය ව්‍යාධිකාරකවලට වඩා හොඳින් අනුවර්තනය වීමට හැකි වීම නිසා රෝගයේ බරපතලකම වැඩි වේ. නිදසුනක් වශයෙන්, අධ්‍යයනවලින් පෙනී යන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දිලීර රෝග කාරකවල උෂ්ණත්වය දැරීමේ හැකියාව හෙවත්  තාප උපධාරණය වැඩි කිරීමට හේතු වන බවයි. බහු මහාද්වීපවල ප්‍රතිකාර-ප්‍රතිරෝධී Candida auris  මානව ආසාදන ඉස්මතුවීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සමඟ සම්බන්ධ යයි පෙණී ගොස් ඇත.  Candida auris මානවයන්ට් ආසාදනය නොවන්නක් ලෙස සැලකිණ. ඒ හා සමානව, වඩාත් සිසිල ඇති ග්‍රාමීය ප්‍රදේශවල දිලීරවලට වඩානාගරික පරිසරවල දිලීර තාපයට ඔරොත්තු දෙන ගතිය වැඩි බවද පෙණී ගොස් ඇත.

4) දේශගුණය ආශ්‍රිත උපද්‍රවයන් මගින් රෝග කාරකවලට එරෙහිව සාර්ථකව ක්‍රියා කිරීමට ශරීරයට ඇති හැකියාව දුර්වල කෙරේ.

රෝග කාරක සමඟ සාර්ථකව ක්‍රියා කිරීමට මිනිස් සිරුරට ඇති හැකියාව කෙරෙහි දේශගුණය ආශ්‍රිත උපද්‍රවයන් ප්‍රධාන ආකාර දෙකකින් බලපායි. හොඳ සනීපාරක්‍ෂාව නොමැති ජනාකීර්ණ තත්වයන් තුළ ජීවත් වන මිනිසුන්ට ආපදා හානියක් සිදු වන විට හෝ රෝග කාරකවලට නිරාවරණය වීම වැඩි වීම වැනි අවස්ථාවල දී අනතුරුදායක තත්වයන්ට පත්වීමට මිනිසුන්ට බල කළ හැකිය.

උදාහරණයක් ලෙස මන්දපෝෂණයට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් රෝග කාරක වලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව උපද්‍රව මගින් අඩු කළ හැකිය. දේශගුණික උවදුරු සමග ජීවත් වීමට සිදුවීම හේතුවෙන්  ආතතිය ඉහළ ගොස් cortisol නිෂ්පාදනය වැඩි වීමෙන්, මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය අඩු වීමට හේතු වේ.

ඉදිරියේ දී කළ යුතු දේ ගැන සිතන්න

දේශගුණික විපර්යාස මිනිස් ජීවිත, සෞඛ්‍ය සහ සමාජ ආර්ථික යහපැවැත්මට සැලකිය යුතු තර්ජනයක් එල්ලකරයි. එම තර්ජනය කෙතරම් පුළුල් විය හැකිද යන්න පර්යේෂකයන විසින් සකස් කරන ලද සිතියම මගින් පෙන්නුම් කරනු ලැබේ. ඔවුන්ග්ගේ දැක්මට අනුව, අවදානම ආපසු හැරවීම සඳහා, ගෝලීය උණුසුම ඉහළ නැංවීමට හේතු වන්නා වූ, මිනිසා විසින්ම ඇති කරන හරිතාගාර වායු විමෝචනය අවම කරගනු වස් ක්‍රියා කිටීමට මානව වර්ගයාට සිදුවනු ඇත.

The Conversation(08th August, 2022) හී පළවන 58% of human infectious diseases can be worsened by climate change – we scoured 77,000 studies to map the pathways යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.