වසර මිලියන 155ක් පැරැණි අභිරහසක් විස‍ඳෙයි: ‘අතුරුදන්ව ගිය’ ආර්ගොලන්ඩ්(Argoland) මහාද්වීපය අන්තිමේ දී සොයාගැනේ

Posted by

වසර මිලියන 155ක් පැරැණි අභිරහසක් විස‍ඳෙයි: ‘අතුරුදන්ව ගිය’ ආර්ගොලන්ඩ්(Argoland) මහාද්වීපය අන්තිමේ දී  සොයාගැනේ

මීට වසර මිලියන 155 කට පෙර ඕස්ට්රේලියාවෙන් වෙන්ව ගිය, පෙණී යන පරිදි කිසිම භූ විද්යාත්මක හෝඩුවාවක් නොමැතිව අතුරුදන්ව ගිය ආර්ගොලන්ඩ් මහාද්වීපය දැන් සොයාගෙන ඇත. පෙර මහාද්වීපික බෙදීම් ඒවායේ අභාවය පිළිබඳව විද්යාඥයින්ට කරුණු සොයා ගැනීමට හැකිවන පරිදි කඳු වැටි හෝ වෙනත් භූ විද්යාත්මක සලකුණු වැනි ඉතිරි කර ඇත. නමුත් මේ දක්වා, Aර්ගොලන්ඩ් හි අභිරහස විසඳී තිබුණේ නැත.

මහාද්වීපයක් හෝඩුවාවක් නොමැතිව බිඳී අතුරුදහන් වීමට ඇති ඉන්ද්රජාලික හැකියාව පෘථිවිyei සංකීර්ණ භූ විද්යාත්මක අතීතය පිළිබඳ ඔවුන්ගේ විද්යාත්මක අවබෝධයේ සැලකිය යුතු අංග, සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරනු ඇතැයි බිය වූ පර්යේෂකයන්ට මෙම සොයාගැනීමෙන් සහනයක් ලැබුණි.

Argoland යනු අතුරුදහන් වූ පළමු මහාද්වීපය නොවේ

ඔවුන්ගේ පළ කළ පර්යේෂණ වාර්තාවෙන් පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ ඔස්ට්රේලියාවෙන් වෙන් වී වයඹ දෙසින් ආසියාව දෙසට ගමන් කර විනාශයට පත් මහාද්වීපයේ  අවශෙෂ(ඉතිරිව ඇති කොටස්) සොයා ගත්,, වෙනත් මහාද්වීපයන්ගෙන් ඛණ්ඩනය වී පෘථිවි ප්‍රාවරණය තුළට අතුරුදහන් වීම අතීතයේදී ද ඉඳහිට සිදු වූ බවයි. කෙසේ වෙතත්, මහා ඇඩ්රියා(Greater Adria) නම් නැතිවූ මහාද්වීපය වැනි එවැනි අවස්ථාවන්හිදී, එවැනි දැවැන්ත ගොඩබිමක අභාවට යන්නෙ එහි පරිසරයට නොවරදින ලකුණක් ඉතිරි කරමිනි.

“අතීතයේ යම් අවස්ථාවක දී, මහා ඇඩ්රියා(Greater Adria) පෘථිවි ප්‍රවරණයට තුළට වැදුණි,”  ඔවුන්ගේ සොයාගැනීම ගැන නිවේදනය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කණ්ඩායම පැහැදිලි කරයි, “නමුත් එහි ඉහළ ස්ථරය ප්‍රාවරණය ඇතුළට කා වදින්නේ නැතුව නැමී දකුණු යුරෝපයේ කඳු සෑදීමට දායක වී ඇත.”  මහා ඇඩ්රියා වගේම, ආර්ගොලන්ඩ් ඕස්ට්රේලියාවෙන් වෙන්වීම පිළිබඳ ප්රමාණවත් ස්ථිර සාක්ෂි තිබීම හේතුවෙන් එම සිදුවීම සත්යයක් ලෙස පිළිගෙන ඇත. කෙසේ වෙතත්, මෙම නැතිවූ මහාද්වීපය පෙනෙන පරිදි එසේ කර ඇත්තේ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකට පෘථිවි ප්‍රාවරණයට වැදී අතුරුදහන් වෙමිනි.

වසර හතක සෙවුම භූ විද්යාත්මකව සාර්ථක ප්‍රථිඵල ගෙන එයි

ඕස්ට්රේලියාවේ සිට වයඹ දෙසට ගමන් කරන බව පෙනෙන භූ විද්යාත්මක මාවතක් අනුව යමින්, පර්යේෂ්න් කළ Utrecht විශ්ව විද්යාලයේ පර්යේෂකයෙකු වන Douwe van Hinsbergen සහ ඔහුගේ සගයා Eldert Advokaat Argoland යන පර්යේෂකයන් දෙදෙනාට,  මහාද්ධ්වීඅයේ අතුරුදහන් වීම පැහැදිලි කිරීමට උපකාරී වනු ඇතැයි සිතූ භූ විද්යාත්මක තොරතුරු නිධානයක් සොයා ගත හැකි විය. එය ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි නිධානයක් විය.

“වචනාර්ථයෙන් ගතහොත් අප ගන්දෙණු කරමින් සිටියේතොරතුරු සහිත ‘දූපත්’ සමඟය.  ඒ නිසයි අපගේ පර්යේෂණයන්ට මෙතරම් කාලයක් ගත වූයේ,” Advokaat පැහැදිලි කරයි. “අපි අවුරුදු හතක් ගත කළා ප්රහේලිකාවේ කොටස් එකට එකතු කරන්න.”  නැතිවූ ආර්ගොලන්ඩ් මහාද්වීපයේ සලකුණු හෙළි කරමින් ප්රහේලිකා කෑලි එකට එකතු වීමට පටන් ගත් විට, අවසානයේදී, ඔවුන්ගේ කාර්යය සාර්ථක විය.

කණ්ඩායමේ පර්යේෂණයට අනුව, ප්රධාන දෙය වූයේ නැතිවූ මහාද්වීපයේ පාෂාණ ස්ථර හෝ කැබලි කිහිපයක වයස තීරණය කිරීම සහ අග්නිදිග ආසියා ප්රදේශයට ඒවා පැමිණි දින සංසන්දනය කිරීමයි. සුමාත්රා, අන්දමන් දූපත්, බෝර්නියෝ, සුලවේසි සහ ටිමෝරය තුළ, පර්යේෂකයන් අතින්ම සාම්පල එකතු කිරීම මෙයට ඇතුළත් විය.

ඔවුන්ගේ විශ්මය ජනක ප්රතිඵලවලින් හෙළි වූයේ නැතිවූ Aර්ගොලන්ඩ් මහාද්වීපය  සොයා ගැනීමට අන් අයට මුලින්ම  එතරම් අපහසු වූයේ මන්දැයි යන්නයි. Aර්ගොලන්ඩ් මහාද්වීපය වසර මිලියන 300 කට පමණ පෙර සිට බොහෝ කොටස් වලට බෙදී ඇත. ඉන්පසු එම කොටස් වයඹ දෙසින් වෙනම නමුත් සම්බන්ධීකරණය කරන ලද ගමනක් ආරම්භ කර ඇත. එය වසර මිලියන ගණනක් පැවතුන ඒ නිසාව්න් ඒවා “අතුරුදන්ව ගිය” ලෙස පෙනෙන්නට තිබුණි.  මහාද්වීපය කෙසේ හෝ නැති වී නැති නමුත් එහි නටබුන් සොයා ගැනීමට සහ ඒවා සම්බන්ධ කිරීමට වසර ගණනාවක් පර්යේෂණ සිදු කරන තරමට කැඩී බිඳී ගොස් ඇති බව හෙළි වූයේ Argoland හි මෙම අසමාන කොටස්වලට ගැළපෙන දිනවකවානු නිර්ණ කිරීමෙන් පමණකි.

“අප කැබලි වලින් කොලෙජ් එකක් සෑදුවා”, පර්යේෂකයන් පැහැදිලි කරයි, “ආර්ගොලන්ඩ් ඉන්දුනීසියාවේ සහ මියන්මාරයේ පුරා විශාල ප්‍රදේශවල ඇති හරිත වනාන්තර යට සැඟවී ගොසින්ය.”

වසර මිලියන 155 කට පෙර බටහිර ඕස්ට්රේලියාවෙන් කැඩී ගිය මහාද්වීපය වන Argoland ට සිදු වූයේ කුමක්ද? Utrecht විශ්ව විද්යාලයේ භූ විද්යාඥයින් අතුරුදන්ව ගිය මහාද්වීපයේ ඉතිහාසය ප්රතිනිර්මාණය කිරීමට දැන් සමත් වී ඇත.  පෙනෙන පරිදි, Argoland දැන් පවතින්නේ කැබලිවඅශයෙනි; නමුත් වැදගත් දී වන්නේ එය තවමත් පවතීමයි. CREDIT: Source: Utrecht University

නැතිවූ ආර්ගොලන්ඩ් මහාද්වීපය සොයා ගැනීම සහනයකි

වසර මිලියන 155ක් පැරණි අභිරහසක් විසඳීමට සමගාමීව, සොයා ගැනීම පර්යේෂකයන්ට සහනයක් ලබා දුන්නේ කිසිදු හෝඩුවාවක් නොමැතිව මහාද්වීප අතුරුදහන් වීම භූ විද්යාඥයින්ට සහ ඉතිහාසඥයින්ට බරපතල ගැටළු ඇති කළ හැකි බැවිනි.

“පෘථිවි පෘෂ්ඨයේ භූ විද්යාත්මක හෝඩුවාවක් ඉතිරි නොකර මහාද්වීපවලට පෘඨිවි ප්‍රාවරනය තුළට වැදී සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය හැකි නම්,  භූ විද්යාත්මක අතීතයේ දි  පෘථිවිය කෙබඳු දැයි යන්න ගැන අපට එතරම් අදහසක් ඇති කර ගැනීමට නොහැකිය,” van Hinsbergen පැහැදිලි කරය්, “පෙර යුගවලදී සුපිරි මහාද්වීපවල සහ පෘථිවි භූගෝල විද්යාවේ විශ්වසනීය ප්රතිනිර්මාණයන්  නිර්මාණය කිරීම  කළ නොහැක්කක් පවා විය හැකියි.”

ජෛව විවිධත්වයේ පරිණාමය, පෘථිවි දේශගුණය ගොඩනැගීම හෝ අමුද්රව්ය සෙවීම පවා වැනි දේ ඇතුළුව භූ විද්යාත්මක සහ ජීව විද්යාත්මක ක්රියාවලීන් අවබෝධ කර ගැනීම සඳහා එවැනි ප්රතිනිර්මාණයන් ඉතා වැදගත් බව පර්යේෂකයෝ පැහැදිලි කරති.

“තවද, වඩාත් මූලික මට්ටමින් ගත හොත්: සමීපව සම්බන්ධ වන සංසිද්ධි දෙකක් වන කඳු සෑදී ඇති ආකාරය අවබෝධ කර ගැනීම සඳහා හෝ  භූ තටි ක්‍රියාකාරිත්වය පිටුපස ඇති ගාමක බලවේග  වටහා ගැනීම සඳහා ද වැදගත් ” van Hinsbergen තවදුරටත් පවසයි.

වාසනාවකට මෙන්, Argoland  අතුරුදන් වූ මහාද්වීපය හෝ අවම වශයෙන්, එහි ඉතිරිව ඇති කොටස් සොයා ගත් ඔවුන් සොයා ගත් බව පවසන පර්යේෂකයෝ, “එහෙම නූනා නම් බරප්තල විද්‍යාත්මක අර්බූදයකට අපට මුහුණ පාන්නට සිද්ධවෙනවා” යයි කියා සිටිති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.