අප පැවත එන මුතුන් මිත්තන්ට මෙන් අපටත් වලිග තිබේ නම්, ඒවා කෙබඳු වනු ඇත්ද සහ අප ඒවා කෙසේ භාවිත කරනු ඇත් ද?
දිය කිඳුරියන්ගේ සිට පුරාණ බැබිලෝනියානු ගෝනුසු මනුස්සන් දක්වා පරාසයක අද්භූත ‘ච්‍රිත’ මෙන්ම, වලිග සහිත මිනිසුන් පිළිබඳ කථා ද ලොව පුරා රටවල ජනතාව අතරේ ප්‍රචලිත මිථ්‍යා කථා වල බහුලව දක්නට ලැබේ. බොහෝ විට, මෙම ‘චරිත’ සාමන්‍ය මිනිසුන්ගේ අවබෝධයෙන් ඔබ්බට ගිය, යම් ආකාරයක මැජික් බලයක් හෝ ප්‍රඥාවක් ඇති ‘පුද්ගලයින්ය’.

කෙසේවෙතත්, අද අප කතා කරන්නේ ඇත්ත වශයෙන්ම මිනිසුන්ට වලිග තිබේ නම් එය කෙබඳු වනු ඇත්ද? ඒ අමතර ‘උපාංගය’ අපගේ දෛනික ජීවිතය කොයි ආකාරයෙන් වෙනස් කරාවිද? සහ එලෙස වලිග තිබෙන්නේ නම් ඒවා මොන වගේ වනු ඇත්ද? යන්න ගැනයි.
සමහරක් දෙනාට මේ ආදී සිතුවිලි හුදේ හිතට නැගෙන් ‘මනස් විකාරයන්’ ම පමනක් නොවේ; දුර්ලභ සිද්දි වුවත්, spina bifida ලෙස දැක්වෙන කොඳු ඇට පෙළේ හිඩැස් සහිතව උපත ලබන ළදරුවෙකු පිළිබඳ නැතිනම් කොඳු ඇට පෙලෙහි අක්‍රමවත් අවසන් අස්ථියක්( “ව්‍යාජ වලිගයක්”) සහිත ළදරුවෙකු ගැන අතදකීඉමක් කෙනෙකුට තිබිය හැකිය. Human Pathologyසඟරාවෙහි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව මෙම මාංසමය ‘මොටෙයියන්'(පිටතට වැඩෙන් කොටස්) බොහෝ විට මාංශ පේශි, සම්බන්ධක පටක(connective tissues) සහ රුධිර නාල අඩංගු වන නමුත් අස්ථි හෝ කාටිලේජ අඩංගු නොවේ.එම “ව්‍යාජ වලිග” ක්‍රියාකාරී නොවන අතර සාමාන්‍යයෙන් උපතින් ටික කලකට පසු ඉවත් කරනු ලැබේ.
මිනිසාගෙ පරිණාමය දෙස සැලකිල්ල යොමු කරන විට පෙණී යන්නේ, අපේ ඈත අතීතයේ විසූ අපේ ප්‍රිමාටේස් හෙවත් අග්‍රේශ මුතුන් මිත්තන්ට යම් ආකාරයක වලිගයක් තිබුණ බවයි. ඔවුන්ගෙන් සෘජුව පැවත ආ අපගේ පරම්පරාවේ වලිග අතුරුදන් වූයේ මීට වසර මිලියන 25 කට පමණ පෙර වඳුරන්ගෙන් මහා වානරයන් අපසරනය වූ විටයි. අපගේ මුතුන් මිත්තන් සමතුලිතතාවය හොඳින් රැකගෙන දෙපයින් ඇවිදින්නට හුරු ආකාරයට පරිනාමය වීමත් සමග, ශක්තිය සහ කැලරි ඉතිරි කර ගැනීම සඳහා ඒ ‘අමතර උපාංගය’ අනවශ්‍ය හෙයින් ක්‍රමයෙන් ‘හැලී’ යන්නට ඇත. එසේ වුවද, ඇත්ත වශයෙන්ම, අපගේ වලිග සහිත ප්‍රිමාටේස් ඥාතීහු අදටත් ඉතිරිව සිටිති.

දකුණු සහ මධ්‍යම අමෙරිකාවට ස්වදේශික(“නව ලෝක”[යුරෝපීය යටත් විජිතවාදීන් විසින් නිර්මාණය කරන ලදුව සහ පසුව විද්‍යාඥයින් විසින් ද භාවිතයට ගන්නා ලද වාක්‍ය ඛණ්ඩයකි] වඳුරන් ලෙස නම් කර ඇති), සමහර වඳුරු විශේෂයන්ට ග්‍රාහීය(prehensile)– ඒ කියන්නේ වස්තු ග්‍රහණය කර ගත හැකි වලිග, ගස් අතු වටා එතිය හැකි මෙන්ම තමන්ගේ ශරීර බර පවා දැරිය හැකි වලිග ඇතැයි ලාභ නොපතනන පර්යේෂණ සහ අධ්‍යාපනික කණ්ඩායමක් වන Field Projects International දක්වයි. එහෙත් වලිගා සහිත අපගේ සමීපතම ජීවමාන ඥාතීන් වන්නේ අප්‍රිකාවේ, ආසියාවේ සහ දකුණු යුරෝපයේ ජීවත් වන බැබූන් සහ මැකේක් වැනි “පැරණි ලෝක” වඳුරන් යනුවෙන් දැක්වෙන වඳුරන් වන අතර ඔවුන් සිය වලිගය භාවිතා කරයන්නේ බොහෝ දුරට සමබරතාවය රැක ගැනීම සඳහායි. “ඔවුන්ගෙන් කිසිවකුටවත් ග්‍රාහීය වලිගයක් නොමැත; මන්ද පරිණාමීය වශයෙන් ගත් කල එය පෙළපත ඔස්සේ ආපාසු යාමක් වන බැවිනි” ජර්මනියේ Göttingen විශ්ව විද්‍යාලයේ පරිණාමීය මානව විද්‍යාඥයෙකු වන Peter Kappeler පවසයි. ඒ නිසා (අපට වලිග තිබුණත්) අපේ වලිගය බොහෝ විට ග්‍රාහීය(prehensile) නොවනු ඇත.
කෙසේ වෙතත්, එයින් අදහස් කරන්නේ ඒවා කොහෙත්ම වැඩකට ඇති ඒවා නොවන බව නොවේ යයි Kappeler පෙන්වාදෙයි. මැකේක් විශේෂය සතු දිගු, ලොම් සහිත වලිගයක් වැන්නක් නම් ස්කාෆයක්(scarf) වැනි උණුසුම සඳහා අප වටා ඔතාගැනීමට ප්‍රයෝජනවත්වන ශරීරයේම අංගයක් විය හැකිය. අප, ශීත ඍතුවේ දී ශිශිරතාරණයට හුරුවන සේ පරිණාමය වූවා නම්, අපගේ වලිගය මේද ගබඩා පද්ධතියක් සේ භාවිතයට ප්‍රයෝජනවත් විය හැකිය. (මෙය, බීවර් වැනි සමහර ප්‍රිමාටේස් නොවන ක්ෂීරපායින් විසින් භාවිතා කරන උපාය මාර්ගයකි).

අපගේ ප්‍රිමාටේස් ඥාතීන්ගෙන් ඔබ්බට ගොස් බලන විට, “අප විසින්ම ආදර්ශයට ගැනීමට හැකි වලිග සහිත දිවිපාදිකයන්(bipeds) ඇත,” චාලට් හි උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාඥයෙකු වන Jonathan Marks පවසයි. නිදසුනක් වශයෙන් ගතහොත්, කැන්ගරුවන් සතුව තෙපාවක්(tripod) වැනි ශක්තිමත් වලිගයක් ඇත; එය ඔවුන්ගේ බර දරාගැනීමට සහය වන්නා සේම ඔවුන්ගේ ‘පැන පැන යන ගමනට’ බලයක් එක් කිරීමට උපකාරී වේ. Tyrannosaurus rex වැනි වඳ වී ගිය තෙරොපොඩ් ඩයිනෝසෝරයන්ට දැඩි, මසින් පිරුණු වලිග තිබුණි. ඔවුන් දුව යද්දී එම වලිගය බාගදා සුක්කානමක්(a rudder) වාගේ ක්‍රියා කරන්නට ඇත.
කෙසේ වෙතත්, එවන් ජීවියෙකුට වැනි වලිගයක් (අපට) තිබීම අපගේ ඉදිරි ගමන වෙනස් කරනු අත. උදාහරණයක් ලෙස, T. rex ආකාරයේ වලිගයක් නම් අපට තිබෙන්නේ, අපගේ පපුව කෙළින් තබාගැනීම වෙනුවට පොළවට සමාන්තරව සිටින ආකාරයට උකුල් ප්‍රදේශයෙන් ඉදිරියට නැමීමට අපට බල කරයි; එහෙමත් නතිනම් හිතමු අපට තිබෙන්නේ කැන්ගරු වලිගයක් කියලා: එවිට, පැන පැන යාමකින් තොරව වලිගය “ආම්බාම් කිරීම” අපට දුෂ්කර වනු ඇත.. “එය ඉතා වෙනස්ම සංචරණ මාදිලියක්,” Marks පෙන්වා දෙයි.
තවද, හෙතෙම තවදුරටත් සඳහන් කරන්නේ, අපගේ එදිනෙදා ජීවිතයේදී නොදැනුවත්වම අපගේ වලිගය තුවාලවීම, වේදනාවට පත් කරගැනීම වළක්වා ගැනීම දුෂ්කර විය හැකි බවයි. ඕනෑම බළල් හිමිකරුවෙකු දන්නා පරිදි, දිගු වලිගයක් වෙන අයෙකු අතින් පෑගීමට හෝ දොරවල් වසන විට අහම්බෙන් දොරට හසුවීමට ඉඩ ඇත. ඒ ඉතින් දිග වලිගා නේ? අපට තියෙන්නේ කෙටි වලිගයක් නම්? කෙටි වලිගයක් වුණත් සමහර වෙනස් කිරීම් නොමැතිව පුටුවක වාඩි වීමට අපහසු කර විය හැකිය. “පැහැදිලිවම, අපට වලිග තිබුණා නම්, (ඒවා කෙටි වුනත්) අපට අපගේ වාහන ආසන වගේම නාන ඇඳුම් නැවත සැලසුම් කිරීමට අවශ්‍ය වනු ඇත,” මාර්ක්ස් පවසයි.

අඳුම් පැළදුම්, ආභරණ ආදියෙන් සිරුරු අලංකාර කිරීමට මානව අපට ඇති ආශාව සලකා බලන විට, නව විලාසිතා රාශියක් ඉස්මත්තට ගෙන ඒමට වලිගාවලට මග පෑදිය හැකිය; ඇත්තටම එහෙම වෙන්නම බොහෝ දුරට ඉඩ ඇත. අපගේ මුතුන් මිත්තන් මාල සහ කරාබු , මුදු, වැනි ආභරන නිර්මාණය කළ ආකාරයටම (අපට වලිගයකුත් තිබුණා නම්) වලිග මුදු වර්ගද නිර්මානය කරණු නො අනු මානයි.
කෙසේවෙතත් මාර්ක්ස් අදහස් කරන්නේ, විලාසිතා බිහි කිරීමේ හැකියාවන් අබිභවා (වලිගයකින් අපට ඇතිවන) ‘කරදරය’ වැඩි වන බවයි: “මම හිතන්නේ [ව්ලිගය]ආධාරකයක් නොව මහා වධයක් වෙනවා වෙනවා මයි!.”
Life’s Little Mysteries(Live Science) හී පළ වූ What if humans had tails? යන ලිපිය ඇසුරෙනි