සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා: සමාජ ඝට්ටන

මිනිස් ජීවියා ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ  ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි  විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි   ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා  තැනින් තැනට,  යුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.
මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස  මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ. අද සමාජ ඝට්ටන ගැනයී

සමාජ ඝට්ටන

සෑම මිනිස් සමාජයකම ඝට්ටන ඇති අතර ඒ සෑම සමාජයකම ඒවා නියාමනය කිරීම පිණිස යම් ක‍්‍රම ඇත. පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ අතර ඝට්ටන බොහෝ විට පැන නගින්නේ සම්පත්, බලය හා තත්ත්වය පතා පවතින තරගයකිනි. පවුලේ සාමාජිකයෝ අවධානය පතා තරගකරති; පුද්ගලයෝ රැකියා සහ වස්තුව වෙනුවෙන් තරගවදිති; රාජ්‍යයන් තරගවදින්නේ භුමිය හා ගෞරවය(නම්බුව) සඳහායි.  අරමුණු සහිත විවිධ කන්ඩායම් බලපෑම් කිරීමට මෙන්ම නීතිරිති පැනවීමට අවැසි බලය පිණිස තරගවදිති. බොහෝ විට තරගය ඇතිවන්නේ සම්පත් සඳහා නොව අදහස් වෙනුවෙන්ය — එනම්,  පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වෙනත් කණ්ඩායමක අදහස් හෝ චර්යාව මැඩපැවැත්වීමට,  දඬුවමට ලක්කිරීමට හෝ නිත්‍යානුකූල නොවේ යයි ප‍්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය වේ.

ඝට්ටන ඇවිස්සීමේදී සමාජ විපර්යාසයන්ට බලවත් කාර්යයක් ඉටු කළ හැකිය. යෝජිත සමාජ, ආර්ථික හෝ දේශපාලන වෙනස්කම් සමාජ පද්ධතියක සෑම අංශයකටම එක සමානව වාසි සලසන්නේ නම් ඒ කලාතුරකිනි. තවද, ඒ හේතුව නිසා අවාසිදායක තත්ත්වයට පත්වන්නේ යයි සිතන  අය එවන් වෙනස්කම්වලට විරෝධය පාති. අන්‍යෝන්‍ය එදිරිවාදුකම් සහ සැක පහළ කිරීම උග්‍රබවට පත්වන්නේ කිසියම් වෙනස්කමක් යෝජනා කරන්නන්  මෙන්ම ඊට විරුද්ධ වන්නන්ට වෙනසක් සිදුකිරීමෙන් හෝ සිදු නොකිරීමෙන් හෝ ඇතිවීමට ඉඩ ඇති බලපෑම් සියල්ල පිළිගත හැකි ආකාරයකින් පුරෝකතනය කිරීමට ඇති නොහැකියාවෙනි. සමථයකට ඉඩ කඩක් ද නොමැතිව පවතින්නාවු විකල්පයන් ද   සුළු ප්‍රමාණයක්  පමණක් වූ කල ඝට්ටනය සුවිශේෂීව උග්‍ර වේ. පවතින විකලපය යටත්වීම හෝ යුද්ධය හෝ විකලපය  නම් අපේක්ෂකයා  හා බී නම් අපේක්ෂකයා අතර නම් යන්න නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. ගැටලූ සංකීර්ණ විය හැකි වුව ද  ජනතාව  සිය  අවබෝධය  සම්බන්ධයන් ආරම්භයේදී එතරම් දුරස්ථ බවක් ඇති නොවන්නට පුලූවන. එසේ වුවද, දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවශ්‍යතාව, කුමන විකල්පයට වඩාත් කැමතිවන්නේද යන තමන්ගේ තීරණයට සහාය වශයෙන් ජනතාව අන්තවාදී ආස්ථානයන්ට යොමු කිරීමට පුළුවන.

Related image

පවුල් කණ්ඩායම් හෝ කුඩා සමාජවලදී නීතිරීති පනවනු ලබන්නේ දෙමාපියන්  හෝ වැඩිහිටියන් වැනි පිළිගත් අධිකාරියක් මගිනි. එසේ වුවද කණ්ඩායම කුමක් වුවත් සෑම කාණ්ඩයකම පාහේ නීති සෑදීමට මෙන්ම ආරවුල් සමථයකට පත්කිරීම පිණිස නිලමය ක්‍රියා  දාමයන් ඇත. මහා පරිමාණයෙන් ගතහොත් රජයන්, නීති සම්පාදනයෙන් හා ඒවා පරිපාලනය කිරීමෙන් ආරවුල් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සපයයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින විට දේශපාලන පද්ධතිය මැතිවරණ මාර්ගයෙන් සමාජ ඝට්ටන බේරුම් කරයි. බලයට පත්වීම පිණිස ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයන් නීති සම්පාදනය සහ සංශෝධනය පිළිබඳ සිය අභිලාෂයන් ප්රකාශයට පත් කරන අතර වඩාත් හොඳ අභිලාෂයන් එකතුව සහ ඒවා ඵලදායීව ක්‍රියාවට නැංවීම පිණිස වඩාත් හොඳ අවස්ථාවක් ඇතැයි තමන් විශ්වාස කරන අයට ජනතාව ඡන්දය දෙති. කෙසේ වුවද, බලයට පත්වීමෙන් පසුව සංකීර්ණ සමාජ සමථයන් ඇතිකරගැනීමේ අවශ්‍යයතාව හේතුවෙන් දේශපාලඥයන්ට සිය අභිලාෂයන් සියල්ල මුදුන්පත් කර ගැනීමෙන් වළකයි.

තමන්ට කැමැති කැමැති  පරිදි යාම් ඊම් කිරීමට, ආයුධ රැගෙන යාමට සහ පෙළපාලි උද්ඝෝෂණ සංවිධානය කිරීමට ඇති ආශාව සමග මහජන ආරක්ෂාව සැලසීම සඳහා ඇති ආශාව  ඝට්ටනය විය හැකිය. දැඩි තීරණයක සිට කාර්යක්ෂමව තීරණය ගැනීමේ  අපේක්ෂාව (මෙය අන්තයකට ගෙනගියහොත් ඒකාධිපතිත්වයකි) ජනතා සහභාගිත්වය පිණිස ඇති අපේක්ෂාව (මෙය අන්තයකට ගෙන ගිය හොත් සෑම දෙනෙක්ම සෑම දෙයක් ගැනම තීරණය කරන ප්‍රජාතන්ත්රවාදයකි) හා සමග ඝට්ටනය විය හැකිය. නීතිරීති  සහ ප්‍රතිපත්ති නිර්මාණය, සාමාන්‍යයෙන් විවිධ අරමුණු සහිත කණ්ඩායම් අතර සාකච්ඡාවෙන්  එකඟ වන  සූක්ෂමව සමථයන් හා සමග සම්බන්ධ වේ. අතිශය වැදගත් යයි තමන් විශ්වාස කරනු ලබන විශේෂ අභිලාෂයන් තමා කුඩා කණ්ඩායම්වලට එකී විශේෂ කරුණ පමණක් පදනම් කරගෙන ඡන්දය දැමීමට සිය සාමාජිකත්වය පොළඹවා ගැනීමට සමත් විය හැකි අතර ඒ මගින්, වැඩි මහජන අභිලාෂයන් සහිත බහුතරයෙන් යම් සහන සලසා ගැනීම පිණිස ඉල්ලිම ඉදිරිපත් කළ හැක.

Image result for majority and minority in a society

සමාජයක ජීවත්වන ජනතාව අතර බහුතරය යම් සමාජයීය තීරණයක් සම්බන්ධයෙන් එකඟතාවකට එළඹිය ද එකඟ නොවූ සුළුතරයට යම් ආරක්ෂාවක් තිබිය හැකිය. ඇ.එ.ජ. දේශපාලන පද්ධතිය නිදසුන් කරගතහොත් ඡන්දයෙන් බලයට පත් අයට කොපමණ නම් විශාල බහුතරයක් තිබුණත් ඔවුනට වෙනස් කළ නොහැකි අයිතිවාසිකම් පුරවැසියන්ට සහතික කර දෙන ව්‍යවස්ථාවන් පෙඩරල් රජය මෙන්ම ජනපද රාජ්‍යයන්ද සතුව ඇත. එවැනි ව්‍යවස්ථාවන් සංශෝධනය සියලූ ඡන්දවලින් අඩක් පමණක් ලැබීමෙන් සිදුකළ නොහැකි අතර තුනෙන් දෙකක හෝ හතරෙන් තුනක වැනි දැවැන්ත බහුතර ඡන්දයක් අවශ්‍ය වේ.

දේශපාලනික වශයෙන් සුළුතරයන්ට ඇති එක් උපාය මාර්ගයක් වනුයේ අර්ධවශයෙන් හෝ සමාන අපේක්ෂාවන් සහිත අනෙකුත් කුඩා කණ්ඩායම් සමග අඩුතරමින් තාවකාලිකව හෝ එකට එක්වීමයි. ඔවුන්ගේ පොදු අභිලාෂයෙන් ඔවුනගේ වෙනස්කම් අභිබවා යන්නේ නම් සුලූතරයන්ගේ සන්ධානයක් බහුතරයක් බවට පවා පත්විය හැකිය.

Related image

දේශපාලන අයිතීන්ගේ ඒ හා සමාන රැකවරණයක්, පෙඩරල් ව්‍යවස්ථා දායකයේ මෙන්ම ජනපද ව්‍යවස්ථා දායක බොහොමයක පවතින ද්වි-සභා ක්‍රමයෙන් සැපයේ. නිදසුනකට කොන්ග්‍රෙස් සභාව ගතහොත්,  පහළ මන්ත්‍රණ සභාවෙහි රටේ සෑම වැසියෙකුම එක හා සමානව නියෝජනය වීමට හැකි වන පරිදි ජනගහනයට සමානුපාතික වන නියෝජනයක් ඇත. කෙසේ වෙතත් ඉහළ මන්ත්‍රණ සභාවෙහි ඇත්තේ හරියටම සෑම ජනපදයකින්ම(එහි ජනගහනය සැලකිල්ලට ගන්නේ නැතිව) දෙදෙනා බැගින් නියෝජනයකි. ජනපදයක් කොපමණ විශාල වුවත්, කොපමණ කුඩා වුවත් ඕනාම ජනපදයක වැසියෙකුට සමාන නියෝජනක් ඉන් සහතිකකෙරේ.

මීට අමතරව, ඝට්ටනය ප්‍රකාශයට පත්කරීම සඳහා විධිමත් නොවන ක්‍රම ඒ ඒ සමාජය විසින් වැඩිදියුණු කරනු ලැබ ඇත. වාද විවාද, වැඩවර්ජන, පෙළපාලි උද්ඝෝෂණ, ඡන්ද, ප්‍රචාරණය මෙන්ම නාට්‍යය ගීත හා කාටුන් පවා එම විධිමත් නොවන ක්‍රමවලට ඇතුළත්ය. යම්දුක් ගැනවිල්ලක් සහිත කුඩා, ජනතා කණ්ඩායම්වලට අතිශය දෘශ්‍යමාන මහජන ප්‍රකාශනයන් සිදු කිරීම පිණිස ජනමාධ්‍යය නොමිලේ මාර්ග  සපයනවා පමණක් නොව එවැනි ප්‍රකාශ දිරි ගන්වන්නටද පුළුවන. මේ ක්‍රමම හා විධි  ඕනෑම එකකින් ආතතිය මුදාහැර සමථය ප්‍රවවර්ධනයට හෝ නැතහොත් වාදභේද දල්වා තවත් ධ්‍රවීකරණය කිරීමට හැකිය. ඝට්ටන නිරාකරණය කර ගැනීමට හෝ මැදිහත් සිතින් බේරුම් කර ගැනීමට අපොහොසත්වීම සමාජ පද්ධතිය මත දැවැන්ත තෙරපීමක් ඇති කරයි. වෙනස්වීමට නොහැකියාව හෝ අකමැත්ත හේතුවෙන්  ඝට්ටනය ඉහළ තලයකට යාහැකිය: නඩුහබ, කඩාකප්ල්කිරීම, ප්‍රචණ්ඩත්වය හෝ පූර්ණ විපල්වයකට හෝ යුද්ධවලට මගපෑදිය හැකිය.

කණ්ඩායම්, කණ්ඩායම්  අතර ඝට්ටනය නිත්‍යානුකූල වේවා හෝ නිත්‍යානුකූල නොවේවා, සමාජයේ එක කොටසක වාසිය පිණිස තීන්දුවක් ලබාගැනීමට සමත් වුවත් අවශ්‍යයෙන්ම ඝට්ටනය නිමා විය යුතම නොවේ. ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් එවිට වෙනස්කම් ආපස්සට හැරවීමට, සංශෝධනය කිරීමට හෝ මගහරවාගැනීමට උත්සාහ දැරීමෙන් ඝට්ටනය නොනැසී දිගටම පවත්වා ගෙන යාමට උත්සාහකරති.. කෙසේ වෙතත් ඝට්ටනයට කණ්ඩායමක කි‍්‍රයා එක්ව තවත් දැඩි කිරීමට හෙවත් තහවුරු කිරීමට ද හේතු වේ. අර්බුදකාරී කාලවලදී රාජ්‍යයන් මෙන්ම පවුල් ද වඩාත් එක්සත් බවක් දැක්වීමට පෙළඹේ. සමහර අවස්ථාවල කණ්ඩායම් නායකයෝ මේ බව දැනගෙනම පිටත්සර කණ්ඩායමක් සමග ගැටුම් අවුස්සන්නේ තම කණ්ඩායම තුළ ආරවුල් අඩුකොට (කණ්ඩායම් තුළ) සහයෝගය තහවුරු  කිරීමේ අරමුණ ඇතිවය.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HUMAN SOCIETY නම්  7 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.

අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි  SOCIAL CONFLICT යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: