චින්තනයේ භූගෝලය The Geography of Thought

Posted by

  චින්තනයේ භූගෝලය

සෑම මස්තිෂ්ක අර්ධගෝලයක්ම කොටස් හෙවත් ඛණ්ඩිකා වලට බෙදිය හැකි අතර, ඒ සෑම එකක්ම විවිධ කාර්යයන් සම්බන්ධයෙන් විශේෂත්ව බාවයක් දක්වයි. එක් එක් ඛණ්ඩිකාව  සහ එහි විශේෂත්වය අවබෝධ කර ගැනීම සඳහා අපි මස්තිෂ්ක අර්ධගෝලවල චාරිකාවක යෙදෙමු.

ලලාට ඛණ්ඩික  – Frontal lobes

ලලාට ඛණ්ඩිකා දෙක කෙළින්ම නළල පිටුපස පිහිටා තිබේ. ඔබ කාර්ය සටහනක් නැතිනම් නියමිත වැඩසටහනක් සැලසුම් කරන විට, අනාගතය ගැන සිතන විට හෝ විචක්ෂණයෙන් නිගමනය කළ  තර්ක භාවිතා කරන විට, මෙම ඛණ්ඩිකා දෙක බොහෝ වැඩ කොටසක් ඉ‍ටුකරයි. ලලාට ඛණ්ඩිකා මේ දේවල් කරන බව පෙන්වන එක් ක්‍රමයක් නම් අනෙකුත් අදහස් සලකා බලන විට එක් අදහසක් මතකයේ තබා ගැනීමට ඉඩ සලසා දෙමින්කෙටි කාලීන ගබඩා ස්ථාන ලෙස ක්‍රියා කිරීමෙනුයි.

චාලක බාහිකය– Motor cortex

එක් එක් ලලාට ඛ්ණ්ඩිකාවෙහි පසුපස කොටසෙහි චාලක බාහිකයකි; එය ඔබේ අත චලනය කිරීම හෝ පන්දුවකට පයින් ගැසීම වැනි ස්වේච්ඡා චලනයන් සැලසුම් කිරීමට, පාලනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට උදවු කරයි.

පාර්ශව කපාල ඛණ්ඩිකා Parietal lobes

ඔබ හොඳ ආහාර වේලක් භුක්ති විඳින විට – ආහාරයේ රසය, සුවඳ සහ වයනය – රස විඳින විට.  ලලාට ඛ්ණ්ඩිකා පිටුපස කොටස් දෙකක් වන පාර්ශව කපාල ඛණ්ඩිකා ලෙස හැඳින්වෙන කොටස් ක්‍රියාත්මක වේ.. කියවීම සහ අංක ගණිතය ද එක් එක් පාර්ශව කපාල ඛණ්ඩිකාවක   කාර්ය ලැයිස්තුවට ඇතුලත් වේ.

 

දෛහ සංවේදක බාහිකය  Somatosensory cortex

චාලක ප්‍රදේශ වලට මදක් පිටුපසින් පිහිටා ඇති මෙම ඛණ්ඩිකාවල ඉදිරි කොටස් තමයි, දෛහ සංවේදක බාහිකය දෛහ සංවේදක බාහිකය. මෙම ප්රදේශ, ශරීරයේ අනෙකුත් කොටස් වලින් උෂ්ණත්වය, රසය, ස්පර්ශය සහ චලනය පිළිබඳ තොරතුරු ලබා ගනී.

 

අපර කපාල ඛණ්ඩිකාව Occipital lobes

ඔබ මෙම පිටුවේ ඇති වචන සහ පින්තූර දෙස බලමින් සිටින්නේ නම් දැන් ඔබේ මොළයේ පිටුපස ප්‍රදේශ දෙකක් ක්‍රියාත්මකව පවතී. මෙම ලොබෙස්, ශංඛක ඛණ්ඩිකා ලෙස හැඳින්වෙන මෙම ඛණ්ඩිකා, ඇස්වලින් ලැබෙන රූප සැකසීම සහ මතකයේ ගබඩා කර ඇති පින්තූර සමඟ එම තොරතුරු සම්බන්ධ කිරීම සිදු කරයි. ශංඛක ඛණ්ඩිකා වලට හානි වීම අන්ධභාවයට හේතු විය හැක

ශංඛක ඛණ්ඩිකා Temporal lobes

මස්තිෂ්ක අර්ධගෝලයේ අපගේ චාරිකාවේ අවසාන ඛණ්ඩිකා, ශංඛක ඛණ්ඩිකා වේ; එය දෘෂ්‍ය ප්‍රදේශ ඉදිරිපිට පිහිටා ඇති අතරZZ සහ ඉදිරිපස ඞඞ යට යසට අඩුක්කු වී පවති. ඔබ  අගය කරන්නේ  සංධ්වනි වේවා, රොක් සංගීතය අගය වේවා, ඔබේ මොළය ප්‍රතිචාර දක්වන්නේ මෙකී ඛණ්ඩිකාවල  ක්‍රියාකාරීත්වය මගිනි. ඒ ඒ ශංඛක ඛණ්ඩිකාව මුදුනේ කන් වලින් තොරතුරු ලබා ගැනීම සඳහා වගකිව යුතු ප්රදේශයක් තිබේ. එක් එක් ශංඛක ඛණ්ඩිකාවෙහි යටි පැත්ත, සංගීතය හා සම්බන්ධ මතකයන්  ඇතුළුව මතකයන් ගොඩනැගීමට සහ නැවත ලබා ගැනීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මෙම ඛණ්ඩිකාවල අනෙකුත් කොටස් රසය, ශබ්දය, පෙනීම සහ ස්පර්ශය පිළිබඳ මතකයන් සහ සංවේදනයන් ඒකාබද්ධ කරන බව පෙනේ.

 එක්සත් ජනපද ආණ්ඩුවේ නිල වෙබ් අඩවියක් වන National Institute of Neurological Disorders and Strokes හී පළවන Brain Basics: Know Your Brain කොටස අසුරෙන් සැකසිණ.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.