ප්‍රාග් අසල වසර 7,000 ක් පැරණි ව්‍යුහය ස්ටෝන්හෙන්ජ් වලටත්, වඩා පැරණි ය,එය යුරෝපයේ ‘ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පැරණිතම සාක්ෂි’ අතර වේ.
චෙක් ජනපදයේ අගනුවර සහ විශාලතම නගරය වන ප්‍රාග් නගරය ආසන්නයේ කැණීම් කළ පුරාවිද්‍යාඥයන් විසින් Stonehenge සහ ඊජිප්තුවේ පිරමිඩවලටත් වඩා පවා ඉපැරණි ගල් යුගයට අයත් ව්‍යුහයක නටබුන් සොයාගෙන ඇත: වටකුරු ලෙස හඳුන්වන තේරුම් ගැනීමට දුෂ්කර හෙවත් ගුප්ත සංකීර්ණයක්. එම කවාකාර ව්‍යුහයේ සැබෑ අභිමතාර්ථය නොදන්නා නමුත් මීට වසර 7,000 කට පමණ පෙර නව ශිලා යුගයේ අගභාගයේදී හෝ නව ශිලා යුගයේදී, ප්‍රාදේශීය ගොවි ප්‍රජාවක් මෙම කවාකාර ගොඩනැගිල්ලට රැස් වන්නට ඇත.

කැණීමේ දී මතු කර ගන්නා ලද “වටදා ගෙය” ඇත්තටම විශාල ව්‍යුහයකි: විෂ්කම්භය අඩි 180 (මීටර් 55) පමණ හෝ පීසා හි ඇල කුළුණෙහි උස තරමට දිගය යයි ප්‍රාග් අන්තර්ජාතික ගුවන් විදුලි(Radio Prague International ) වාර්තා කළේය. “මෙම වටකුරු ගොඩනැගිල්ල තැනූ පුද්ගලයින් ගැන කිසිවක් කීමට තවම කල් මදිය” යනුවෙන් ප්‍රකාශ කරන , චෙක් විද්යා ඇකඩමියේ (IAP) පුරාවිද්යා ආයතනයේ ප්රකාශකයෙකු සහ වටකුරු ව්‍යුහයන් පිළිබඳ චෙක් ජනරජයේ විශේෂඥයෙකු වන Jaroslav Řídký, Live Science වෙත විද්‍යුත් තැපෑලෙන් දන්වා සිටිමින් කියා සිටියේ “එහෙත් එම මනුෂ්‍ය කොට්ඨාශය නිසැකවම ක්‍රි.පූ. 4900 සිට ක්‍රි.පූ. 4400 දක්වා අතරම, ඔවුන් එහි කොටස්කරුවන් බව පැහැදිලිය. විසිතුරු කුඹල් සංස්කෘතියෙහි කොටස්කරුව්න බව පහැදිලිය” යනුවෙනි.
IAP හෙවත් චෙක් විද්යා ඇකඩමිය වෙනුවෙන් Vinoř දිස්ත්‍රික්කයේ වටකුරු ව්‍යුහයම් කැණීම සිදුකරන අංශයේ අධ්‍යක්ෂ Miroslav Kraus පැවසුවේ ව්‍යුහය කුමක් දැ යි හරියාකාරව හෙළිදරව් කර ගැනීමෙන් ගොඩනැගිල්ලේ භාවිතය(එය කුමක් සඳහා පාවිච්චි කරන්නට ඇත් දයි) පිළිබඳ ඉඟියක් ලබා ගත හැකි බවයි. Vinoř roundel හි (විනෝ වටදාගෙය) පැවැත්ම පිළිබඳව පර්යේෂකයන් ප්‍රථම වරට දැන ගන්නට ලැබුණේ, 1980 ගණන්වල ඉදිකිරීම් කම්කරුවන් ගෑස් සහ ජල නල මාර්ග එළීමේදී යයි ප්‍රාග් අන්තර්ජාතික ගුවන් විදුලිය කියයි. එහෙත්, ව්‍යුහය සම්පූර්ණත්වයෙන්ම හෙළි කර ගන්නට ප්‍රථම වරට හැකිව ඇත්තේ වත්මන් කැණීම් වලදීය. Řídký ට අනුව, මේ වන විට, ඔහුගේ කණ්ඩායම විසින් වල පිරවීම සඳහා භාවිත කර තිබූ දරව්‍ය අතරේ මැටි බඳුන් කුඩා කැබලි, සත්ව ඇටකටු සහ ගල් මෙවලම් සොයා ගනු ලැබ ඇත.
කාබන් කාල නිර්ණය කරන කාබනික අවශේංඅ, කණ්ඩායමට ව්‍යුහය ඉදිකිරීමේ දිනය නිශ්චය කර ගැනීමට සහ එය ආසන්නයේ සොයාගත් නවශිලා ජනාවාසයක් සමඟ එය සම්බන්ධ කිරීමට උපකාරී විය හැකිවේ.
වටදා ව්‍යුහය ඉදිකිරීමේ දිනය නිශ්චය කර ගැනීමට මෙන්ම, ආසන්නයේ පීටි තැන්වලින් සොයාගත් නවශිලා ජනාවාසයක් සමඟ සම්බන්ධ කිරීමට කාබන් කාල නිර්ණය කරන කාබනික අවශේෂ කණ්ඩායමට උපකාරී වේ.


“චෙක් ජනරජයේ බොහීමියානු කලාපයේ වෙනත් වටකුරු ව්‍යුහයන් තැනීම සම්බන්ධයෙන් ස්ට්රෝක්ඩ් මැටි භාණ්ඩ ප්රසිද්ධය” යයි Říඩ්ක්ý පැවසීය. ඔවුන්ගේ නිරුත්සාහක ගොවි ගම්මාන, සමකාලීන පෝලන්තය, නැගෙනහිර ජර්මනිය සහ උතුරු චෙක් ජනරජයේ මංසන්ධියේ පිහිටා ඇත. එම ගම්මාන, එකක පුද්ගලයන් 20 සිට 30 දක්වා සිටිය හැකි විශාල, සෘජුකෝණාස්‍රාකාර ව්‍යුහයන් වූ දිගු නිවාස කිහිපයකින් සමන්විත විය. කෙසේවෙතත්, “වටකුරු ව්‍යුහයන් ගොඩනැංවීමේ දැනුම පුරාවිද්‍යාත්මක සංස්කෘතීන් කිහිපයක සීමාවන් ඉක්මවා ගියේය” යයි Řídký සඳහන් කරයි, “විවිධ ප්‍රජාවන් මධ්‍යම යුරෝපය පුරා වටකුරු ව්‍යුහයන් ගොඩනගා ඇත.”
දශක කිහිපයකට පෙර පුරාවිද්‍යා මෙවලම් කට්ටල අතරේ ගුවනින් සහ ඩ්‍රෝන යානා මගින් ඡායාරූප ගැනීම ප්‍රධාන අංගයක් බවට පත්වන තෙක් වටකුරු ව්‍යුහයන් ප්‍රසිද්ධ, ගෘහ නිර්මාණශිල්පීමය පුරාණ ලක්ෂණ නොවීය. “නමුත් දැන් පුරාවිද්‍යාඥයන් දන්නවා කවාකාර නිමාණ යනු මුළු යුරෝපයේම ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පැරණිතම සාක්ෂි බව” යයි Řídký මේ වසර මුලදී ප්‍රාග් ජයාතන්තර ගුවන් විදුලියට පැවසීය.
ඉහළ සිට(උඩින්) බැලූ විට, ඇතුල්වීම සඳහා ඇති කපොලු ලෙස සැලකිය හැකි හිඩැස් කිහිපයක් සහිත පළල්, වෘත්තාකාර අගල් එකක් හෝ වැඩි ගණනකින් වටකුරු ව්‍යුහයන් සමන්විත වේ. ප්‍රාග් ජයාතන්තර ගුවන් විදුලිය පවසන පරිදි, එක් එක් වටකුරු ව්‍යුහයන්තුල අභ්‍යන්තර කොටස ලී කණු වලින් පේළි ගැසී ඇති අතර සමහර විට හිඩැස් මඩ කපරාරු කරන්නට ඇත. මධ්‍යම යුරෝපය පුරා මෙම කවාකාර පස් නිර්මිත සිය ගණනක් සොයාගෙන ඇතත් ඒ සියල්ල සියවස් දෙක තුනක කාල පරාසයකට අයත් වේ. නව ශිලා යුගයේ අගභාගයේ ඒවායේ ජනප්‍රියත්වය පැහැදිලි වුවද, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

විසිතුරු කුඹල් සංස්කෘතියට අනුරූප වන පැරණිතම වටකුරු ව්‍යුහයන් 1991 දී සොයා ගන්නා ලද්දේ ජර්මනියෙනි. Goseck Circle ලෙස හැඳින්වෙන එහි විෂ්කම්භය අඩි 246 (මීටර් 75) වන අතර ආරක්ෂක ද්විත්ව ලී ඉනි වැටක් සහ පිවිසුම් තුනක් තිබුණි. එහි පිවිසුම් දෙකක්, ශීත සූර්යා නිවෘත්තිය සහ ගිම්හාන නිවෘත්තිය තුළ හිරු උදාව සහ හිරු බැස යෑම සමඟ අනුරූප වන බැවිනි. Goseck Circle පිළිබඳ එක් අර්ථකථනයක් නම්, එය නිරීක්ෂණාගාරයක් හෝ යම් ආකාරයක දින දර්ශනයක් ලෙස භාවිත වෙන්නට ඇතැයි යනුවෙන් Archaeological Papers of the American Anthropological Association (ඇමරිකානු මානව විද්‍යා සංගමයේ පුරාවිද්‍යා පත්‍රිකා සඟරාවේ) පළ වූ 2012 අධ්‍යයනයකට අනුව කියැවි.
Vinoř ව්‍යුහය පිළිබඳව Řídký මනාපය දක්වන්නේ වඩාත් සාමාන්‍ය අර්ථකථනයකටය. “වටකුරු ව්‍යුහයන් බොහෝ විට කාර්යයන් කිහිපයක් ඒකාබද්ධ කරන්න ඇති. එවායින් වඩාත්ම වැදගත් වන්නේ සමාජ-පූජාවිධි වේ,” හෙතෙම Live Science වෙත පැවසීය.
විශාල පිරිසකගේ රැස්වීම් සඳහා වටකුරු ව්‍යුහයන් ගොඩනඟා ඇති අතර, සමහර විට ප්‍රජාවක් ලෙස ඔවුන්ට වැදගත් සිදුවීම්, එනම් යාම් ඊම් චාරිත්‍ර, තාරකා විද්‍යාත්මක සංසිද්ධි හෝ ආර්ථික ගණුදෙනු වැනි සිදුවීම් අනුස්මරණය කිරීමට විය හැකිය.
මෙ ව්‍යුහයන් තැනූ මිනිසුන්ට වැඩ කිරීමට තිබුණේ ගල් මෙවලම් පමණක් බැවින්, මෙම වටකුරු ව්‍යුහයන්වල ප්‍රමාණය ඉතා සිත් ගන්නා සුළු ය — ඒවා බොහෝ විට, විෂ්කම්භය අඩි 200 (මීටර් 60) හෝ එහෙම නැත් නම් පාපන්දු පිටියක දිගෙන් අඩක් පමණ වේ. එහෙත්, මේවා නිමාණය කළ මිනිසුන් ගැන දැනට දන්නේ අල්ප වශයෙනි. මන්ද, වසර සහස්‍ර හතකට පෙර ඔවුන් ගත කළ ජීවිත පිළිබඳ වැඩිදුර තොරතුරු සැපයිය හැකි සොහොන් බිම් සොයා ගනු ලැබ ඇත්තේ ඉතා ස්වල්පයක් නිශාවෙනි.
සියවස් තුනක ජනප්‍රියතාවයෙන් පසු, වටකුරු ව්‍යුහයන් ක්‍රි. පූ. 4600 දී පමණ පුරාවිද්‍යා වාර්තාවන් අතුරෙන් හදිසියේම එම ව්‍යුහයන් අතුරුදහන් විය. වටකුරු ව්‍යුහයන් ඉඳිකිරීම අත්හැරියේ මන්දැයි පුරාවිද්යාඥයින් තවමත්දන්නේ නැත. නමුත් මේ දක්වා සොයාගෙන ඇති සියලුම වටකුරු වටකුරු ව්‍යුහයන්ගෙන් හතරෙන් එකක් චෙක් ජනරජයේ පිහිටා ඇති බව සලකන විට, Vinoř හි කැණීම් හා සමාන වන්නාවූ අනාගත පර්යේෂණ, අවසානයේ වටකුරු ව්‍යුහයන්වල අභිරහස විසඳීමට උපකාරී වේ.
Live science(21st Sep, 2022) හී පළ වී ඇති 7,000-year-old structure near Prague is older than Stonehenge, Egyptian pyramids යන ලිපිය ඇසුරෙනි